theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ යෝනීයට කවදාවත් නොකල යුතු දේවල් 7 ක්

4 අවම කියවීම
ඔබේ යෝනීයට කවදාවත් නොකල යුතු දේවල් 7 ක්ඔබේ යෝනීයට කවදාවත් නොකල යුතු දේවල් 7 ක්

ඔබේ යෝනීයට මේ අනිසි දේවල් කරන්න පෙළඹෙන්න එපා

සෑම කාන්තාවක්ම සිය අනෙක් අවයව මෙන්ම තම යෝනීයේ පිරිසිදුකම ගැනත් උනන්දු වෙනවා.  නමුත් යෝනියට නොකළ යුතු දේවල් ද තියෙනවා.

හුමාලය ඇල්ලීමේ සිට දිය විදිනය දක්වා බොහෝ දේවල් ඔබේ යෝනීයේ සෞඛ්‍යයට  හානි කල හැකි බව ඔබ නොදන්නවා වෙන්න පුළුවන්.

ඔබේ යෝනීයට නොකල යුතු දේවල්

ස්වයංවින්දනය

යෝනීය යනු කාන්තාවන් සතු ඉතා සංවේදී අවයවයක්. ඒ නිසාම ආසාදනයන්ට ගොදුරු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

යෝනී ඊස්ට් ආසාදනය නැතිනම් යෝනි කැන්ඩිඩියාසිස් තත්වයක් ඇතිවෙන්න පුළුවන්.

ඔබේ යෝනීයේ නිරෝගීතාවය අතිශයින්ම වැදගත් වෙනවා. එය ඔබට නිරෝගි දිවියක් ලැබදෙන්න මෙන්ම දරු පිලිසිද ගැනීම සදහා ඔබට යෝග්‍යතාවය දෙන්නත් හේතු වෙනවා.

ඒ නිසා කාන්තාවක් ලෙස පහත සදහන් අවදානම් සහගත දේවල් ඔබ නොකළ යුතුයි. මේ එවන් නොකළ යුතු ක්‍රියාවන් 7 ක් ගැනයි.

1. යෝනියට නොකළ යුතු දේවල් : ඇතුලට දියර විදීම

මෙහිදි  කාන්තාවන් ජලය සහ විනාකිරි මිශ්‍රණයකින් යුතු දියර ද්‍රාවණයකින් යෝනි මාර්ගය සෝදා ගනු ලබනවා.

ඈත අතීතයේ සිට කාන්තාවන් භාවිතා කල මේ ක්‍රමයේ හොද හා නරක පිළිබද විවිධ කතා පැවතුනා.

නමුත් ඇලබාමා විශ්ව විද්‍යාලයේ පර්යේෂණයන් පෙන්වා දෙන්නේ ඩිම්බ මෝචනය වීමේදී ගැබ්ගෙල ඈත් වී ශ්ලේෂ්මල තුනි වෙන බැවින් වන ඒ වේලාවේදි මෙය කිරීමෙන් ඇතිවෙන පීඩනයෙන් ආසාදන ඇති වීමේ විසල් අවදානමක් තියෙනවා.

තවද මෙය කිරීම මගින් යෝනි බැක්ටීරියා ප්‍රමාණය අඩු විය හැකි නමුත් අනෙක්  රෝගකාරක බීජ වේගයෙන් ව්‍යාප්ත වීමට හේතු වෙනවා.

ඒ නිසාම ආසාදන ඇතිවීමේ අවදානම වැඩි වෙනවා.

2. යෝනිය වාෂ්ප කිරීම

යෝනිය වාෂ්ප කිරීමේදි  කාන්තාවන්ගේ යට ඇඳුම් ගලවා විශේෂ පුටු මත හිඳගෙන යෝනි මාර්ගයට  ඖෂධ පැළෑටි වලින් සකස් කල  වාෂ්ප ඇතුල් වීමට සලස්වනවා.

හෆින්ටන් පෝස්ට් පුවත්පතට අනුව, මෙම ක්‍රියාවලිය මගින් යෝනී මාර්ගයේ වෙසෙන  ස්වාභාවික බැක්ටීරියා වර්ධනයට හානි පමුණවනවා.

ඒ නිසා එමඟින් ආසාදන ඇතිවීමේ අවදානම ඉහළ යනවා.

3. යෝනියට නොකළ යුතු දේවල්: සිදුරු කිරීම

සමහර කාන්තාවන් සිය  යෝනි මාර්ගයේ සිදුරු කිරීම කලද  එය අනවශ්‍ය සංකූලතා ඇති කරන්නක් වෙන්න පුළුවන්. 

එක්සත් රාජධානියේ ශාන්ත මරියා රෝහලේ වෛද්‍යවරු විසින්  යාේනිය සංවේදී ප්‍රදේශයක් බව මතක් කර සිටිනවා.

එය මෙසේ සිදුරු කිරීමෙන්  වේදනාව මෙන්ම  ස්නායු වලට හානි වීම සිදුවෙන්න පුළුවන්.

ඒ විතරක් නොවේ  මෙලෙස  සිදුරු කිරීම මඟින් ශරීරය ආසාදනවලට විවෘත වීමද සිදුවෙනවා.

4. ඔබේ යෝනි මාර්ගයට පිටස්තර  වස්තූන් ඇතුල් කිරීම

ඕනෑම පිටස්තර  වස්තුවක් යෝනී මාර්ගයට ඇතුල් කිරීමෙන්  ආසාදනයක් ඇතිවීමේ හැකියාව ඇති බව මිචිගන් විශ්ව විද්‍යාලයේ පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

මෙලෙස පිටස්තර  වස්තුවක් නිසා ඇතිවන ආසාදනයක වඩාත් පොදු රෝග ලක්ෂණ වන්නේ යෝනි ශ්‍රාවයේ වෙනසක් ඇතිවීම  සහ අප්‍රසන්න සුවඳක් ඇතිවීමයි.

ඔබේ යෝනී මාර්ගයේ එවන් පිටස්තර  වස්තුවක් සිර වී ඇත්නම් වහාම වෛද්‍යඋපදෙස් ලබා ගන්න.

5. යෝනියට නොකළ යුතු දේවල්:  සුවඳැති සබන් හෝ සුවඳ විලවුන් භාවිතා කිරීම

යෝනීයෙන් සුළු ගන්ධයක් වහනය වෙන්න පුළුවන්. එය එහි ස්වාභාවික ගන්ධයයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ආසාදනයන් නිසා  නරක ගන්ධයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ සදහා  සුවඳැති සබන් හෝ සුවඳ විලවුන් භාවිතා කිරීම හොද අදහසක් නම් නොවේ.

යෝනි මාර්ගය නිශ්චිත pH අගයක්  සහිත සංවේදී අවයවයක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ පර්යේෂණයකින් හෙළි වී තියෙනවා.

ඕනෑම සුවඳක් හෝ රසයක් මගින් මෙම   pH අගය වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා ඔබේ යෝනීය ආසාදනයන්ට ගොදුරු වීමට තියෙන ඉඩකඩ වැඩිවෙනවා.

6. තද යට ඇඳුම් ඇඳීම

vaginal douching

යට ඇඳුම් ඔබ අදිනු ලබන්නේ ඔබේ ලිංගික අවයව වල ආරක්ෂාවටයි. ඒවා  සුවපහසු ඒවා විය යුතුයි.

රළු ලෙස නිෂ්පාදිත යට ඇදුම් ඔබට ගොඩාක් නරක විපාක ලබා දෙන්න පුළුවන්. 

එවැනි යට ඇඳුම් ඉතා තදින් ඝර්ෂණයක් ඇති කිරීමෙන් ඒ මගින්  ඔබට අපහසුතාවයක් ඇති කරන්න පුළුවන්.

යෝනි ප්‍රදේශය තුළ උෂ්ණත්වය  හා තෙතමනය වර්ධනය වෙන්න පුළුවන්. එවන් පරිසරයක්  බැක්ටීරියා ආසාදනය කිරීම ඉහළ නංවනවා.

7. අමුතු ලිහිසි ද්‍රව්‍ය භාවිතා කිරීම

සමහර ලිංගික සම්බන්ධතා වලදී යම් ලිහිසි කිරීමක් අවශ්‍ය වෙන්න පුළුවන්.

නමුත් ඔබ කිසි විටෙකත් සම්මත ලිහිසි ද්‍රව්‍ය හැර වෙනත් කිසිවක් භාවිතා නොකළ යුතුය.

වෙනත් ලිහිසි ද්‍රව්‍ය මගින්  ආසාදන ඇති වෙන්න පුළුවන්.

ඒ වගේම තෙල් සහිත  ලිහිසි ද්‍රව්‍ය ඝනකමින් යුක්ත වන අතර ඒවා යෝනී මාර්ගයෙන්  ඉවත් කිරීම වඩාත් අපහසු වෙනවා.

කාන්තා ඔබට යෝනී මාර්ගයේ නිරෝගීතාවයේ වැදගත් කම

කාන්තා රුධිර වහනය

කාන්තාවකට සිය ලිංගික ජිවිතය සාර්ථක කරගන්න වගේම දරු පිළිසිද ගැනීම් වලදීද නිරෝගී යෝනී මාර්ගයේ සෞඛ්‍යයක් අවශ්‍ය වෙනවා.

ඒ නිසා ඔබේ යෝනී මාර්ගය තුවාල විය හැකි හෝ එයට විෂබීජ ඇතුල්  විය හැකි ක්‍රියාකාරකම් අවදානම් බව අමතක නොකරන්න.

ඔබේ යෝනී මාර්ගය තුලින් යම් අමුතු ගන්ධයක් වහනය වේ නම් හෝ නැතිනම් අමුතු ස්‍රාවයක් පිට වේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

යෝනී මාර්ගය පිරිසිදු ජලයෙන් නිතර පිරිසිදුව තබා ගන්න.

මුලාශ්‍ර - www.health24.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • ඔබේ යෝනීයට කවදාවත් නොකල යුතු දේවල් 7 ක්
බෙදාගන්න :
  • ඔබේ යෝනිය ගැන ඔබ දැනගත යුතු කාරණා 23 ක්

    ඔබේ යෝනිය ගැන ඔබ දැනගත යුතු කාරණා 23 ක්

  • කාන්තා යට ඇදුම් වල පැල්ලම් සලකුණු හා සිදුරු ඇති වෙන්නේ ඇයි?

    කාන්තා යට ඇදුම් වල පැල්ලම් සලකුණු හා සිදුරු ඇති වෙන්නේ ඇයි?

  • ඔබේ යෝනිය ගැන ඔබ දැනගත යුතු කාරණා 23 ක්

    ඔබේ යෝනිය ගැන ඔබ දැනගත යුතු කාරණා 23 ක්

  • කාන්තා යට ඇදුම් වල පැල්ලම් සලකුණු හා සිදුරු ඇති වෙන්නේ ඇයි?

    කාන්තා යට ඇදුම් වල පැල්ලම් සලකුණු හා සිදුරු ඇති වෙන්නේ ඇයි?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it