theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවාගේ සිරවු නාසය: ඔබ දැනගත යුතු දේ

6 අවම කියවීම
ඔබේ දරුවාගේ සිරවු  නාසය: ඔබ දැනගත යුතු දේඔබේ දරුවාගේ සිරවු  නාසය: ඔබ දැනගත යුතු දේ

ඔබේ දරුවාගේ සිරවු  නාසය නිසා  අපහසුතාවයක් ඇති වන අපහසුතාවය ඔබ මග හැර ගන්නේ කෙසේද? සරල, නිවෙසේදී කල හැකි පිළියම්  මෙතැනින් සොයා ගන්න.වැඩිදුර තොරතුරු සඳහා දිගටම කියවන්න.

දරුවාගේ සිරවු නාසය කොතරම් වේදනාකාරි අත්දැකීමක්ද?

අපේ ළමයින්ට සෙම්ප්‍රතිශ්‍යාව  හැදුන විට, ඒ ගැන කරදර වෙන්න දෙයක් නැහැ කියලා  අපි හැමෝම දන්නවා.

නමුත් සාමාන්‍ය  සෙම්ප්‍රතිශ්‍යාවේ ඇති රෝග ලක්ෂණ - විශේෂයෙන් හිර වූ නාසය -  කුඩා දරුවන්ට ඉතා අපහසු විය හැකිය.

පහසුවෙන් සොයා ගත හැකි ඖෂධයකින් තොරව ඔබේ දරුවාගේ හිර වු නාසය  සැහැල්ලු  කරගන්නේ කෙසේද?

ඔබේ දරුවාට  හිරවු  නාසය නිසා ඇතිවන තදබදය හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති විය හැකිය.

මේ නිසා දෙමව්පියන්ට හා දරුවාට දෙපාර්ශවයටම නිදි නොලැබීම ප්‍රතිඵලය වේ.

ඇත්ත වශයෙන්ම, හිර වූ නාසය නිසා  අපහසුතාවට පත්වීම නිසා ඔබේ දරුවා තුල ඇතිවන අරුචිය හා නරක ලෙස හැසිරීම  ඇති වෙන්න පුළුවන්.

දරුවාගේ හිර වු නාසය ඇතිවන්නේ කෙසේද?

දූවිලි ආසාත්මිකතාව

සෙම්ප්‍රතිශ්‍යාව, ආසාත්මිකතාවයක් හෝ අස්ථි කුහර ආසාදන නිසා අස්ථි කුහර වල රුධිර නාල වල උත්තේජනය වීම  මගින් හිර වූ නාසය ඇතිවේ.

උත්තේජනය  ඇතිවන විට, ආසාදනය එරෙහිව සටන්  කිරීමට  උපකාර කිරීම සඳහා ශේෂ්මල  වැඩි වෙන බැවින් හිර වු නාසය ඇතිවේ.

බොහෝ දරුවන්ට වයස අවුරුදු 4 ක් පමණ වන තෙක් තම නාසයෙන් සීරීමට නොහැකිය.

ඒ නිසා කුඩා දරුවාගේ හිර වූ නාසය ඉවත් කිරීම වැදගත්ය.

මේ දිනවල, ඕනෑම ඖෂධ හලක් වෙත ගොස් හිර වු නාසය  හෝ සෙම්ප්‍රතිශ්‍යාව සදහා ඉතා පහසුවෙන් ලබා ගන්න පුළුවන්.

වයස අවුරුදු 6 ට අඩු ළමයින් සඳහා නහය හිර වීමට සහ සෙම්ප්‍රතිශ්‍යාව සදහා පහසුවෙන් ලබාගත හැකි ඖෂධ ලබා නොදීමට වෛද්‍යවරුන්  නිර්දේශ කරනව.

එහෙත් දරුවන්ට මෙම නිෂ්පාදන භාවිතා කිරීමට එරෙහිව වෛද්‍ය විශේෂඥයින් දැන් අනතුරු අඟවනවා.

මෙම ඖෂධ හිර වූ නාසයෙන් හෝ සෙම්ප්‍රතිශ්‍යාවෙන්  මිදීමට කිසිවක් නොකරන බව ඔවුහු කියා සිටිති.

තවද සමහර විට ඒවා නිසා අප්‍රසන්න  අතුරු ඵල ඇතිවිය හැකිය.

දෙමව්පියෙනි, ඔබේ දරුවාගේ හිර වු නාසය සුව කර ගැනීම  සඳහා ඔබට පහසුවෙන්  සොයා ගත හැකි  ඖෂධ මත රැඳී සිටීමට අවශ්‍ය නැහැ.

ඒ වෙනුවට, අප ඊලගට  කතා කරන මෙම සරල නිවාස පිළියම් වලින් එකක් උත්සාහ කරන්න.

1. දරුවාගේ සිරවු නාසය සදහා නිදා සිටියදී ඔහුගේ හිස ඉහලට ඔසවන්න

ඔබේ දරුවාට වයස අවුරුදු 2 ට අඩු නම්, හිර වූ නාසය ඇති නම්,  විශේෂයෙන් ඔහු කොට්ටයක් භාවිතා නොකරන්නේ නම් සහ ඔහුගේ හිස ඉහලට එසවී නොමැති නම් නිදා සිටියදී ශ්වසනය සමහර ගැටළු ඇති විය හැකිය.

කුඩා දරුවන්ගේ හුස්ම සිරවීමේ අවදානමක් ඇති නිසා ඔවුන්ට කොට්ට භාවිතය නිර්දේශ නොකරයි.

ඒනිසා ඔබට ඔහුගේ තොටිල්ලේ මෙට්ටය යටින් යමක් තබා හිස මදක් එසවෙන ලෙස තැබීමෙන් ඔබේ දරුවාට පහසුවෙන්ම හුස්ම ගන්න උදව් කරන්න  පුළුවන්.

මෙය ඔබේ දරුවාගේ හිස ඉහළට ඔසවා තබන අතර ශ්වසනය පහසු කරවයි.

දූවිලි ආසාත්මිකතාව

2. වාෂ්ප

උණුසුම් වාෂ්ප වලට නාස් කුහර වල වු සිරවීම් ලිහිල් කල හැකි බැවින් ඔබේ දරුවාගේ හිර වු නාසය ලිහිල් කල හැකිය.

ඔබ කළ යුතු එකම දේ වන්නේ වාෂ්ප උත්පාදනය කිරීම සඳහා ඔබේ නාන කාමරයේ උණු වතුර කරාමය විවෘත කර තැබීමයි.

දොර වසා ඔබේ දරුවා සමග  අවම වශයෙන් විනාඩි 15 ක්  නාන කාමරය තුළ රැදි සිටිමෙන් විශ්මිත ප්‍රතිඵල ලැබේ.

3. වික්ස්

සාමාන්‍ය  හෝ ළදරු වික්ස් (කුඩා ළදරුවන් සඳහා වන) ඔබේ දරුවාගේ පතුලේ ආලේප කර පිරිමැද ඉන්පසු මේස් කුට්ටමකින් ආවරණය කිරීමෙන් රාත්‍රියේද දරුවාට හුස්ම ගැනීම පහසු කරයි.

සමහර විට ඔබට  ඔහුගේ පපුවේ සහ පිටුපස  මෙන්ම, ඔහුගේ මෙට්ටය මත වික්ස් ටිකක් තවරන්න පුළුවන්.

අසාත්මිකතාවයන් ඇති විය හැකි බැවින් මෙහිදු ප්‍රවේශම් වෙන්න.

4. සේලයින්  විසඳුම

සේලයින් දරුවන් සඳහා විශේෂයෙන් සාදන ලද විසඳුමක් වන අතර ඔබගේ දරුවාගේ නාසයේ ශේෂ්මල  තුනි කිරීමට  උදව් කරනවා.

ඕනෑම ඖෂධ හලක  ළදරුවන් හා දරුවන් සදහා වන සේලයින් විසඳුම තියෙනවා.

ශේෂ්මල (සොටු) ඉවත් කිරීමට කුඩා ළදරුවන්ට නාසය හුරා දැමීමේ  හැකියාවක් නොමැති  නිසා, සේලයින්  විසඳුම එය තුනී කිරීමට  උදව් කරනු ලබයි.

එය ජලය සහ ලුණු මිශ්‍රණයක් නිසා භාවිතය  සම්පුර්ණයෙන්ම ආරක්ෂිතයි.

එය භාවිතා කරන්නේ කෙසේද?

ඔබේ දරුවා ඔහුගේ හිස ඔහුගේ කකුල් වලට  වඩා පහලින්  සිටින ඉරියව්වක තබා ඔබට ඔහුගේ හිසට පහසුවෙන් ආධාර කළ හැකි ය.

මම නම් නිතරම මගේ මහත්තයාට හෝ සහයකයාට මගේ වයස අවුරුදු 2 වු දරුවා හිස මදක් පහලට සිටින සේ හරහට ඔසවා තබා ගන්නා ලෙස පවසනවා. විරුද්ධත්වය  බලාපොරොත්තු වෙන්න!

සෑම නාස් පුඩුවකටම සේලයින් විසදුමෙන් එක් බිංදුවක් මිරිකන්න.

සේලයින් විසදුමට නාසයේ මාර්ග පිරිසිදු වීමට ඉඩ දෙමින් විනාඩියකට හෝ දෙකක් රැඳී සිටින්න.

ඔබේ දරුවා  කිවිසුම්  හෝ  කැස්ස සමග තුනී  වු ශේෂ්මල  ඉවත්ට එවිය හැකි නිසා ටිෂු ටිකක් සුදානම් කර ගන්න.

5. දරුවාගේ සිරවු නාසය සදහා නාස් කුහර පිරිසිදු කරන උපකරණයක් භාවිතා කරන්න

බොහෝ කුඩා දරුවන්ට හා  ළදරුවන් තමුන්ගේ නාසය සුරා ගත නොහැකි බැවින්, නාසයේ වු ශේෂ්මල  උරා ගැනීම සඳහා නාස් කුහර පිරිසිදු කරන උපකරණයක් භාවිතා කළ හැකිය.

කලින් පැහැදිලි කළ පරිදි, මෙම ශේෂ්මල  තුනී කිරීම සඳහා සේලයින්  විසඳුමක් භාවිතා කිරීමෙන් පසු ඔබට මෙය කළ හැකිය.

නාස් කුහර පිරිසිදු කරන උපකරණයේ ඔබේ දරුවාගේ නාස්පුඩු තුළට ඇතුල් කරන ලද දිගු, මෘදු සහ පටු කොටසක් හා  බුබුලාකාර කොටසක් ඇත.

භාවිතා කරන්නේ කෙසේද:

අවශ්‍ය  නම් සේලයින් විසඳුම භාවිතා කිරීමෙන් පසු ඔබේ දරුවා කෙලින් අතට වාඩි කරන්න.

මගේ වයස අවුරුදු 2 ක් දරුවා කවුරුන් හෝ සමග  ඔහුගේ / ඇයගේ උකුලේ තබා  ඔහුගේ ඉන වටා තදින් අල්ලා සිටීම මම භාවිතා කරන ක්‍රමයයි.

නාස් කුහර පිරිසිදු කරන උපකරණයේ බුබුලාකාර කොටස තදින් මිරිකන්න.

නාස් කුහර පිරිසිදු කරන උපකරණයේ බුබුලාකාර කොටස  මිරිකාගෙනම එහි කෙලවර එක් නාස් පුඩුවකට  ඇතුල්  කරන්න.

ක්‍රමයෙන්  බුබුලාකාර කොටස මත  මත පීඩනය මුදා හරිමින් ශේෂ්මල  සංයුතිය ඉවතට  එන්න ඉඩ දෙන්න.

අනෙක්  නාස්පුඩු සමග නැවත කරන්න.

තුඩ කොටස  බුබුලාකාර කොටසින් වෙන් කර  ජලයෙන් පිරිසිදු කර ශේෂ්මල ඉවත් කර ගන්න.

සාමාන්‍යයෙන්  මම ඩෙටෝල් හෝ දියර සබන් බඳුන උණු වතුරට දමා පිරිසිදු කිරීමෙන්  ඊලග පාර භාවිතයට සනීපාරක්ෂාව තහවුරු කරනවා.

ඔබේ දරුවාගේ හිරවු  නාසය පිරිසිදු කිරීමට නාස් කුහර පිරිසිදු කරන උපකරණයේ භාවිතා කරන්න

6. වාෂ්ප හෝ තෙත් කාරක උපකරණයක්  භාවිතා කරන්න

වාෂ්පකාරක උපකරණ මගින් වාතය තෙත්  වන  අතර එය ඔබේ දරුවා හුස්ම ගැනීමට උපකාර කරයි.

එය ඔබ  වායුසමීකරණ භාවිතා කරන විට, විශේෂයෙන් ප්‍රයෝජනවත් විය හැකි අතර ඒ මගින් වාතයේ තෙතමනය උරාගෙන ඔබේ දරුවාගේ නාසය ලිහිල් විය හැකිය.

ඔබට  ඉයුකැලිප්ටස් තෙල් හෝ මෙන්තෝල්  හෝ මෘදු  වික්ස් වාෂ්ප කාරකයට එකතු කළ හැකි අතර, ඔබේ දරුවාගේ හිර වු නාසය තවදුරටත් ලිහිල් කරනු ඇත.

7. දරුවාගේ සිරවු නාසය සදහා ඔබේ දරුවා සජලනය  කර තබන්න

ඔබේ දරුවාගේ සිරවු  නාසය: ඔබ දැනගත යුතු දේ

 

දියර භාවිතය  ඔබේ දරුවා  සජලනය කර තබන  බවට සහතික වනවා පමණක් නොව නාසයේ වු ශේෂ්මල තුනී කර  තදබදය අඩු කර ගැනීමට එය උපකාර කරයි. ජලය, කිරි සහ යුෂ සුදුසුයි.

චිකන් සුප් ඉතා සුදුසුයි.

කුකුළු මස් වල  ප්‍රති ආසාදන  ප්‍රතික්‍රියා  ඇති අතර, එය නාසයෙන් ශේෂ්මල ඉවතට ගලා යාම ද උත්තේජනය කරයි.

වඩා හොඳ ප්‍රතිඵල  ලබා ගැනීම සඳහා සුප් එකක් ඉගුරු  ටිකක් එකතු කරන්න.

ඉඟිය: විෂබීජ පැතිරීම අවම කිරීම සදහා  ඔබේ දරුවාගේ අත් නිතරම උණුසුම්  වතුරෙන් සබන් යොදා සෝදන්න.

ශේෂ්මල ඉවත්  කිරීමට භාවිතා කල ටිෂු භාවිතයෙන් ඉවත් කරන්න.

  • ඔබේ දරුවා වෛද්‍යවරයා  වෙත පෙන්වන්න.
  • ඔබේ දරුවා මාස තුනකට වඩා අඩු නම් 38 ° C ට වැඩි උණ ඇතිනම්.
  • හිර වු නාසය හා සෙම්ප්‍රතිශ්‍ය ලක්ෂණ  දින 10 කට වඩා වැඩි කාලයක් පවතී නම්.
  • ඔබේ දරුවා නිවසේ  ප්‍රතිකාර ලබා දින දෙකක් ,දින හතරක් ගත වනවිට  නාසයේ මාර්ගයේ වේදනාවක් ඇතිබව පවසයි නම්.
  • ඔබගේ දරුවාට හෝ ළදරුවාට කනේ වේදනාවක්  ඇති බව  පෙනේ නම් (කන් ආබාධ සහිත දරුවන් නිතරම කන් පිරිමදින අතර  නොසන්සුන් බවක්ද පෙන්වයි).
  • ඔබේ දරුවාගේ මුහුණ හෝ පපුවේ වේදනාව හෝ ඉදිමීම වැනි අනෙකුත් රෝග ලක්ෂණ ඇත්නම්, හිසරදය හෝ ඉතා දරුණු උගුරේ අමාරුව ඇත්නම්.
  • ඔබගේ දරුවා සුව වනවාට වඩා තත්වය  නරක අතට හැරෙන බව පෙනේ නම්.

ඔබේ දරුවාගේ සිරවු නාසය සමනය කිරීම සඳහා ඔබේ නිවසේ පිළියම් පහතින් සටහනක් යොදා බෙදා ගන්න.

පුංචි පැටියාට හෙම්බිරිස්සාව හැදිලා හුස්ම ගන්න බැරිව දගලන කොට අම්මාට වේදනාවක් දැනෙන බව දන්න නිසාම the Asianparent Sri Lanka මේ ලිපිය ඔබ වෙත ගෙන ආවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

මුල් රචනය - Nalika Unantenne

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • රෝග සහ අසාත්මිකතා
  • /
  • ඔබේ දරුවාගේ සිරවු නාසය: ඔබ දැනගත යුතු දේ
බෙදාගන්න :
  • සෙම්ප්‍රතිශ්‍යාව සදහා දරුවන්ට පුදුම හිතෙන අත්බෙහෙතක්

    සෙම්ප්‍රතිශ්‍යාව සදහා දරුවන්ට පුදුම හිතෙන අත්බෙහෙතක්

  • ඩෙංගු රෝගය 2018: තවත් ආදරණිය තරුණ මවක්, දියණියක් බිලිගනිමින් ඩෙංගු යළිත් හිස ඔසවයි

    ඩෙංගු රෝගය 2018: තවත් ආදරණිය තරුණ මවක්, දියණියක් බිලිගනිමින් ඩෙංගු යළිත් හිස ඔසවයි

  • සෙම්ප්‍රතිශ්‍යාව සදහා දරුවන්ට පුදුම හිතෙන අත්බෙහෙතක්

    සෙම්ප්‍රතිශ්‍යාව සදහා දරුවන්ට පුදුම හිතෙන අත්බෙහෙතක්

  • ඩෙංගු රෝගය 2018: තවත් ආදරණිය තරුණ මවක්, දියණියක් බිලිගනිමින් ඩෙංගු යළිත් හිස ඔසවයි

    ඩෙංගු රෝගය 2018: තවත් ආදරණිය තරුණ මවක්, දියණියක් බිලිගනිමින් ඩෙංගු යළිත් හිස ඔසවයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it