theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සැමියා සමග චරිත හතක්

3 අවම කියවීම
සැමියා සමග චරිත හතක්සැමියා සමග චරිත හතක්

ආදරණීය බිරිදට සැමියා ගේ මුළු ලෝකයම වෙන්න බැරිද? ඒක හීනයක් නොවේ....

බොහෝ  සැමියන් අන් ලදුන් වෙත ඇදි යාමට තරම් සැමියා ගේ  ජීවිතයේ බලාපොරොත්තු වෙන යමක් ඔබගෙන් ගිලිහි තියෙන්න පුළුවන්.

සැමියා ගේ වැඩ කිරීම, නිවසේ රාජකාරි ඉටුකිරීම , දරුවන් බිහිකිරීම මෙන්ම හදාවඩා ගැනීමට වඩා ඔබ්බට ගිය කර්තව්‍යක් බිරිදට තියෙනවා.

බිරිද යනු ඔහුගේ සියල්ලම විය යුතුය.එම  නිසාම ඇයට විවාහ ජීවිතයේ බොහෝ  චරිත රග දක්වන්න වෙනවා.

ඇයට රග දක්වන්න වෙන මේ අපූරු චරිත පිළිබද  අපි ටිකක් විමසා බලමු.

සැමියා සමග චරිත හතක්

1. පෙම්වතිය

ආදරය කරන කාලය හරිම සුන්දරයි. පෙම්වතිය තමන්ගේ පෙම්වතා ගැන හරියට හොයනවා. වදවෙනවා. නිතරම කොල් කරනවා. ප්‍රශ්න ගොඩයි. ඔයා කෑවද? බිව්වාද?  මිස් කොල් වලත් අඩුවක් නැහැ. ඇයි  එස් එම් එස් ඒවත් අඩුවක් නැහැ.

ඒත් විවාහ වෙනවත් එක්ක ඒ තිබුන සැහැල්ලුව පලා යනවා. ආදරය ලිංගිකත්වය විතරක්ද කියලා හිතෙන තරම්. ඉස්සර ආදරේට කරපුවා බොළද වැඩ කියලා හිතෙන්න පටන් ගන්නවා.

කාලයත් එක්ක වැඩ රාජකාරි දරුවෝ එක්ක කාන්තාව කාර්ය බහුල වෙද්දී සැමියා ඇයගෙන් ගිලිහි යනවා. ඉතින් වෙනත් කාන්තාවකගේ බොළද ආදරයක් ලග ඔහුගේ හිත නවතින්න වැඩි වේලාවක් යන ඒකක් නැහැ.

ඔබ තුල හිටපු පෙම්වතියට මිය යන්න දෙන්න එපා. එදා වගේ හැමදාම ඔහු ගැන වද වෙන්න. කෑවද, බිව්වාද හොයන්නත් අමතක කරන්න එපා. කොල් කරන්න , එස් එම් එස් කරන්න. ඔහුගේ ජිවිතයේ වෙන කිසිම කෙනෙකුට ලංවෙන්න හැකි වෙන්න ඉඩක් තියන්න එපා.

2 බිරිද

බිරිද කියන්නේ නිවසේ කටයුතු දරුවන්ගේ කටයුතුම නොවේ. බිරිද කියන්නේ සැමියාගේ අනෙක් අර්ධයයි.

ඇයට වගකීම් සම්භාරයක් තියෙනවා. සැමියාගේ සියලු අවශ්‍යතා මෙන්ම ලිංගික අවශ්‍යතාද ඉහලින්ම ඉටුකිරීම බිරිදකගේ ප්‍රථම කාර්යය විය යුතුය.

ඒමෙන් බිරිද ඔහුගේ දෙමව්පියන් ඇතුලු සියලු නැදෑයින්ට ගෞරව පුර්වක සැලකිය යුතු අතර ගෙදර ස්වාමි දුව වශයෙන් ඔවුන්ට මනාව සංග්‍රහ කිරිම වැදගත් වේ.

එමෙන්ම ඔහුගේ දරුවන්ට උපත දීම , ඔවුන්ව රැකබලා ගැනීම හා හොද පුරවැසියන් වශයෙන් සමාජයට භාර දීම බිරිදකගේ වගකීම් වේ.

3 මව

සැමියාට මවකගේ ආදරය රැකවරණය තදින්ම අවශ්‍ය වෙනවා.

ඒත් ඔහු දැන් ඉන්නේ සිය මව ගෙන් දුරස්වෙලා ඔබේ බාරයේ, ඔහු රෝගී වු විට ඔබ ඔබේ දරුවා රැකබලා ගන්නා සේ ඔහුව රැකබලා ගන්න.

ඔහුට කවන්න. පොවන්න.  බෙහෙත් බොනවාද සොයා බලන්න. ඒ වගේම ඔහුගේ ඇදුම් සොදා දෙන්න. ඔහුට අම්මාගේ ආදරය ලබාදෙන්න.

4. සහෝදරිය

සැමියාට සහෝදරියක් වීමත් වැදගත් වෙනවා. ඔහු සහෝදරියව ටිකක් තරහා ගස්සලා විනෝද වෙන්න කැමතියි. ඒ වගේම පුංචි පුංචි නිති ටිකක් සහෝදරියට දාන්න කැමතියි. චුට්ටක් සැර කරන්නත් කැමතියි.

ඔබ ඔහුගේ ආදරණිය පුංචි නිති හිස නවා පිළිගන්න. ඔහුත් එක්ක ආදරණිය බොරු රණඩුවක පැටලෙන්න. චුට්ටක් තරහා වෙලා ඉදලා ඔයාම ගිහින් යාළුවෙන්න.

5.දියණිය

පුරුෂයෙක් තමාගේ ජිවිතයේ වැඩිපුරම ආදරය කරන ගැහැනිය තමන්ගේ දියණිය කියලා මං හිතනවා.

තාත්තාත් දුවත් අතර තියෙන්නේ ආදරයයි. සුරතලයයි විතරමයි. ඔහුට යම් දිනෙක දියණියක් ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්.

ඒ නිසා ඔහුට දියණියක ලෙස හුරතල් වෙමින් ඔහු හා ආදරයෙන් ඉන්න අමතක කරන්න එපා.

6. මිතුරිය

ඔහු තමන්ගේ රහස් බෙදා ගත්තේ හොදම මිතුරියක් එක්ක වෙන්න පුළුවන්. ඒ වගේම ඔහුට ඇයත් සමග ඕන දෙයක් බෙදා ගන්න පුළුවන්. දුක සතුට බෙදා ගන්න පුළුවන්.

ඒත් විවාහයෙන් පසු බිරිද කිසිවිටෙක  තම සැමියා වෙනත් කාන්තාවක් සමග දුක බෙදාගන්නවාට  කැමති වෙන්නේ නැහැ.

ඒක නිසා බිරිද සැමියාගේ හොදම මිතුරිය විය යුතුය. ඔහුගේ දුක සැප බෙදාගත යුතුය. ඔහුගේ රහස් රැකිය යුතුය.

7. ගුරුවරිය

සැමියාට හොද මග පෙන්වීමක් අවශ්‍ය වෙනවා. ඔහු සෑම විටම හරි දේම කරන්නේ නැහැ. හැමවිටම හරි තීරණ ගන්නෙත් නැහැ. අන්න ඒක නිසයි සැමියාට බිරිදකගේ නිවැරදි මග පෙන්වීම ඔහුට අවශ්‍ය වෙන්නේ.

සැමියා බිරිදකගේ දෙවියායි අතීතයේ කාන්තාවන් තම සැමියාට ඉතා ගෞරවයෙන් සැලකු අතර ඔහුට උපයන්නා වශයෙන්ද නිවසේ මුල තැන හිමිවිය.

වර්තමානයේ බිරිදද සැමියා හා උරින් උර ගැටී උපයන අතර බිරිද කාර්ය බහුල වීමෙන් ඇය අතින් ඔහුගේ වගකීම් ගිලිහෙන බවක් පෙනෙන්නට තිබේ.

එහෙත් අතීතයේදී මෙන්ම තම සැමියාගේ ජිවිතයේ සෑම දෙයක්ම වීමට බිරිද වගබලා ගත යුතුවේ. එවිට නියැතින්ම ඔබට ආදරණීය පවුල් ජීවිතයක් හිමිවේවි.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • සැමියා සමග චරිත හතක්
බෙදාගන්න :
  • නිවාඩු දවස්වලට සැමියා නිවසේ රඳවා ගන්නේ කෙසේ ද ?

    නිවාඩු දවස්වලට සැමියා නිවසේ රඳවා ගන්නේ කෙසේ ද ?

  • මේ පස් දෙනාට වඩා ඔබේ බිරිදට ප්‍රමුඛත්වය දිය යුතුයි.

    මේ පස් දෙනාට වඩා ඔබේ බිරිදට ප්‍රමුඛත්වය දිය යුතුයි.

  • නිවාඩු දවස්වලට සැමියා නිවසේ රඳවා ගන්නේ කෙසේ ද ?

    නිවාඩු දවස්වලට සැමියා නිවසේ රඳවා ගන්නේ කෙසේ ද ?

  • මේ පස් දෙනාට වඩා ඔබේ බිරිදට ප්‍රමුඛත්වය දිය යුතුයි.

    මේ පස් දෙනාට වඩා ඔබේ බිරිදට ප්‍රමුඛත්වය දිය යුතුයි.

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it