theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මේ ලක්ෂණ 7 පෙන්වයි නම් ඔබට ඉන්නේ සුපිරි බුද්ධිමත් දරුවෙක්

5 අවම කියවීම
මේ ලක්ෂණ 7 පෙන්වයි නම් ඔබට ඉන්නේ සුපිරි බුද්ධිමත් දරුවෙක්මේ ලක්ෂණ 7 පෙන්වයි නම් ඔබට ඉන්නේ සුපිරි බුද්ධිමත් දරුවෙක්

ඔබ හදාවඩා ගන්නේ සුපිරි බුද්ධිමතෙක්ද? ‌මෙන්න දැනගත හැකි ලක්ෂණ 7ක්

සෑම  අම්මෙක් තාත්තෙක්ම තමන්ගේ දරුවාට ඉතා ඉහළ බුද්ධිය සහිත බව දැන ගන්න  කැමතියි.

මෙවැනි සුපිරි බුද්ධිමත් ළදරුවෙකුගේ යම් යම් ලක්ෂණ ඇති බව ඔබ දන්නේ නැහැ නේද?

මේ ලක්ෂණ හදුනා ගෙන දරුවාගේ බුද්ධිමත් භාවය දියුණු වෙන ලෙස හදා වඩා ගැනීම තුලින් දරුවාට බුද්ධිමත් බවේ උපරිමයටම ලගා වෙන්න පුළුවන්.

බුද්ධිමත් ළදරුවෙකුගේ මෙම මුල් සලකුණු මොනවාදැයි දැන හදුනා ගෙන ඒවා තියුණු කිරීම තුලින් ඔබේ දරුවා සුපිරි බුද්ධිමතෙක් කරන්න.

බුද්ධිමත් දරුවෙකුගේ සලකුණු දැනුවත් වෙන්න

මේ ලක්ෂණ 7 පෙන්වයි නම් ඔබට ඉන්නේ සුපිරි බුද්ධිමත් දරුවෙක් සුපිරි බුද්ධිය සහිත දරුවා අන් දරුවන්ට කලින් වර්ධන සංධිස්ථාන වලට ලගාවෙනවා.

  1. ඉතා ඉහළ බුද්ධිය ඇති දරුවා අනෙක් දරුවන්ට වඩා කලින් ඔවුන් තම වර්ධන සන්ධිස්ථාන වලට ලගා වෙනවා

ළදරුන්ගේ වර්ධන සන්ධිස්ථාන ඔවුන්ගේ ශාරීරික, මානසික හා හැගීම් වර්ධනය සමඟ නියමිතව සිදුවන්නේද යන්න මැන ගැනීමට වැදගත් ක්‍රමයක් බව ඔබ සමහර විට දන්නවා ඇති.

ඔබේ දරුවා ඔහුගේ සම වයසේ දරුවන්ට වඩා කලින් මෙම සන්ධිස්ථානවලට ලගා වෙයි නම්, එය ඔහු බුද්ධිමත් ළදරුවෙකු බවට එක් සලකුණක් වෙන්න පුළුවන්.

නිදසුනක් ලෙස, ඔබේ මාස තුනක දරුවා තනිවම වාඩි වී සිටීයි නම් නැතහොත් ඔබේ මාස 10 ක් වයසැති දරුවා පැහැදිලි, සම්පූර්ණ වාක්‍ය කතා කරයි නම් එය සුවිශේෂි සලකුණක් වෙන්න පුළුවන්.

උපදෙස් : 

  • ඔබේ දරුවාගේ සන්නිවේදන කුසලතා වර්ධනය කර ගැනීම සඳහා දරුවාට කියවන්න.කතා කරන්න. 
  • ඔවුන්ට කළ හැකි දේ ඔවුන් ඔබට පෙන්වන විට ඔවුන්ට ප්‍රසංශා කරන්න.
  1. ඉතා ඉහළ බුද්ධිය ඇති දරුවා ඉතා හොඳ අවධානයක් සහිතයි

ළදරුවන් සහ කුඩා දරුවන් අවධානය පරතරය කෙටියි. මිනිත්තු 15 කට පසු ඔවුන් වෙනත් දෙයක් කරන්න පෙළඹෙනවා.

නමුත් බුද්ධිමත් දරුවෙකුගේ මේ තත්වය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මාස හයකට අඩු ඉතා කුඩා අවධියේදී පවා එකම කාර්යයකට දිගු කාලයක් තිස්සේ අවධානය යොමු කරන්න ඔවුන්ට පුළුවන්.

නිදසුනක් වශයෙන්, ඉතා බුද්ධිමත් මාස පහක් වයසැති දරුවෙක් අවධානය දිගටම එම කටයුත්ත කෙරෙහි රදවා ගෙන ලී කුට්ටි සමඟ සෙල්ලම් කරනවා ඔබට දකින්න පුළුවන්.

නැතහොත් ඔහු / ඇය ඔබ සම්පුර්ණ පොතක්ම කියවන තෙක් ඔබ සමඟ වාඩි වී පිටු පෙරළමින් පිංතුර පෙන්වමින් සිටින්න පුළුවන්.

උපදෙස් : 

  • බ්ලොක්ස් සහ ප්‍රහේලිකා වැනි සෙල්ලම් බඩු සමඟ සෙල්ලම් කිරීම දරුවා දිරිමත් කරන්න. 
  • ඔබේ කුඩා දරුවාට විශාල, වර්ණවත් පොළව මත අතුරන ප්‍රහේලිකා ලබා දෙන්න.
  • හැකි සෑම විටම දරුවාට කියවන්න.
  1. ගැටළු විසඳන්න කැමතියි

ඔබේ කුඩා දරුවා කිසිම දෙයක් පහසුවෙන් අත්හරින්න සුදානම් නොමැති නම් එයත් මේ සුපිරි බුද්ධිමත් බවේ ලක්ෂණයකි.

එවැනි ළදරුවන්ට ඉහළ අවධානය සමඟ සුවිශේෂී ගැටළු විසඳීමේ කුසලතා තියෙනවා.

 උදාහරණ ලෙස, ඔබ දරුවාගේ ප්‍රියතම කෑම වර්ග කබඩ් එකක දමා ඇත්නම්, ඔබේ දරුවා  මෙම කබඩ් එක ඇරගන්න දක්ෂ ක්‍රමයක් සොයා ගනීවි.

නැතිනම් සෙල්ලම් ට්‍රක් රථයක් මත ගොඩ ගසන ලද බ්ලොක්ස්  පෙලට තබන්න පුළුවන්. 

සියලු දරුවන් සංවර්ධන සන්ධිස්ථානවලට අනුකූලව ගැටළු විසඳීමේ හැකියාවනි පෙන්වන නමුත් සුවිශේෂ බුද්ධියක් සහිත දරුවෙකු  මෙම හැකියාවන් ඔවුන්ගේ එකම වයසේ දරුවන්ට වඩා බොහෝ කලින් විදහා දක්වනු ලබයි.

උපදෙස් : 

  •  ඔබේ කුඩා දරුවාගේ ස්වාභාවික ගැටළු විසඳීමේ හැකියාව ඔප් නැංවීම සඳහා, ඔවුන්ට පහසු “අභියෝග” ලබා දෙන්න. නිදසුනක් ලෙස, ඔබට කොට්ට වලින් කුඩා ප්‍රහේලිකාවක් සාදා මැද සෙල්ලම් බඩුවක් තබන්න පුළුවන්. එම සෙල්ලම් බඩුවක් සොයා ගැනීම සඳහා ඔබේ දරුවා උත්සහ කරන විට ඔවුන්ව දිරිමත් කරන්න.

4.ඉතා ඉහළ බුද්ධිය ඇති දරුවා තනියම ඉන්න කැමතියි

මේ ලක්ෂණ 7 පෙන්වයි නම් ඔබට ඉන්නේ සුපිරි බුද්ධිමත් දරුවෙක් සතුටින් තනියම ‌සෙල්ලම් කරයි.

දරුවන් සාමාන්‍යයෙන් හරිම සමාජශීලීයි. ඒ වගේම තනියම ඉන්න කැමති නැහැ නේද?

නමුත්, බුද්ධිමත් ළදරුවන් බොහෝ විට තනිව සිටීමට කැමැත්තක් දක්වනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඔවුන් ඉතා සතුටින් තනිවම ක්‍රීඩා කරන අයුරු ඔබට දකින්න ලැබේවි.

නැතහොත් ඔවුන්ගේ තරමක් වැඩි දියුණු වු හැගීම්  හා බුද්ධිමය උත්තේජනය නිසා ඔවුන් තම සම වයසේ දරුවන්ට වඩා වැඩිහිටි දරුවන් ඇසුරු කිරීමට කැමැත්තක් දක්වන්න පුළුවන්.

උපදෙස් : 

  • ඔබේ කුඩා දරුවා අනෙක් දරුවන් හා සෙල්ලම් කරන්න අකමැති නම් බල කරන්න එපා. නමුත්, ඔබේ දරුවා තම සම වයසේ දරුවන් සමඟ පසෙකින් සිට සෙල්ලම් කිරීමට දිරිමත් කරන්න ඔබට පුළුවන්. එවිට සමාජ කුසලතා සංවර්ධනය ගැටළුවක් නොවේවි.
  1. ඉතා ඉහළ බුද්ධිය ඇති දරුවා අතිශයින්ම කුතුහලයෙන් යුක්තයි

දරුවන්ට කුතුහලයෙන් යුක්තයි. නමුත් සුවිශේෂි ප්‍රශ්න ඇසීම බුද්ධිමත් දරුවෙකුගෙන් දකින්න පුළුවන්.

එම  ප්‍රශ්න ඉතා සංකීර්ණ විය හැකි අතර, ඒවා ඔබව අමාරුවේ දාන්න පුළුවන්. සමහර විට පිළිතුර සොයා ඔබට පුස්තකාලය හෝ අන්තර්ජාලය පීරන්න වේවි.

උපදෙස් : 

  • ප්‍රශ්න ගොඩාක් මෙසේ ඇසීම කරදරයක් වුවද කෙසේ වෙතත් නිවැරදි පිළිතුරු සැපයීමට උත්සාහ කරන්න.
  • ඔබේ කුතුහලය දනවන, ඉතා බුද්ධිමත් දරුවාට ළමා විශ්වකෝෂයක් හෝ පුස්තකාල සාමාජිකත්වය වැනි පිළිතුරු සොයා ගැනීමට අවශ්‍ය සම්පත් ලබා දෙන්න. 
  • ඔවුන්ගේ ඉගෙනීමේ ගමනට ඔබ සම්බන්ධ වන්න. නව දැනුම සොයා යන්න වයස ගැටලුවක් නැහැ.
  1. හොද නැතිනම් ඉහළ උපත් බරක් සහිතයි

ටිකක් අමුතුයි නේද? ඒත් අධ්‍යයනවලින් පෙනී යන්නේ දරුවෙකුගේ උපත් බර සහ ඔවුන්ගේ බුද්ධිය අතර සහසම්බන්ධයක් ඇති බවයි.

ඉහළ උපත් බරක් පැවතීම  ජීවිත කාලය පුරාම තරමක් ඉහළ IQ  ලැබීම හා සම්බන්ධ බව බව පර්යේෂකයෝ සොයා ගෙන තියෙනවා.

මේ අතර, ඔබේ දරුවාගේ මාස හයක් වන තුරු මව්කිරි දීමෙන් සහ අලිගැට පේර සහ මාළු වැනි මොළය වර්ධනය වෙන ආහාර ඉන්පසුව ඝන ආහාර ආරම්භයෙන් පසු දිගටම ලබා දෙන්න.

උපදෙස් : 

  •  ගැබිනි මව්වරුනි  ඔබේ දරුවාට ඉහළ උපත් බරක් ලබා ගන්න නම්, ඔබ ගර්භනී අවධියේදී නිසි සමබර ආහාර වේලක් ලබාගන්න.
  1. ඉතා ඉහළ බුද්ධිය ඇති දරුවා විමසිලිමත් වෙනවා

මේ ලක්ෂණ 7 පෙන්වයි නම් ඔබට ඉන්නේ සුපිරි බුද්ධිමත් දරුවෙක් දරුවා විමසිලිමත්.

බුද්ධිමත් ළදරුවෙකු බවට  මුල්ම සලකුණු වලින් එකක් වන්නේ විමසිල්ලෙන් සිටීමයි.

එවැනි ළදරුවන් තම පරිසරය හා ආදරණීයයන් පිළිබඳව ද ඉතා හොඳින් දන්නවා.

ඒ වගේම පවුලේ සාමාජිකයන් ඉක්මනින් හඳුනා ගැනීමටත් ඔවුන් හා බැඳීම ඇති කරගැනීමටත් ඔවුන් දක්ෂයි.

ඔවුන් ඉතා ඉක්මනින් ඔබ සමඟ ඇස් සම්බන්ධතා පවත්වනවා.  ඒ වගේම සිනහවක් හෝ යම් හඩක් නැගීම, අත වැනීම වැනි හදුනා ගැනීමේ වෙනත් සලකුණු පෙන්නුම් කරනවා.

උපදෙස් :

  •  ඔබේ දරුවා විමසිලිමත් වැඩි නම් පාරිසරික උත්තේජක නිසා ඔවුන් නිදා කරවීම  අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ දරුවාට සන්සුන්, අඳුරු සහ ආරක්ෂිත ස්ථානයක් ලබා දී නිදි කරවන්න.
  • ඔබගේ දරුවා එකවරම සන්සුන් කිරීම සඳහා ඒ සදහා සංසුන් ශබ්දය සහ නින්දට යෑමේ පුරුදු (ආහාර ලබා දීම, ඇග සේදීම , කතන්දරයක් කියා දීම, නින්ද ලබා දීම) භාවිතා කිරීමට උත්සාහ කරන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවන් ලොකු මහත් කිරීම
  • /
  • මේ ලක්ෂණ 7 පෙන්වයි නම් ඔබට ඉන්නේ සුපිරි බුද්ධිමත් දරුවෙක්
බෙදාගන්න :
  • Identifying kids with high IQ: Age-by-age guide for parents

    Identifying kids with high IQ: Age-by-age guide for parents

  • දරුවා තුළ මේ ලක්‍ෂණ ඇත්නම් ඒවා දරුවන්ගේ පිළිකා පෙරනිමිති වන්නට් පුළුවන්

    දරුවා තුළ මේ ලක්‍ෂණ ඇත්නම් ඒවා දරුවන්ගේ පිළිකා පෙරනිමිති වන්නට් පුළුවන්

  • Identifying kids with high IQ: Age-by-age guide for parents

    Identifying kids with high IQ: Age-by-age guide for parents

  • දරුවා තුළ මේ ලක්‍ෂණ ඇත්නම් ඒවා දරුවන්ගේ පිළිකා පෙරනිමිති වන්නට් පුළුවන්

    දරුවා තුළ මේ ලක්‍ෂණ ඇත්නම් ඒවා දරුවන්ගේ පිළිකා පෙරනිමිති වන්නට් පුළුවන්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it