theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අතීතයේ අප කළ සෙල්ලම් දරුවන්ගෙන් ගිලිහී යන්න දෙන්න එපා

3 අවම කියවීම
අතීතයේ අප කළ සෙල්ලම් දරුවන්ගෙන් ගිලිහී යන්න දෙන්න එපාඅතීතයේ අප කළ සෙල්ලම් දරුවන්ගෙන් ගිලිහී යන්න දෙන්න එපා

එදා අපි අත්විඳි නිදහස් සුන්දර ළමා කාලය ගැන ඔවුන්ට කියා දෙමින් හැකි හැමවිටෙකම ඔවුන්ට ඊට යොමු කිරීම වැදගත්.

අද දරුවන්ට තමන්ගේ ළමා කාලය ගෙවිය හැකි ඉඩ ප්‍රස්ථා අඩුවී තිබෙනවා. බොහෝ විට කාලය අඩුකම හා ලබලකාරී ජීවිත රටාව වැනි දේවල් ඊට හේතුවිය හැකියි. එදා අපි අත්විඳි අතීතයේ සෙල්ලම් හා නිදහස් සුන්දර ළමා කාලය ගැන ඔවුන්ට කියා දෙමින් හැකි හැමවිටෙකම ඔවුන්ට ඊට යොමු කිරීම වැදගත්.

මොකද අද හුඟක් දරුවන් එළිමහනේ ක්‍රීඩා වලට වඩා ඉලෙක්ට්‍රොනික උපාංග වලට පුරුදු වී ඇති නිසා ඔවුන්ට එළිමහනට ගොස් සෙල්ලම් කිරීමට කාලය ඇතත් ඊට මැලිකමක් දක්වනවා.

මෙය දරුවන්ට මානසික මෙන්ම කායික වර්ධනයට රතු එළියක් බව දෙමාපියන් ලෙස සිතට ගත යුතු බරපතල කාරණයක්.

අපේ ළමා කාලයේ අපි කළ අතීතයේ සෙල්ලම් අපේ ළමයින්ටත් කියා දෙමුද?

1. අසල්වැසි යහළු යෙහෙළියන්

එදා අපිට අසල්වැසි මිතුරු මිතුරියන් රැසක් සෙල්ලම් කරන්න හිටියා. වෙසක් අවුරුදු කාල වලදී අසල්වැසි දරුවන් සමග එක්ව දන්සල් පැවැත්වීම, අවුරුදු කාලයට අවුරුදු උත්සව පැවැත්වීම වැනි දේවල් වලින් අපි හුඟක් විනෝද වුණා. ඒ මගින් පරිසරය, සංස්කෘතිය, සහයෝගය, කළමනාකරණය ගැන නිතැතින් ඉගෙන ගත්තා.

අදටත් ඔබට එය කළ නොහැකි දෙයක් නෙමෙයි. වෙසක්, අවුරුදු කාල වල වගේම නත්තල් කාලයේත් විවිධ උත්සව සංවිධානය කරන්න ළමයින්ගේ කවයක් හෝ ළමා සමාජයක් දරුවන්ට ගොඩනගාගන්න අනුබල දෙන්න ඔබට පුළුවන්.

මේ නිසා දරුවන් එකිනෙකා ගැන අවබෝධය, ස්ථානෝචිත ප්‍රඥාව, සංවිධාන, පරිපාලනය වැනි වටිනා ජීවිත ඔවදන් ඉගෙන ගන්නවා.

2. රූපවාහිනියට වෙලාවක් වෙන් කරවන්න

නිරන්තරයෙන්ම රූපවාහිනිය නැරඹීම දෙමාපියන් ලෙස ඔබ කරනවා නම් ඉන් ඔබ ඈත්වීම පළමුවෙන් කළයුතු නවා.

අමතර කාලයකදී නිවසේ පෝච්චියක එළවලු පැළ කිහිපයක් සිටුවා ඊට සාත්තු කිරීම, පුංචි මිදුලක් ඇත්නම් අම්මා සමග ගස්වලට සාත්තු කරන්න උදවු කරගන්න ඔබට පුළුවන්. ඉන් දරුවන් පරිසරය, ගස් කොළන්, සතුන් ගැන ඉගෙන ගන්නවා. 

රූපවාහිනිය විනෝදය සඳහා නිපදවූ මෙවලමක් වුනත් ඊට ඇබ්බැහි වීම දරුවන්ටත් දෙමාපියන්ටත් ඵලදායි වන්නේ නැහැ. තමන්ට හරවත් දෙයකට යෙදවිය හැකි කාලය ඉන් මගහැරී යන්නට පුළුවන්. කාලය රන් හා සමාන බවද ඔබ දරුවන්ට කියාදෙන්න මෙය හොඳ අවස්ථාවක්.

3. පොත් ගුලක්

ඉස්සර අත්තම්මා, සීයාගෙන් අපි කතන්දර අසා ගත්තා. පොත් කියවා ගත්තා. ඒත් එය මගහැරී යන්නට දෙන්න එපා. හැකි හැම විටකම දරුවාට පොතක් අරගෙන දී පොත් එකතුවක් ගෙදර කුඩා තැනක වෙන්කර තබාගන්න. නින්දට පෙර, කෑම ගන්නා අතරවාරයේ කතන්දර කීමටත් කාලයක් වෙන්කරන්න.

මින් දරුවාගේ රසඥතාවය වගේම නිර්මාණාත්මක බවත් වැඩිවෙනවා. දරුවා නිතැතින්ම ඇසූපිරූ තැන් ඇති අයෙකු වෙනවා.

4. අතීතයේ සෙල්ලම්: බට්ටා පනින්න, හැංගිමුත්තන් කරන්න

මෙවැනි ක්‍රියා ළමා කාලයේ හරිම විනෝද ජනක ක්‍රියා ලෙස තවමත් අපේ මතකයේ රැඳී තිබෙනවා. ඉන් දරුවන්ට ලැබෙන සතුට අපමණයි.

දරුවන් සතුටින් ඉන්නා විට හැමදේම ඉක්මනින් ඉගෙන ගන්නා බව මනෝ වෛද්‍යවරුන්ගේ මතයයි. ඒ නිසා මෙවැනි ක්‍රියා ඉලෙක්ට්‍රොනික ලෝකයෙන් කිසිවිටකත් ලබාගත නොහැකි දේවල් ලෙස දරුවන්ට කියා දෙන්න.

5. ටින් කැඩීම

ඉස්සර පරණ ටින් ටිකක් එකට එකතු කරලා අපි ටින් කැඩීමේ ක්‍රීඩාව කළා ඔබට මතක ඇති. ඒත් අපේ දරුවන් නම් ඒ ගැන දන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන ආයෙත් පාරක් මතක් කර ගනිමින් මෙවැනි සරල විනෝද ජනක ක්‍රීඩා ගැන ඔවුන්ට අත්දැකීම් ලබාදෙන්න.

6. ගස් මාරු

ඉස්සර නම් ඕනෑතරම් ගස් තිබුණ නිසා ක්‍රීඩාවට අපි ගස් මාරු ක්‍රීඩාව කළා. ඉතින් ඉඩක් ලැබුනොත් ගෙදර අයයි දරුවොයි එකතු වෙලා එළිමහනට ගිය වෙලාවක මේ ක්‍රීඩාවක් කරලා බලන්න.

7. සෙල්ලම් ගෙවල්

ඉස්සර අපේ සීයලා අපිට කෝටු 4 ක් සිටුවලා පොල් අත්තක් අහුරලා සෙල්ලම් ගෙවල් හදන හැටි කියා දුන්නා. අපි සෙල්ලම් බත් ඉව්වා. ඉතින් තාමත් කඩපිලේ හුරුබුහුටි මැටි වළන් සෙට් ගන්න තියෙනවා. දරුවන්ට ඉඳහිට කුළුබඩු හා එළවලු ටිකක් දීලා, ලිපක් ගිනි මොළවන හැටි කියා දීම හරිම රසවත් විනෝද ජනක ක්‍රීඩාවක්.

ඉන් දරුවන් හරියට සතුටු වෙනවා. ඒ සතුට ඔබටත් විඳින්න ලැබෙනවා.

මේවගේ සරල දේවල් තුළින් අපිට සංකීර්ණ වූ ළමා කාලය නැවත සරල, සුන්දර එකක් කරගන්න දෙමාපියන් ලෙස දරුවන්ට මග පෙන්වීමක් කළයුතු වෙනවා. නිතර ඔවුන්ගේ ඇස ගැටෙන කෘතීම ලෝකයෙන් ඔබ්බට ගොස් සැබෑ ළමා ලෝකය දකින්න කියා දෙන්න මේ කරුණු හුඟක් වැදගත් වේවි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • විවේකය සහ සංචාරය
  • /
  • අතීතයේ අප කළ සෙල්ලම් දරුවන්ගෙන් ගිලිහී යන්න දෙන්න එපා
බෙදාගන්න :
  • අතීතයෙන් දෙමාපියන්ට පාඩමක්: කඩේ ගන්න නැති මේ සෙල්ලම් බඩු ඔබට මතකද?

    අතීතයෙන් දෙමාපියන්ට පාඩමක්: කඩේ ගන්න නැති මේ සෙල්ලම් බඩු ඔබට මතකද?

  • ලංකාවේ නැරඹිය යුතු ස්ථාන අටක් හා විඳගත යුතු අත්දැකීම් විස්සක්

    ලංකාවේ නැරඹිය යුතු ස්ථාන අටක් හා විඳගත යුතු අත්දැකීම් විස්සක්

  • අතීතයෙන් දෙමාපියන්ට පාඩමක්: කඩේ ගන්න නැති මේ සෙල්ලම් බඩු ඔබට මතකද?

    අතීතයෙන් දෙමාපියන්ට පාඩමක්: කඩේ ගන්න නැති මේ සෙල්ලම් බඩු ඔබට මතකද?

  • ලංකාවේ නැරඹිය යුතු ස්ථාන අටක් හා විඳගත යුතු අත්දැකීම් විස්සක්

    ලංකාවේ නැරඹිය යුතු ස්ථාන අටක් හා විඳගත යුතු අත්දැකීම් විස්සක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it