විවාහයේ අඩු ලිංගික හැසිරීමට බලපෑ හැකි මානසික හේතු 5ක්

විවාහයේ අඩු ලිංගික හැසිරීමට බලපෑ හැකි මානසික හේතු 5ක්

ඔබේ විවාහය තුළ ඔබ අතර ලිංගික හැසිරීම අඩුවෙන් සිදුවීමට බලපාන මේ මානසික හේතු ඔබ හිතනවාට වඩා පහසුවෙන් විසඳාගත හැකි වේවි.

විවාහය තුළ ඔබ දෙදෙනා අතර ලිංගික හැසිරීම ප්‍රමාණවත් නැතිද? එසේ නම් ඒ ගැන සොයා බලා දෙදෙනාගේම තෘප්තිය හා වැඩිපුර ලිංගික හැසිරීම තම විවාහය තුළත් ඇතිකරගැනීමට කටයුතු කිරීම දෙදෙනාගේම එකමුතුවෙන් කළ යුත්තක්  වනවා.

ඔබ හේතුවක් නොදන්නවා විය හැකිය. එය දරුවන් නිසා නොවිය හැකිය. ඔබ දෙදෙනා අතර ආරවුල් නැතිවා විය හැකිය. ඔබ දෙදෙනා සහයෝගයෙන් වැඩ කරනවා විය හැක. ශාරීරික ඔබ දෙදෙනාම සෞඛ්‍ය සම්පන්න ඇති. – ඔබේ දින චර්‍යාවද සෞඛ්‍යයට හිතකර විය හැකිය. දෙදෙනාම ප්‍රමාණවත් නින්දක් ලබා ගන්නවා විය හැකිය. එසේනම් ගැටළුව කුමක් විය හැකිද?

වැඩිපුර ලිංගික හැසිරීම ඔබේ විවාහය තුළ නොමති වීමට ඔබට සොයා බැලිය හැකි කරුණු කිහිපයක් මේ:

  • ආතතිය හා කාංසාව – මෙය රැකියාව නිසා හෝ, එදිනෙදා ජීවිත කාර්‍යබහුලතාව නිසා හෝ, සම්බන්ධතාවය හෝ පවුල් ගැටලු වලින් පැන නැගිය හැකියි.  මානසික ආතතියට හේතු කුමක් වුවත්, මිනිස් සිරුර ආතතියට සහජයෙන්ම ප්‍රතිචාර දක්වනවා.

මෙම ක්‍රියාවලිය අතරතුර අපගේ ශරීරය කෝටිසෝල් සහ එපිනෙෆ්‍රීන් වැනි හෝමෝන රුධිර ප්‍රවාහයට මුදා හරිනවා. ඔබට මානසික ආතතියයතා තත්වයට පත්කිරීමට නොහැකි නම් සහ එය දීර්ඝ කාලයක් තිස්සේ පැවතුනහොත්, එය නිදන්ගත තත්වයකට තුඩු දිය හැකි අතර එය ලිංගිකත්වය කෙරෙහි දක්වන උනන්දුවටද බලපානවා.

  • චිත්තවේගයට පාදක වන යථාර්තය – සම්බන්ධතාවයකදී ඇත්ත වශයෙන්ම සිදුවන්නේ කුමක්ද? නිදන කාමරයෙන් පිටත හොඳින් සන්නිවේදනය කිරීමට ඔබට හැකිද? එකම ආකාරයේ මත ගැටුම් ගැන නැවත නැවතත් ආරවුල් ඇතික්‍රගන්නවාද?  පෙනෙන මානයක් විසඳුමක් නොමැතිව ඔබ දෙදෙනාම ඔබේ සබඳතාවය පුරාවටම එකම රණ්ඩු සහ වාද විවාද කිරීම පුරුද්දක් කරගෙනද?

මෙය හොඳ හිතේ හැඟීම අඩු කරමින් ඔබේ සම්බන්ධතාවය තුළ ඇති ආදරය හා නිෂේදනය කරනවාද?

ඔබේ සහකරු ගැන ඔබට හැඟෙන ආකාරය හා ඔහුට හෝ ඇයට සමීප වීමට හා ලිංගික හැසිරීම කෙරෙහි ඇති ආශාව කෙරෙහි බලපාන බව ඔබ දන්නවාද?

  • ලිංගික ආකල්පය – ‘සාමාන්‍ය’, ‘නිසි’, ‘අපේක්ෂිත’ හෝ ‘වයසට ගැළපෙන’ දේ හා සම්බන්ධ ආකල්ප හා ඔබේ විශ්වාසයන් ඔබේ ලිංගික රුචිය වෙනස් කළ හැකිය. ඔබ ලිංගිකව හැසිරෙන්නේ කෙසේද? ඔබ කිසි විටෙකත් නොකළ ලිංගික ක්‍රියා තිබේද? ඔව් නම්, ඒවා මොනවාද? සහ ඇයි?

ලිංගිකත්වය ගැන කතා කිරීමට සහ නිදන කාමරයේ ඔබට අවශ්‍ය දේ ඉල්ලීමට ඔබ එකිනෙකාට කෙතරම් විවෘතද? විවාහයට පෙර සහ පසු,  දරුවන් ලැබීමට පෙර හෝ පසු, දරුවන් පිළිබඳ ඔබේ ආකල්පය ඔබේ ලිංගික හැසිරීමට බලපායි.

  • නිදන කාමරයේ උදාසීන බව – ලිංගික හැසිරීම යුතුකමක් වෙලාද? ලිංගිකව එක්වන්නේ ඔබේ කැමැත්තටද නැතහොත් ඔබේ සහකරුගේ කැමැත්ත සපිරීමටද? ඔබේ සහකරුගේ සතුට සඳහා පමණක් ඔබව පාවිච්චි වන වන සේ ඔබට හැඟෙනවාද?

එකිනෙකාට සෙනෙහස දැක්වීමට වැඩි කාලයක් තිබේනම් ඔබ කැමතිද? සුරතාන්තය රස විඳින්නට ඔබට තවමත් හැකිද? නැතහොත් සහකරු වෙනුවෙන් තෘප්තියට පත්වීම අභියෝගයක්ද? ඔබේ ලිංගික පිපාසාව ව්‍යාජ හැඟීම් නිසා විනාශ වනවාද? ලිංගික හැසිරීම වඩාත් ප්‍රසන්න කිරීමට කළ හැක්කේ කුමක්ද?

  • වෙන මොනවාද – ඔබ බොහෝ කාලයක් තිස්සේ කුරිරු ආයතන ප්‍රධනියෙකු යටතේ වැඩ කරනවාද? රැකියා ස්තානයේ කාලාත්‍රයන් එකමුතු කමින් තොරද?

අප්‍රසන්න සේවා ස්ථානයක පමණට වඩා කල් වැඩ කරනවාද? ඔබ මානසික අවපීඩනයට මුහුණ දෙනවා විය හැකිද?

මධ්‍යම රාත්‍රිය පුරාවට නිදිමරනවාද? අක්‍රමවත් ව්‍යායාම සහ සෞඛ්‍යයට අහිතකර ආහාර මෙන්ම ජීවන රටාවක් ගෙවනවාද? අධික තෙල්, මේද හා සීනි සහිත අහිත ආහාර රටාවක් අනුගමනය කරනවාද?

ඔබේ දෛනික ජීවිතයට සුභදායක තත්වයක් ඇති කළ හැකි ඇතැම් දේවල් වලින් ඔබට වහාම සුවයක් ලබා ගත හැකිය.

සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පිළිපැදීම, මධ්‍යස්ථ ව්‍යායාම සහ ප්‍රමාණවත් විවේකයක් මින් කළ හැකි පහසුම දේවල් කිහිපයක්.

වැඩි ලිංගික හැසිරීමක් නොමැතිකම පිටුපස ඇති ඔබේ සැබෑ ගැටළුව කොතැනද යන්න පිළිබඳව ඉහත අදහස් ඔබට යම් අදහසක් ලබා දී ඇති බව විශ්වාස කරමු.

ඔබ ඔබේ සහකරු සමඟ අවංකව සන්නිවේදනය කළ යුතුය. එකිනාගෙන් සහාය ඉල්ලිය යුතුය.

එය ඔබ ලිංගිකව එකිනෙකා වෙනුවෙන් කළ හැකි දේ පිළිබඳව සාකච්ඡා කිරීම හෝ සම්මුතියක ස්වරූපයක් ගත හැක.

සම්බන්ධතාවයේ අනෙක් 50% ඔබ වන්නේ ඔබයි.  යම් යම් වෙනස්කම් ස්ථාපිත කිරීමට කටයුතු කිරීමෙන් ඔබගේ සහ වෙනස්කම් ක්‍රියාත්මක කිරීමෙන් ඔබේ ලිංගික ජීවිතය යහපත් කරගන්නට ඔබට හැකි වනු ඇත.

ලිංගික හැසිරීමේ ඔබට වඩා හොඳ වන්නේ කුමක් දැයි අවංකව ගවේෂණය කරන්න. ඔබේ ලිංගික හැසිරීම ගැන ඔබ වගකීම ගන්න.

විවාහයේ අඩු ලිංගික හැසිරීමට බලපෑ හැකි මානසික හේතු 5ක්

ප්‍රමාණවත් ලිංගික සම්බන්ධකම් නොමැතිද? වැඩි ලිංගිකත්වය සඳහා මෙම මානසික බාධක 5 ජය ගන්න

වැඩිපුර ලිංගික හැසිරීම සඳහා මෙන්න යෝජනා කිහිපයක්

1. සන්සුන් වන්න  වැඩිපුර ලිංගික හැසිරීම

ඔබේ ආදරණීයයා සමඟ තනිව එළියට යන්න. දිගු ස්නානයක්  කරන්න. විශේෂයෙන් ඔබ වතුරේ හෝ වතුර අවට සිටීම රස විඳින්නේ නම්.

2. ඔබේ ශරීරයට වෙත ආපසු යන්න 

ඔබේ සහකරු සමඟ ඇවිදින්න යන්න. ගස් වැල්  පඳුරු ඔක්සිජන් ජනනය කර කාබන් ඩයොක්සයිඩ් වශෝෂණය කරගැනීම නිසා කොළ පැහැති පරිසරය මිනිස් මනස සන්සුන් කරනවා. එය අපගේ ශරීරයට යහපතක් වනවා.

3. සම්මුතිය වැඩිපුර ලිංගික හැසිරීම  

ලිංගික සංසර්ගයක් කෙරෙහි ආශාව ඔබට නොතිබිය හැකිය. ලිංගික සතුට දෙන වෙනත් ප්‍රයෝගයක් ඉල්ලා සිටින්න. දෑත පාවිච්චි කිරීම හෝ වන්නට පුළුවන්.

4. වැඩිපුර ස්පර්ශ කරන්න

එකිනෙකා වෙත ඇලී ගැලී ස්පර්ශ කිරීමට හා හුරතල් කිරීම සඳහා වැඩි කාලයක් යෙදූ විට, ලිංගික හැසිරීම් සිදුවීමට වැඩි ඉඩක් තිබෙනවා ඇත.

ලිංගිකත එක්වීමක් සිදු නොවුනත්, යුවළක් එකිනෙකා හා සම්බන්ධ වීමට හා ශක්තිමත් වීමට එකිනෙකා කෙරෙහි ලැදියාව හා ප්‍රේමාන්විත හැඟීමක් ඇති කර ගැනීමට එය යම් ආකාරයකින් ගමන් උපකාර වනවා.

5. කෙසේ හෝ එය කරන්න

ලිංගික සුරතාන්තයක් ඔබට සැහැල්ලුවට පත්කිරීමට සමත් වනු ඇත. ඔබට වඩා හොඳ නින්දක් කලබා ගැනීමට සහ ඔබේ හිස සහ උරහිස් වලින් තද ගතිය ඉවත් කිරීමට උපකාරී වේ.

6. බෙදාගෙන ජය ගන්න   වැඩිපුර ලිංගික හැසිරීම  

කාර්යබහුල නිවසක, නින්දට පෙර කළ යුතු බොහෝ දේ ඇත. ගෙදර දොරේ වැඩ කටයුතු ඇත.

හැකි සෑම තැනකදීම දෙදෙනා අතර වැඩ බෙදාගැනීමෙන් වැඩපල අහවර කිරීම වේගවත්  වනු ඇත. එවිට දෙදෙනා අතර ශාරීරික සමීපතාවයට වැඩි කාලයක් ලැබෙනු ඇත.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: එන්. පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි