theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

හිසරදයට හේතුව ඔබ හිතනවාට වඩා දරුණු වන්නට පුළුවන්. එය නොසළකා හරින්නට එපා

6 අවම කියවීම
හිසරදයට හේතුව ඔබ හිතනවාට වඩා දරුණු වන්නට පුළුවන්. එය නොසළකා හරින්නට එපාහිසරදයට හේතුව ඔබ හිතනවාට වඩා දරුණු වන්නට පුළුවන්. එය නොසළකා හරින්නට එපා

නිතර ඇතිවන හිසරදය නොසළකා ඉන්න නම් එපා. මේ ලිපිය කියවා ඒ ගැන වඩාත් දැනුවත් වන්න.

ඉරුවාරදය, ආතතිය නිසා ඇති වන හිසරදය, සයිනස් හිසරදයහිසරදය හෝ පොකුරු හිසරදය වැනි නිදන්ගත හිසරදයන්ගෙන් ඔබ පීඩා විඳින්නේ නම්, එය ඔබේ ජීවිතයෙන් සුළු වෙලාවකට හෝ මඟ හරවා ගන්නේ කෙසේදැයි ඔබ දන්නවා.  ඒ හිසරදයන් ඔබේ ජීවිතයේ නිත්‍ය අංගයක් වී ඇත්නම්, ඔබේ හිසරදයේ තරම සහ ඒවා වළක්වා ගත හැකි ක්‍රම ඔබ තරමක් හෝ දන්නවා. හැබැයි ඔබ නොදන්න දෙයක් තමයි අද අපි ඔබේ දැනුමට එකතු කරන්නේ. ඔබ දන්නවාද හිසරදයට හේතු මොනවාද කියා?

ඔබ හිසරදයකින් පෙළීමට හේතු හතක් මෙන්න.

අපි මෙතනදී සාමාන්‍යයෙන් ඇති වෙන සහ නැති වෙන පොදු හිසරදයන් ගැන සහ සාමාන්‍ය හිසරදයට හේතු කතා කරන්නට යන්නේ නෑ.

මෙතනදී අපි කතා කරන්නේ භයානක ප්‍රතිපල අත් කර දිය හැකි ආකාරයේ හිසරදයන් ගැනයි. එවිට ඔබට පුලුවන් තවත් කල් ගිහින් එය වැඩි වී නරක ප්‍රතිපල අත් කර දෙන්නට කලින් ප්‍රතිකාර කරන්න.

හිසරදයට හේතු

හිසරදය කියලා කියන්නේ ලෙඩක් නොවේ. රෝග ලක්ෂණයක්. අපි ඒ ගැන දැනුවත් වෙමු.

1.  හිසරදයට හේතු වන අසාමාන්‍ය ලෙස අධි රුධිර පීඩනය

අධි රුධිර පීඩනය නිහඬ ඝාතකයෙකු වන අතර කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි.

නමුත් හදිසි දරුණු හිසරදයක් අධි රුධිර පීඩනය පෙන්නුම් කරයි, එයින් අදහස් වන්නේ ඔබ මාරාන්තික අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවයි.

සාමාන්‍ය රුධිර පීඩන මට්ටම 140/90 ට වඩා අඩු යැයි සැලකේ. නමුත් මාරාන්තික අධි රුධිර පීඩනය ඇති අයෙකුට රුධිර පීඩන මට්ටම 180/120 ට වඩා ඉහළින් තිබේ.

මේ හේතුව නිසා ඕනෑම ඉන්ද්‍රියකට හෝ ඉන්ද්‍රියන්ට යම් හානියක් සිදුවිය හැකිය. මෙම තත්වය වේගයෙන් වර්ධනය වන අතර තද හිසරදයක් ඇති විය හැකිය.

ඔබ හදිසි ප්‍රතිකාර ගැනීමට නොයන්නේ නම් එය මාරාන්තික විය හැකිය. ඇත්ත වශයෙන්ම, අධ්‍යයන වලින් පෙනී යන්නේ ආතතිය නිසා පෙළෙන හිසරදයෙන් පෙළෙන පුද්ගලයින් හා සසඳන විට දිනපතා නිදන්ගත හිසරදයෙන් පෙළෙන පුද්ගලයින් තුළ අධි රුධිර පීඩනය බහුලව පවතින බවයි. තද බල හිසරදයට හේතු වලින් එකක් තමයි මේ.

අවධානයෙන් සිටිය යුතු මාරාන්තික අධි රුධිර පීඩනයේ වෙනත් රෝග ලක්ෂණ:

පෙනීම බොඳ වීම
මනස ව්‍යාකූල වීම
මතකය නැතිවීම
ඔක්කාරය
දුර්වල ගතිය
හුස්ම හිරවීම
පපුවේපපුවේ වේදනාව

2. දරුණු ආඝාතය

අධි රුධිර පීඩනය මෙන්ම ආඝාතයක් ඇති වීමද හදිසියේම සිදුවිය හැකි අතර එවිට විශාල හිසරදයක් ද ඇති විය හැකිය.

මොළයට රුධිර සංසරණය බලපාන විට ආඝාතයක් සිදු වේ. එයට හේතු ගණනාවක් නිසා විය හැකිය. ජාතික ස්නායු ආබාධ හා ආඝාත ආයතනයට අනුව, ආඝාතයේ එක් ලකුණක් වන්නේ පැහැදිලි හේතුවක් නොමැතිව හදිසියේ ඇති වන දරුණු හිසරදයකි.

ආඝාතයකදී ඔබට හැකි ඉක්මනින් වෛද්‍ය උපකාර ලබා ගැනීමට අවශ්‍ය වේ. හිසරදයට හේතු වලින් එකක් මෙය විය හැකි නිසා නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

අවධානයෙන් සිටිය යුතු වෙනත් ආඝාත රෝග ලක්ෂණ:

1.ශරීරයේ එක් පැත්තක දුර්වලතාවය හෝ හිරිවැටීම (විශේෂයෙන් මොළයේ බලපෑමට ලක් වූ කොටස මගින් පාලනය වන පැත්ත)
2.කථනය හා තේරුම් ගැනීමේ අපහසුව
3.කරකැවිල්ල
4.සමබරතාවය නැතිවීම
5.ඇවිදීමේ අපහසුතාව
6.ඇස් පෙනීම සම්බන්ධ හෝ ඇස් දෙකේම හෝ එක ඇසක ගැටළු

3. අඩු ග්ලූකෝස් මට්ටම

හදිසි, දරුණු හිසරදයට හේතු වන තවත් රෝගයක් වන්නේ රුධිර ග්ලූකෝස් මට්ටම ඉතා අඩු වීමයි. එනම්, හයිපොග්ලයිසීමියාව නම් තත්වයයි. සිරුරට නිසි ලෙස ක්‍රියා කිරීම සඳහා අපගේ ශරීරයට අඛණ්ඩව ග්ලූකෝස් සැපයුමක් අවශ්‍ය වේ. සියලුම අවයව ගත්තාම අඩු ග්ලූකෝස් සැපයුම අඩු හෝ වැඩි උනාම පළමුව බලපාන්නේ මොළයටයි. එවිට තත්වය මාරාන්තික විය හැකිය. කෙසේ වෙතත්, අඩු ග්ලූකෝස් නිසා ඇතිවන හිසරදයකට ඔබේ ශරීරයට ප්‍රමාණවත් තරල හා කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර වලින් කුස පුරවා ගත් පසු තත්වය සමනය කල හැකිය. සීනි වැඩි ආහාර වලින් ඈත්ව සිටින්න. එය ක්ෂණිකයෙන් හා ඉතා කෙටි කාලයක් තුළ ග්ලූකෝස් මට්ටම පහත වැටීමට හේතු විය හැක. මතක තබා ගන්න, හයිපොග්ලයිසීමියාව භයානක තත්වයක් වන අතර හදිසි මරණයට ද හේතු විය හැක. ඔබ දිගු කලක් බඩගින්නේ සිට හිසරදයක් ඇති වුවහොත්, ඔබේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ නැංවීමට යමක් අනුභව කරන්න මතක තබා ගන්න.

අවධානයෙන් සිටිය යුතු හයිපොග්ලිසිමියා රෝගයේ වෙනත් රෝග ලක්ෂණ:

ඔක්කාරය
කරකැවිල්ල
දහඩිය දැමීම
නුරුස්නා බව
අක්‍රමවත් හෘද ස්පන්දනය
ශීතල

4. මොළයේ ආසාදනයක් හිසරදයට හේතු විය හැකිය

සමහර විට ඔබේ හිසරදය මෙනින්ජයිටිස් වැනි දරුණු ආසාදනයකට ගොදුරු වී ඇති බවට ලකුණක් විය හැකි අතර ඔබට වහාම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ. මෙනින්ජයිටිස් යනු මෙනින්ජි පටල ප්‍රදාහයයි. මෙය මොළය හා කොඳු ඇට පෙළ ආවරණය කරන පටල වන මෙනින්ජි පටලයි. මෙම තත්වය වෛරස් හෝ බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් ඇති වන අතර එය ජීවිතයට තර්ජනයක් විය හැකිය.

අවධානයෙන් සිටිය යුතු මෙනින්ජයිටිස් රෝගයේ වෙනත් රෝග ලක්ෂණ:

1.උණ
2.ශරීරයේ කුෂ්ඨ
3.බෙල්ලේ තද ගතිය
4.ආලෝකයට අධික ලෙස සංවේදීතාව
5.මාංශ පේශි දෘඩතාව

හිසරදයට හේතු

5. අභ්‍යන්තර රුධිර වහනය හිසරදයට හේතු විය හැකිය

සමහර විට අධි රුධිර පීඩනය හෝ වෙනත් කායික ගැටළු හේතුවෙන් මොළයේ ඇති රුධිර නාල කැඩී ගොස් රුධිරය කාන්දු වීම නිසා සිහි නැති වීම වැනි තත්වයක් ඇති විය හැක. මොළයේ කැඩී ගිය රුධිර නාලයක් හිසරදය සමඟ ශරීරයේ සමහර කොටස් වලට ප්‍රබල දුර්වලතාවයක් ඇති කරයි. නිසැකවම ඔබ රෝහලට ඉක්මණින් යා යුතුයි. එබැවින් සුපරීක්ෂාකාරී වන්න. මෙවැනි තත්වයකට හේතු විය හැකි වෙනත් රෝග ලක්ෂණ ගැන සොයා බලමු.

අවධානයෙන් සිටිය යුතු අභ්‍යන්තර රුධිර වහනයේ වෙනත් රෝග ලක්ෂණ:

1.එක් ඇසක් පිටුපස හෝ ඊට ඉහළින් වේදනාව
2. ඇස් වල වියලි බව
3. නිතර ඇසිපිය හෙළීම
4. ආලෝකයට සංවේදීතාව
4. නොපැහැදිලි හෝ ද්විත්ව පෙනීම
5. ශරීරයේ එක් හෝ දෙපැත්තේ දුර්වලතාවය හෝ හිරිවැටීම
6.කතා කිරීමේ අපහසුව
7. ඇවිදීමේ අපහසුව
8. කරකැවිල්ල
9. ඔක්කාරය හෝ වමනය
10.කම්පනය
11.සිහිය නැතිවීම

6. හිස තුවාල වීමෙන් ඇතිවන විපාක

හිස තුවාල වීමෙන් පසු හිසරදයක් ඇති වීම සැලකිලිමත් විය යුතු කරුණකි. විශේෂයෙන් එම හිසරදය නැවත නැවත ඇති වුවහොත් සැලකිලිමත් වෙන්න ඕනි විශේෂයෙන්ම. එබැවින් හදිසි අනතුරකින් හෝ තුවාලයකින් පසු ඔබේ වේදනාව ගැන විමසිල්ලෙන් සිටින්න. එය පිළිවෙලින් හිස් කබලේ අස්ථි බිඳීමක් හෝ මොළයේ රුධිර නාල කැඩීමක් විය හැකිය.

හිස තුවාල වූ විට අවධානයෙන් සිටිය යුතු වෙනත් රෝග ලක්ෂණ:

1.නැවත නැවත හිසරදය
2.ඔක්කාරය හා වමනය
3.අවධානය නැති වීම
4.මතකය නැතිවීම
5.ශරීරයේ සමහර කොටස්වල තද ගතිය
6.කරකැවිල්ල
7.ආහාර රුචිය නොමැතිකම

7. වයස් ආශ්‍රිත අර්බුදකාරීත්වයන්

ඔබ වයස අවුරුදු 50 ට වඩා වැඩිද? අලුතින් ඇති උන හෝ එන්න එන්න වැඩි වන හිසරදයක් අත්විඳිනවාද? එසේ නම් ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කාලයයි. එය යෝධ සෛල ආතරයිටිස් හෝ මොළයේ ගෙඩියක් විය හැකිය.

හිසරදයට හේතු

අවධානයෙන් සිටිය යුතු මොළයේ පිළිකා වල වෙනත් රෝග ලක්ෂණ:

1.දෘෂ්ටි ගැටළු
2.ශ්‍රවණ ගැටලු
3. සමබරතාවය නොමැතිකම
4.මානසික හැකියාවේ වෙනස්වීම් (නිදසුනක් ලෙස, සවන්දීම, මතකය, කථනය)
5.මාංශ පේශි ගැස්සීම
6.සුවඳට සංවේදනය වෙනස් වීම
7.ඔක්කාරය හා වමනය
8.මුහුණේ අංශභාගය

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඉතින් බල බල ඉන්න එපා තදබල හිසරදයක් හැදුනොත්. හිසරදයට හේතු ගණනාවකින් 7ක් දැන් ඔබ දන්නවා. ඒ නිසා සුළුවෙන් තකන්නට එපා. ඔබේ ජීවිතය වටිනවා. ඔබව වටින පිරිසක් ඉන්නවා. ඒ නිසා මෙවැනි තත්වයක් යැයි සැක සිතුනොත් හරි නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

සටහන :- ඈන් නිර්මාණි අත්තනායක

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

annnirmani

  • Home
  • /
  • රෝග සහ හදිසි අනතුරු
  • /
  • හිසරදයට හේතුව ඔබ හිතනවාට වඩා දරුණු වන්නට පුළුවන්. එය නොසළකා හරින්නට එපා
බෙදාගන්න :
  • දරුවන්ට හැදෙන මේ සමේ ලෙඩේ ගැන දන්නවාද?

    දරුවන්ට හැදෙන මේ සමේ ලෙඩේ ගැන දන්නවාද?

  • හ‌ෙල්මට් නැතිව අම්මා එක්ක බයික් එකේ ගිය පුංචි දුවට සිදුවුන ‌දේ

    හ‌ෙල්මට් නැතිව අම්මා එක්ක බයික් එකේ ගිය පුංචි දුවට සිදුවුන ‌දේ

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

  • දරුවන්ට හැදෙන මේ සමේ ලෙඩේ ගැන දන්නවාද?

    දරුවන්ට හැදෙන මේ සමේ ලෙඩේ ගැන දන්නවාද?

  • හ‌ෙල්මට් නැතිව අම්මා එක්ක බයික් එකේ ගිය පුංචි දුවට සිදුවුන ‌දේ

    හ‌ෙල්මට් නැතිව අම්මා එක්ක බයික් එකේ ගිය පුංචි දුවට සිදුවුන ‌දේ

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it