ඔබේ සම ටිකක් තලෙළුයිද? මේකප් කරන්න තලෙලු සම ගොඩාක් ලස්සනයි කියල ඔබ දැනගෙන හිටියාද? තලෙළු සමක් තියන කෙනෙක් මේකප් වර්ග තෝර ගනිද්දි ඔහේ ගන්නන් වාලේ ගනෙනේ නැතුව ඒක සමට ගැලපෙනවාද කියලා බලන්න ඕනි.
තරමක් තලෙළු සම ලස්සන වුනත් ඊට ගැලපෙන මේකප් වර්ග හා පාට තෝරා මේකප් කරන හැටි හුඟක් අයට ගැටළුවක්. මොකද ගොඩාක් වෙළඳපලේ සුලබවම අඩු මිලට ගන්න තියෙන්නේ සුදු සමක් සහිත අයට ගැලපෙන වර්ණ සහ වර්ග. චීනය, තායිලන්තය වගෙ රටවල් වල ඉන්නේ හම සුදු කාන්තාවන් නේ. එයාලා භාවිතා කරන වර්ණ තලෙළු සමට කොහොමටත් ගැලපෙන්නෙ නෑ.
නොගැලපෙන විදියට වර්ණ සහ මේකප් වර්ග භාවිතා කරලා මෙකප් කලොත් තියන ලස්සනත් නැති වෙලා වෙස් මුහුණක් වගේ ගතියක් ඔබේ මුහුණට එන්න පුලුවන්. අපි මේකප් එකක් පාවිච්චි කරන්නෙ අපේ ලස්සන තවත් වැඩි කර ගන්න නේ. අපි පාවිච්චි කරන්න ඕනි ලංකාවේ දේශගුණයට ගැලපෙන නිශ්පාදනයන්. ඒවගේම අපේ සමට ගැලපෙන වර්ණ ප්‍රබේදයන්.
සමහර විට ඉතා සරල උපක්‍රම තුළින් ඔබ නොසිතන ආලෝකයක් මුහුණට ලබාගන්න පුළුවන්. පුංචි ටච් අප් එකකින් විතරක් උනත් හොඳ ලස්සන පෙනුමක් ලබා ගන්න පුලුවන් වේවි.
ඉතින් ඒ ගැන දැනගන්න මේ ක්‍රම ගැන ඔබත් අත්හදා බලන්න.
මේකප් කිරීමට පෙර මොයිස්චරයිසර් එකක්, ෆවුන්ඩේෂන්, කම්පැක්ට් පවුඩර්, පිච් හෝ රෝස පැහැති බ්ලෂ්, සුදු අයිෂැඩෝ, කළු අයිලයිනර්, මස්කාරා, තද රෝස හා රතු පැහැති ලිප්ස්ටික් අවශ්‍ය වෙනවා.
පළමු පියවර

ෆවුන්ඩේෂන් සඳහා පදනමක් ලෙසත් සමේ වියළි බව පහ කිරිමටත් මොයිස්චර්රයිසර් ගල්වන්න.
දෙවන පියවර

ඔබේ සමට ගැලපෙන ෆවුන්ඩේෂන් වර්ගයක් ගල්වන්න. (පළමුව බෙල්ලේ ආලේප කර බලන්න)
තුන්වන පියවර

ෆවුන්ඩේෂන් නිසි ලෙස පවත්වා ගැනීමට කම්පැක්ට් පවුඩර් ගල්වන්න.
හතරවන පියවර

රෝස හෝ පිච් පැහැ බ්ලෂර් ගල්වා මුහුණේ අනවශ්‍ය පිරුණු ස්වභාවය සඟවන්න.
පස්වන පියවර

අයිෂැඩෝ මගින් ඇස්වල හැඩය මතු කරගන්න.
හයවන පියවර

ඉතා සිහින් ලෙස අයිලයිනර් යොදාගන්න.
හත්වන පියවර

ඇහි පිහාටු මත මස්කාරා ගල්වන්න.
අවසන් පියවර

හොඳ නිමාවකට රෝස හෝ රතු පැහැ තොල් ආලේපනයක් ගල්වන්න. දුඹුරු පැහැ පාට ගැල්වීමෙන් වළකින්න.
මේකප් කරන හැටි ගැන වැඩිපුර දැනුවත් වෙන්න ඔබට මේ වීඩියෝවෙන් පුළුවන් වේවි.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිසංසලා ලියනගේ
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.