theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දුවෙක් සිටීමේ වටිනාකම ගැන කියන විද්‍යාත්මක හේතු 7 ක්

5 අවම කියවීම
දුවෙක් සිටීමේ වටිනාකම ගැන කියන  විද්‍යාත්මක හේතු 7 ක්දුවෙක් සිටීමේ වටිනාකම ගැන කියන  විද්‍යාත්මක හේතු 7 ක්

දියණියක ලැබීම වාසනාවක් බව සනාථ කරමින් මෑතකදි සිදුකෙරුන අධ්‍යනයක් අපුරු කාරණා කිහිපයක් හෙලි කලා.

අපි කලින් ලිපියකත් මතක් කලා වගේම පුතෙක් කියන්නේ පවුලකට ශක්තියක් නම් දුවෙක් කියන්නේ පවුලක වාසනාවයි.

පුංචි ශ්‍රියා කතක් ඔබේ පවුලට ඉන්නවා නම් ඇත්තටම ඔබ වාසනාවන්තයි.

දියණියන්ට තම දෙමාපියන්ව නිරෝගි කරන්න වාගේම සතුටින් තියන්නත් පුළුවන්ලු.

දියණියක්ට තියෙන්නේ මෘදු හදවතක්. ඒ වගේම ඇය හරිම ආදරණියයි.

පුතෙක් ලැබීම වාසිදායකයි වගේම දියණියක් ලැබීමත් වාසිදායකයි.

සමහර දෙමව්පියන් පුතුන්ට වැඩි මනාපයක් පෙන්වන බව පෙනුනද දුවෙක් ලැබුනත් පුතෙක් ලැබුනත්ඔබ වාසනාවන්ත බව අපි ආදරයෙන් මතක් කරන්න කැමතියි.

දියණියක ලැබීම වාසනාවක් බව සනාථ කරන විද්‍යාත්මක හේතු 7 ක්

දියණියක් සිටීම පවුලක කොතරම් වාසනාවක්දැයි කියන්න පුළුවන් කාරණා දහස් ගණනක් තියෙනවා.

දියණියන් ගේ දොර වැඩ කරමින් දෙමව්පියන්ට සහය දක්වනවා.

සිය බාල සොහොයුරු සොහොයුරියන් රැකබලා ගන්නවා. ඇය ආහාර පිසිනවා. ඒ විතරක් නොවෙයි.

ඇය සමහර වේලාවට රැකියාවක් කරමින් සිය පවුල පෝෂණය කරනවා.

ගේ ඇතුල පමණක් නොවෙයි ගේ මිදුල පවා හැඩ වෙන්නේ දියණියකගේ අතින්.

අද කිනම් ස්වරූපයෙන් සිටියත්  ලොව සිටින සෑම කාන්තාවක්ම දියණියක්.

ඇය පවුල තුලින් ගත් ජිවිතයේ පන්නරය නිසාම ලෝකය තුල විවිධ ස්ථාන වල වැජඹෙනවා.

දරුවන් බිහි කිරීමේ සිට සියල්ලට මැනවින් දායකත්වය ලබා දෙන දියණියන් ගැන තවත් සාක්ෂි ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවනු ඇත.

නමුත් අධ්‍යයන කිහිපයක් මගින් සනාථ කරන ලද පහත කාරණා 7 ඔබගේ දැනුවත් වීම පිණිස අපි ගෙන එන්නෙමු.

පියවරුන් සහ දියණියන්

1. දියණියන් සිටින පියවරුන් හරිම ත්‍යාගශිලි වෙනවාලු

ප්‍රධාන විධායක තනතුරක් හොබවන පියෙකුට දියණියක් සිටින විට, විශේෂයෙන් ඇය ඔහුගේ පළමු දරුවා නම්, ඔහුගේ සේවකයින්ගේ වැටුප් ඉහළ යන බව මෑත අධ්‍යයනයකින් හෙළි වුනා.

මේ අතරිනුත් කාන්තා සේවිකාවන්ට වඩාත්ම ප්‍රතිලාභ ලැබෙනවාලු.

ඔවුන්ගේ වැටුප පිරිමින්ගේ 0.6% ට සාපේක්ෂව 1.1% කින් ඉහළ යාමට ඉඩ තියෙනවා.

තාත්තා කෙනෙක්ගේ හිතේ දුවෙක් වෙනුවෙන් ඇතිවෙන ආදරය සමස්ථ කාන්තා පරපුර දෙසම කාරුණික හදවතකින් බලන්න හේතු වීම කොතරම් යහපත්ද?

2. දියණියන් සිටින දෙමව්පියන් ස්ත්‍රි පුරුෂ දෙපාර්ශවයටම සම අයිති වාසිකම් දෙනවාලු

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඉහළ නැංවීම සඳහා වන ප්‍රතිපත්තිවලට දැක්වීමට දියණියන් සිටින පුද්ගලයින් අනෙක් අයට වඩා වැඩි සහයෝගයක්  ලබා දෙන බව 2009 දී අනාවරණය වුනා.

එහිදි මේ සදහා වැඩි බලපෑමක් දැක්වුයේ පියවරුන්ලු. දියණියකට කරන්න පුළුවන් දේවල් හරිම විශ්මිතයි නේද?

දියණියක් සිටීම තුලින් පියෙක් කොතරම් සමබරව හිතන්න පොළඹවනවාද කියලා හිතාගන්න පුළුවන්ද?

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

3. දියණියක ලැබීම : දියණියන් සිය වයස්ගත දෙමව්පියන්ට මුදලින් උපකාර කරනවාලු

හොඳ නැන්දම්මා

කාන්තාවන්ගෙන් 67% ක් තම දෙමාපියන්ට යම් ආකාරයක මූල්‍යමය අතින් උදව් කරන බව 2012 දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වුනා.

ඒ වගේම කාන්තාවන් තම දෙමාපියන් සමඟ මූල්‍ය හා දිගු කාලීන රැකවරණය ගැන කතා කිරීමට වැඩි ඉඩක් තිබුනා.

කාන්තාවන් තම දෙමව්පියන් ලෙහෙසියෙන් අතහැර දමන්නේ නැති බව පෙනෙනවා නේද?

එහෙනම් දියණියක් සිටීම කොතරම් වාසනාවක්ද කියා ඔබටත් සිතෙනවා නේද?

4. දියණියන් දෙදෙනෙක් සිටියි නම් සතුට ලැබෙනවාලු

ගැහැනු ළමයින් දෙදෙනෙකුගේ දෙමව්පියන් වඩාත්ම සතුටින් සිටින බව විවිධ පවුල් සංයෝජන අධ්‍යයනය කළ පර්යේෂකයන් සොයා ගෙන තියෙනවා.

එයට හේතුව වන්නේ දියණියන් දෙදෙනෙකු අතර රන්ඩු දබර අඩුවීමයි.

ඊට අමතරව ඔවුන් සමාදානයෙන් හා හොදින් කාලය ගත කිරීමත් පවුල තුල සතුට රැදෙන්න හේතුවක්.

ඒ වගේම එය දියණියන් දෙදෙනාටත් හොද අත්දැකීමක් වෙනු ඇත. ඔවුන් දෙදෙනාට සමීප සගයෙකු සිටීම එයට හේතුවයි.

5. අම්මාත් එක්ක යාළුවෙක් වගේ කටයුතු කරනවාලු

දුවෙක් සිටීමේ වටිනාකම ගැන කියන  විද්‍යාත්මක හේතු 7 ක්

මැදිවියේ සිටින දියණියන්ගෙන් 80-90 % අතර ප්‍රමාණයක් ඔවුන්ගේ මවුවරුන් සමඟ හොඳ සබඳතා ඇති බව2001 දී කරන ලද අධ්‍යයනයකදී හෙලි වුනා.

අධ්‍යයන කතුවරයා විසින්  Psychology Today  වෙත ඒ සම්බන්ධයෙන් මෙලෙස සිය අදහස ඉදිරිපත් කළා.

 “මව්වරුන් සහ ඔවුන්ගේ වැඩිහිටි දියණියන් අතර ඇති සම්බන්ධතාවය වෙනත් ඕනෑම සම්බන්ධතාවයකට වඩා එකිනෙකා ගැන කණගාටුවට පත්වන ආකාරයේ සම්බන්ධතාවයකි” 

“මව හා දියණියගේ බැඳීම තුළ විශාල වටිනාකමක් ඇති නිසා දෙදෙනාම එකිනෙකා ගැන සැලකිලිමත් වන අතර සමස්තයක් ලෙස පවුල තුළ ශක්තිමත් ආයෝජනයක් බෙදා ගනී.” 

අම්මයි දුවයි අතර තියෙන බැදීම තහවුරු කරන්න ඉතින් අධ්‍යයන අවශ්‍ය නැහැ නේද?

එය උපතින්ම එන අපූර්ව බැදීමක්. ඒ නිසාමදෝ ගොඩාක් වැඩිහිටියන් රැකවරණය ලබන්නේ සිය දියණිවරුන් අසලයි.

6. දියණියක් සිටීමෙන් පියාට දිර්ඝායුෂ ලැබෙනවාලු

පියවරුන් තමන්ට සිටින සෑම දියණියක් සඳහාම සාමාන්‍යයෙන් අවුරුද්දකට වඩා වැඩි කාලයක් ජීවත් වෙනවා කියලා 2006 දී කරන ලද අධ්‍යයනයකට අනුව සොයා ගෙන තියෙනවා.

තාත්තලා කොහොමත් දියණියන්ට තියෙන්නේ ටිකක් වැඩි ආකර්ෂණයක්නේ නේද?

පුතුන් පිළිබද එවන් අනාවරණයක් වී  නැහැ.

නමුත් අවාසනාවකට මෙන්, දියණියන් සහ පුතුන් යන සාමාන්‍යයෙන් මව්වරුන්ගේ දීර්ඝායුෂ නම් අඩු කරනවාලු. එය කණගාටුවට කරුණක් නේද?

සමහර විට එය දරුවන් බිහි කිරිමේදි අම්මා කෙනෙක් ඒ වෙනුවෙන් සිරුරින් කරන කැපවීම එයට හේතු වෙනවා වෙන්නත් ඇති නේද?

7.මවගේ සෞඛ්‍ය ඉහළ නංවන්න ඉඩ තියෙනවාලු

නව යොවුන් වියේ දියණියන් තම මවුවරුන්ගෙන් සෞඛ්‍ය උපදෙස් ලබා ගන්නවාට වඩා හොඳ සෞඛ්‍යයක් පිළිබඳව මවුවරුන්ට උපදෙස් ලබා දෙන බව එක් කුඩා අධ්‍යයනයකින් හෙළිවුනා.

මේ අම්මයි දුවයි අතර ඇති අද්විතීය සම්බන්ධතාවය සහ දියණිය විසින් ආරම්භ කරන ලද සෞඛ්‍ය අධ්‍යාපනය සඳහා එහි විභවය තව දුරටත් ගවේෂණය කළ යුතු බව මෙම අධ්‍යනයේ කතුවරු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

දියණියන් නිතර මව්වරුන් අසල ගැවසෙන නිසා ඔවුන්ගේ පුංචි සෞඛ්‍ය වෙනස්වීමක් වුනත් දියණියන් දකිනවා. ඒ නිසාම ඇයට ඒ ගැන වැඩි උපදෙස් තම මවට ලබා දෙන්න අවස්ථාවක් ලැබෙනවා ඇති නේද?

ඔබට සිටින්නේ පුතෙක් නම් කලබල වෙන්න එපා. අපි පුතුන් සිටිමේ වටිනාකම ගැන ලියු ලිපිය කියවන්න.

දුවලා ඉන්න අම්මලා තාත්තලාට මේ ගැන මොකද හිතෙන්නේ?

දියණියක ලැබීම ඇත්තටම වාසනාවක්ද? මේ අධ්‍යන වලින් හෙලි කරන කාරණා ඇත්තද? ඔබේ අදහස් අප හා බෙදා ගන්න.

මුලාශ්‍ර - www.buzzfeed.com

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • දුවෙක් සිටීමේ වටිනාකම ගැන කියන විද්‍යාත්මක හේතු 7 ක්
බෙදාගන්න :
  • අම්මා කෙනෙක්ට පුතෙක් වටින්නේ ඇයි කියලා දන්නවාද?

    අම්මා කෙනෙක්ට පුතෙක් වටින්නේ ඇයි කියලා දන්නවාද?

  • තාත්තාගෙන් දුවට අගනා ඔවදන් 5 ක්

    තාත්තාගෙන් දුවට අගනා ඔවදන් 5 ක්

  • අම්මා කෙනෙක්ට පුතෙක් වටින්නේ ඇයි කියලා දන්නවාද?

    අම්මා කෙනෙක්ට පුතෙක් වටින්නේ ඇයි කියලා දන්නවාද?

  • තාත්තාගෙන් දුවට අගනා ඔවදන් 5 ක්

    තාත්තාගෙන් දුවට අගනා ඔවදන් 5 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it