theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබට වයසට වඩා වැඩි පෙනුමක් ලබා දෙන රූපලාවන්‍ය නිෂ්පාදන හා සම්බන්ධ වැරදි හතක්

6 අවම කියවීම
ඔබට වයසට වඩා වැඩි පෙනුමක් ලබා දෙන රූපලාවන්‍ය නිෂ්පාදන හා සම්බන්ධ වැරදි හතක්ඔබට වයසට වඩා වැඩි පෙනුමක් ලබා දෙන රූපලාවන්‍ය නිෂ්පාදන හා සම්බන්ධ වැරදි හතක්

අපේ පෙනුම අවුරුදු ගණනකින් වයසින් වැඩි කර පෙන්විය හැකි රූපලාවන්ය ආලේපන සම්බන්ධ වැරදි බොහොමයක් ඇත .මෙන්න ඒ අතරින් වැරදි හතක් ...

පුංචි පුංචි අවලස්සන අංග සඟවා ගැනීමටත් රූපාලංකාරය වැඩි කරගැනීමත් අපි රූපලාවන්‍ය වඩවන නිෂ්පාදන භාවිතා කරන්න පටන් ගන්නෙමු. නමුත් කල් යත් යත්ම මෙම නිෂ්පාදන භාවිතා කිරීම පිලිබඳ අපගේ බලාපොරොත්තුව වන්නේ වයසට වඩා ලාබාල පෙනුමක් ලබා ගැනීමය. මගේ අත්දැකීම අනුව එවැනි ගැලපෙන නිෂ්පාදනයක් තෝරා ගැනීමට අපිට එවැනි නිෂ්පාදන රැසක් අත්හදා බැලීමට සිදු වේ. සමහර විට අප නොදැනුවත්වම රූපලාවන්‍ය වැරදි සිදුවිය හැකියි.

ඒත් එතකම් අපි එක එක වර්ගයේ ආලේපන මගින් අපේ පෙනුමට වයසින්  වැඩි බවක් එකතු කරනු ලබයි.

ඇත්තටම ඔබ ඔබේ රූපලාවන්‍ය හැකියාවන් ගැන කණගාටුවට පත්වෙනවා නම් ඒ ගැන දොස් පවරා ගන්නවා නම් මේ වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්නේ ඔබ පමණක් නොවන බව මතක තබාගන්න.

මටත් මේ සම්බන්ධයෙන් අත්දැකීම් ඇත. මෙවැනි ගැටලු ඇති වු විට ඒ සදහා විසදුම් සොයා ගැනීම මගින් ඔබට ඔබේ තරුණ සම නැවත ලබා ගත හැකිය.

එම නිසා ඔබට වයසට වඩා වැඩි පෙනුමක් දෙන මේ රූපලාවන්‍ය සම්බන්ධ මේ වැරදි හතක් හා ඒ සදහා විසදුම් මේ සමග අපි ඉදිරිපත් කරන්නෙමු.

1.තද පැහැති හා දිස්නයෙන් තොර  තොල් ආලේප භාවිතය

රූපලාවන්‍ය වැරදි

දිස්නයෙන් තොර තොල් ආලේපන භාවිතා කරමින් සිටින ඔබ  ක්‍රීම් ස්වභාවයෙන් යුත් තොල් ආලේපන වලට මාරු වීම සිතමින් සිටිනවා විය හැකිය. දිස්නයෙන් තොර තොල් ආලේපන නිසා  ඔබේ තොල් වියළි ස්වභාවයට පත් කරන අතර තොල් වල ඔබ කිසි දිනෙක නොදුටු රේඛාවන් පවා මතු කර පෙන්වයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔබ කිසිවිටෙක බලාපොරොත්තු නොවන වයසට වඩා වැඩි පෙනුමක්  ඔබට ලැබේවි.

ඔබේ දෙතොල් වයසත් සමග වයසට යෑම ඇරඹීමත් සමග ඔබේ  දෙතොල් වලට පිරිපුන් බවක් ලැබෙන තොල් ආලේපන භාවිතය සුදුසුය. දෙතොලට පටු පෙනුමක් හා වියලි ස්වභාවයක් ලබාදෙන අදුරු වර්ණ ඔබට ලබා දෙන්නේ පිරිපුන් බවට හාත්පසින්ම වෙනස් වු ප්‍රතිඵලයකි.

විසදුම -  මෘදු හා ලා පැහැති  ක්‍රීම් ස්වභාවයෙන් යුත් තොල් ආලේපන භාවිතා කරන්න.ඔබට දිස්නයෙන් තොර තොල් ආලේපනයක් භාවිතා කරන්න අවශ්‍ය නම්  ඒ සමග තොල් වලට දිස්නයක් ලබා දෙන ලිප් ග්ලොස් එකක් භාවිතා කරන්න .

2. ඇස් වටා ප්‍රමාණය ඉක්මවා කන්සීලර් භාවිතය

ඇස් යටට භාවිතා කරන කන්සීලර් වල  ප්‍රධාන අරමුණ ඇස් යට කලු පැහැ ගැන්වීම හා ඇස් වටා ඇති අවලස්සන අඩු කිරීමත්ය. ඇස් වටා කලාපය තුල ග්‍රන්ථි පිහිටා නැත.එම හේතුවෙන් මෙම ප්‍රදේශය තුල ඉක්මනින් හම රැලි වැටේ.එබැවින් මෙම ඇස් යට කලාපයට තෙත් කාරක හා පෝෂණය සහිත විශේෂ සත්කාරක අවශ්‍ය වේ.නමුත් ඇස් වටා පැහැපත් කිරීමේ අරමුණෙන්  ප්‍රමාණය ඉක්මකවා කන්සීලර් භාවිතය ඊට හාත්පසින්ම වෙනස් ප්‍රතිඵල අත්කර දිය හැකිය.

විසදුම - මේකප් බ්‍රෂ් එකක් භාවිතා කරමින් කන්සීලර් භාවිතය අවශ්‍ය ස්ථාන වල තුනී තට්ටුවක් ලෙස එය ආලේප කරන්න .ඒ වගේම වර්ණ වෙනසක් නැති හැමතැනම කන්සීලර් ආලේප කිරීමෙන් වලකින්න .

3. මස්කාරා අනිසි ලෙස භාවිතා කිරීම

රූපලාවන්‍ය වැරදි

සෑම කාන්තාවකගේ රූපලාවන්‍ය ක්‍රියාවලියේ මස්කාරා භාවිතය අනිවාර්ය අංගයක් වේ. ඇදුම,අවස්ථාව  හා වේලාව අනිකුත් ආලේපන භාවිතය හෝ භාවිතා නොකිරීම තීරණය වෙද්දී මස්කාරා  කියන්නේ ඔබට හැමවිටම භාවිතා කරන ආලේපනයකි. ඒ මගින්  ඔබේ ඇස් පිහාටු දිගු පිරිපුන් බවකින් යුක්තව  ඉතා ආකර්ෂණීය පෙනුමක් ලබා දේ.

ඒ වගේම ඔබ නියමාකාරයෙන් මස්කාරා භාවිතා නොකරන්නේ නම් ඒ මගින්  ඔබේ ඇස් පිහාටු හා පෙනුමට විශාල හානියක් සිදු වේ. මස්කාරා භාවිතයේදී නිතර සිදුවන වැරදි කිහිපයක් පහත දැක්වේ.

* පමණට වඩා මස්කාරා භාවිතය -  ඇස් පිහාටු ගුලි ගැසුනු ස්වභාවයෙන් දිස් වේ.

*මුල සිට අගට නිසි ලෙස ආලේප නොකිරීම -ඇස් පිහාටු වලට ක්‍රමවත් නිමාවක්  නොලැබේ.

*අග ඇස් පිහාටු වල සිට ආලේප කිරීම ආරම්භ කිරීම - පහලම ඇස් පිහාටු වල වැඩිපුර මස්කාරා තැම්පත් වී වඩා අදුරු පැහැයක් ලැබේ.

* වඩා අදුරු පැහැති හෝ වඩා ලා පැහැති මස්කාරා භාවිතය - ඇස් පිහාටු වල ස්වාභාවික පෙනුම නැති කරයි.

* මස්කාරා ඉවත් නොකිරීම - ඇස් පිහාටු වලින් කැඩී වැටෙන මස්කාරා මගින් නින්දේදී ඔබේ ඇසේ සුදු ඉංගිරියාව සීරීමට ලක් විමට හැකියාවක් ඇත .

විසදුම -මස්කාරා භාවිතයේදී ඇස් පිහාටු වල මුල සිට අගට ආලේප කිරීමත්,එක මත එක බොහෝ වාර ගණනක් ආලේප නොකිරීමටත්, නින්දට පෙර මස්කාරා ඉවත් කිරීමටත් මතක තබා ගන්න.

4. රූපලාවන්‍ය වැරදි: අවශ්‍ය ප්‍රමාණයට වඩා ෆවුන්ඩේෂන් හා පවුඩර් ආලේප කිරීම

රූපලාවන්‍ය වැරදි

ඔබට පහසුවෙන් ලාබාල පෙනුමක් ලබා දෙන නිවැරදි ෆවුන්ඩේෂන් එකක් තෝරා ගන්න.ඒ වගේම තමයි ෆවුන්ඩේෂන් (foundation) ගොඩාක් පාවිච්චි කල විට  ලැබෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලයක් වේ.ඝන තට්ටුවක් ලෙස ෆවුන්ඩේෂන් ආලේප කල විට අවලස්සන මෙන්ම වසර දහයකින් වැඩිමහලු  පෙනුමක් ඔබට ලබා දේවි.

ෆවුන්ඩේෂන් ගොඩාක් ආලේප කල විට ඒවා මුහුණේ සිහින් රේඛා තුලට පිරෙන අතර සමේ දීප්තිය නැති කරයි. ඒ වගේම තමයි ඔබ ෆවුන්ඩේෂන් ඉවත් කරන්නේ නැති නම් සමේ සිදුරු අති වීමටත් අදුරු පැහැය ඇති වීමටත් එය හේතු වේ.මේ හැම කුඩා දෙයක්ම  ඔබට වයසට වඩා වැඩි පෙනුමක් ලබා දේවි.

ඒ වගේම පවුඩර්  ඔබේ සමේ සිහින් රේඛා හා රැලි මතු කරමින් ඔබේ සමට අදුරු පෙනුමක් ලබා දෙමින් අවලස්සන පෙනුමක්ද ලබා දෙන බවද අමතක නොකරන්න

විසදුම - දියර (liquid) ෆවුන්ඩේෂන් භාවිතා කරන්න. ප්‍රමාණය ඉක්මවා ආලේප නොකර සුදුසු ප්‍රමාණයට ආලේප කරන්න. ඔබ ෆවුන්ඩේෂන් තුනී තට්ටුවක් ආලේප කිරීමට හෝ මුහුණේ අදුරු ප්‍රදේශයන් වසා ගැනීමට භාවිතා පමණක්  කරන්න. ඒ වගේම නින්දට යෑමට පෙර ක්ලෙන්සර් (cleanser) එකක් මගින් සම පිරිසිදු කර වෙලදපොලේ ඔබට පහසුවෙන් සොයා ගත හැකි සමේ රැලි ඉවත් කරන් ඇන්ටි රින්කල් ක්‍රීම් (anti-wrinkle cream) එකක් භාවිතා කරන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

5. රූපලාවන්‍ය වැරදි: වැඩි පුර අයි ෂැඩෝ භාවිතය හා ඇස් පිරිමැදීම

ඔබ අයි ෂැඩෝ (eye shadow) තෝරන හා භාවිතා කරන ආකාරය ඔබේ පෙනුම ඔප දැමීමට මෙන්ම අවලස්සන කිරීමට හැකියාව ඇත. උදාහරණයක් වශයෙන් ලා පැහැති ස්වාභාවික වර්ණ ඔබේ  ඇස් විශාල කර පෙන්වන අතර අදුරු වර්ණ කුඩා කර පෙන්වයි. ඒ වගේම වැඩිපුර අයි ෂැඩෝ භාවිතය ස්වාභාවික පෙනුම නැති කරන අතර ඒ මගින් ඔබේ ඇස් පියන් වලටද හානි විය හැකිය.

විශාල වශයෙන් භාවිතා කරන මෙම නිෂ්පාදන ඇස්  පියන් වියළි බවට පත් වීමත් බිබිලි ඇති වීමත් සිදු වේ.එම නිසා ඔබ වෙනදාටත් ඇස් පිරි මදින්නට පටන් ගනී.එය කොහෙත්ම සුදුසු නැත. ඇස් පිරිමැදීම නිසා කුඩා රුධිර වාහිනී පුපුරා ලේ කැටිති පැහැයන් හා ඇස වටා අවපැහැ  විය හැක.

විසදුම - දීප්තිමත්, ක්‍රීම් සහිත හෝ ස්වාභාවික අයි ෂැඩෝ භාවිතා කරන්න. ප්‍රමාණය ඉක්මවා භාවිතා කරන්න එපා.රූපලාවන්‍ය ආලේපන  නොව ඔබේ ඇස් දෙක අවධානය  දිනා ගත යුතු බව මතක තබාගන්න. ඇස් පිරිමැදීම වලක්වා ගැනීම සදහා එහි තෙත් බව රැක ගැනීමට අයි ඩ්‍රොප් එකක් (eye drops) භාවිතා කරන්න.

6. රූපලාවන්‍ය වැරදි: අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ලිප් ලයිනර් භාවිතය

ලිප් ලයිනර් භාවිතය මගින් ඔබගේ දෙතොල් කැපී පෙනෙන අතර වර්ණ ඔබගේ මුඛය වටා ඇති රේඛා තුල එකතු වීම වලක්වයි.නමුත් ඔබ එය පරිස්සමෙන් තෝරා ගත යුතුය .ඒ වගේම නොගැලපෙන නිෂ්පාදන ඔබේ මුඛය වටා ඇති සිහින් රේඛා මතු කර පෙන්වයි.ඔබ තද වර්ණ භාවිතා කරයි නම් ඔබේ තොල් වලට තද පෙනුමක් ලබා දෙයි.

විසදුම - ඔබේ තොල් විශාල කර පෙන්වන පරිදි ලිප් ලයිනර් අදින්න එපා .ඒ වගේම ඔබේ තොල් වලට  මිස තොල් ආලේපනයට ගැලපෙන ලිප් ලයිනර් තෝර ගන්න එපා.

7. සමට ඇති නොසැලකිල්ල හා නින්දට පෙර සම පිරිසිදු නොකිරීම

මෙය රූපලාවන්‍ය ආලේපන පිලිබඳ වැරැද්දක් නොවන නමුත් ඉතා වටිනා කාරණාවකි. බොහෝ කාන්තාවන්ට අනුව ඔවුන්ට නින්දට පෙර සම පිරිසිදු කිරීමේ පුරුද්දක් නැහැ.එහි ප්‍රතිඵලයක් ලෙස සම මත  ස්ථරයක්  ඇති වී වියළි සමක් හා තෙල් පැහැති පෙනුමක් හිමි වේ.

විසදුම - ඔබගේ රූපය ඔප් නංවන්න ඔබ රූපලාවන්‍ය ආලේපන භාවිතා කරන්න නම් ඔබට සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍ය ගුණයෙන් පිරි සමක් අවශ්‍ය වේ.ක්ලෙන්සර්, ටෝනර් (අවශ්‍ය නම් පමණි), ඔබේ සමට අවශ්‍ය සංඝටක සහිත සේරම් හා හොද ආලේපනයක් ඇතුලත් සම ආරක්ෂා කිරීමට වැඩ පිලිවෙලක් සකස් කරගන්න.

අපේ වයස අවුරුදු ගණනකින් වැඩි කර පෙන්වන අපිට නිතර සිදු වෙන රූපලාවන්‍ය සම්බන්ධ වැරදි රැසක් ඇත. සෞඛ්‍ය සම්පන්න ක්‍රම හා පුරුදු  පිහිටුවා ගැනීම හා  ඉහත රූපලාවන්‍ය වැරදි නිවැරදි කරගැනීම මගින් ඔබට ලාබාල පෙනුමක් ලබාගත හැක.

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • රූපලාවන්‍ය
  • /
  • ඔබට වයසට වඩා වැඩි පෙනුමක් ලබා දෙන රූපලාවන්‍ය නිෂ්පාදන හා සම්බන්ධ වැරදි හතක්
බෙදාගන්න :
  • රූපලාවන්‍ය සත්කාර: පහසුවෙන් කල හැකි රූපලාවන්‍ය සත්කාර

    රූපලාවන්‍ය සත්කාර: පහසුවෙන් කල හැකි රූපලාවන්‍ය සත්කාර

  • හෝටල් රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා නොකල යුත්තේ ඇයි?

    හෝටල් රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා නොකල යුත්තේ ඇයි?

  • රූපලාවන්‍ය සත්කාර: පහසුවෙන් කල හැකි රූපලාවන්‍ය සත්කාර

    රූපලාවන්‍ය සත්කාර: පහසුවෙන් කල හැකි රූපලාවන්‍ය සත්කාර

  • හෝටල් රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා නොකල යුත්තේ ඇයි?

    හෝටල් රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා නොකල යුත්තේ ඇයි?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it