මේ දවස් වල ගෙදර ඉන්න ගමන් හදලා කන්න පුළුවන් ජෙලි පුඩිම ගැන කියන්නයි අපි මේ සුදානම් වෙන්නේ.
පොඩ්ඩන් මේ රසවත් ආහාර භුක්ති විදින්න කැමති වේවි.
ජෙලි පුඩිම ඇතුළු ජෙලි රෙසපි 7 ක්
1.කස්ටඩ් සහ ජෙලි කොම්බෝ
Photo credit to cookpad.com
අවශ්‍ය ද්‍රව්‍ය
සම්පූර්ණ ක්‍රීම් කිරි ලීටර් 1/2
- කස්ටඩ් කුඩු හැදි 2
- සීනි 2 හැදි
- ජෙලි පැකට් 1
- වතුර කෝප්ප 1
සාදන ආකාරය
- මුලින්ම කිරි උණු කරන්න.
- දැන් කිරි වලට කස්ටඩ් කුඩු හැදි 2 ක් හොඳින් මිශ්‍ර කරන්න.
- මෙහිදි කැටි නොසිටන සේ ඉක්මනින් මිශ්‍ර කිරීම වැදගත් වෙනවා.
- සීනි එකතු කර එය හොඳින් මිශ්‍ර කරන්න.
- කස්ටඩ් වෙනත් බදුනකට දමන්න.
- දැන් ජෙලි පැකට් එක උණු කර ගත් වතුර වල දිය කරන්න.
- එය නිවුන පසු කස්ටඩ් ඇති බදුන උඩින් අසුරන්න.
- පැයක් ශීතකරණයේ තැබීමෙන් පසු රසවත් ජෙලි අතුරුපසක් සුදානම්.
2. පළතුරු ජෙලි පුඩිම
Photo credit to cookpad.com
අවශ්‍ය ද්‍රව්‍ය
- ජෙලි පැකට් 1
- උකු කිරි කෝප්ප 1/2
- ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප1/2
- සීනි කෝප්ප1
- සම්පූර්ණ ක්‍රීම් සහිත කිරි ලීටර් 1
- බේකින් සෝඩා තේ හැදි 1/2
- ජලය මිලි ලීටර් 500
- පෙති කපා ගත් කෙසෙල් ගෙඩි 1 ක්
- අවශ්‍ය නම් දෙළුම් ඇට
සාදන ආකාරය
- උකු කිරි සදා ගන්න අවශ්‍ය නම් කිරි වලට සිනී දමා එය අඩක් වෙන තුරු නටවා ගන්න
- දැන් එයට බේකින් සෝඩා තේ හැදි 1/2 එකතු කර ඝන වන තුරු මද ගින්නේ පිසගන්න.
- බඳුනකට ජෙලි පැකට් එක කඩා දමා එයට මිලි ලීටර් 500 ක උණු ජලය හොඳින් මිශ්‍ර කරන්න.
- ඉන්පසු එය විනාඩි 20 ක් ශීතකරණයේ තබන්න.
- එය භාගයට සකස් වෙන විට එයට මුලින්ම උකු කිරි ටික එකතු කරන්න.
- දැන් එයට ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප1/2 ක් එක් කර හොඳින් මිශ්‍ර කරන්න.
- මෙම මිශ්‍රණය අච්චුවකට දමා එයට කෙසෙල් පෙති එකතු කරන්න.
- ජෙලි සම්පුර්ණයෙන් මිදෙන තුරු නැවත පැයක් ශීතකරණයේ තබන්න.
- එය එළියට ගෙන තැටියක් මත අනිත් පැත්ත හරවන්න.
- දැන් එය මතට කෙසෙල් පෙති සහ දෙළුම් ඇට ඉසින්න.
- ඔන්න දැන් පළතුරු ජෙලි පුඩිම සුදානම්.
3.ජෙලි ස්ලයිසස්
Photo credit to cookpad.com
අවශ්‍ය ද්‍රව්‍ය
- උකු කිරි පොඩි ටින් 1
- ක්‍රීම් කැකර් 150 g
- බටර් 100g
- ජෙලි පැකට් 1
- දෙහි යුෂ කප් 1/2
- ජෙලටින් මේස හැඳි 1
සාදන ආකාරය
- ඩබල් බොයිල් කරලා දිය කරගත් බටර් වලට කුඩු කර ගත් බිස්කට් මිශ්‍ර කරගන්න.
- බටර් ගාපු තැටියක යටටම කලින් සකස් කරගත් මිශ්‍රණයෙන් තට්ටුවක් දාලා එය විනාඩි විස්සක් ෆ්‍රීසර් කරගන්න.
- උකු කිරි, දෙහි යුෂ ටික හා දිය කර ගත් ජෙලටින් මිශ්‍ර කරන්න.
- දැන් මෙම මිශ්‍රණය ෆ්‍රීසර් එකෙන් ගත් බිස්කට් මිශ්‍රණය මතට දමන්න.
- ඉන්පසු සදා නිවා ගත් ජෙලි තට්ටුවක් තුන්වෙනි තට්ටු ලෙස දමා ශීතරකරණයට දමන්න.
- හොදින් ශීත වු පසු මෙය කැබලි කපා ආහාරයට ගන්න.
4.බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම
Photo credit to cookpad.com
අවශ්‍ය ද්‍රව්‍ය
- පාට තුනකින් ජෙලි පැකට්
- උකු කිරි
- වැනිලා
- ජෙලටින්
සාදන ආකාරය
- පාට තුනක ජෙලි වෙන වෙනම සකස් කර ශීත කරගන්න.
- උකු කිරි ලිප තබා එයටම ජලය ටිකක්ද එකතු කර රත් කරගන්න
- දැන් එයට උණු වතුරින් දිය කරගත් ජෙලටින් හා වැනිලා එකතු කර නිමෙන්න හරින්න.
- ශිතකරණයේ තැබු ජෙලි අරගෙන කුඩා කැබලි වලට කපා පාට විසිරෙන ලෙස එම ජෙලි කැබලි බදුනක අසුරන්න.
- දැන් එම ජෙලි කැබලි අතරින් කිරී ඇතුලට යන සේ වත් කර සිසිල් වීමට ශීතකරණයේ තබන්න.
- වර්ණවත් රසවත් මේ පුඩිමට පොඩ්ඩෝ කැමති වේවි.
5. කස්ටඩ් ජෙලි පුඩිම
Photo credit to cookpad.com
අවශ්‍ය ද්‍රව්‍ය
- ස්ටෝබෙරි ජෙලි තේ හැදි 1
- කස්ටඩ් කුඩු තේ හැදි 1
- කිරි කෝප්ප 2
- සීනි රස අනුව
- දෙළුම් ඇට
සාදන ආකාරය
- ඇසුරුමේ දී ඇති උපදෙස් අනුව ජෙලි සාදා වීදුරු කිහිපයක් ගෙන එයින් අඩක් ජෙලි වලින් පුරවන්න.
- මෙම ජෙලි සහිත වීදුරු ට්‍රෙ එකක් මත ඇල කර තබමින් ශිතකරණයේ තබනන්
- රත් වු කිරිවලට කස්ටඩ් දමා කස්ටඩ් සකස් කර සිසිල් වීමට තබන්න.
- ජෙලි සකස් වු පසු එම වීදුරු එළියට ගෙන ඒවායේ ඉදිරි අඩට කස්ටඩ් පුරවා නැවත ශීතකරණයක් තුළ තබා ගන්න.
- මෙය සකස් වු පසු දෙළුම් ඇට උඩින් ඉස පිළිගන්වන්න.
6. ජෙලි සමඟ පලතුරු කස්ටඩ්
Photo credit to cookpad.com
අවශ්‍ය ද්‍රව්‍ය
- කස්ටඩ් කුඩු තේ හැදි 3
- සීනි රස අනුව
- ජෙලි පැකට්ටුවක්
- කපා ගත් ඇපල්, අඹ ,දෙළුම් කෝප්ප 1.5
- කජු හා ආමන්ඩ් තේ හැදි 2
සාදන ආකාරය
ජෙලි සකස් කිරීම
- පැකැට්ටුවේ ඇති උපදෙස් අනුව ජෙලි සකස් කරන්න.
- ඉන්පසු එය සැකසීමට එය පසෙකට තබා ගන්න.
- එය සිසිල් වු පසු කෝප්පයෙන් ¼ පමණ වන තෙක් වත් කරන්න.
- සම්පූර්ණයෙන්ම ශීතකරණය තුළ තැබීමට එය තබන්න.
කස්ටඩ් සකස් කිරීම
- කස්ටඩ් කුඩු සාමාන්‍ය කිරි කෝප්ප 1/4 ක් පමණ දියකර මෘදුවෙන තුරු හොඳින් මිශ්‍ර කර කර පසෙකින් තබන්න.
- බදුනකට සීනි සමඟ ඉතිරි කිරි වල දමා නටවා ගන්න. උතුරන කිරිවලට සකස් කළ කස්ටඩ් පේස්ට් එකතු කර විනාඩි 2-3 ක් නොකඩවා කලවම් කරන්න.
- එය නිවුන පසු එය ශීතකරණයේ තබන්න.
- පැය 1 කට පසු කස්ටඩ් ශීතකරණයෙන් පිටතට ගන්න. එය ක්‍රීම් වෙනතුරු බීට් කරන්න. එයට කැබලා කල පලතුරු මත හොඳින් මිශ්‍ර කරන්න.
- කැබලි කල පලතුරු, කජු හා අමන්ඩ් සමග කස්ටඩ් තේ හැදි 3 ක් ජෙලි එක උඩට දමන්න.
7. වැනිලා මිල්ක් ජෙලිස්
Photo credit to cookpad.com
අවශ්‍ය ද්‍රව්‍ය
- කිරි කෝප්ප 2
- වතුර කෝප්ප 1
- සීනි හැදි 2
- ජෙලටින් හැදි 2
- වැනිලා තේ හැඳි 2
සාදන ආකාරය
- උණුසුම් ජලයට ජෙලටින් 2 හෝ 3 එකතු කරන්න.
- ජෙලටින් සම්පූර්ණයෙන්ම දියවන තෙක් දිගමට බීට් කරන්න.
- භාජනයකට කිරි, ජලය, සීනි සහ වැනිලා එකතු කර නටවා ගන්න.
- දැන් එයට දිය කරගත් ජෙලටින් එකතු කර විනාඩි 3 සිට 4 දක්වා දිගටම කලවම් කරන්න.
- මිශ්‍රණය විවිධ හැඩ අච්චු වලට දමා සිසිල් වෙන්න තබන්න.
- ඉන්පසු ශීතකරණයේ තබා සිසිල් කරගන්න
- ඔන්න රසවත් අතුරුපසක් ලෑස්තියි.
ඔබ ලගත් රසවත් ජෙලි රෙසපි තියෙනවා නම් අපිත් සමග බෙදාගන්න.
මුලාශ්‍ර – cookpad.com
පරිවර්තනය හා සංස්කරණය : නදීශා ලක්මිණි
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය