theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අපේ අතීතයෙන් දරුවන්ට පාඩම්: රටේ ඉපැරණි තැන් ගැන දරුවන්ට කියා දෙන්න

3 අවම කියවීම
බෙදාගන්න :
•••
අපේ අතීතයෙන් දරුවන්ට පාඩම්: රටේ ඉපැරණි තැන් ගැන දරුවන්ට කියා දෙන්න

පුංචි පුතාට රටේ ඉතිහාසය ගැන ගැන කියා දෙන්න මට පුළුවන් වුණා. ඔබත් එවැනි අවසථාවක් උදා කර ගැනීමේ වැදගත්කම මතක් කර දීමට මේ ලිපිය ලියන්නට සිතුවා.

ඔබේ දරුවාට රටේ ඉතිහාසය ගැන කියා දිය යුත්තේ ඇයි? දරුවන්ට අතීතයෙන් පාඩම් කියා දෙන්න කටයුතු කරගෙන යන්න මට පුළුවන් වුණා.

ඔබත් එවැනි අවස්ථාවක් උදා කර ගැනීමේ වැදගත්කම මතක් කර දීමට මේ ලිපිය ලියන්නට සිතුවා.

ලොකු සුදානමක් නැතත් එදා මම කාර්යාලයෙන් නිවාඩුවක් අරගෙන කොළඹ කෞතුකාගාරය බලන්න යන්න මගේ පුංචි පුතත් එක්ක තීරණය කළා. එය ඔහුට ඉතා කුතුහලයෙන් පිරි දවසක් වුණා.

අපේ අතීතයෙන් දරුවන්ට පාඩම්: රටේ ඉපැරණි තැන් ගැන දරුවන්ට කියා දෙන්න

ඔබට කෞතුකාගාරයට පිවිසීමට ඉතා කුඩා මුදලක් ගෙවා ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන බොහෝ අතීතයේ කරුණු දරුවන්ට පෙන්වා දෙන්න පුළුවන්.

ගල්කණු, රජවරු, ඔවුන්ගේ ඇඳුම් වගේම අපේ සම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම, පුරුදු ජනකවි මේ හැම දෙයක් ගැනම කොළඹ කෞතුකාගාරයට ගියහම ඔබට දැනගන්නත් පුළුවන්.

කිසිදා දැක නැති අතීතය වුන රසබර කතාවක් දරුවන්ට කියනවා සේ කියා දෙන්න

දරුවන් කතා අහන්න කැමතියි. ඉතිහාස කතා ගැන ඔවුන්ට ලොකු වැටහීමක් නැතත් මෙය ඊට මුලාරම්භයක් දෙන උත්තේජනයක් වනවා. එතැන් පටන් ඔහු දකින රජවරු, සිංහාසන, ඇඳුම් පැළඳුම් ආදිය ගැන ඔහු කියවන්නත් සොයන්නත් යොමු වෙනවා.

නිර්මාණශීලිත්වයට අතීතයෙන් අභියෝග ඇති බව දරුවා දැනගන්නවා

කෞතුකාගාරයක තැම්පත් කර ඇති අතීත අසමසම නිර්මාණ දැකීම නිසා තම කුසලතා වර්ධනය කර ගැනීමට තමන් උත්සාහ කළයුතු ආකාරය හා ඈත අතීතයේ එවැනි ශ්‍රේෂ්ඨ මිනිසුන් කොතෙකුත් සිටිය බවද දරුවන්ට මතක් කර දීමක් වෙනවා.

මිනිසුන් තුළ තිබූ දක්ෂතා හඳුනා ගන්න

දරුවන්ට අතීතයෙන් පාඩම්

එදා කළ බොහෝ නිර්මාණ අදහගන්නත් අමාරුයි. ගල්කැටයම්, ලීකැටයම්, බුදුපිළිම ආදිය දෑතින් නිමකළ කලාකරුවන් හා වර්තමනයේ කලා නිර්මාණ සසඳන්න ඔවුන්ට කියා දෙන්න. එහි උසස් බවත් තමන්ගේ නිර්මාණ වලට ඒවා උපයෝගී කර ගත හැකි ආකාරයත් කියා දෙන්න.

දරුවන්ට අතීතයෙන් පාඩම් කියා දීමේදී අතීතයේ දේවල් ආවර්ජනය කළහැකි ලෙස කටයුතු කරන්න උගන්වන්න. එදා අපේ මිනිසුන් ආදර්ශවත් ලෙස රට දියුණු කළ සැටිත් අද නවීන තාක්ෂණයෙන් ඉතා පහසු වැඩ ඔවුන් සමගිය සහජීවනය නිසා අවසන් කළ බව ඔවුන්ට කියා දෙන්න.

කැපවීම, අධිෂ්ඨානය, නොපසුබස්නා උත්සාහය

දෑතින් කළ සුවිසල් දාගැබ්, වැව් මිනිස් ශ්‍රමයෙන් සිදු කළේ ඔවුන් තුළ වූ කැපවීම, අධිෂ්ඨානය හා උත්සාහය නිසා බව ඔවුන්ට කියා දෙන්න. ඔවුන් තුළ වගේම ඒ සමාන විර්යයක් අප තුළද ඇතිකර ගැනීමෙන් විරුවන් ලෙස ලෝකය දිනන්න හැකිවන බව දරුවන්ට කියා දෙන්න.

දරුවන්ට අතීතයෙන් පාඩම් කියා දීමේදී රටක් ලෙස අපටම හිමි දේවල් ගැන කියා දෙන්න

 

අපට පමණක් අවේනික දේවල් කෞතුකාගාරයක රඳවන නිසා අපේ රටේ ආවේනික වටිනා වස්තූන් එය තුළ තැන්පත් කර ඇත්තේ එහි ඇති වටිනාකම අමිල නිසයි. එලෙස අමිල වස්තූන් වන්නට ඔබටත් පුළුවන් බව දරුවන්ට කියා දෙන්න.

මියගියත් අමරණීය විය හැකි බව කියා දෙන්න

බොහෝ පුරාතන විරුවන් කෞතුකාගාර වල තවමත් අමරණීයව සිටින්නේ ඔවුන්ගේ ශ්‍රේෂ්ඨත්වය හා විශිෂ්ඨත්වය නිසා බව කියා දෙන්න. ලෝකයට මතු දින අමරණීය මිනිසෙකු වන්නට කුඩා කළ සිට අපට වැඩකළ හැකි බව දරුවන්ට කියා දෙන්න.

අතීත සටහන් සුරැකීමේ වටිනාකම

දරුවන්ට අතීතයෙන් පාඩම්

අපිට ඇති අතීත සම්පත් කෞතුකාගාරයක රැඳවීමේ වැදගත්කමත් එය ලෝකයක්, සහ පරම්පරා ගණනාවක් දැක අධ්‍යනය කිරීමට ඉඩ සැලසීමට ඒවා සංරක්ෂණය වන බැවින් දරුවන් ලෙස අතීතයේ පෞරාණික දේ රැකගැනීම අපේ යුතුකම බව කියා දෙන්න.

කෞතුකාගාරය පුරා නිදහසේ ඇවිද ගිය මගේ පුතාට මට මේ දේවල් ඉතා සරලව කියා දෙන්න පුළුවන් වුණා විතරක් නෙමෙයි මේ නිසා ඔහු අතීතය ගැන කියවන්න, ඉතිහාසය ගැන උනන්දු වෙන්නත් ඒ හරහා ලෝක ඉතිහාසය ගැන විමසිලිවන්ත වෙන්නත් යොමු කරන්න මට පුළුවන් වුණා.

නිරෝගී දරුවන් හදන්නට නිතර කැපවෙන අපේ අම්මලා වෙනුවෙන් thetheAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළේ දැනුමෙන් පිරිපුන්ව දරුවෙක් බිහිකරන්න ඔබට අත්වැලක් වෙමිනුයි.

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Nisansala Liyanage

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • අපේ අතීතයෙන් දරුවන්ට පාඩම්: රටේ ඉපැරණි තැන් ගැන දරුවන්ට කියා දෙන්න
බෙදාගන්න :
•••
කතන්දර ලිපි
  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • දරුවන් රුක බලා ගැනීම: බිල් ගේට්ස්ගේ දරුවන් රුක බලා ගැනීම තුල උගත යුතුම පාඩම් තුනක්

    දරුවන් රුක බලා ගැනීම: බිල් ගේට්ස්ගේ දරුවන් රුක බලා ගැනීම තුල උගත යුතුම පාඩම් තුනක්

single
  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • දරුවන් රුක බලා ගැනීම: බිල් ගේට්ස්ගේ දරුවන් රුක බලා ගැනීම තුල උගත යුතුම පාඩම් තුනක්

    දරුවන් රුක බලා ගැනීම: බිල් ගේට්ස්ගේ දරුවන් රුක බලා ගැනීම තුල උගත යුතුම පාඩම් තුනක්

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • අධ්‍යාපනය
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • ආහාර සහ පෝෂණය
  • මාපිය දැනුම
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor