වයසට වඩා වැඩි වයසක් පෙන්වන මේ මේක්අප් වැරදි 7 ඔබත් කරනවාද? බලන්න

වයසට වඩා වැඩි වයසක් පෙන්වන මේ මේක්අප් වැරදි 7 ඔබත් කරනවාද? බලන්න

ඔබත් ‌මේක්අප්ස් ‌යෙදීමේදි ‌මේ වැරදි කරනවාද බලන්න.

අපිව ඉන්නවාට වඩා වයසට යවන මේ මේකප් වැරදි සමහර විට ඔබ අතිනුත් වෙන්න පුළුවන්.

අපි ඇත්තටම මේකප්ස් භාවිතා කරන්නේ අපේ මුහුණේ ඇත් පුංචි පුංචි අඩුපාඩුකම් වහලා අපේ ස්වාභාවික ලස්සන ඉස්මතු කරන්න නේද? නමුත් පසුව අපි අපේ වයසට වඩා ලාබාල පෙනුමක් ගන්නත් මේ මේක්අප්ස් භාවිතා කරනවා.

ඔබට  ලාබාල පෙනුමක් ලබා දෙන ක්‍රමයක් සොයාගන්න බොහොම වෙහෙස මහන්සි වෙන්න සිදුවෙන අතර ඔබ මෙම මේකප් වැරදි කලොත් ඔබට වසර ගානක් වැඩිමහළු පෙනුමක් ලැබේවි.

ඔන්න ඔබ දැන් කලබල වීමට හෝ ඔබගේ මේකප් කිරීමේ හැකියාව ගැන ලත වීමට නම් යන්නේ මේ වැරදි අපි කොයි කාටත් වෙන බව මතක් කරගන්න.

ඉතින් ඔබ මේ වැරදි හදුනාගෙන ඒවා නිවැරදි කල විට ඔබට යලිත් ලාබාල පෙනුමක් ලබාගන්න පුළුවන්.

ඔබට වයස්ගත පෙනුමක් ලබා දෙන මේ මේක්අප්ස් වැරදි 7 ගැන අද අපි කතා කරන්න තීරණ්‍ය කලේ  අන්න ඒ නිසයි.

1.වයසට යවන ‌පෙනුමට: දීප්තියෙන් තොර සහ අඳුරු පැහැ ලිප්ස්ටික් භාවිතා කිරීම - Matte lipstick

 දීප්තියෙන් තොර අදුරු පැහැ ලිප්ස්ටික් දැන් භාවිතා වෙනවා. නමුත් ඔබ ක්‍රීම් සහිත ලිප්ස්ටික් එකකට මාරුවීම සලකා බැලීම සුදුසුයි.

මෙයට  හේතුව සරලයි. දීප්තිය අඩු ලිප්ස්ටික් ඔබේ තොල් වියළී කරන අතර ඔබේ දෙතොලේ ඔබ මෙතෙක් නොදුටුව සිහින් රේඛා ඉස්මතු කර පෙන්වනවා.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔබට වයස්ගත පෙනුමක් ලබා දෙනවා. ඇත්තටම එවැනි පෙනුමක් ලබා ගන්න ඔබට අවශ්‍ය නැහැ නේද?

ඔබ වයසට යන විට  ඔබේ තොල් වෙන්වී පෙන්වීම නැති වීමට පටන් ගන්නා අතර ඔබේ දෙතොල් පිරිපුන් වී පෙනෙන ලිප්ස්ටික් එකක් ඔබ භාවිතා කළ යුතුය.

අඳුරු පැහැය මීට ප්‍රතිවිරුද්ධ පෙනුමක් ලබා දෙන අතර  එමඟින් ඔබේ තොල් වලට කුඩා හා වියළි බවක් ලබා දෙනවා.

 කළ යුතු දේ: 

  • ක්‍රීම් සහිත සැහැල්ලු, මෘදු  පෙනුමක් ලබා දෙන ලිප්ස්ටික් එකක් තෝරා ගන්න.
  • නැතහොත් ඔබට දීප්තිමත් නොවු ලිප්ස්ටික් එකක් ආලේප කර ඒ මත ලිප්ස් ග්‍රොස් එකක් ආලේප කරන්න පුළුවන්.

වයසට වඩා වැඩි වයසක් පෙන්වන මේ මේක්අප් වැරදි 7 ඔබත් කරනවාද? බලන්න2.වයසට යවන පෙනුමට : ඇස් යට අදුරු පැහැය නැති කිරීමට ආලේපන වැඩි ප්‍රමාණයක් භාවිතය - Under eye Concealer

මෙම ආලේපන ගැල්වීමේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ඇස් යට වු අදුරු පැහැය වැනි  අපගේ අඩුපාඩු සැඟවීමයි.

ඔබේ ඇස් වටා සම මත සෙබස් ග්‍රන්ථි නැහැ. මුහුණේ මෙම කලාපයේ මුහුණේ රැළි පළමුව දිස්වන්නට පටන් ගන්නේ අන්න ඒ නිසයි. 

මේ හේතුවෙන් මෙම සියුම් ප්‍රදේශයට විශේෂ සජලනය හා පෝෂණය අවශ්‍ය වෙනවා.

ඕනෑවට වඩා මෙම අදුරු පැහැය සඟවා ගැනීමට යාමෙන් ඔබේ ඇස් දීප්තිමත් කරනවා වෙනුවට ඊට  ප්‍රතිවිරුද්ධ බලපෑමක් ඇති වෙන්න පුළුවන්.

ඒ මගින් සියුම් රේඛා ඉස්මතු කර පෙන්වමින් ඔබට වයස්ගත පෙනුමක් ලබා දෙයි.

 කළ යුතු දේ: 

  • මේක්අප්ස් බ්‍රෂ් එකක් මගින් වසා දමන්නට අවැසි අඳුරු ප්‍රදේශ මත තුනී ස්ථරයක් ගල්වන්න. 
  • අඳුරු නොවු ප්‍රදේශ වල මේවා ගල්වන්න එපා.

3. මස්කාරා නුසුදුසු ලෙස භාවිතා කිරීම 

මේක් අප්ස් භාවිතයේදි මස්කාරා ගැල්වීම  සෑම ගැහැණු ළමයෙක්ම කාන්තාවක්ම සිදු කරනු ලබනවා.

ඔබ වෙනත් නිෂ්පාදනයක් මඟ හැරියත් කළත් නොකළත් ඇඳුම, වේලාව සහ මානසිකත්වය අනුව මෙය ඔබ නිතරම භාවිතා කරන දෙයක් වෙනවා.

එය ඔබේ ඇහි පිහාටු වැඩි කර පෙන්වන අතර දිගු බවක් ලබා දෙනවා. ඒ වගේම  ඒවාට සංවේදී හා සරාගී පෙනුමක් ලබා දෙනවා.

කෙසේ වෙතත්, ඔබ මස්කාරා නිසි ලෙස භාවිතා නොකරන විට, එය ඔබේ ඇහිබැම වලට මෙන්ම පෙනුමට අවලස්සන පෙනුමක් ලබා දෙනවා.

මස්කාරා භාවිතයේදි කරන පොදු වැරදි කිහිපයක් මෙන්න:

  • මස්කාරා ඕනෑවට වඩා  ආලේප කිරීම - කැටි සහ ඇලුනු ඇහිබැමි
  • මුල සිට අග දක්වා ආලේප නොකිරීම  - ඇහි පිහාටු ඒකාකාරී ලෙස නොපෙනේ
  • පළමුවෙන් පහල ඇහි පිහාටු වලින් පටන් ගැනීම - ඕනෑවට වඩා ආලේපන පුමාණයක් පහල ඇහිපිහාටු වල තැම්පත් වී අදුරු බවක් ලබා දෙනවා.
  • ඉතා අඳුරු හෝ ලා පැහැ මස්කාරා යෙදීම  - ඇහිපිහාටු වලට ස්වාභාවික පෙනුම අහිමි කරයි.
  • මස්කාරා ඉවත් නොකිරීම - ඇහි පිහාටු හැලී යයි. ඒවා නිසා  නිදා සිටියදී ඔබේ ඇසේ කොරෝනාව සීරීමට පවා ඉඩ තියෙනවා.

කළ යුතු දේ: 

  • මස්කාරා මුල සිට අග දක්වා නිසි ලෙස යොදන්න.
  • වැඩිපුර තට්ටු ප්‍රමාණයක් ආලේප නොකරන්න.
  • නින්දට පෙර සෑම විටම මස්කාරා ඉවත් කරන්න.

4. ඕනෑවට වඩා ෆවුන්ඩේෂන් ආලේපන  හා පවුඩර් ආලේප කිරීම

ඔබට ගැලපෙන ෆවුන්ඩේෂන් එකක් ආලේප කිරීමෙන් ක්ෂණිකව තරුණ පෙනුමක් ලබා ගන්න පුළුවන්.

කෙසේ වෙතත්, ඕනෑවට වඩා ෆවුන්ඩේෂන් යෙදීමෙන් ඔබට මේ තරුණ පෙනුම අහිමි වන්න පුළුවන්.

පමණට වඩා ෆවුන්ඩේෂන් යෙදීමෙන්  තට්ටු ලෙස පෙනෙනවා පමණක් නොව ඔබ මාස් එකක් පැළද සිටිනවා මෙන් පෙනෙන්නට පූළුවන්.

නමුත් ඒ මගින් ඔබේ පෙනුමට වසර 10 කට වඩා වැඩි පෙනුමක් ලබා දෙනවා

බොහෝ ෆවුන්‌ඩේෂන් සියුම් රේඛා මත තැම්පත්  ඔබේ සමෙන් දීප්තිය ඉවත් කරනවා.

ඔබ ෆවුන්ඩේෂන් ආලේපන ඉවත් නොකළ හොත්, එය ඔබේ සිදුරු අවහිර කර අඳුරු පැහැයක් ලබා දීමට හේතු වෙන්න පුළුවන්.

මේ සියල්ලම, සුළු දේවල් ලෙස පෙනුනත් ඔබේ සැබෑ වයසට වඩා  වැඩි වයසක පෙනුමක් මේ නිසා ඔබට ලැබෙන්න පුළුවන්.

පවුඩර් යෙදීමෙන් ඔබේ මුහුණේ සියුම් රේඛා සහ රැළි ඉස්මතු වන බවත්, ඒ මගින් ඔබේ පෙනුම අවලස්සන කරන බවත් , ඔබේ සමට වියලි පෙනුමක් හා වියලි ගතියක් ලබා දීම සිදු කරන බවත් මතක තබා ගන්න.

කළ හැකි දේ: 

  • පළමුව, කුඩු වෙනුවට දියර ෆවුන්ඩේෂන් එකක් භාවිතා කරන්න. 
  • වැඩිපුර ආලේප කරන්න එපා.
  •  තුනී ස්ථරයක් ආලේප කරන්න. නැතහොත් ඔබේ මුහුණේ දුර්වර්ණ වූ ප්‍රදේශ වල පමණක් ආලේප කරන්න.
  • නින්දට පෙර සෑම රාත්‍රියකම ෆවුන්ඩේෂන් ඉවත් කරන්න.
  • පිරීසිදු කිරීමට ක්ලෙන්සර් භාවිතා කරන්න.
  •  ඔබට පහසුවෙන් වෙළඳපොලේ සොයාගත හැකි සම  රැළි වැටීම වළක්වන ආලේපනයක් ආලේප කරන්න.

වයසට වඩා වැඩි වයසක් පෙන්වන මේ මේක්අප් වැරදි 7 ඔබත් කරනවාද? බලන්න5. වයසට යවන ‌‌‌පෙනුමක් ‌‌දෙමින් ඕනෑවට වඩා අයි ෂැඩෝ යෙදීම හා  ඔබේ ඇස් ඇතිල්ලීම

 ඔබ අයි ෂැඩෝ තෝරා ගන්නා හා භාවිතා කරන ආකාරයද ඔබේ පෙනුම ඇති කිරීමට හෝ නැති කිරීමට හේතු වෙනවා.

උදාහරණයක් විදියට, සැහැල්ලු, වඩා ස්වාභාවික වර්ණ ඔබේ ඇස් වලට  විශාල බවක් ලබි දෙන අතර අඳුරු අයි ෂැඩෝ ඔබේ ඇස් කුඩා කර පෙන්වයි.

එපමණක්ද නොව, ඕනෑවට වඩා අයි ෂැඩෝ භාවිතා කිරීමෙන් ස්වාභාවික පෙනුම නැති වී යන අතර එය ඔබේ ඇහිබැම වලට හානි කරනවා.

මෙම ආලේපන ඕනෑවට වඩා ආලේපයෙන්  ඔබේ සියුම් ඇස් පියන් වියළි කරන අතර කැසීමක්ද ඇති කරනවා.

ඔබේ ඇස් පොඩි කිරීමට ඔබ වැඩි නැඹුරුවක් දක්වන්නේ ඒ නිසයි. එය හොඳ දෙයක් නම් නොවේ.

ඔබේ ඇස් අතුල්ලන විට කුඩා රුධිර නාල කැඩී යන අතර එමඟින් ලේ වැගිරුනු පෙනුමක් සහ අඳුරු කවයක් පෙන්නුම් කරන්න පුළුවන්. 

 කළ යුතු දේ: 

  • දීප්තිමත්, ක්‍රීම් සහිත හෝ ස්වාභාවික අයි ෂැඩෝ භාවිතා කරන්න.
  • ඕනෑවට වඩා ආලේප කරන්න එපා.
  • කිරීමෙන් වළකින්න. 
  • අවධාරණය විය යුත්තේ ඔබේ ඇස් මිස මේක්අප්ස් නොවන බව මතක තබා ගන්න.
  • ඇස් කසනවා නම් අයි ඩ්‍රොප් එකක් භාවිතා කර සජලීයව තබාගන්න.

6.ලිප් ලයිනර් අධික ලෙස ‌යෙදීම

ලිප් ලයිනර් ඔබේ තොල් ඉස්මතු කරන අතර ඔබේ මුඛය වටා රේඛාවලට වර්ණ ගලා යෑම වළක්වනවා.

නමුත් ඔබ ඉතා ප්‍රවේශමෙන් ලිප් ලයිනර් එකක් තෝරා ගත යුතුය. ලිප් ලයිනර් වැරදි ලෙස තෝරා ගැනීමෙන් ඔබේ මුඛය වටා ඇති සියුම් රේඛා උද්දීපනය වෙන්න පුළුවන්.

එසේම, ඔබ අඳුරු පැහැයක් භාවිතා කරන්නේ නම්, ඔබේ තොල් තදින් වැසුනු බවක් පෙන්වන්නට පුළුවන්. 

කළ යුතු දේ:

  •  ඔබේ තොල් විශාල ලෙස පෙනෙන පරිදි ලිප් ලයිනර් අඳින්න එපා. 
  • ඔබේ තොල් වලට ගැලපෙන වර්ණය භාවිතා කරන්න.

වයසට වඩා වැඩි වයසක් පෙන්වන මේ මේක්අප් වැරදි 7 ඔබත් කරනවාද? බලන්න7. සම වයසට යවන ‌පෙනුම වළක්වන්න සම රැකවරණ ක්‍රමයක් නොමැති වීම හා  නින්දට පෙර මේක්අප්ස් ඉවත් නොකිරීම

 මෙය හරියටම මේක්අප්ස් සම්බන්ධ වැරැද්දක් නොවන නමුත් එය විශාල වැදගත්කමක් ගෙන දෙනවා.

කාන්තාවන්ගෙන් බහුතරයක් නින්දට පෙර මේක් අප්ස් ඉවත් කිරීමේ පුරුද්දක් නැහැ.

එහි ප්‍රතිඵලයක් ලෙස අපිරිසිදු දෑ ඔබේ සමේ එකතු වීමට පටන් ගන්නා අතර ඒ මගින් අඳුරු පැහැයක් සහ තෙල් සහිත පෙනුමක් ලබා දෙනවා.

 කළ යුතු දේ: 

  • මේක්අප්ස් වලින් ඔබට හොඳ පෙනුමක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබට සෞඛ්‍ය සම්පන්න සහ පෝෂ්‍යදායී සමක් අවශ්‍ය වෙනවා. ඔබේ සමට ප්‍රබල, ක්‍රියාකාරී පෝෂ්‍ය කොටස් ලබා දීම සඳහා ක්ලෙන්සර්, ටෝනර්, සෙරුමයක් අඩංගු නිතිපතා සම රැකවරණ ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න.
  • පෝෂණය ලබා දෙන ආලේපනයක් අවසානයට ආලේප කරන්න.

 අප අහම්බෙන් සිදුකරන මේක්අප්ස් භාවිතයේ  වැරදි රාශියක් ඇති අතර ඒවා අපගේ පෙනුමට වයසට ගිය පෙනුමක් ලබා දෙනවා.

මෙම පුංචි පුංචි වැරදි නිවැරදි කිරීමෙන් සහ සෞඛ්‍ය සම්පන්න ශිල්පීය ක්‍රම සහ පුරුදු ක්‍රියාත්මක කිරීමෙන් ඔබට ක්ෂණිකව තරුණ පෙනුමක් ලබා ගන්න පුළුවන්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි