සෑම විවාහක යුවළක්ටම පිළිතුරු දිය යුතු ලිංගික ප්‍රශ්න 7ක්

සෑම විවාහක යුවළක්ටම පිළිතුරු දිය යුතු ලිංගික ප්‍රශ්න 7ක්

ලස්සන විවාහ ජීවිතයකට මෙන්ම ලිංගික ජීවිතයකටද හිමිකම් කියන්නට, සාර්ථක දිගු කාලීන විවාහයක් පවත්වාගෙන යන්නට, දෙන්නාට දෙන්නාගෙන් මේ ප්‍රශ්ණ 7 අහන්න.

විවාහය හා ලිංගිකත්වය යනු එකිනෙකට වෙන කළ නොහැකි කාරණා දෙකක්.  විවාහයට පෙර චිකිත්සාව සඳහා ‍යුවලයන් මා හමුවනවා.

ඒ ලෙසම, විවාහයන් තුළ වසර ගණනාවක් තිස්සේ ලිංගික ගැටළු සමඟ පොරබදමින් සිටින යුවලයන්ද මට හමු වනවා. සෑම යුවළකගේම ලිංගික ජීවිතය අනිවාර්යයෙන්ම පල්ලම් බසිනු ඇත.

නමුත් විවාහ වීමට පෙර ලිංගිකත්වය ගැන කතා කිරීමට කාලය වැය කරන යුවළයන් එය නොකරන අයට වඩා බොහෝ සාර්ථක බව මගේ අත්දැකීමයි.

මගේ යෝජනාව වන්නේ ඔබේ ලිංගික සම්බන්ධතාවය පිළිබඳව වාඩි වී එකිනෙකාගෙන් වැදගත් ප්‍රශ්න කිහිපයක් ඇසීමට කාලය වෙන් කිරීම යන්නයි.

ලිංගිකත්වය ගැන කතා කිරීම සෑම විටම පාහේ අභ්‍යෝගාත්මක කාර්‍යයකි. එබැවින් සන්සුන් පරිසරයක් සැකසීමට උත්සාහ කරන්න: ඉටිපන්දම් පත්තු කරන්න.

ඔබේ ප්‍රියතම සංගීතය වයන්න. නැතහොත් වයින් වීදුරු දෙකක් වත් කරගන්න.

මේ ප්‍රශ්න වලට පනින්නට පෙර, යම් කනස්සල්ලක් හෝ බියක් හදවතින් පිළිගැනීමට මොහොතක් ගත කරන්න. අවංක වීමට ඔබ දක්වන කැමැත්ත ගැන එකිනෙකාට කල්තියා ස්තූති කරන්න.

1. අපගේ විවාහය හා ලිංගිකත්වය ආශ්‍රිත ශක්තීන් සහ දුර්වලතා මොනවාද?

ලිංගිකත්වය පිළිබඳ සංවාදයක් පැවැත්වීම ගැන ඔබට බියක් දැනේ නම්, ආරම්භ කිරීමට හොඳ ක්‍රමයක් වන්නේ ඔබේ ප්‍රියතම ලිංගික මතකයන් ගැන කතා කිරීමයි.

ඔබ මෙතෙක් කර ඇති හොඳම ලිංගික ක්‍රියා මොනවාද? ඔබ දෙදෙනා විශේෂයෙන් හොඳින් කරන්නේ මොනවාද? වැඩි දියුණු කිරීම සඳහා සලකා බැලිය යුතු කාරණා මොනවාද?

විවාහය හා ලිංගිකත්වය

ලිංගිකත්වය යනු ඔබට සැමවිටම, දිනෙන් දින වඩ වඩාත් නවෝදයක් කළ හැකි මෙන්ම දියුණු කළ හැකි දෙයක් බව මතක තබා ගන්න.

ඔබ කිසි විටෙකත් අලුත් දෙයක් ඉගෙන ගත නොහැකි තැනකට ළඟා නොවනු ඇත. සාකච්ඡාව විවේචනයක් ලෙස සිතන්නට එපා.

නමුත් ඔබ දෙදෙනා එකට එක්වී කටයුතු කිරීම සඳහා මාර්ග හඳුනා ගැනීමට අවස්ථාවක් සලසාගන්නට පුළුවන්.

උදාහරණයක් ලෙස “අපට පූර්ව ලිගික හැසිරීම සඳහා වැඩි කාලයක් ගත කළ හැකියි”.

2. අපි දෙන්නාට, අපගේ විවාහය හා ලිංගිකත්වය මෙන්ම අපගේ සමීපතාවයට ප්‍රමුඛතාවයක් ලබා දෙන්නට පුළුවන් කොහොමද?

මෙය, මම නව සේවාදායකයින්ගෙන් අසන පළමු ප්‍රශ්න වලින් එකක් වන අතර, ඔවුන් සැමවිටම ප්‍රතිචාර දක්වන්නේ "අපට එය කළ යුතු බව අපි දැන සිටියේ නැත" යනුවෙනි.

හොඳයි, ඔබ දන්නවා! නිරතුරුවම මනංකල්පිත ලිංගික ඇසුරක් පැවැත්වීම සඳහා උත්සාහයක් අවශ්‍ය වනවා.

සමීප සබඳතා සඳහා කාලය හා අවකාශය ලබා ගැනීම සඳහා ඔබ ක්‍රියාකාරීව පියවර ගත යුතුයි.

සෑම විවාහක යුවළක්ටම පිළිතුරු දිය යුතු ලිංගික ප්‍රශ්න 7ක්

දෙදෙනා සමඟ රාත්‍රී බෝජනයකට දවසක් සැලසුම් කරගැනීම, ස්ථාවර ළදරු රැකබලාගන්නියක් ලබා ගැනීම හෝ ප්‍රේමණීය නිවාඩුවක් යාම වැනි දේවල් කිහිපයක් සැලසුම්ගත කරගත හැකියි.

3. එළඹෙන වසර වල අපගේ ලිංගික ජීවිතය කොයි ආකාරයෙන් වෙනස් වෙයි කියලද ඔයා හිතන්නේ?

ඔබ දෙදෙනා බොහෝ වෙනස්කම් වලට මුහුණ දෙමින් සිටිනවා.

අළුත් පදිංචියකට යාම, දරුවන් ලැබීම, රැකියා වෙනස් කිරීම, ආදරණීයයන් අහිමි වීම හෝ ඩිම්බහරණය (menopause) වැනි බොහෝ දේට ඇතැම් විට කිහිපයකට එක්වර මුහුණ දිය හැකියි.

මෙම සියලු වෙනස්කම් ඔබගේ ලිංගික ජීවිතයට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය.

ඇත්ත වශයෙන්ම ඔබට සෑම වෙනසක්ම අපේක්ෂා කළ නොහැකිය.

නමුත් මෙම සන්ධිස්ථාන ඇති වූ විට ඔබේ ලිංගික ජීවිතය ආරක්ෂා කිරීම සඳහා ඔබ ක්‍රියාශීලී වන්නේ කෙසේද? යන්න ගැන කතා කිරීම වැදගත්ය.

4. අපගේ ලිංගික උණුසුම දිගටම නැවුම්ව තියා ගන්නේ කොහොමද?

ඔබ දශක ගණනාවක් තිස්සේ එකිනෙකා සමඟ ලිංගිකව හැසිරීමට යන අතර, ඔබ සෑම විටම එකම ආකාරයකින් එය කළහොත් එය ඉතා ඉක්මනින් කම්මැලි විය හැකිය.

ඔබ එකිනෙකා සමඟ උත්සාහ කිරීමට කැමති දේවල් ගැන සහ ඔබට අත්හදා බැලීමට පහසු යැයි හැඟෙන ලිංගික මනංකල්පිත ආශාවන් සහ රුචිකත්වයන් ගැන කතා කරන්න.

මගේ සේවාදායකයින් ඔවුන්ගේ රතු, කහ සහ කොළ සංඥා ලැයිස්තුගත කර ඇත.

රතු යනු ඔබට උත්සාහ කිරීමට අවශ්‍ය නැති බව ඔබ දන්නා දේවල් ය; ඔබට විශ්වාස නැති කහ; සහ ඔබට හොඳින් දැනෙන දේ කොළ පැහැය ගනී.

මෙම ලැයිස්තු සැකසීම රසායන විද්‍යාව දිගටම කරගෙන යාමට විනෝදජනක ක්‍රමයක් විය හැකිය.

5. අපි ලිංගික කාරණා ගැන සණ්ඩු කරන විට කරන්න ඕන දේවල් මොනවාද?

මෙය වළක්වන්නට බැහැ: ඔබ ඔබේ සම්බන්ධතාවයේ යම් අවස්ථාවක දී ලිංගිකත්වය පිළිබඳව මත ගැටුම් ඇති කරගනු ඇති.

හොඳ සැලැස්මක් කලින්ම සූදානම් කර තබාගැනීම මගින් එවැනි ගැටුම් වඩාත් හොඳින් කළමනාකරණය කරගන්නට පුළුවන්.

විවාහය හා ලිංගිකත්වය

ඔබේ සම්බන්ධතාවය සඳහා හොඳින් වැඩ කරන බව ඔබ දැනටමත් දන්නා සන්නිවේදන උපාය මාර්ග තිබේද?

ඔබට ලිංගික චිකිත්සකවරයකු හෝ විවාහ උපදේශකයෙකු සිටීද?

6. අපගේ විවාහය හා ලිංගිකත්වය සමඟ අපගේ දෙදෙනාගේ පුද්ගලික සබඳතා දිගින් දිගටම පෝෂණය  කිරීමට අප දෙන්නාට දායක වෙන්නට පුළුවන් කොහොමද?

ඔබ විවාහක විය හැකියි. නමුත් ඔබේ ශරීරය හා ලිංගික ආශාවන් සමඟ ඔබේ සම්බන්ධතාවය තවමත් පවතී.

එය පවත්වා ගැනීමට ඔබ එක් එක් කෙනාට කුමක් කළ හැකිද?

නිතිපතා ව්‍යායාම කිරීම, දිවා රාත්‍රියේදී ඔබම ස්වයං වින්දනය කිරීම, මානසික ආතතිය අවම කර ගැනීමට ක්‍රම සොයා ගැනීම හෝ ලිංගික චිකිත්සාව අනුගමනය කිරීම ඊට නිදසුන් විය හැකිය.

7. අපගේ විවාහය හා ලිංගිකත්වය තුළ මධුසමය සඳහා අපේ පැතුම් මොනවාද?

බොහෝ යුවළයන් මධුසමය ගත කිරීම සඳහා විශාල බලාපොරොත්තු ඇතිව සිටියත් යථාර්ථය නම්, සියළුම යුවළයන්ගෙන් අඩක් පමණ ඔවුන්ගේ විවාහ රාත්‍රියේදී ලිංගිකව හැසිරීමට පවා වෙහෙසට පත්ව සිටීමයි!

යථාර්ථවාදී අපේක්ෂාවන් නිර්මාණය කිරීමට උත්සාහ කරන්න.  වැදගත් යැයි හැඟෙන දේ සාකච්ඡා කරන්න. ඔබේ අනෙකුත් මධුසමය ක්‍රියාකාරකම් වලට වඩා ලිංගිකත්වයට ප්‍රමුඛතාවය දීමට ඔබට අවශ්‍යද?

ඔබට අළුත් දෙයක් (ඉරියව්, සෙල්ලම් බඩු හෝ යට ඇඳුම්) අත්හදා බැලීමට අවශ්‍යද? නැතහොත් මන්දගාමී, සමීප ලිංගික ඇසුරක් පැවැත්වීමට උත්සාහ කරන්න.

මූලාශ්‍ර: psychologytoday.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Niloufer Perera

කතන්දර ලිපි