theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අත්ලෙන් ඔබේ දෛවය කියවන හස්ත රේඛා අනුව විවාහය ගැන කියන කතා

5 අවම කියවීම
අත්ලෙන් ඔබේ දෛවය කියවන හස්ත රේඛා අනුව විවාහය ගැන කියන කතාඅත්ලෙන් ඔබේ දෛවය කියවන හස්ත රේඛා අනුව විවාහය ගැන කියන කතා

ඔබේ හස්ත රේඛා ඔබේ විවාහයේ තතු එළි කරන්නේ මෙහෙමයි.

අපේ අනාගතය කෙලෙසින් විසදේදැයි කවුරුත් දන්නේ නැහැ. ඒ නිසාම ඒ ගැන අනාවැකි දැනගන්න අපි ගොඩාක් කැමතියි. ඔබේ ජන්ම පත්‍රය බලා අනාගතය කියන ජෝතිෂ්‍ය මෙන්ම හස්ත රේඛා අනාවැකි ගැනත් ශ්‍රී ලාංකික අපි බොහොම උනන්දුයි.

යමෙකුගේ අත බලා අනාවැකි කීම හස්ත රේඛා ශාස්ත්‍රයේදී වෙනවා. මෙය වසර දාහස් ගණනක් පැරණි ශාස්ත්‍රයක්.

 ස්ත්‍රියකගේ නම් වම් අතත් පුරුෂයකුගේ නම් දකුණු අතත් පරික්ෂා කරනු ලබනවා. පොදුවේ අත් දෙකම පරික්ෂා කර බලන අවස්ථාත් හුරු  අත පරික්ෂා කරන අවස්ථාත් තියෙනවා.

පළපුරුදු හස්ත රේඛා කියවන්නෙක් ඔබේ අත්ලේ රේකා සියුම්ව නිරීක්ෂණය කරනු ලබනවා.  ඔවුන් අනාවැකි පැවසීම කරන්නේ ඉන් අනතුරුවයි.

සමහරු මේ දේවල් දැඩිව විශ්වාස කරන අතර සමහරු මෙය තරයේ ප්‍රතික්ෂේප කරනු ලබනවා.

තවත් පිරිසක් විනෝදය සදහා තම හස්ත රේඛා තුලින් තම අනාගතය දැනගන්න උත්සහා කරනවා.

ඉතින් අපි අද මේ හස්ත රේඛා ඔබේ විවාහය ගැන කියන්නේ මොනවාද කියලා බලමු.

හස්ත රේඛා අනාවැකි

හොද විවාහයකට වැදගත්

මෙම ශාස්ත්‍රය ප්‍රගුණ කල අයෙකුට ඔබේ අත්ලේ රේඛා වල පිහිටීම අනුව ඔබේ දෛවය අනාගතයේ ඔබ ගෙන යන්නේ කුමන ඉසව්වකට යන්න පැවසීමේ හැකියාවක් තියෙනවා.

ඔබට වුවද නිසි මාර්ගෝපදේශයක් සහිතව ඔබේ අත්ලේ රේඛා ඔබේ අනාගතය ගැන කියන කථාව කියවා ගන්න පුළුවන්.

මෙහිදි ඔබේ අත්ල මත ඔබේ  අධ්‍යාපනය, මුදල්, රැකියාව, විවාහය, දරුවන්, පවුල් ජිවිතය ආදි ඔබේ ජිවිතයම ඔබේ අත්ලේ ලියවී ඇති බව විශ්වාස කරනවා.

දැනටත් ශ්‍රී ලංකාවේ අහිකුංඨක ප්‍රජාව විසින් මේ හස්ත රේඛා කලාව උපයෝගී කරගෙන සාස්ත්‍ර කියනු ලබනවා.

ඇත්තටම අත්ලේ රේඛාවකට ඔබේ ජිවිතය තීරණය කරන්න පුළුවන්ද?

ඇත්තටම මෙයත් ජෝතිශ්‍ය මෙන්ම මිනිසුන් අනාගතය පැවසීමට භාවිතා කරන තවත් ශාස්ත්‍රයක් පමණයි.

නමුත් එය ඔබේ අත්ලේ ලිය වී තිබු ඔබේ අතීත සිද්ධීන් හා සසදමින් මෙය විශ්වාස කිරීම හෝ නොකිරීම තීරණය කිරීමට ඔබට අයිතියක් තියෙනවා.

අත්ලෙන් අනාගතය දැකීම තුලින් පුංචි විනෝදාස්වාදයක් ගන්නත් පුළුවන් නිසා අපේ විවාහය ගැන අත්ලේ රේඛාව කියන මේ කතා අහලා බලමු.

මෙහිදි ඔබේ ජිවිතයේ සිදුවෙන විවාහ ගණන, ඔබ ලබන දරුවන් ගණන යන ඔබේ විවාහයන්ට සැබැදි සියල්ල මේ රේඛා විසින් හෙලි කරනු ඇත.

එහෙම කියන්න පුළුවන්ද කියලා මද චකිතයක් අපි කොයි කාගෙත් සිත්වල ඇති වුනත් මෙය සියවස් ගණනක් පෞරාණික ශාස්ත්‍රයක් බවත් අමතක නොකරන්න.

හස්ත රේඛා ඔබේ විවාහය ගැන කියන්නේ මෙහෙමයි

ඔබේ අතේ සුලගිල්ලට යටින් පැත්තකට වන්නට විවාහ රේඛා දැකගන්නට පුළුවන්.

එම රේඛා සුලගිල්ලත් අත්ලේ ඒ පසෙන් පටන් ගෙන මැදගිල්ල දක්වා දිවෙන ප්‍රධාන රේඛාව (හෘද රේඛාව)  අතර පැත්තකින් පටන් ගෙන අත්ල දෙසට දිවෙනවා.

එම රේඛා කිහිපයක් වුවත් දකින්න ලැබෙන්න පුළුවන්.

එහිදි අපැහැදිලි රේඛා නොසලකා හැර තදින් ඇදි ඇති රේඛා ගැන සැලකිමත් වෙන්න.

1. බහු විවාහ

අත්ලෙන් ඔබේ දෛවය කියවන හස්ත රේඛා අනුව විවාහය ගැන කියන කතා

මෙවැනි රේඛා කිහිපයක් ඔබේ අත්ලේ තදින් ඇදි ඇත්නම් ඔබට විවාහ කිහිපයක් හිමි බව හස්ත රේඛා ශාස්ත්‍රයේදි විශ්වාස කරනු ලබනවා. එසේ ඇති නම් ඔබ කිහිපවරක් විවාහ වෙන්න පුළුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

2. කෙටි විවාහ

අත්ලෙන් ඔබේ දෛවය කියවන හස්ත රේඛා අනුව විවාහය ගැන කියන කතා

කෙටි කාලයකින් බිදි යන විවාහ හිමි අයගේ විවාහ රේඛාව කෙටි බව කියවෙනවා. මෙහිදි ඔබේ විවාහයට ආයුෂ අඩුයි.

3. ගිවිස ගැනීමෙන් පසු කැඩෙන විවාහ

අත්ලෙන් ඔබේ දෛවය කියවන හස්ත රේඛා අනුව විවාහය ගැන කියන කතා

ඔබේ විවාහ රේඛාව මදක් ඉදිරියට වැඩි බෙදී ගොස් තිබේද ? එසේ නම් ඔබ විවාහ ගිවිස ගෙන මද කලකින් එය බිදි යන බව මෙහිදි  කියවෙනවා.

4. දිගු කල් පවතින විවාහ

හැමෝම පතන්නේ මෙවන් විවාහයක් නේද?

ඔබේ විවාහ රේඛාව දිගු නම් ඔබ ප්‍රීතිමත් දිගු විවාහ ජිවිතයක් ගත කරන බව කියවෙනවා. ඒ කියන්නේ ඔබට ප්‍රීතිමත් විවාහයක් හිමියි.

එවන් දිගු රේඛාවක් සමග තවත් දිගු රේඛා දෙකක් හෝ තුනක් ඇති නම් ඔබේ  විවාහයට පෙර දැඩි ප්‍රේම සම්බන්ධතා එකක් හෝ දෙකක් තිබී තියෙන්න පුළුවන්.

අත්ලෙන් ඔබේ දෛවය කියවන හස්ත රේඛා අනුව විවාහය ගැන කියන කතා

5. කඩාකප්පල් වෙන විවාහ

ඔබේ විවාහ රේඛාව තැනින් තැන කැඩි ඇත්නම් එයින්  ඔබේ විවාහයේ අවාසනාවන්ත පැත්තක් කියවෙනවා. ඔබේ විවාහය අවාසනාවන්ත විදියට සිදි බිදි යනවා.

හස්ත රේඛා අනාවැකි

හස්ත රේඛා අනාවැකි :විවාහයෙන් පසු ගැටළු

6. ගැටළු පිරුන විවාහ

අත්ලෙන් ඔබේ දෛවය කියවන හස්ත රේඛා අනුව විවාහය ගැන කියන කතා

විවාහ රේඛාව කුඩා රේඛා වලින් කැපී ඇතිනම් එය විවාහයෙන් පසු විවාහ ජිවිතයේ අඛණ්ඩ ගැටලු පවතින බව කියවෙනවා. එවන් අය ගත කරන්නේ දුක් කරදර පිරුනු විවාහ ජිවිතයි.

7. සහකරු රෝගී වෙන හෝ වෙන්වෙන විවාහ

හස්ත රේඛා අනාවැකි

ඔබේ විවාහ රේඛාව මත දුපතක් ඇති නම් එයින් කියවෙන්නේ ඔබේ සහකරු රෝගී වෙන හෝ ඔබෙන් වෙන්වීමට නියමිත බවයි. ඒවැනි පිහිටීමක් එතරම් සුභදායක නැහැ.

හස්ත රේඛා ශාස්ත්‍රයේදි විවාහය ගැන කියන්නේ මේ විවාහ රේඛාව පමණක්ද?

ඔන්න දැන් ඔබේ අත බලලා ඉහත කාරණා දුටු පමණින් කලබල වෙන්න එපා.

පළපුරුදු හස්ත රේඛා කියව්වෙන් ඔබේ විවාහ රේඛාව දෙස බලා එකවර යමක් තීරණය කරන්නේ නැහැ.

ඔවුන් ඔබේ හෘද රේඛාව, දෛව රේඛාව හා සිකුරු කන්ද යන්න සියල්ලම නිරීක්ෂණය කරනු ඇත.

ඒ සියල්ලම හොදින් කියවා ඔවුන් ඔබේ අනාගතය ගැන පැහැදිලි අදහසක් ලබා දෙනු ලබනවා.

අවස්ථාවක් ලැබුනහොත් ඔබට මේ ගැන වැඩි යමක් ඉදිරියේදි අපි ගෙන එන්නෙමු.

ඔබේ අත්ලේ සුළු රේඛා නිතර වෙනස් වෙනවා. ඒ වගේම ප්‍රධාන රේඛාද වෙනස් බවත් මතක තබා ගන්න. 

ඔබම ඔබේ හස්තය කියෙව්වාද?

ඒක හරිම විනෝදජනකයි නේද? බොහෝ අයට ඔවුන්ගේ විවාහ ජීවිතයේ අනාගතය කෙබඳුදැයි දැන ගැනීමට ගොඩාක් කැමතියි.

නමුත් ඔබ ඔබේ අත්ලේ  විවාහය ගැන පවසන දේ සහ අනාගතය ගැන වඩාත්  බැරෑරුම්ව සැලකිලිමත් වන්නේ නම් ඔබේ හස්තය හස්ත රේඛා ප්‍රවීණයෙක් ලවා පරීක්ෂා කරගන්න.

ඒ පිළිබද ඔබට යම් අදහසක් තව දුරටත් අවශ්‍ය නම් ඔබේ හස්තය කිහිප දෙනෙකු හා කියවා ගෙන ඔබේ දෛවයේ කතාව ඇත්තටම අතේ ලියවී ඇතිද යන්න පිළිබද යම් අදහසක් ගන්න පුළුවන්.

ඔබත් ඇත්තටම හස්ත රේඛා ගැන උනන්දුයිද? ඔබ ලගත් අප හා බෙදාගන්න මේ පිළිබද දැනුම තියෙනවාද?

මුලාශ්‍ර  හා ඇතුලත අත් වල ඡායාරූප සදහා ස්තුතිය - horoscopes.lovetoknow.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ජීවන රටා
  • /
  • අත්ලෙන් ඔබේ දෛවය කියවන හස්ත රේඛා අනුව විවාහය ගැන කියන කතා
බෙදාගන්න :
  • උපතේ සිට මාස 24 දක්වා දරුවන්ට කියවන්න හුරු කරන්නේ මෙහෙමයි

    උපතේ සිට මාස 24 දක්වා දරුවන්ට කියවන්න හුරු කරන්නේ මෙහෙමයි

  • අවුරුදු 6ක් ව‌ෙන විට මගේ දුව තනියම කියවන්න ඉගෙන ගත්තේ මෙහෙමයි

    අවුරුදු 6ක් ව‌ෙන විට මගේ දුව තනියම කියවන්න ඉගෙන ගත්තේ මෙහෙමයි

  • උපතේ සිට මාස 24 දක්වා දරුවන්ට කියවන්න හුරු කරන්නේ මෙහෙමයි

    උපතේ සිට මාස 24 දක්වා දරුවන්ට කියවන්න හුරු කරන්නේ මෙහෙමයි

  • අවුරුදු 6ක් ව‌ෙන විට මගේ දුව තනියම කියවන්න ඉගෙන ගත්තේ මෙහෙමයි

    අවුරුදු 6ක් ව‌ෙන විට මගේ දුව තනියම කියවන්න ඉගෙන ගත්තේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it