theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ලේසියෙන්ම හදාගන්න පුලුවන් හාල් කැඳ වර්ග 6ක්

5 අවම කියවීම
ලේසියෙන්ම හදාගන්න පුලුවන් හාල් කැඳ වර්ග 6ක්ලේසියෙන්ම හදාගන්න පුලුවන් හාල් කැඳ වර්ග 6ක්

හාල් කැඳ වර්ග ගණනාවක් ලංකාවේ අපි ආහාරයට ගන්නවා. එයින් පහසුවෙන් හදා ගන්න පුලුවන් කැඳ වර්ග 6ක් අද අපි ඔබට ගෙන එනවා.

හාල් කැඳ වර්ග කියලා කියන්නේ ලංකාවේ අපිට හරිම හුරු පුරුදු දෙයක්. ඒ වගේම අලුත් පරම්පරාවෙන් ගිලිහී යන දෙයක්.

අසනීපයක් වූ වෙලාවක අපේ පිහිටට එන්නේ මේ   හාල්  කැඳ වර්ග. ආහාර අරුචියෙන් පෙළෙන වෙලාවට මේ කැඳ වර්ග වලින් අපේ සිරුරට හොඳ ශක්තියක් ලැබෙනවා. ඒ වගේම ජීර්ණයට පහසු නිසා අපහසුවක් ඇති වෙන්නෙත් නෑ.

හාල් කැඳ වර්ග

ලේසියෙන් හදා ගන්න පුලුවන් හාල් කැඳ වර්ග 6ක් අද අපි ඔබට කියලා දෙනවා.

මේ හාල් කැඳ වර්ග හදා ගන්න අසනීපයක් වෙනකල්ම ඉන්න් ඕනි නෑ හොඳද? කාර්‍යබහුල උදෑසනකටත් කැඳ කියන්නේ හරිම හොඳ ආහාරයක්.

අපි බලමු මේ හාල් කැඳ වර්ග කොහොමද හදා ගන්නේ කියලා.

1. ඕලු හාල් කැඳ

මේක හරිම පරණ කෑමක්. ඕලු හාල් වලින් හදා ගන්න පුලුවන් කැඳක් කියන්නේ උදේ ආහාරය විදියට ගන්න පුලුවන් හරිම ගුණදායක ආහාරයක්.

ඕලු ම්ලේ තියන ඕලු ඇට වලින් තමයි මේ ඕලු හාල් ගන්නේ. මේක හොඳට ගරා ගන්නට ඕනි. මොකද වැලි තියෙන්න පුලුවන්. ඊට පස්සේ හොඳට සෝදලා ගන්න.

හාල් කැඳ වර්ග

මේ කැඳ එක හදන්න ඕනි කරන්නේ;

හාල් කෝප්ප 1/2
ඕලු හාල් කෝප්ප 1/2
හාල් බෙරි වෙන්න තරමට වතුර

ඕලු හාල් සහ හාල් ටිකට වතුර දාලා හොඳට බෙරි වෙන්න තම්බා ගන්න වතුර හිදෙනකල්ම වගේ.

රස පදමට ලුණු ටිකකුත් දා ගන්න.

හොඳට මිටි කිරිත් දා ගන්න වැඩිපුර. මේක හොඳට පැහෙන්න දෙන්න.

ඔයාලාට ඕනි නම් පැණි රසට හදා ගන්නත් පුලුවන් සීනි හරි හකුරු හරි දාලා.

ටික වෙලාවක් යනකොට පොල් කිරි ටික පැහිලා සුවඳ එනවා. ඒ වෙලාවට ලිප ඕෆ් කරලා පොඩ්ඩක් හැඳි ගාගෙන රස බලන්නයි තියෙන්නේ උණුවෙන්ම.

2. තණ හාල් කැඳ

හරිම ඉක්මනට ජීර්ණය වෙන නිසා අසනීප වෙලාවට කදිමයි. උදේ ආහාරය කියලා කියන්නේ අපේ කාර්‍යබහුල ජීවන රටාවත් එක්ක එක්තරා විදියක අභියෝගයක් නේ. පාන් කෑල්ලක් කනවාට වඩා මේ වගේ කැඳක් හදා ගන්න එක ගුණදායකයි.

මතක තියා ගන්න. වැලි තියෙන්න පුලුවන් තණ හාල් වලත්. ඒ නිසා ගරලා ගන්න.

මේක හදා ගන්නේ මෙහෙමයි.

තණ හාල් කෝප්ප 1/2
හාල් කෝප්ප 1/2
ලුණු ටිකක්
පොල් කිරි ටිකක්

තණ හාල් හෝදලා ගරලා,හාලුත් හෝදලා වතුර වැඩියෙන් දාලා බෙරි වෙන්න තම්බා ගන්න.
මදි උනොත් වතුර දා ගන්න පුලුවන්.
ඕලු හාල් වලට වඩා ඉක්මණින් තණ හාල් තැම්බෙනවා.

තැම්බුනාම මේකට හොඳට මිරිකගත්ත මිටි කිරි ටික දා ගන්න. ලුණු ටිකකුත් දාන්න. කිරි ටික පැහෙන්න තියන්න සාමාන්‍ය ගින්දරේ. සාමාන්‍යයෙන් අපි පොල් කිරි කැඳක් හදා ගන්නවා වගේමයි.

කිරි එක නටද්දි ලුණු බලලා මදි නම් තවත් දා ගන්න පුලුවන්.

පැණි රසට කැමති නම් සීනි හරි හකුරු හරි දා ගන්නත් පුලුවන්.

දැන් ලිප ඕෆ් කරලා රස බල්න්න පුලුවන් උණුවෙන්ම.

උදෑසන ආහාරයට ගන්න පුලුවන් පෝෂණීය කැඳ වර්ගයක් තමයි මේක. කුඩා දරුවන්ටත් හරිම ගුණදායකයි.

3. ලුණු කැඳ

ලුණු කැඳ ගැන නම් අහලා නැති කෙනෙක් නැතුව ඇති. ඒ වගේම ජීවිතේට එක පාරක් හරි බීලත් ඇති.

ලුණු කැඳ අසනීප වූ වෙලාවට කදිමයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මේ කැඳ එක හදා ගන්න ඕනි දේවල්:-

රතු හාල් මිටවල් දෙකක්
වතුර
ලුණු

හාල් ටික හොඳට සෝදලා වතුර වැඩිපුර දා ගන්න.

ඒක හොඳට තම්බා ගන්න.

වතුර එක නටද්දි ගින්දර අඩු කරලා තැම්බෙන්න දෙන්න.

දැන් ලුණු ටිකක් දාලා තවත් හොඳින් තම්බා ගන්න.

දැන් රස බලන්න පුලුවන් උණුවෙන්ම.

4. බැදි හාල් කැඳ

බඩේ අමාරුවක්, පාචනය තත්වයක් හැදුනාම ඉස්සර අපේ අම්මලා මේ කැඳ එක හදලා දුන්නා ඔයාලටත් මතක ඇති. අද කාලේ වගේ හැම දේකටම බෙහෙත් පෙති මතම රැඳුනේ නෑ. මේ වගේ ස්වාභාවික දේවල් වල ගුණ අපේ අම්මලා අපිට දුන්නා.
බැදි හාල් කැඳ කියන්නේ පාචන තත්වයකදී ගන්න පුලුවන් හොඳ කැඳ වර්ගයක්.

මේක හදන්න ඕනි මෙච්චරයි.

රතු හාල් මිටවල් දෙකක්
වතුර
ලුණු

හාල් හොඳට හෝදලා හොඳට කබලේ බැද ගන්න.
හාල් ඇටය වටෙව්ට පොඩ්ඩක් කර වීමකට ලක් වෙන්න ඕනි.

බැදෙද්දි හොඳ සුවඳක් එනවා පොඩි දුමකුත් එක්ක.

හාල් බැදෙන එකෙන් වෙන්නේ හාල් වල පිෂ්ඨය කැඳට එකතු වෙන එක අඩු වෙනවා. ඒ නිසා ගොඩාක් උකු වෙන්නේ නෑමේ කැඳ එක. ජීර්ණය කරන්නත් ලේසියි.

දැන් වතුර වැඩිපුර දාලා තම්බා ගන්න.

ලුණු ටිකකුත් දා ගන්න.

හොඳින් තැම්බුනාට පස්සේ රස බලන්න පුලුවන් උණුවෙන්ම.

හාල් කැඳ වර්ග

5. පොල් කිරි මිශ්‍ර හාල් කැඳ

හාල් කෝප්ප 1/2ක්
වතුර කෝප්ප 3ක් 4ක්
පොල් කිරි (දිය කිරි සහ මිටි කිරි වැඩිපුර)

හාල් ටික හොඳට හෝදලා වතුර ටිකත් දාලා හොඳට තම්බා ගන්න.

මිරිකගත්ත දිය කිරි, උකු පොල් කිරි අවශ්‍ය පමණ දා ගන්න. ලුණු ටිකකුත් දා ගන්න.

අඩු ගින්දරේ පොල් කිරි ටික පැහෙන්න දෙන්න.

නිතර හැඳි ගාන්න.

කිරි බත් සුවඳක් තමයි මේ කැඳ එකෙන් එන්නේ.

ලුණු ඇද්ද බලලා දැන් ලිපෙන් බා ගන්න.

දැන් වෙනම පෑන් එකක් රත් වෙද්දි අබ තේ හැඳි බාගයක් දාලා බැදගෙන කුඩු කරලා කැඳ එකට උඩින් ඉස ගන්න පුලුවන්.

රස බලන්න උණුවෙන්. නැත්නම් නිවෙද්දි උකු වෙනවා.

6. සුදු ළූණු මිශ්‍ර හාල් කැඳ

උණ හැදිලා ඉන්න වෙලාවක ගොඩාක් කදිම කැඳ එකක් තමයි මේ කැඳ එක. හරිම පෝෂණීය කැඳක් තමයි මේ.

හදන්න හරිම ලේසියි.

අවශ්‍ය දේවල්:-

හාල් මිටක්
සුදු ළූණු බික් 10ක්
පොල් කිරි
උළුහාල් ඇට දෙක තුනක්
අවශ්‍ය නම් රම්පා කෑල්ලක්
ලුණු

හාල් මිටක් හෝදලා බාජනයකට දාලා වතුර වැඩියෙන් දාලා හාල් ටික තම්බා ගන්න.

කපා ගත්ත සුදු ළූණු බික් 10ක් දා ගන්න හාල් ටික බාගෙට තැම්බෙද්දි.

උලු හාල් ඇට දෙක තුනකුත් දා ගන්න.

ලුණු ටිකකුත් දා ගන්න.

වතුර ටිකක් හිඳුනාම හොඳින් පොඩි කර ගන්න.

මේකට දැන් පොල් කිරි ටිකක් එකතු කරලා උතුරව ගන්න.

කැමති නම් රම්පේ කොලයක් දා ගන්න පුලුවන්. එතකොට රස වගේම සුවඳත් හොඳයි.

ඊට පස්සේ උණුවෙන්ම රස බලන්න.

 

සටහන :- ඈන් නිර්මාණි අත්තනායක

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

 

img
Written by

annnirmani

  • Home
  • /
  • කෑම වට්ටෝරු
  • /
  • ලේසියෙන්ම හදාගන්න පුලුවන් හාල් කැඳ වර්ග 6ක්
බෙදාගන්න :
  • ළදරුවන්ගේ සොදුරු ආදරය  ඔබටද?

    ළදරුවන්ගේ සොදුරු ආදරය ඔබටද?

  • ගැබිණි මව්වරුන් සඳහා ඖෂධීය කැඳ වර්ග 7 ක්

    ගැබිණි මව්වරුන් සඳහා ඖෂධීය කැඳ වර්ග 7 ක්

  • ළදරුවන්ගේ සොදුරු ආදරය  ඔබටද?

    ළදරුවන්ගේ සොදුරු ආදරය ඔබටද?

  • ගැබිණි මව්වරුන් සඳහා ඖෂධීය කැඳ වර්ග 7 ක්

    ගැබිණි මව්වරුන් සඳහා ඖෂධීය කැඳ වර්ග 7 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it