අලූත් අම්මාට ලිංගික සතුට දෙන අනගි ලිංගික ඉරියව් 7ක්

අලූත් අම්මාට ලිංගික සතුට දෙන අනගි ලිංගික ඉරියව් 7ක්

අළුත් අම්මලාට මුසපත් වෙන්න, දෙගිඩියාවක් නැතිව එකතු වෙන්න කදිම ලිංගික ඉරියව් 7ක් පින්තූර සමඟින්

දරු ප්‍රසූතියෙන් පසු ලිංගික හැසිරීම ගැන සිතීම පවා වේදනාකාරීද?

එසේත් නැතිනම් ඔබ වරක් හෝ දෙවරක් උත්සාහ කළ මුත් මෙම නව ආකාරයේ ‘පළමු වරට’ ලිංගික එක්වීම මදක් අපහසු වූ නිසා එය නවත්වන්නට තීරණය කළාද?

මව්වරුණි, අපි ඔබට කියන්නට ආවේ පශ්චාත්-උපත් ලිංගික එක්වීම හෝ දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව හැසිරීමත්, ඔබේ සහකරු සතුටු කිරීමත් අපහසු කාර්යයක් නොවිය යුතු බවයි.

නැවත ලිංගික ජීවිතය සාර්ථකව ආරම්භ කිරීමට සුදුසු වේලාව පැමිණි විට ඔබ දෙදෙනාටම එය ප්‍රසන්න අත්දැකීමක් කරගන්නට පුළුවන්.

මෙම ගැලරිය මඟින් ලිංගික ඉරියව් 7 ක් හරහා ඔබව රැගෙන යනු ඇත.

විශේෂයෙන්ම තම දරුවාගේ උපතින් පසු පළමු වරට ලිංගිකව හැසිරීමට උත්සාහ කරන අම්මලා තාත්තලාට මෙය වඩාත්ම සුදුසුයි.

1. සුපුරුදු මිෂනාරි ඉරියව්ව (Good old missionary) ප්‍රසූතියෙන් පසු ලිංගික හැසිරීම

ප්‍රසූතියෙන් පසු ලිංගික හැසිරීම 1

ඔබේ දරුවා ලැබීමෙන් පසු පළමු වරට ලිංගිකව හැසිරෙන අතරතුර ඔබේ වේදනාව හෝ සැනසීම පරීක්ෂා කිරීමට මෙය හොඳ ස්ථානයකි.

මවුවරුන්ට ඔවුන්ගේ පශ්චාත්-ළදරු ශරීරය ගැන ආත්ම විශ්වාසයක් ඇතිකරගැනීමට මෙය හොඳ ඉරියව්වකි.

නමුත් ශ්‍රෝණි බිත්තියේ භෞත චිකිත්සකවරියක වන ජූලියා ඩී පාවුලෝ අනතුරු අඟවන්නේමෙම ඉරියව්ව  සීසේරියන් සැත්කමකට ලක්වූ  මව්වරුන්ගේ මැහුම් මත පීඩනයක් ඇති කළ හැකි බැවින් මෙම ඉරියව්වෙන් වැළකී සිවීම වඩාත් සුදුසු බවයි.

එසේම, හබීගේ බර භගමණිය සහ/හෝ ශ්‍රෝණි ප්‍රදේශය මත අධික පීඩනයක් ඇති කළ හැකි බැවින් එය අපහසුතාවයට හේතු විය හැක.

සැමියා සඳහා සටහන: ඔබ සහ ඔබේ බිරිඳ මෙය පශ්චාත්-උපත් ලිංගික තත්ත්වය යැයි තීරණය කර ඇත්නම්, ඔබේ සම්පූර්ණ ශරීර බර ඇය මත තබා නොගැනීමට මතක තබා ගන්න.

ඔබේ බර අඩු කර ගැනීම සඳහා ඔබ සහ ඔබේ බිරිඳ අතර මෘදු කොට්ටයක් භාවිතා කිරීමට උත්සාහ කරන්න.

2. හැඳි ඉරියව්ව (Spooning)  ප්‍රසූතියෙන් පසු ලිංගික හැසිරීම

ප්‍රසූතියෙන් පසු ලිංගික හැසිරීම 2

රූපයේ ඔබට දැකිය හැකි පරිදි, හැන්දක් යනු දෙපැත්තට වී සිටියදී විනිවිද යාමකි (ඔබට මෙය මුහුණට මුහුණලා හෝ එකිනෙකාගෙන් ඉවතට හැරී කළ හැකියි).

මෙම ඉරියව්ව සිසේරියන් සැත්කමට භාජනය වූ මවුවරුන්ට ඉතා වැදගත් වන අතර එය ලිංගිකව එක්වීමේදී ඔබේ උදරය ආරක්ෂා කරයි.

ඉකිනෙකාට ප්‍රවේශ වීමේ වේගය සහ ගැඹුර පාලනය කිරීමට මෙම ඉරියව්ව ඔබට ඉඩ සලසයි.  

ලිංගික වේදනා රහිතව හා විනෝදජනක එක්වීමකට මෙය ඔබට උපකාරී වේ.

3. අම්මා ඉහළින් (Mum on top)

අලූත් අම්මාට ලිංගික සතුට දෙන අනගි ලිංගික ඉරියව් 7ක්

මෙම පිහිටීම අම්මලාට විනෝදජනකයි (හරි, තාත්තලාටත් එහෙමයි) ඔවුන් ඇතුල් වීමේ වේගය, ප්‍රවේශ වීමේ මට්ටම සහ තල්ලු කිරීමේ වේගය පාලනය කළ යුතු බැවිනි.

මෙය අම්මාගේ ශරීරයට අඩු ශාරීරික පීඩනයක් ඇති කරන බැවින් මෙය හොඳ ‘ප්‍රසූතියෙන් පසු මුල් වරට එක්වීමට’ කදිම ඉරියව්වකි.

තාත්තලා, මතක තබා ගන්න: මෙම ඉරියව්වේ ඔබට සමීපව තිබෙන ඉතා අලංකාර පියයුරු ස්පර්ශ කිරීමට ඔබ පෙළඹෙනු ඇත.

නමුත් ඔබේ බිරිඳ මව්කිරි දෙනවා නම් ඇගේ පියයුරු ඉතා මුදු මොළොක් හා වේදනාකාරී විය හැකි බව මතක තබා ගන්න.

එබැවින් ස්පර්ශ කිරීමට පෙර හෝ අතරතුර ඇය සමග ඒ ගැන සංවාදයේ යෙදෙන්න!

4. කොට්ට සහිත සුනඛ විලාසිතාව (Doggy style with pillows)

ප්‍රසූතියෙන් පසු ලිංගික හැසිරීම 4

සුනඛ ශෛලියේ සුළු වෙනස්කමක් ඇතුළත් මෙම ඉරියව්ව සිසේරියන් සැත්කමක් කළ අම්මලාට සුදුසු තවත් හොඳ ඉරියව්වකි.  

මන්ද ඔවුන් තාත්තාගේ ශරීර බර පිළිබඳ සම්පූර්ණ බර දරා නොගන්නා බැවිනි.

ඔබේ උදරය යට මෘදු කොට්ට කිහිපයක් ආධාරකයක් ලෙස තබාගන්න (සුවපහසුව සඳහා).

තාත්තලා, ඔබේ කාන්තාවට මෙය වේදනාකාරී විය  හැකි බැවින් බලහත්කාරයෙන් තල්ලු නොකිරීමට මතක තබා ගන්න.

5. Bed-edge  ප්‍රසූතියෙන් පසු ලිංගික හැසිරීම

අලූත් අම්මාට ලිංගික සතුට දෙන අනගි ලිංගික ඉරියව් 7ක්

මවගේ ශරීරයේ ඉහළ භාගයෙන් පීඩනය වළක්වා ගැනීම සඳහා මෙය හොඳ ඉරියව්වකි.

අම්මලා, ඔබේ ශරීරයේ පහළ භාගය ඔබේ ඇඳ අද්දරට ගෙන යා යුතුයි.

මේ ආකාරයෙන්, ඔබේ ශරීරයට පීඩනය යෙදීමෙන් වැළකෙමින් ඔබේ සහකරුට සිටගෙන හෝ දණ ගසාගෙන ක්‍රියාවේ යෙදෙන්නට පුළුවන්.

6. කවුච් ක්‍රන්ච් (Couch crunch)  ප්‍රසූතියෙන් පසු ලිංගික හැසිරීම

ප්‍රසූතියෙන් පසු ලිංගික එක්වීම 6

මෙම පිහිටීම අම්මලාට අධික පීඩනය වළක්වා ගැනීමට උපකාරී වේ. ඔබට අවශ්‍ය වන්නේ යහන මතට නැග, පිටුපසට දෑත් තබාගෙන, කුෂන් මත දණ ගසා, ඔබේ සහකරුට පිටුපසින් ඇතුළු වීමට ඉඩ දීමයි.

එය වඩාත් සෘජු සුනඛ ඉරියව්වක් ලෙස සිතන්න.

7. අත් සහ මුඛය (Hand and mouth)

අලූත් අම්මාට ලිංගික සතුට දෙන අනගි ලිංගික ඉරියව් 7ක්

ඔබ මේ සියලු ඉරියව් අත්හදා බැලුවත් තවත් ලිංගික එක්වීම අපහසු නම් පසුතැවෙන්න එපා. ලිංගික තෘප්තියට ක්‍රමවේද තව බොහොමයි.

නමුත් එයින් අදහස් කරන්නේ ඔබේ ශරීරය තවමත් ඒ සඳහා සූදානම් නැති බවත් සුව කිරීමට ඔබට තවමත් කාලය අවශ්‍ය බවත්ය.

ඔබ සම්පූර්ණ සුවය ලබන තුරු ඔබට තවමත් මුඛ සංවාසයේ හෝ අතින් උත්තේජනය කිරීම් වල නිරත වන්නට පුළුවන්.

ඔබ දැන හඳුනගත් මුල් කාලයට නැවත් පියමං කිරීමත් එක් අතකට විශේෂ සතුටක් ගෙන දේවි.

ඉතින් මේ ආකාර වලින් ඔබට ලිංගික සතුට භුක්ති විඳිය හැකිය!

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: N. පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.