ඔබේ පියයුරුවල අධික කැසීමට හේතු 7 ක්

ඔබේ පියයුරුවල අධික කැසීමට හේතු 7 ක්

ඔබට නිතර පියයුරු කැසීම ඇතිවෙනවාද?  එයට හේතු කිහිපයක් සහ ඒවා වළක්වා ගන්නා අයුරු ම‌ෙන්න.

ළදරු නාම උත්පාදකය

ස්ත්‍රී පුරුෂ භාවය

අකුර

ප්‍රභේදය

සොයාගත් ළදරු නම්

සොයාගත නොහැක

ඔබට නිතර පියයුරු කැසීම ඇතිවෙනවාද?  එයට හේතු කිහිපයක් සහ ඒවා වළක්වා ගන්නා අයුරු අපි අද ඉදිරිපත් කරනවා.

 ඔබ වැදගත් රැස්වීමක සිටින විට හදිසියේම, ඔබට පියයුරු කැසීම ඇතිවුවා යැයි මොහොතක් සිතන්න.

ඔබ සමාව අයැද ඉන් ඉවතට ගොස් පියයුරු කසා  නැවත පැමිණියත් එය ප්‍රසන්න නැහැ.

මෙය නැවත ඇති නොවන විසදුමක් ඔබ සොයා ගැනීමට නම්, පියයුරු කැසීම ඇතිවීමට හේතුව හා එය වළක්වා ගන්නා අයුරු ඔබ දැනුවත් විය යුතුයි.

පියයුරු කැසීම : පොදු හේතු 7 ක්

1

පියයුරු කැසීම ඇතිව‌ෙන්න‌ේ හැමවිටම භයානක ‌රෝගයක් නිසා න‌ොව‌ෙයි. ඒ නිසා සනීපාරක්ෂාව තමයි වැදගත්.

නමුත් එය පියයුරු පිළිකා තරම් භයානක තත්වයක් ප‌ෙර සලකුණක්ද ව‌ෙන්න පුළුවන්.

ඒ නිසා ඔබේ ස‌ෞඛ්‍යය ගැන සෑම විටම සැලකිලිමත්වීම ‌බොහ‌ෝ වැදගත් ව‌ෙනවා.

1. දද සහ වියළි සම නිසා ඇතිව‌ෙන පියයුරු කැසීම

දද යනු සමේ දැවිල්ල, ඉදිමීම, රතු පැහැය සහ සමේ කැසීම ඇතිවෙන සමේ රෝගයකි.

මීට  අමතරව, Psoriasis  වැනි සමේ රෝගද සම මත රතු හෝ සුදු පැල්ලම් ඇති කරයි. කැසීමත් සමඟ  පියයුරු සම්පුර්ණයෙන්ම ඉදිමීමටද එය හේතු වෙනවා.

 මෙම තත්වය නිසා සමේ වඩාත්  වියළි හා කැසීම ඇතිවෙනවා.

නිව් යෝර්ක්හි චර්ම රෝග විශේෂඥ ෂාරි ලිප්නර් දෙන කැසීම අඩු කිරීම සඳහා දෙන විසඳුම වන්නේ සීතල හෝ ඇල්මැරුණු ජලය ස්නානය කිරිමයි.

නමුත් එය දරාගත නොහැකි  තත්වයක් නම්, සුදුසු විසඳුමක් සඳහා ඔබට උපදෙස් දිය හැකි චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවෙන්න.

2. සබන් හෝ ඩිටර්ජන්ට් වලට ආසාත්මික වීම

 ඔබට  ඇත්තේ සංවේදී සමක් නම්, ඔබ භාවිතා කරන සබන් හෝ ඩිටර්ජන්ට් වල ඇති රසායනික ද්‍රව්‍ය නිසා සමේ ඇතිවන අපහසුතාවය හේතුවෙන් ඔබට පියයුරු කැසීම ඇති වෙනවා.

වෛද්‍ය ලිප්නර්ට අනුව, සබන් හා ඩිටර්ජන්ට් අධික ලෙස නිරාවරණය වීම නිසා සමේ රෑෂ් ඇති වී ඒ සමඟ කැසීම ඇතිවෙනවා. 

 ඔබේ කැසීම ඇතිවීමට හේතුව සබන් හෝ ඩිටර්ජන්ට් ද යන්න තහවුරු කර ගැනීම සඳහා ඔබේ ශරීරයේ අනෙකුත් කොටස් පරීක්ෂා කර බලන්න. 

ඒවා ද කසනවා නම් බොහෝ විට හේතුව සබන් හෝ ඩිටර්ජන්ට් වෙන්න පුළුවන්.

 එසේනම් ඔබ  මෘදු අමුද්‍රව්‍ය වලින් සාදන ලද සබන් හෝ ඩිටර්ජන්ට් වලට විකල්ප ද්‍රව්‍ය භාවිතා කරන්න.

ඒ වගේම ඔබේ සමට වඩාත් ගැලපෙන නිෂ්පාදන තෝරා ගන්නත් ඔබට  පුළුවන්.

දිගටම  කැසීම පවතිනවා නම් වෛද්‍යවරයා හමුවෙන්න.

3. ව්‍යායාම කිරීමෙන් පසු ස්නානය නොකිරීම නිසා ඇතිව‌ෙන පියයුරු කැසීම

2

දහඩිය අවශෝෂණය නොකරන ද්‍රව්‍ය වලින් සාදන ලද බ්‍රා භාවිතා කිරීම ද කැසීම ඇති කරනවා. 

විශේෂයෙන් මෙම බ්‍රා ව්‍යායාම කරන විට භාවිතා කර පසුව මාරු නොකර භාවිතා කිරීම (ස්නානය නොකර)  මෙයට හේතු වෙනවා.

ස්නානය නොකිරීමද පියයුරු වටා සමේ රෑෂ් ඇතිවීමට හේතු වෙනවා.

 ඊට අමතරව දහඩිය වල ඇති සෝඩියම් නිසා සමේ කැසීම ඇති වෙන්න  පුළුවන්.

මේ අනුව, ව්‍යායාම කිරීමෙන් පසු වහාම බ්‍රා එක වෙනස් කිරීමත්, දහඩිය අවශෝෂණය කරන ද්‍රව්‍ය වලින් සාදන ලද බ්‍රා එකක් තෝරා ගැනීමත් සුදුසු වෙනවා.

4. ගර්භණී වීම නිසා ඇතිව‌ෙන පියයුරු කැසීම

 ගර්භණී වීම මව තුල හෝමෝන වෙනස්කම් ඇති කරයි. ගර්භණී සමයේදී පියයුරු විශාල වෙනස්කම් වලට භාජනය වෙනවා.

එයට හේතුව වන්නේ මව්කිරි  නිපදවන ක්ෂීර ග්‍රන්ථි කිරි නිපදවීමට ක්‍රියාකාරීව සූදානම් වීමයි.

 පියයුරු වටා ඇති සම ඇදීම නිසා බොහෝ විට කැසීම ඇති කරනවා.

අධික කැසීම අඩු කිරීම සඳහා, ස්නානය කිරීමෙන් පසු ඔබේ පියයුරු වලට ප්‍රති-ආසාත්මිකතා දියර හෝ ක්‍රීම් ආලේප කර හොඳින් වියළා ගන්න.

සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියෙන් පසු ගර්භණීභාවය නිසා ඇතිවන කැසීම නැති වී යනවා.

5. පිළිකා ( Inflammatory breast cancer)

 මෙම වර්ගයේ පියයුරු පිළිකා ඇතිවන්නේ පියයුරු වල සම හා වසා ගැටිති හරහා පිළිකා සෛල වලට ඇතුල් වීමෙනි.

ගැටිති සහිත සාමාන්‍ය පියයුරු පිළිකා මෙන් නොව මෙම පිළිකා වල සමේ කැසීම, රෑෂ් සහ කැටි ගැසීම් දකින්න ලැබෙනවා.

සාමාන්‍යයෙන් වැඩි දියුණු  වු විට මෙම වර්ගයේ පිළිකා වල අසමමිතික තනපුඩුද දකින්න ලැබෙනවා .

කැසීම දිගටම පැවතුනහොත් සහ ප්‍රතිකාර සමගද පවතිනවා නම්   රුධිරය වහනයට පවා හේතු වෙනවා නම්, හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවෙන්න.

මෙම වර්ගයේ පියයුරු පිළිකා දුර්ලභ වුවද, ප්‍රවේශම් වෙන්න.

6. මව්කිරි දීම නිසා ඇතිව‌ෙන පියයුරු කැසීම

ඔබේ පියයුරුවල අධික කැසීමට හේතු 7 ක්

මව්කිරි දෙන විට, පියයුරු  සහ තනපුඩු වල ඉතිරිව ඇති මව්කිරි බිංදු නිසි ලෙස පිරිසිදු නොකළ හොත් කැසීමක් ඇති කරයි. 

ඔබ ස්නානය කරන අතරතුර ඔබේ පියයුරු සේදීම මේ සඳහා විසඳුමකි. ඔබට මේ සදහා විශේෂ පිරිසිදු සත්කාර අවශ්‍ය නොවේ.

ඔබ ස්නානය කරන විට සාමාන්‍ය සබන් හා ජලය පමණක් භාවිතා කරන්න. 

ඒ වගේම මේ කැසීම  සමඟ වේදනාව, ඉදිමීම හෝ සීරීම් වැනි වෙනත් රෝග ලක්ෂණ ඇති නම්, හැකි ඉක්මනින් වෛද්‍යවරයකු හමුවන්න.

එවිට වෛද්‍යවරුන්ට මෙයට නිශ්චිත හේතුව සහ  නිසි ප්‍රතිකාර තීරණය කරන්න පුළුවන් .

7. ඔසප් වීම

ඔසප් වීමට පෙර තම පියයුරු වඩාත් සංවේදී හෝ මෘදු වන බව කාන්තාවන්ට නිතරම හැඟෙනවා.

කසනසුළු  පියයුරු ඔසප් වීමේ පෙර සලකුණක් වෙන්න පුළුවන් . මෙසේ වන්නේ  ඔබේ ඔසප් චක්‍රයේ හෝමෝන වෙනස්කම් නිසායි.

හෝමෝන උච්චාවචනය වන විට පියයුරු වඩාත් සංවේදී වෙනවා.  එම නිසා ඒවායේ අපහසුතාවයක් හා කැසීම ඇති වෙනවා.

ඊට අමතරව, ඔසප් වීමට පෙර Premenstrual syndrome (PMS)  පියයුරු විශාල වන අතර පියයුරු වටා සම ඇදී කැසීම ඇති වෙනවා.

දිනපතා ස්නානය කිරීමෙන් ඔබේ පියයුරු පිරිසිදුව තබා ගන්න.  නින්දට පෙර ඔබේ බ්‍රා එක ඉවත් කරන්න.

ඒ මඟින් ඔබේ පියයුරු කැසීම ඇතිවීම වළක්වා ගන්න  පුළුවන්. පියයුරු කැසීම සමඟ වේදනාව හා ඉදිමීම ඇති නම්, හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවෙන්න.

 පියයුරු කැසීම පිළිබඳ මෙම ලිපිය ඔබට  ප්‍රයෝජනවත් වේවි නේද?

ඒ වගේම ‌මේ සම්බන්ධව තියෙන ඔබේ අදහස්, අත්දැකීම් දැනුම අප හා බ‌ෙදාගන්න අමතක කරන්න එපා. ඒ සදහා පහලින් ඇති කමෙන්ට් තීරුව ඔබ සදහා විවෘතයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය