theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නිවසේ මුදල් කළමනාකරණය තුළින් පොහොසත් ගෘහනියක් වෙන්න ඔබටත් පුළුවන්

5 අවම කියවීම
නිවසේ මුදල් කළමනාකරණය තුළින් පොහොසත් ගෘහනියක් වෙන්න ඔබටත් පුළුවන්නිවසේ මුදල් කළමනාකරණය තුළින් පොහොසත් ගෘහනියක් වෙන්න ඔබටත් පුළුවන්

නමුත්, අදායමට වඩා වියදම් වැඩි නම්... එය ඔබේ අවධානය යොමු කල යුතු කරුණක් වනවා. සාර්ථකව නිවසේ මුදල් කළමනාකරණය කල හැක්කේ මෙහෙමයි.

ගෘහණියක් නිවසක රැජිනයි. සාර්ථක  ගෘහනියකට නිවසේ ගේදොර වටපිටාව පමණක් නොව මිල  මුදල්ද නිසි ලෙස පරිපාලනය කිරීමෙන් නොහොත් සාර්ථකව නිවසේ මුදල් කළමනාකරණය තුළින්  මුළු පවුලම සාර්ථකත්වය කරා ගෙන යා හැකි බව ඔබ දන සිටියාද?

අද ඔබට කියන්නේ දක්ෂ නීතිවේදිනියක්, පෙරපාසල් ගුරුවරියක්, මවක් මෙන්ම කුසලතාපුර්ණ ගෘහණියක් වන මදුවන්ති සුමනවීර මහත්මිය නිවසේ මුදල් කළමනාකරණය පිලිබඳ අප හා බෙදාගන්නා වටිනා අදහස් රැසකි.

නිවසේ මුදල් කළමනාකරණය තුළින් පොහොසත් ගෘහනියක් වෙන්න ඔබටත් පුළුවන්

නිවසේ මුදල් කළමනාකරණය

මම මගේ වියදම් වලට පුංචි පොතක් තියාගෙන ඉන්නවා. මුලින්ම කරන්නේ මගේ අදායම් සියල්ල පොතේ එක් පැත්තක ලියාගන්නවා. මට තියෙන්න අමතර පන්ති වලින් ලැබෙන අමුදලයි, මගේ සැමියාගෙන් මාසේ වියදමට ලැබෙන මුදලයි.

ඉතින් ඒවා එක් පැත්තක සටහන් කරගන්නවා. මීට අමතරව තවත් පුංචි අදායම් තියෙන්නට පුළුවන්. නිදසුන් ලෙස මාසික අදායම, නිවාස කුලී, අමතර අර්ධ කාලීන ව්‍යාපෘති වලින් අදායම් ආදිය, මල්පැල, පුංචි බදු භාණ්ඩ විකිණීම, ඇඳුම් මැසිම වැනි ස්වයං රැකියා වලින් ලබන අදායම් ආදිය.

දැන් අනෙක් පැත්තේ ඔබ කරන සියලුම වියදම් සටහන් කරගත යුතුයි. මේ ක්‍රමවේදය දෙදෙනා එකතුව කරන වියදම් කළමනා කිරීමටද යොදාගන්නට පුළුවන්.

මෙලස වියදම් සටහන් කිරීමේදී ඒවා වර්ගීකරණය කිරීමෙන් මේ කටයුත්ත තවත් පහසු වනවා.

දරුවන්ගේ වියදම්:

පාසැල් වියදම්, අමතර පන්ති වියදම් ආදීය මෙහිදී සඳහන් කරගත හැකියි.

මාසික බිල්පත් සහ වාරික:

ගෙදර දොරේ ජාල විදුලි බිල්පත්, ප්‍රවාහන වියදම්, සෞඛ්‍ය හා ඖෂධ වියදම්, ණය හා රක්ෂණ වාරික ආදී වශයෙන් සිදු වන වියදම් මාසිකව සිදු වන වියදම් වන අතර මේවට මාසිකව වැය වන මුදල පිලිබඳ සාමාන්‍ය අදහසක් ගන්නට සිදු වන වියදම් මාසිකව සිදු වන වියදම් වන අතර මේවට මාසිකව වැය වන මුදල පිලිබඳ සාමාන්‍ය අදහසක් ඇති කරගැනීමට මුල් මාසයේ මෙය අභ්‍යාසයක් ලෙස කර එම වියදම් ගැන අදහසක් ඇතිකරගන්න.

මෙහිදී සඳහන් කල බොහෝ වියදම් මසකට එක් වරක් කරන වියදම් වන අතර ඔබ සැලකිල්ලෙන් කළමනාකරණය කල යුතු වියදම වන්නේ අහාර පාන සඳහා කරන වියදමයි.

ආහාර පාන සඳහා වියදම් පරිපාලනය:

ආහාර පාන සඳහා කරන වියදමද වර්ගීකරණය කිරීම ඉතා සුදුසුයි. මෙය මාස්පතා, සතිපතා සහ දිනපතා කරන වියදම් ලෙස විය යුතුය.

මාස්පතා මිලදී ගන්නා අහාර

කිරිපිටි, පරිප්පු, සහල්, පිටි සැමන් ටින්, තෙල්, ජෑම් කිරිපිටි වැනි අහාර ද්‍රව්‍ය මසකට වරක් ගන්නා ඒවා යටතට අයත් වේ. නිදසුන් ලෙස මසකට මේවා පැකට් හෝ කිලෝ කියක් අවශ්‍ය වේද යන්න ඔබ සොයා බැලිය යුතුය. මේ අතර අනපේක්ෂිත ආගන්තුක සත්කාර ආදිය සඳහා සීනි, තේ කොළ, කිරිපිටි වැනි දෑ අවශ්‍ය ප්‍රමාණයට වඩා ටිකක් වැඩියෙන් නිවසේ තබාගැනීම නුවනට හුරුය.

සතිපතා සහ දිනපතා මිලදී ගන්නා අහාර

එළවළු, මස් මාළු ආදිය සතිපතා මිලදී ගන්නා අහාර අතරට එකතු වේ.

මේ අතර පාන් ඇතුළු අනෙකුත් බේකරි ආහාර වැනි එදිනෙදා මිලදී ගන්නා දේ දිනපතා වියදම් යටතට වැටේ.

අනෙකුත් වියදම්:

මේ සඳහා මසකට යම් මුදලක් වෙන් කර තැබිය යුතු වනවා. බස් ගාස්තු, තෑගී  බෝග, දාන මාන සහ අනෙකුත් පුණ්‍ය ක්‍රියා සඳහා වන වියදම් ආදිය සඳහා මාසික අදායමෙන් යම් මුදලක් වෙන්කර තබන්න.

මෙම ලයිස්තුවේ ඉතිරි කිරීම් සහ අනාගත ආයෝජනත් එමෙන්ම වියදම් යටතේ  ඇඳුම් ආයිත්තම්, රුපලාවන්‍ය කටයුතු ආදිය සඳහා යන මුදල් සටහන් කරන තීරුවක්ද තබාගන්නට අමතක කරන්න එපා.

ගෙදර ආදායම් සහ වියදම් කළමනාකරණය කිරීම

මුළුතැන්ගෙයි වියදම්:

ගෙදර ඉවුම් පිහුම් කං බිම් වලින් උපයන මුදලින් ලොකු ප්‍රමාණයක් වියදම් කිරීම හෝ ඉතිරි කිරීම තීරණය වනවා.

ඔබේ දෛනික ආහාර රටාව ගැන අදහසක් ඇති කරගැනීම මුදල් කළමනාකරණය කිරීමට පමණක් නොව, සෞඛ්‍ය තත්වය රැකගැනීමටද ඉතා  යෝග්‍යයි. සාමාන්‍යයෙන් ගන්නා උදැසන අහාර, දවල් සහ රාත්‍රී අහාර ගැන සතිපතා සටහනක් තබාගැනීමෙන් කල් තියාම අවශ්‍ය සතිපතා හා දිනපතා කළමනා ලැයිස්තුවද නිරායාසයෙන්ම ඔබට පිළියෙළ කරගත හැක.

උදෑසන අහාරය:

බහුලව සහ පහසුවෙන් පිළියෙළ කරගත් හැකි උදැසන අහාර ලයිතුවක් ලියා තබාගන්න. මෙයින් කැමති අංග කිහිපයක් අදාළ සතියකදී ආ කල හැක. ධාන්‍ය වර්ග, කිරිබත්, ඉඹුල් කිරිබත්, පිට්ටු, ඉඳි ආප්ප, වෙල්ලවැහුම් ආදිය උදෑසන අහාර සමහරෙකි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

දිවා ආහාරය:

අප බොහෝ දෙනෙක්ට දිවා ආහාරය බොහෝ විට බත් සහ මාළු පිලි වනවා. මදුවන්ති මහත්මිය පවසන්නේ ඇය දිනපතා බතට මාළු හෝ බිත්තර හෝ මස් වර්ගයක් හෝ කරවල/හාල් මැස්සෝ ව්‍යාංජනයකට අමතරව සාදාගන්නේ එක් එළවළුවක් සහ පලා වර්ගයක් හෝ සලාදයක් බවයි.  හෝ සතියකට වරක් සාදාගන්න කරවල, බටු වැනි යම් බැදුමක් නිතර පිළියෙළ කොට තබාගැනීම නිසා යට මුදල් පමණක් නොව කාලයද ඉතිරි කරගන්නට එය උපකාරී වනවා.

හැකි තරම් ඔබේ ගෙවත්තේ වගා කරන අහාර පිළියෙළ කරන්නට උත්සාහ කරන්න. මදුවන්ති මහත්මිය පවසන්නේ ඇගේ ගෙවත්තෙන් කොස්, දෙල්, කෙහෙල් මුව, කොහිල, දඹල වැනි එළවලු නිරන්තරයෙන්ම දෛනික අහාරයට එකතු වන බවයි.

රාත්‍රී අහාරය:

ඉඳි ආප්ප, ආප්ප, රොටි, පිට්ටු, නුඩ්ල්ස්, පැස්ටා වර්ග හෝ පිටින් කෑම.

මේවා සටහන් කර ගැනීමෙන් සතිපතා අහාර වලට යන මුදල ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට ඔබට පහසුවෙන්ම හැකි වනවා.

දැන් මේ විධිමත් ගණනය කිරීම තුළින් ඔබේ ආදායම් සහ වියදම් ගැන ඔබට හොඳ අවබෝධයක් ඇති වනවා. අදායමට වඩා වියදම් අඩු නම්.. එය හොඳ සලකුණක්. මෙසේ ඉතිරි වන වැඩිපුර මුදල තෝරාගත් දිනක විශේෂ යමක් කිරීම සඳහා වෙන්කරගන්න පුළුවන්.

නමුත්, අදායමට වඩා වියදම් වැඩි නම්... එය ඔබේ අවධානය යොමු කල යුතු කරුණක් වනවා.

ආදායමට වඩා වියදම් වැඩි නම් ඔබට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

1. Credit Card නොහොත් ණයපත් පාවිච්චි කිරීමෙන් වලකින්න.

2. පිටින් කෑම ගැනීම .මසකට වරක් පමණක් පිටින් කෑම .මිල දී ගන්න

3. සති අන්තයේ පවුලේ සැමට නිවසේදීම විශේෂ ආහාරයක් පිළියෙළ කරන්න.

4. විශාල ප්‍රමාන වලින් අඩු මුදලට මිලදී ගන්න. විශේ වට්ටම් පාවිච්චි කරන්න.  මදුවන්ති මහත්මිය මාළු ලෙල්ලමට ගොස් අඩු මුදලට සතියට අවශ්‍ය මාළු වර්ග දෙකක් පමණ  මිලදී ගැනීම ඊට නිදසුනක්.

5. සතියට මිලදී ගත ප්‍රමාණයට වඩා මිලදී ගන්න එපා. නිදසුනක් ලෙස, සතියට ගත මාළු කලින් ඉවර වුනේ නම් ඊළඟ සතිය වන තුරු බිත්තර, කරවල වැනි දෙයක් ආදේශ කරගන්න.

6. රුපලාවන්යාගර වලට යනවා වෙනුවට ගෙදරදීම රුපලාවන්‍ය කටයුතු කරගන්න. එක ගමනින් වැඩ කිහිපයක් කරගන්න.

7. විදුලිය, ජලය, දුරකථනය ආදිය කල්පනාකාරීව අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න.

ඉතින් ඔබේ වියදමේ පැහැදිලි වෙනසක් ඇති කරගෙන හොඳ මුදලක් ඉතිරි කරගන්නට මේ ක්‍රමයට පුළුවන් වන බවට අපි සහතික වනවා. ආදායම ලද වහාම හදිසි අවස්ථාවකට පාවිච්චි කරන්නට විශේෂ කැටයකට යම් මුදලක් දමන්නටත් අමතක කරන්න එපා!

නිවසේ මුදල් කළමනාකරණය තුළින් පොහොසත් ගෘහනියක් වෙන්න ඔබටත් පුළුවන්

මේ අගනා අදහස් වලින් අප පෝෂණය කල මදුවන්ති සුමනවීර මහත්මියට TheAsianParent Sri Lanka වෙනුවෙන් අපගේ ආදර ස්තුතිය පුද කරනවා.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • මූල්‍ය
  • /
  • නිවසේ මුදල් කළමනාකරණය තුළින් පොහොසත් ගෘහනියක් වෙන්න ඔබටත් පුළුවන්
බෙදාගන්න :
  • ඩෙංගු කළමනාකරණය ගැන ඔබ දත යුතු දේ රැගත් අගනා වීඩියෝවක්

    ඩෙංගු කළමනාකරණය ගැන ඔබ දත යුතු දේ රැගත් අගනා වීඩියෝවක්

  • මවක්, ගෘහනියක් මෙන්ම අද්විතීය කලාකාරිනියක් වන යසෝදරා පථන්ජලී

    මවක්, ගෘහනියක් මෙන්ම අද්විතීය කලාකාරිනියක් වන යසෝදරා පථන්ජලී

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

  • ඩෙංගු කළමනාකරණය ගැන ඔබ දත යුතු දේ රැගත් අගනා වීඩියෝවක්

    ඩෙංගු කළමනාකරණය ගැන ඔබ දත යුතු දේ රැගත් අගනා වීඩියෝවක්

  • මවක්, ගෘහනියක් මෙන්ම අද්විතීය කලාකාරිනියක් වන යසෝදරා පථන්ජලී

    මවක්, ගෘහනියක් මෙන්ම අද්විතීය කලාකාරිනියක් වන යසෝදරා පථන්ජලී

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it