theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ස්වාභාවිකව ඔබේ හිස කෙස් වර්ණ ගන්වන්න ක්‍රම 7 ක්

5 අවම කියවීම
ස්වාභාවිකව ඔබේ හිස කෙස් වර්ණ ගන්වන්න ක්‍රම 7 ක්ස්වාභාවිකව ඔබේ හිස කෙස් වර්ණ ගන්වන්න ක්‍රම 7 ක්

හැමදාම ඔබේ හිස කෙස් කළු පැහැයෙන් හා තාරුණයෙන් බබලන්න ක්‍රම 7 ක්

බොහොමයක් අය මැදිවියට එළඹෙද්දි හිස කෙස් කළු කිරීම ගැන උනන්දුයි. සමහර තරුණ වියේ අයත්  හිසකෙස් අකලට පැසීම ට මුහුණ දෙනවා.

හිස කෙස් සුදු හෝ අළු පැහැයක් ගෙන ආ විට අපට වයසින් වැඩි පෙනුමක් ගෙන එන්නේ නියැතින්.

ඒ නිසා  අපි අපේ කෙස් වර්ණ ගන්වන ස්වාභාවික ක්‍රම සොයා බලනවා.

තාරුණ්‍යය තුල නම් හිසකෙස් විවිධ වර්ණ ගන්වන්න කැමතියි. වයස සමග අපි කැමති අපේ හිසකෙස් වලට අපේ රටට අනන්‍යවු කළු පැහැය ලබා දෙන්න.

ශ්‍රී ලාංකික අපේ හිස කෙස් කළු පැහැයක් ගන්නවා. සමහර අයගේ හිස කෙස් තද දුඹුරු පැහැයටත් හුරු වෙනවා.

කෘතිම ඩයි වර්ග හිසකෙස් වල ගල්වමින් අපි හිසකෙස්  වර්ණ ගන්වන්න උත්සහ කරනවා.

නමුත් අපි අද ඔබට කියා දෙන්න යන්නේ ස්වාභාවික ක්‍රම 7 කින් ඔබේ හිසකෙස්  වර්ණ ගන්වා ගන්නා අන්දමයි.

ස්වාභාවිකව ඔබේ හිස කෙස් වර්ණ කිරීම

ස්වාභාවිකව ඔබේ හිස කෙස් වර්ණ ගන්වන්න ක්‍රම 7 ක්

රූපලාවණ්‍යාගාරයක හෝ වේවා නිවසේදි හෝ වේවා ඔබ කෘතිම ඩයි වර්ග භාවිතා කරනවා නම් මේ කාරණා ටික මතක තියා ගන්න. 

ඩයි වල  ඇමෝනියා හෝ පැරබීන් වැනි විෂ සහිත හා හානිකර රසායනික ද්‍රව්‍ය අඩංගු වෙන්න පුළුවන්.

මෙම රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන ස්වාභාවික සත්කාර ඔබට නිවසේදීම කරන්න පුළුවන්. ඒක අසීරු නැහැ.

පහසුවෙන්ම ඔබේ නිවසේ තියෙන ද්‍රව්‍ය උපයෝගි කරගෙන ඔබට හිසකෙස් වර්ණ ගන්වා ගන්න පුළුවන්.

1. හිසකෙස් තැඹිලි පැහැ කරන කැරට් යුෂ

ස්වාභාවිකව ඔබේ හිස කෙස් වර්ණ ගන්වන්න ක්‍රම 7 ක්

ඔබේ කොණ්ඩයට රතු-තැඹිලි පැහැයක් ලබා දීමට අවශ්‍ය නම් කැරට් යුෂ භාවිතා කරන්න පුළුවන්. මෙම වර්ණය සති කිහිපයක් ඔබේ හිසකෙස් වල රැදි තිබේවි.

  • පොල්තෙල් හෝ ඔලිව්තෙල් වැනි තෙල් වර්ගයක් සමඟ කැරට් යුෂ මිශ්‍ර කරන්න.
  • මෙම මිශ්‍රණය ඔබේ කොණ්ඩයේ සැහැල්ලුවෙන් තවරන්න.
  • ඔබේ හිසකෙස් ප්ලාස්ටික් ආවරණයකින් වලින් ඔතා අවම වශයෙන් පැයකටවත් තබන්න.
  • ඉන්පසු ඇපල් සයිඩර් විනාකිරි වලින් සෝදන්න.
  • ඔබට  වර්ණය තද පැහැ මදි නම් ඊලග දවසෙත් මෙය නැවත කරන්න.

2. හිසකෙස් රතු පැහැ කරන බීට් යුෂ

ඔබට සිසිල් තද රතු පැහැයක් අවශ්‍ය නම් බීට් යුෂ වලින් ඔබේ හිසකෙස් වර්ණ ගන්වාගන්න පුළුවන්

  • පොල්තෙල් හෝ ඔල්ව් තෙල් සමග බීට් යුෂ මිශ්‍ර කරන්න.
  • මෙම මිශ්‍රණය ඔබේ කොණ්ඩයට සැහැල්ලුවෙන් යොදන්න
  •  ඉන්පසු ඔබේ කොණ්ඩය ප්ලාස්ටික් ආවරණයකින්  ඔතාගන්න.
  • පැයකට පසු මෙම මිශ්‍රණය සෝදා දමන්න

3. හිසකෙස් රතු පැහැ කරන හෙනා

ස්වාභාවිකව ඔබේ හිස කෙස් වර්ණ ගන්වන්න ක්‍රම 7 ක්

ඔබේ හිසකෙස් රතු පැහැයට ගැන්වීම සදහා හෙනාද ඔබට භාවිතා කරන්න පුළුවන්.

මෙම වර්ණ ගැන්වීම සති කිහිපයක් ඔබේ හිසකෙස් වල රදා පවතිනවා.

  • හෙනා කෝප්ප 1/2 ක් වතුර කෝප්ප 1/4 ක් සමඟ මිශ්‍ර කරන්න.
  • මිශ්‍රණය පොඩි කප අල ගෙඩියක පදමට එන තෙක් මිශු කරන්න. අවශ්‍ය නම් ජලය ටිකක් එකතු කරන්න.
  • මෙම මිශ්‍රණය ප්ලාස්ටික් කවරයකින් ආවරණය කර ස පැය 12 ක් පමණ තබන්න. (ඔබේ කොණ්ඩයට ආලේප කිරීමට පෙර සමහර විට ජලය මදක් එකතු කරන්න වේවි)  
  • ඔබේ කොණ්ඩය කන්ඩිෂනර් නොකර සෝදන්න.
  • හිස්වැස්මකින්  ඔබේ හිසකෙස් ආවරණය කරගෙන හිසකෙස් මායිම දිගේ පොල්තෙල් ආලේප කරන්න. මේ නිසා හෙනා ඔබේ සම වර්ණ ගැන්වීම සිදුනොවේ.
  • ඔබේ තෙත හිසකෙස් කුඩා කොටස් වලට බෙදා ඒවා සම්පුර්ණයෙන්ම ආවරණය වන තුරු මිශ්‍රණය තවරන්න.
  • ඔබේ හිසකෙස් ප්ලාස්ටික් කවරයකින් ඔතා පැය දෙකකට වැඩි කාලයක් තබන්න ඉන්පසු සෝදා හරින්න.

4. හිසකෙස් ලා පැහැ ගන්වන දෙහි යුෂ

දෙහි යුෂ මගින් ඔබේ හිසකෙස් වර්ණක සෙමින් ඉවත් කිරීමට උපකාරී වන අතර කාලයත් සමඟ එය ලා පැහැ කරනවා. 

තාවකාලික වර්ණ ගැන්වීම් ගැන අපි මෙහි කියු අනෙක් ක්‍රම වගේ නොවෙයි දෙහි යුෂ නිසා ඇති වෙන ප්‍රතිඵල ස්ථිර ය. 

  • ඉසින බෝතලයකට දෙහි යුෂ වත් කරන්න.
  • ඒ ආධාරයෙන් දෙහි යුෂ ඔබේ හිසකෙස් මත නිදහසේ ඉසින්න.
  • ඔබේ කොණ්ඩය තුල දෙහි යුෂ ඒකාකාරව පැතිරීම සදහා  පනාවක් භාවිතා කරන්න
  • ඉහළ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා හිරු එළියේ වාඩි වී සිටින්න.
  • පැයකට පසු සෝදා හරින්න.
  • අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඔබ මෙය කිහිප වතාවක් කරන්න.

5. හිස කෙස් කළු කිරීම සදහා කෝපී 

හිස කෙස් කළු කිරීම

කෝපී වලට ඔබේ හිසකෙස් තද පැහැ ගැන්විය හැකි අතර ඒ මගින් ඔබේ ඉදුනු කෙස් පවා ආවරණය කල හැකිය.

  • ඩාර්ක් රෝස්ට් කෝපි කෝප්පයක් සාදන්න.
  • කෝපි කෝප්ප 1/2 කට පමණ කෝපී කුඩු තේ හැදි 2 ක් සමඟ මිශ්‍ර කරන්න.  එයට ලිව් ඉන් කන්ඩිෂනර් 1 කෝප්පයක්ද මිශ්‍ර කරන්න.
  • පිරිසිදු, තෙත් හිසකෙස් මත මෙම මිශ්‍රණය තවරන්න.
  • අවම වශයෙන් පැයක්වත් මිශ්‍රණය හිසකෙස් මත තබා සෝදා හරින්න.
  • කෝපි ඔබේ කොණ්ඩයට විශාල වෙනසක් ලබා නොදෙන අතර එය දිගු කලක් පවතින්නේ නැහැ. 

6. හිසකෙස් කළු කරන අග්ගිස්

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

අග්ගිස් හිසකෙස් අදුරු කිරීමට සුදුසු වෙනවා. පැසුනු හිසකෙස් ආවරණයටද සුදුසුයි.

  • ජලය ලීටරයකට වියළි අග්ගිස් කෝප්ප 1/2 ක් දමා අවම වශයෙන් විනාඩි 30 ක් වත් උතුරවා ගන්න.
  • ජලය සිසිල් කර අග්ගිස් ඉවත් කරන්න.
  • ඔබේ හිසකෙස් සෝදා තුවායකින් වියළා ගත් පසු, හැකි තාක් දුරට අග්ගිස් වතුර ඔබේ කොණ්ඩයට වත් කරන්න.
  • අවම වශයෙන් මිනිත්තු 15 ක් වත් තබා සෝදා හරින්න

7. හිසකෙස් ලා පැහැ ගන්වන චමමයිල් තේ (Chamomile  Tea )

ඔබේ හිසකෙස් ලා පැහැ  කිරීමට අවශ්‍යද? චමමයිල් තේ මගින් ඔබට එය කරන්න පුළුවන්

  • උතුරන ජලයේ  චමමයිල් මල් කෝප්ප ½ ක් තම්බා ගන්න.
  • මෙම මිශ්‍රණය පැය භාගයක් පමණ සිසිල් වීමට ඉඩ දෙන්න.
  • ඔබේ සෝදාගත් තෙත් හිසකෙස් අතරින්  පෙරන ලද චමමයිල්  තේ අවම වශයෙන් 10 වතාවක් වත් කරන්න.
  • මිනිත්තු 16 කට පමණ සෝදා හරින්න.
  • මෙම ප්‍රතිකාරය අවම වශයෙන් සතියකට වරක්වත්කිරිමෙන් වඩාත් ඵලදායි ප්‍රතිඵල ලැබෙනවා.

හිස කෙස් කළු කිරීම ඇතුළු ස්වාභාවික හිසකෙස් සායම් වල වර්ණය වැඩි කල් පවත්වා ගැනීම

  • කොණ්ඩා මෝස්තර දැමීමට, කොණ්ඩය කෙලින් කිරීමට  උණුසුම් මෙවලම් භාවිතය සීමා කරන්න.
  • ඔබ උණුසුම් මෝස්තර මෙවලම් භාවිතා කරන විට, ඔබේ හිසකෙස් සඳහා තාප ආරක්ෂකයක් යොදන්න.
  • උණුසුම් වතුරෙන් හිසකෙස් සේදීමෙන් වළකින්න.
  • ඔබේ නාන කාමරයේ ජල කරාමයට පෙරණයක් භාවිතා කරන්න. එය ක්ලෝරීන් සහ බැර ලෝහ වැනි වර්ණක රසායනික ද්‍රව්‍ය පෙරීමට උපකාරී වෙනවා.

සාමාන්‍ය හිසකෙස් ඩයි වල අනතුරුදායක බව ගැන බිදක්

මේවායේ ඔබේ ශරීරයට විෂ සහිත විය හැකි රසායනික ද්‍රව්‍ය සහිිත වෙන්න පුළුවන්.

ඇමරිකානු පිළිකා සංගමයට අනුව, අර්ධ ස්ථිර හා ස්ථිර ඔක්සිකාරක හිසකෙස් සායම් මගින් හිසකෙස් අග්‍ර හරහා ඇතුල් විය හැකි අතර  පිළිකා අවදානම වැඩි කළ හැකිය.

විශේෂයෙන් මුුුුුුුුුත්‍රාශයේ පිළිකා සහ ලියුකේමියාව වැනි රුධිර පිළිකා සදහා හේතු වෙන්න පුළුවන්.

කෙස් ඩයි වල ඇති රළු රසායනික ද්‍රව්‍ය මගින් සමේ අසාත්මිකතා ඇති කරන්න පුළුවන්.

ඒ නිසා සෑම විටම ස්වාභාවික ක්‍රම භාවිතා කිරීම ආරක්ෂා කාරි වෙනවා.

මුලාශ්‍ර :www.healthline.com

කවරයේ පින්තූරය: ideahacks.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විලාසිතා හා රූපලාවන්‍ය
  • /
  • ස්වාභාවිකව ඔබේ හිස කෙස් වර්ණ ගන්වන්න ක්‍රම 7 ක්
බෙදාගන්න :
  • හිසකෙස්: ශක්තිමත්, දිගු, නිරෝගී කෙස් කළඹක් දෙන මේ විශ්මිත තෛලය ගෙදරදීම සාදා ගනිමු!

    හිසකෙස්: ශක්තිමත්, දිගු, නිරෝගී කෙස් කළඹක් දෙන මේ විශ්මිත තෛලය ගෙදරදීම සාදා ගනිමු!

  • ඔබේ කොණ්ඩය ඉක්මණින්ම දිගට වවාගන්න ක්‍රම 13 ක්

    ඔබේ කොණ්ඩය ඉක්මණින්ම දිගට වවාගන්න ක්‍රම 13 ක්

  • හිසකෙස්: ශක්තිමත්, දිගු, නිරෝගී කෙස් කළඹක් දෙන මේ විශ්මිත තෛලය ගෙදරදීම සාදා ගනිමු!

    හිසකෙස්: ශක්තිමත්, දිගු, නිරෝගී කෙස් කළඹක් දෙන මේ විශ්මිත තෛලය ගෙදරදීම සාදා ගනිමු!

  • ඔබේ කොණ්ඩය ඉක්මණින්ම දිගට වවාගන්න ක්‍රම 13 ක්

    ඔබේ කොණ්ඩය ඉක්මණින්ම දිගට වවාගන්න ක්‍රම 13 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it