theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ශිෂ්ණය පමණට වඩා විශාල නම් ලිංගිකව එක්වෙන්නේ කොහොමද?

4 අවම කියවීම
ශිෂ්ණය පමණට වඩා විශාල නම් ලිංගිකව එක්වෙන්නේ කොහොමද?ශිෂ්ණය පමණට වඩා විශාල නම් ලිංගිකව එක්වෙන්නේ කොහොමද?

ශිෂ්ණය  විශාල නම් වේදනාවකින් තොරව එක්වෙන්න මෙන්න මග

පිරිමින් තමන්ගේ  ශිෂ්ණය  ටිකක් විශාලව  තියෙනවාට කැමතියි. ඔවුන් ඒ ගැන ආඩම්බරයෙන් සිටිනවා.

නමුත් ඇත්තටම ශිෂ්ණය විශාල වීම සාර්ථක ලිංගික එක් වීමක් ලබා දෙනවාද?

නැතිනම් ලිංගික ජිවිතයේ ගැටළු මතු කරනවාද?

ශිෂ්ණයේ විශාලත්වය ලිංගිත ජිවිතයට ගැටළුවක් මතු නොකරන තාක් ඇත්තටම එය ප්‍රශ්නයක් නොවේ.

නමුත් ලිංගික එක්වීමකදි අවයව වල යෝග්‍යතාවය සම්බන්ධ ගැටලුවක් මතු වුවහොත් එය සම්බන්ධතාවයට තදින්ම බලපානවා.

බොහොමයක් යුවලයන් එය විසදාගන්නා ආකාරයවත් දැනුවත් නැහැ.

එහෙම යුවලයන් ලිංගික ප්‍රශ්න නිසාම බිදි යන අවස්ථාද තියෙනවා.

මෙවන් මාතෘකා විවෘතව කතා කිරීම බොහොමයක් අය බිය හා ලැජ්ජාව ඇති නිසා එවන් ගැටළුක් තියෙන කෙනෙකුට ඒ ගැන දැනුවත් වීම පහසු නැහැ.

ඒ නිසාම ඔවුන් අන්තර්ජාලය හා පොත්  පත් මගින් දැනුම සොයනවා.

තවත් පිරිසක් සිය පවුල බිදි යන්නට ඔන්න මෙන්න අවස්ථාවේ උපදේශන සේවා වල පිහිට සොයා යනවා.

ශිෂ්ණය විශාල වීම නිසා ඇතිවෙන ගැටළුවට පිළියම් කිහිපයක් මේ ලිපිය මගින් ඔබ වෙත ගෙන එනවා.

ශිෂ්ණය විශාල වීම සාර්ථක ලිංගික එක් වීමක් ලබා දෙනවාද?

ශිෂ්ණය පමණට වඩා විශාල නම් ලිංගිකව එක්වෙන්නේ කොහොමද?

අප්‍රිකාවේ සිදු කල එක් අධ්‍යනයකින් හෙලි වුයේ සහකරුගේ ශිෂ්ණයේ ප්‍රමාණය විශාල වීම හේතුවෙන් කාන්තාවන්ගෙන් 2.6% ක් සම්බන්ධතාවයන් නවත්වා ඇති බවයි.

එලෙසම මෙවන් ගැටළුවක් මතු වුවහොත් බලෙන් ලිංගිකව එක්වීමට යෑම වේදනාකාරි වෙන්න පුළුවන්.

එසේනම් මෙලෙස ප්‍රමාණයෙන් විශාල අවයව ඇති පිරිමින්ට සාර්ථකව ලිංගික එක්වීමකට මුහුණ දෙන්න බැරිද? උත්තර පුළුවන් යන්නයි.

මෙන්න මේ ක්‍රම කිහිපය භාවිතා කර ඔබත් වේදනාවෙන් තොර සාර්ථක ලිංගික එක්වීමක් අත් විදින්න.

ශිෂ්ණය විශාල නම් සාර්ථකව ලිංගිකව එක්වෙන ක්‍රම

  1. එක්වීමට ප්‍රථම සහකාරියට සුරාන්තයක් ලබා දීම

ගුද සංසර්ගය

සහකරුගේ ලිංගික අවයව ප්‍රමාණයෙන් විශාල නම් සහකාරිය ඒ සදහා සුදානම් විය යුතුයි.

ලිහිසිබව හා උත්තේජන වේදනාවෙන් තොර එක්වීමකට මග පාදයි. ඒ නිසා සහකාරියගේ යෝනිය වඩාත් තෙත් හා විවෘත කර ගැනීම සුදුසු වෙනවා.

ඒ සදහා ලිංගික එක්වීමට ප්‍රථම  ඇයට මුඛ සංසර්ගයෙන් හෝ ස්වයං වින්දනය මගින් එක් වරක් හෝ සුරාන්තය ලබා දෙන්න.

එවිට ඇයගේ යෝනිය ලිංගික එක්වීමකට පූර්වව තෙත් කරගන්න පුළුවන්.

  1. සෙමෙන් ඇතුල් කරන්න

ලිහිසි බව හා මන්දගාමි බව ඔබට වේදනාත්මක නොවන එක්වීමක් ලබා දෙන්න පුළුවන්. ලිංගික එක්වීම කරන විට වේදනාවක් දැනේ නම් එය නවත්වන්න.

එහිදි අනවශ්‍ය ඉරිම් නිසා ඇතිවෙන තුවාල වලක්වා ගන්න පුළුවන්.

ඒ වගේම සහකරු ඉවසීමෙන් සෙමෙන් යෝනී මාර්ගය තෙත් කරගනිමින් ඇතුල් වීමෙන් බොහෝ දුරට සාර්ථක ලිංගික එක්වීමකට අවකාශය ලබා දෙයි.

එමගින් සහකාරිය එකවර විශාල වේදනාවකට පත්වීමද වළක්වනවා.

  1. ශිෂ්ණයේ විශාලත්වය අඩු කරන මුද්දක් පළදින්න

මෙවන් මුදුවක් මිලදී ගෙන පැළදීමෙන් ශිෂ්ණයේ දිග අඩු කරමින් ඇතුල් කිරීමට ඉඩ ලබා දෙන අතර එහි පරිමාවද අඩු කරනවා.

එය සහකාරියටද වේදනාවෙන් තොර ලිංගික එක්වීමකට අවකාශය ලබා දෙනවා.

එමගින් සහකරුගේ ශිෂ්ණය විශාල අවස්ථා වල සහකාරියට වේදනාව හා ඉරිම් ඇතිවීමද වළක්වනවා.

  1. ලිහිසිකාරක ගොඩාක් භාවිතා කරන්න

ශිෂේණයේ මතුපිට ලිස්සා යෑමට සිලිකොන් ලිහිසි තෙල් විශාල ප්‍රමාණයක් ආලේප කරන්න.

මෙහි විශාල ප්‍රතිඵල නොලැබෙන්නත් පුළුවන්. නමුත් ලිහිසි කාරක වලට තද බව  අඩු කරන්න පුළුවන්.

කොන්ඩමයක් පැළදි විට පවා එය සුමට කර ගැනීමට සිලිකොන් ලිහිසි කාරකයක් ආලේප කරන්න.

ලිහිසි කාරක බහුලව ඇති විට යෝනී මාර්ගයේ තෙත් බවක් ඇති කරන අතර ලිංගිකව එක්වීම පහසු කරයි.

  1. හුස්ම ගන්න

 විශේෂයෙන් ඔබ කිහිප වතාවක්ම සංසර්ගයේ යෙදෙන්නට උත්සහ කල විට  වේදනාවක් දැනුනේ නම්  සැහැල්ලු වන්න. 

ගැඹුරින් හුස්ම ගන්න. වේදනාව මගින් ශ්‍රෝණි තට්ටුවේ මාංශ පේශි තද කරන අතර ඒ නිදා  යෝනි මාර්ගය වේදනාවෙන් ආරක්ෂා කර ගනියි.

  1. නව ඉරියව් උත්සාහ කරන්න

පිරිමි ලිංගික සතුට

යුවල අනුව තමන්ට ගැලපෙන ඉරියව් සොයා ගැනීම වැදගත් වෙනවා. තනතුරු සොයා ගැනීම ඉතා ප්‍රයෝජනවත් විය හැකි අතර, එය ජෝඩු අතර වෙනස් වේ.

දිග ප්‍රමාණය ගැන ගැටළුවක් ඇත්නම්, හැදි ඉරියව්ව සුදුසුයි.

උඩුකුරුව වැතිර සිටින ඉරියව්ද සුදුසු නමුත් දෙදෙනා ගෙන් එක් කෙනෙක් තරබාරු නම් එය සහකරුට අපහසුදායක වෙන්න පුළුවන්.

ඔහුගේ ශිෂ්ණය විශාල නම් , පූර්ණ තෙරපුමකට ලක් නොවන පරිදි  නොගැඹුරු එක්වීමකට ඉඩ සලසන ලිංගික ඉරියව්වක් උත්සාහ කරන්න.

ඒ මගින් සහකාරියට වේදනාව දැනීම අඩුකරන අතර ඇයගේ ලිංගික අවයව ඉරියෑමේ අවදානමද අඩු කරයි.

  1. සහකරුට සහය දෙන්න

සහකරුගේ ලිංගික අවයව විශාල වීම නිසා මුඛ සංසර්ගයද අපහසු වෙන්න පුළුවන්.

එවන් විටකදි සහකාරිය  දෑත් භාවිතා කර ඔහුට අඛණ්ඩ සංවේදීතාවයක් ලබා දිය යුතුය.

ඔබේ අත් සහ  මුඛය භාවිතා කර  විවිධ ඉරියව් උත්සහා කර බලන්න.

ලිංගික ජිවිතය හැමෝටම සාර්ථක නැහැ. ඒ තුල විවිධ ගැටළු පැන නගින්න හැකියාව තියෙනවා.

බාහිරින් කොතරම් ගැලපෙන සේ පෙනෙන යුවලක් තුලත් සැගවුන ලිංගික ගැටළු තියෙන්න පුළුවන්.

ලිංගික ගැටළු සදහා ගැහැණු පිරිමි කියා වෙනසක් නැහැ. නමුත් එවන් ගැටළු නිසා දෙදෙනාම පීඩනයට පත්වෙන බව අමතක නොකල යුතුයි.

ලිංගික දුබලතාවයන්, ලිංගික බෙල හීනතාවය, ක්ෂණික මෝචනය,  ලිංගික අවයව වල ප්‍රමණය ලොකු හෝ පොඩි වීම පිරිමි පාර්ශවය අත්විදින මෙවන් ගැටළු වලින් කිහිපයක් වෙනවා.

ඒ අතුරින් අද ශිෂ්ණය විශාල වීම ගැන හා ඒ සදහා විසදුම් ගැනද දැනුවත් වෙන්න.

ශිෂ්ණය ඍජු වු විට පමණට වඩා විශාල වීමෙන් ලිංගික එක්වීමට බාධා පැමිණෙන්න පුළුවන්.

එහිදි සහකාරියට වේදනාව මෙන්ම යෝනියේ ඉරිම්ද ඇති වෙන්න පුළුවන්.

සාර්ථක යුග දිවියකට සාර්ථක ලිංගික ජිවිතයක්ද අවශ්‍ය වෙනවා. ලිංගික ජිවිතය ගැන වුවද සාමාන්‍ය ජිවිතය ගැන වුවද ගැටළුවක් ඇති විට  එය නිවැරදිව  ආමන්ත්‍රණය කිරීමෙන් කල් පවතින සම්බන්ධතාවයක් ඔබටත් හිමි කරගන්න පුළුවන්.

මුලාශ්‍ර - www.bustle.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

nimnadhi

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ශිෂ්ණය පමණට වඩා විශාල නම් ලිංගිකව එක්වෙන්නේ කොහොමද?
බෙදාගන්න :
  • කාන්තාවන් මුහුණ දිය හැකි ලිංගික ගැටළු 15ක්

    කාන්තාවන් මුහුණ දිය හැකි ලිංගික ගැටළු 15ක්

  • ඔබේ සැමියාට ලිංගික ජිවිතය තිත්ත වෙන ඇත්ත හේතු 10 ක් මෙන්න

    ඔබේ සැමියාට ලිංගික ජිවිතය තිත්ත වෙන ඇත්ත හේතු 10 ක් මෙන්න

  • කාන්තාවන් මුහුණ දිය හැකි ලිංගික ගැටළු 15ක්

    කාන්තාවන් මුහුණ දිය හැකි ලිංගික ගැටළු 15ක්

  • ඔබේ සැමියාට ලිංගික ජිවිතය තිත්ත වෙන ඇත්ත හේතු 10 ක් මෙන්න

    ඔබේ සැමියාට ලිංගික ජිවිතය තිත්ත වෙන ඇත්ත හේතු 10 ක් මෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it