අම්මේ මේ වෙනකොට මම අම්මා ගාවට ඇවිත් මාස හතක් ඉවරයි. එන්න එන්නම අපි මුණගැහෙන්න තියෙන දවස ලංවෙනවා.
මගේ හම දැන් රතු පාටයි. ගර්භාෂය ඇතුගේ තියෙන දියර නිසාමදෝ හම රැලිත් වැටිලා. මම දැන් වේගයෙන් වර්ධනය වෙනවා. මම දැන් දිගින් සෙන්ටි මීටර් පහලොවක් විතර වෙනවා. බර රාත්තල් දෙකත් හතරත් අතර විතර වෙනවා. ඒ වගේම මගේ ඇගේ තෙල් තැම්පත් වෙලා මස් හැදිලා මම ලස්සන වෙනවා.
ඒ වගේම මට දැන් ඇස් පිහාටු අරින්න වහන්නත් පුලුවන් අම්මේ, කැල්සියම්, යකඩ මගේ දැන ගබඩා කරගන්නවා. දැන් මට තනියම වුනත් හුස්ම ගන්න පුලුවන් වෙන විදියට මගේ පෙනහළු සකස් වෙලා ඉවරයි.
දැන් මට මගේ සිරුරේ උෂ්ණත්වය පාලනය කරගන්න පුලුවන් වන තරමට මගේ ස්නායු වර්ධනය වෙලා. ඒ නිසාමද මන්දා මට අම්මා ගැනත් ලොකු හැගීමක් තියෙනවා.
දැන් මගේ අම්මා මාව ගේන්න ඉස්පිරිතාලේට යන්න බෑග් එක්ත් හදා ගෙන ඇති නේද? අම්මා මට පුංචි පුංචි ඇදුම් එහෙමත් මහනවා ඇති, මාත් මේ බලාගෙන ඉන්නේ අම්මාගේ තුරුලට එන්නේ කවදාද කියලා. මං මගේ අම්මාට
තුරුල් වෙලා බඩපිරෙන්න කුක්කු බොන්න. මගේ සුදු අම්මාත් එහෙම නේද?