theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගෙවත්ත ලස්සනට තියාගන්න කැමති අයට ඉඟි 7 ක්

5 අවම කියවීම
ගෙවත්ත ලස්සනට තියාගන්න කැමති අයට ඉඟි 7 ක්ගෙවත්ත ලස්සනට තියාගන්න කැමති අයට ඉඟි 7 ක්

ඔබේ ගෙවත්තත් ඔබේ දෑතින්ම සුන්දර කරගන්න.

තමන්ගේ හීන මාලිගාව ඒ කියන්නේ නිවස හදාගත්තාට පස්සේ ඊලගට හිතන්නේ ගෙවතු අලංකාරය ගැනයි.

නමුත් කොතැනින්ද පටන් ගන්නේ? සමහර අය නම් ඒ සේවාව ලබා ගන්න ආයතන වලට පවරනවා.

නමුත් ඒ සදහා ලොකු මුදලක් වැය වෙන නිසා සමහර අයට එහෙම සේවාවක් ලබාගන්න අසීරුයි.

තමන්ගේ ගෙවත්ත තමන්ටම අලංකාර කරගන්න බැරිද?

පුළුවන්. අපි ඒ සදහා අද ඔබට මගපෙන්වීමක් කරනවා. පැල වැවීම්, නැවුම් පෙනුමක් ගෙවත්තට දෙන එක පහසු නැහැ.

ඔබ මේ කාර්යය කරන්න යන්නේ ඉස්සෙල්ලාම නම් ඔබේ හිතේ යම් චකිතයක් තියෙන්න පුළුවන්. නමුත් බිය වෙන්න එපා.

මේ ඒ සම්බන්ධව ඔබට වැදගත් වෙන ඉගි 7 ක් ගැනයි.

මේ ඉගි ඒ සම්බන්ධ ප්‍රවිණයන් විසින් ලබා දී ඇති අතර ඔබට සොදුරු ගෙවත්තක් සකස් කර ගැනීමට මග පාදනු ඇති.

ගෙවතු අලංකාරය සදහා මග පෙන්වීම

ගෙවත්ත ලස්සනට තියාගන්න කැමති අයට ඉඟි 7 ක්

1. පළමුව තමාගේ අවශ්‍යතාවයන් මොනවාද කියා හදුනාගන්න

කිසියම් සැලසුමක් සකස් කිරීමේදි අපි පළමුව අපේ අවශ්‍යතාවයන් හදුනාගත යුතුයි.

ඒ නිසා ඔබ ඔබගේ අවශ්‍යතා ලැයිස්තුවක් සකස් කරන්න. බබාලාට සෙල්ලම් කරන්න ප්‍රදේශයක්, එළවළු හා මල් වවන්නේ කොහේද? පවුලේ අයට එළිමහනේ තේ බොන්න ප්‍රදේශයක් වගේ ඔබේ අවශ්‍යතා වෙනම සටහන් කර ඔබේ මිදුලේ දළ සැලසුමක් අදින්න.

ඒ සදහා ඔබ සිතුවම් ශිල්පයේ ප්‍රවීණයෙකු වීමට අවශ්‍ය නැහැ. ඒ ඒ දේවල් රවුම් හා කොටු ලෙස සලකුණු කරන්න.

නමුත් මෙහිදි ඔබේ මිදුලේ ප්‍රමාණය හා හැඩය සැලකිල්ලට ගන්න.

ඔබ සැලසුම් කරන එක් එක් ප්‍රදේශ අනෙක් ප්‍රදේශ වලට අවහිරයක් නොවන පරිදි සකස් කරන්න.

ඒ මගින් ඔබට සුන්දර ගෙවත්තක් නිර්මාණය කරගන්න පුළුවන් වේවි.

2. ස්ථානය ගැන සිතන්න

ඔබේ ගෙවත්තට හිරු එළිය වැටෙන ආකාරය  හා සුළං හමන ආකාරය නිරීක්ෂණය කරන්න.

ඒ අනුව ඔබට වගාවන් කල යුතු ප්‍රදේශ හා සවස මද හිරු එළියට නිරාවරණය වන තැනක් තේ පානයට සුදුසු තැනක් විදියටත් වෙන් කරගන්න පුළුවන්.

ඒ වගේම වර්ෂා කාලයේදි වර්ෂාව එක් එක් ස්ථාන වලට බලපාන ආකාරය ගෙවත්තට පිරෙන වතුර වත්තෙන් බැස යන ආකාරයට සකස් කිරීම ගැන සැලකිලිමත් වෙන්න.

ඔබේ ගෙවත්තට එන සුළං ප්‍රවාහයන් අවහිර වෙන විදියට ඉදි කිරීම් අවම කරමින් ඔබේ ගෙවත්ත සැලසුම් කරන්න.

එවිට ඔබේ නිවසටත් සුලං ඇතුල් වෙන පරිදි ගෙවත්ත සුන්දරව නිර්මාණය කරගන්න පුළුවන්.

4. ගෙවතු අලංකාරය සදහා ඔබේ ගෙවත්තේ් වාඩි වී එය මදක් අධ්‍යයනය කරන්න

ගෙවත්ත ලස්සනට තියාගන්න කැමති අයට ඉඟි 7 ක්

ඔබේ ගෙවත්ත ලස්සනට සැලසුම් කරන්න නම්  එය දැනට ඇති ආකාරය ඔබේ මනසේ හොදින් ඇද ගත යුතුයි.

ඒ නිසා ගෙවත්තට ගොස් එහි වාඩි වී එම පරිසරය රස විදින්න.

ඒ මගින් ඔබට ඔබේ ගෙවත්ත ලස්සනට නිර්මාණය කරගත හැකි අදහස් ගලා එන්නට පුළුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මෙතැනට ඔංචිල්ලාවක් කදිමයි, මෙතැනට පුංචි පොකුණක් ආවොත් සිසිලසයි.

මෙතැනට බංකුවක් දැම්මොත් උදේ සවස හිරු රැස් විදින්න පුලුවන්. 

මෙවන් සැලසුම් ඔබේ ගෙවත්තට ලස්සනක් පමණක් නොව එයට උසස් ප්‍රමිතියක්ද එක කර ගත හැකි වෙනවා.

4. ඔබේ ගෙවත්ත සකස් කිරීම පුංචි තැනකින් ආරම්භ කරන්න

මහා පරිමාණ ව්‍යාපාරිකයෝ නම් ඔවුන් සතු ඔබ එකග වෙන සැලැස්මකට ඔවුන්ගේ ඒ සදහා පුහුනු කල සේවක මණ්ඩලය යොදා ගෙන ඔබේ ගෙවත්ත අඩු කාලයකින් නිර්මාණය කරනු ඇත.

නමුත් ඔබට එය එතරම් ඉක්මණින් කල නොහැකි වේවි.

ඔබේ මිදුලේ පුංචි මල් පාත්තියකින් අරඹන්න.

ඔබට මේ සදහා අවශ්‍ය දේවල් ක්‍රමයෙන් මිල දී ගනිමින් ඔබේ කාලයත් මනාව හසුරවා ගනිමින් ගෙවතු අලංකරණය ක්‍රමයෙන් කර ගෙන යන්න පුළුවන්.

ඒ වගේම මෙය ටිකක් කරගෙන යන විට එය ඔබටත් විනෝදයක් ලබා දෙනු ඇත.

ඔබට මේ සදහා අදහස් ගන්න අවශ්‍ය නම් අන්තර්ජාලය තුල පිරික්සන්න පුළුවන්.

පුංචි ආර්ම්භයක් තුලින් ඔබටම අනන්‍ය වු ගෙවත්තක් ඔබට රිසි පරිදි නිර්මාණය කරගන්න පුළුවන්.

5. නාභීය ලක්ෂ්‍යයන් සොයා ගන්න

ගෙවත්ත ලස්සනට තියාගන්න කැමති අයට ඉඟි 7 ක්

ඕනෑම හොඳ උද්‍යාන සැලසුමකට නාභිගත ලක්ෂ්‍යයක් හෝ නාභිගත ලක්ෂ්‍ය මාලාවක් තියෙනවා.

ඒවා සොයා ගැනීමෙන් ඔබේ ගෙවත්ත සැලසුම් කිරීම පහසු කරනු ලබයි.

එම ලක්ෂයන් වලට මූර්තියක් හෝ සිත් ඇදගන්නා සුළු ශාකයක්, පඳුරු පේලියක් එක් කරමින් ඔබේ ගෙවත්තට අපුරු පෙනුමක් එකතු කරන්න පුළුවන්. 

එය ඔබේ ගෙවත්තට අපූරු සුන්දරත්වයක් එක් කරනු ඇත.

6. පරිමාණය හා වේගය කෙරෙහි අවධානය යොමු කරන්න

ඔබේ ගෙවත්තේ පරිමාණය සහ වේගය ගැන සැලකිලිමත් වීමෙන් එයට සිත් ඇද ගන්නා පෙනුමක් එකතු කරන්න පුළුවන්.

ගෙවත්තේ ප්‍රමාණය, හැඩය සහ වර්ණයෙහි වෙනස්කම් තියෙනවා.

ගොඩනැගිල්ලකට ඉදිරියෙන් හෝ මල් පාත්ති පිටුපස උස පැල ඇති අතර අවකාශය තුල මිනිසුන්ට ඇවිදීමට මාවත් සකස් කරන්න පුළුවන්.

අලුත් කරන අංග  සහ නව අංග අතර හොඳ සමබරතාවයක් තිබිමද වැදගත් වෙනවා.

ඔබට අවශ්‍ය නම් ගෙවත්තේ පරණ අංගයන්ද නවිකරණය කර පවත්වා ගන්න පුළුවන්.

නමුත් ගෙවත්ත තුල නව අංග එකතු කිරීමෙන් එහි තිබු ඒකාකාරි බව අඩු කරන්න හේතු වෙනවා.

ගෙවත්තට නව පෙනුමක් ලබා දීම තුලින් ඔබටත් ඒකාකාරි බව පහ කරගන්න පුලුවන්.

7. වෙනස් වීම් වලට  සුදානම් වෙන්න

ඔබ කැමති දේවල් මොනවාදැයි අවංකවම තීරණය කරන්න.

ඔබේ කැමැත්ත අනුව ඔබේ ගෙවත්තේ වෙනසක් කරන්න. පරණ තාලයම පවත්වා ගැනීමට වඩා වෙනස් වීම් වලට නම්‍යශිලී වෙන්න.

ඒ තුලින් ඔබට ඒකාකාරි බවෙන් ඔබ්බට ගිය අලුත් ගෙවත්තක් නිරිමාණය කර ගත හැකි වෙනු ඇත.

ගෙවතු අලංකාරය කිරීමේදි සැලකිලිමත් විය යුතු කාරණා

  • ඒ වගේම ඔබේ නිවසේ කුඩා දරුවන් සිටි නම් අනාරක්ෂිත තැන් නිර්මාණය කරන්න එපා.
  • වැඩිහිටියන් සිටි නම් ලිස්සන තැන් හා උවමනාවට වඩා උස් පඩි නිර්මාණය කරන්න එපා.
  • ඔබට මේ සදහා යන වියදම්ක ලැයිස්තුවක් පිළියෙල කරගැනීමෙන් වියදම සදහා මුදල් වෙන්කරගත හැකි වෙනු ඇත
  • හොද කාල කළමණාකරණයක් තුලින් ඔබට මේ සදහා කාලය ඉතිරි කරගන්න පුලුවන්.

මේ ලිපිය මගින් ඔබේ ගෙවත්තේ සුන්දරත්වය ගොඩ නගා ගන්න ඔබට මුලික අදහස් ලැබෙන්න ඇති බව අප සිතනවා.

අන්තර්ජාලය තුල ලස්සනට නිර්මාණය කල ගෙවතු ඔබට බලන්න පුළුවන්.

එයින් ඔබට ගැලපෙන ගෙවත්තක් නිර්මාණය ඔබේ අදහසක් නිර්මාණය කරගන්න පහසු වේවි.

ඔබටත් ගෙවත්ත අලංකරණය ගැන නිර්මාණශිලි අදහස් තියෙනවාද? ඔබේ අදහස් අපි හා බෙදාගන්න.

මුලාශ්‍ර -  www.bhg.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • කලඑළිය සහ පිළිවෙල
  • /
  • ගෙවත්ත ලස්සනට තියාගන්න කැමති අයට ඉඟි 7 ක්
බෙදාගන්න :
  • අනවශ්‍ය දේවල් ඉවත් කර ඔබේ නිවස ලස්සන කරගන්න ඉගි 10 ක්

    අනවශ්‍ය දේවල් ඉවත් කර ඔබේ නිවස ලස්සන කරගන්න ඉගි 10 ක්

  • කර්ලි හෙයාර් එක ලස්සනට නිරෝගිව තියාගන්නේ මෙහෙමයි

    කර්ලි හෙයාර් එක ලස්සනට නිරෝගිව තියාගන්නේ මෙහෙමයි

  • අනවශ්‍ය දේවල් ඉවත් කර ඔබේ නිවස ලස්සන කරගන්න ඉගි 10 ක්

    අනවශ්‍ය දේවල් ඉවත් කර ඔබේ නිවස ලස්සන කරගන්න ඉගි 10 ක්

  • කර්ලි හෙයාර් එක ලස්සනට නිරෝගිව තියාගන්නේ මෙහෙමයි

    කර්ලි හෙයාර් එක ලස්සනට නිරෝගිව තියාගන්නේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it