theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරු ප්‍රසුතියෙන් පසු පැන නැගෙන රූපලාවන්‍ය හා සම්බන්ධ ගැටලු 7ක්

6 අවම කියවීම
දරු ප්‍රසුතියෙන් පසු පැන නැගෙන රූපලාවන්‍ය හා සම්බන්ධ ගැටලු 7ක්දරු ප්‍රසුතියෙන් පසු පැන නැගෙන රූපලාවන්‍ය හා සම්බන්ධ ගැටලු 7ක්

දරු ප්‍රසුතියෙන්  පසු බහුලව ඇතිවෙන රූපලාවන්‍ය ගැටලු සදහා විසදුම් සොයා ගැනීම තුලින් ඔබට දරුවන් හදාවඩා ගන්නා අතර  ඔබගේ රූපය රැක ගන්නත් පුලුවන්.

මවක් වීමේ සිතුවිල්ල මෙන්ම දරුවෙකු මෙලොවට බිහි කිරීම තුලින් වටිනාකමක් එකතු වුනත්, මේ ගර්භණී භාවයත් සමග එන සතුට හා තෘප්තිය සිරුරේ වේදනාකාරී අත්දැකීම් සමග වෙනස් වෙනවා. මේ අතර දරු ප්‍රසුතියෙන් පසු රූපලාවන්‍ය ගැටළු රාශියක් ඇත.

සමහර කාන්තාවන්ට මෙම අප්‍රසන්න වෙනස්වීම් දරු ප්‍රසුතියෙන් පසුවද පවතින අතර එය අලුත් වගේ ආත්ම අභිමානයට බලපානු ලබයි.

සුභ ආරංචිය දන්නවාද? දරු ප්‍රසුතියෙන් පසු ඔබේ දීප්තිය නැවත ලබා ගන්න ක්‍රම ඇති අතර ඒ මගින් දරු උපතින් පසු වඩා වැඩි ලස්සනක් ලබා ගතහැකි වේ.

මෙම ලිපියේ දරු ප්‍රසුතියෙන් පසු බහුලව අත්විදින රූපලාවන්‍ය ගැටලු සදහා ඔබට විසදුම් සොයා ගත හැකි අතර, දරුවන් හදාවඩා ගන්නා අතර ඔබගේ රූපයද රැකගත හැක.

දරු ප්‍රසුතියෙන් පසු පැන නැගෙන රූපලාවන්‍ය හා සම්බන්ධ ගැටලු 7ක්

දරු ප්‍රසුතියෙන් පසු රූපලාවන්‍ය ගැටළු සදහා ඔබට විසදුම්

1. හෝමෝන නිසා ඇති වෙන කුරුලෑ

සිරුරේ ඊෂ්ට්‍රජන් හා ප්‍රෝජෙස්ට්‍රෝන් හෝමෝන මට්ටම් ඉහල යෑම නිසා ඇතිවෙන කුරුලෑ තුලින් ගර්භණී මව්වරුන් වේදනාවට පත් වෙනවා.

මෙම හොමෝන වෙනස් වීම නිසා ඇතිවෙන ඉහල තෙල් නිෂ්පාදනය සමේ ඉතිරිව ඇති දුවිලි හා මේකප් සමග සිදුරු අවහිර කරනු ලබයි.මෙම හේතුවෙන් කුරුලෑ ඇතිවෙන අතර එය ප්‍රසුතියෙන් පසු පවා මාස ගණනක් යනතුරු පවතී.

විසදුම:

විශේෂයෙන් ඔබ මව්කිරි දෙන කාලයේ කුරුලෑ පාලනය ඉතා අපහසුය. මුහුණේ සිදුරු සෝදා හැරීම සදහා දැඩි මුහුණ පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක් අනුගමනය කරන්න. ඉතිරි වන තෙල් ඉවත් කිරීමට  මෘදු පිරිසිදුකාරකයක් භාවිතයෙන් අනතුරුව ටෝනර් එකක්ද භාවිතා කරන්න.

කුරුලෑ සදහා වන ඖෂධීය නිෂ්පාදන මව්කිරි ලබාදෙන මව්වරුන් සදහා සුදුසු නොවන බැවින් ඒවායින් වැළකීම වැදගත් වේ.

ඒ වෙනුවට බෙන්සෝල් ෆැරොක්සයිඩ් අඩංගු  නිෂ්පාදනයක් භාවිතා කර ඔබගේ මුහුණේ සිදුරු හොදින් පිරිසිදු කිරීමට පුලුවන්. මව්කිරි ලබාදෙන කාලයේදී කුරුලෑ පාලනයට එය බොහෝ දුරට ආරක්ෂිත ක්‍රමයක් වේ.

ඇස් යට කළු වීම

2. දරු ප්‍රසුතියෙන් පසු රූපලාවන්‍ය ගැටළු: මෙලෙස්මා

ගර්භණී සමයේදි අධික ඊෂ්ට්‍රජන් හා ප්‍රෝජෙස්ට්‍රෝන් හේතුවෙන් සම අදුරු පැහැයට හැරීමට ඉඩ ඇත. මෙම හෝමෝන වල වැඩි වීම  නිසා මෙලෙනොසයිට් අධික ලෙස නිපදවන අතර එමගින් සමෙහි අදුරු පැහැ ලප ඇතිවේ. එය මෙලෙස්මා හෝ ගර්භණීත්වයේ වෙස්මුහුණ ලෙස හැදින්වේ.

මුහුණේ, තොල්වල, නාසයේ හා නලලේ මෙලෙස්මා සාමාන්‍යයෙන් කැපී පෙනේ. මෙම අදුරු පැහැ වීම සූර්‍යයාට නිරාවරණය වීමෙන් උග්‍ර වේ. එය සාමාන්‍යයෙන් දරු ප්‍රසුතියෙන් පසු නොපෙනී යායුතු නමුත් එම අදුරු පැහැය නොපෙනී යන්න කාලයක් ගතවන අතර එයට මාස ගණනක් වුවත් ගතවිය හැක.

විසදුම

මෙලෙස්මා තත්වය වර්ධනය අවම කිරීමට SPF 30 ත් වන සන් ස්ක්‍රීන් ක්‍රීම් එකක්  භාවිතය දවසේ රූපලාවන්‍ය චර්‍යාවන්ට එකතු කරගන්න. සාමාන්‍යයෙන් එය දරු උපතෙන් වසරකට පසු නොපෙනී යන අතර මෙලෙස්මා සදහා ඉක්මන් නොකඩවා ප්‍රතිකාර සදහා සම සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න.

3. ඇස් වටා කලු පැහැ වීම

අඩු නින්ද හා වර්ණක සපයා දෙන  හෝමෝන මට්ටමේ ඉහලයෑම හොද එකතුවක් නොවේ. එය ඇස් වටා අදුරු පැහැ වීමට මග පාදන අතර ඇස් වටා සම එල්ලා වැටීමකට එය හේතුවෙන්න පුලුවන්. අනෙක් අතට ප්‍රමාණවත් නොවන රුධිර සංසරණය, විජලනය, යකඩ, විටමින් සී හා ෆෝලික් අම්ල පෝෂණ ඌණතා වෙහෙසට පත් පෙනුමැති ඇස් ලබා දෙන්න පුලුවන්.

විසදුම

විජලනයට හොදම විසදුම වන්නේ තෙත්බවක් ලබා දීමයි. සෞඛ්‍ය විශේෂඥයින්ට අනුව, ඔබ 8*8 නිතීය පිළිපැදිය යුතු අතර නියමිත ජල ප්‍රමාණයක් පවත්වා ගැනීමට  දිනකට අවුන්ස 8 ජලය පානය කල යුතුය.

පෝෂණ ඌණතා සදහා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීමත් නියම කර ඇති අතීරේක ගැනීමත් කරන්න. ඇස් වටා අදුරු පැහැවීමට ප්‍රතිකාරයක් ලෙස සීරම් එකක් SPF අඩංගු  ඇස් සදහා වන ආලේපනයක් භාවිතා කරන්න පුලුවන්. අවසාන වශයෙන් ඔබේ පැහැපත් බව නැවත ලබා ගැනීම සදහා හොද නින්දක් ලබා ගන්න.

4 . රතු මකුළු නහර (නහර ඉලිප්පීම)

ඉහල යන රුධිර සංසරණය හා හෝමෝන මට්ටම ඉහල පහල යෑම නිසා ඔබේ රුධිර නාල වල විශ්කම්භය වැඩි වී ඒවාට කැපී පෙනෙන පෙනුමක් ලැබේ.

මකුළු නහර පෙනුමින් මුහුණ, බෙල්ල, පපුව හා කකුල්  පුරා විහිදි යන රතු නුල් වැනි නහර වේ. මෙම තත්වය දරු ප්‍රසුතියෙන් පසු මාස තුනක් දක්වා පවතින්න පුලුවන්. ඔබට ඒවා ඉක්මනින් ඉවත් කරගන්න අවශ්‍ය නම් ඔබට උත්සහ කරන්න පුලුවන් ක්‍රම කිහිපයක් තියෙනවා.

විසදුම

මේ මුරණ්ඩු මකුළු නහර සදහා ඔබට ලේසර් ප්‍රතිකාර ලබාගන්න පුලුවන්.  එය ඔබේ අවශ්‍යතාවයන්ට හරියටම ගැලපෙන ආරක්ෂිත අඛණ්ඩ ප්‍රතිකාර ක්‍රමයක් වේ. බලපෑමට ලක් වු නහර පෙනීම අඩු කිරීමට විශේෂ එන්නත් ක්‍රමයක්  සහිත ක්ෂුද්‍රජීවී චිකිත්සාව  වෙනත් ප්‍රතිකාර ක්‍රමයක් වේ.

දරු ප්‍රසුතියෙන් පසු පැන නැගෙන රූපලාවන්‍ය හා සම්බන්ධ ගැටලු 7ක්

5. හිසකෙස් යෑම

කාන්තාවන් දරු ප්‍රසුතියෙන් පසු මුහුණ දෙන වඩාත් තැති ගැන්මක් ඇති කරන රූපලාවන්‍ය ගැටලුවක් වන්නේ හිසකෙස් යෑමයි.  ගර්භණී අවධිය තුල ඔබේ හෝමෝන මගින් හිසකෙස් යෑම වළක්වනවා.

කොහොම නමුත් දරු උපතින් මාස කිහිපයකට පසු වැඩි ලෙස හිසකෙස් යෑමක් සිදුවෙන්න පුලුවන්. හිසකෙස් යෑම තැති ගැන්මක් ඇති කලත් එය සාමාන්‍ය හා තාවකාලික දෙයක් වීම දැන ගැනීමට හොද කරුණකි. ඒ වගේම එය පහසුවෙන් සොයා ගත නොහැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

විසදුම:

ප්‍රසුතියෙන් පසුව හිසකෙස් පාට කිරීම හා රසායනික ප්‍රතිකාර වලින් වළකින්න.ඒ මගින් හිසකෙස් යෑම උග්‍ර කරනු ලබයි.

ඒ වෙනුවට හිසකෙස් වැටීම වළක්වන ෂැම්පු හා කන්ඩිෂනර් භාවිත කරන්න. නිරෝගිමත් හිසකෙස් හා හිස් කබලක් පවත්වා ගන්න ඔක්සිහාරක අඩංගු ආහාර ගැනීම සුදුසුයි. ඒ වගේම ඒ මගින් ඔබේ හිසකෙස් ගැට ගැසීම වළක්වනවා.

6. ස්ට්රේච් ලකුණු

ගර්භණී සමයේ අවසාන අවධියේ ස්ට්රෙච් මාර්ක් සමාන්‍යයෙන් වර්ධනය වේ. ප්‍රසුතියෙන් පසු සම ඉක්මනින් ඇදි එකවර සංකෝචනය වීම නිසා මේවා ඇති වේ.

මෙම ක්‍රියාව සමෙහි හට ගන්නා කාලයත් සමක මැකි යන හෝ වර්ණය අඩුවෙන දම් හෝ රතු පාට  පිලිස්සුන දිග පැලුම් වලින් ආරම්භ වෙනවා. ස්ට්රෙච් ලකුණු කුසෙහි, පියයුරු වල, තට්ටම්, දණහිස් පිටුපස හා කලවා වල සාමාන්‍යයෙන් ඇති වේ.

විසදුම :

ගර්භණී අවධියේදී  මොයිස්චරයිසින්  චර්‍යාවන් අනුගමනය කරන්න. ස්ට්රෙච් සලකුණු වැඩිපුර ඇති ස්ථාන නිතර පිරිමැදීමෙන් සමේ ඇදෙන සුලු ගතිය වැඩි වී ඇදෙන ප්‍රමාණය ඉක්මවා යෑමට සුදානම් වේ.

ලේසර් සහ ආලෝක ප්‍රතිකාරය ආරක්ෂිත හා අඛණ්ඩ වේ. එයට ඔබේ ස්ට්රෙච් ලකුණු සම්පුර්ණයෙන්ම මැකිය නොහැකි වුවද ඒ මගින් ඒවා මැකියමින් කැපි පෙනෙන ගතිය අඩුවේ.

7. උදරය එල්ලා වැටීම හා අමතර බර

මේ අවධියේදී ගර්භණිත්වය  සමග බර වැඩිවීම සිදුවේ. කාන්තාවක් පවුම් 25 ත් 40 ත් අතර ප්‍රමාණයෙන් වැඩි වේ. ඒත් එක්කම උදරය එල්ලා වැටීම හා අත් වල මාංශපේෂි එල්ලා වැටි දරු උපතෙන් පසුද පැවතිය හැක.

ගර්භණී අවධියේදී බර අඩු කරගැනීම හොද දෙයක් නොවේ. ගැටලුකාරී තත්වය මග හරවා ගැනීමට සෞඛ්‍ය ආරක්ෂිත කලාපයේ බර පවත්වා ගන්න.

විසදුම

ප්‍රසුතියෙන් පසු ඔබේ සාමාන්‍ය හැඩය පවත්වා ගැනීම සදහා ඔබ කල යුතු පළමු දෙය වන්නේ හොද නින්දක් ලැබීම හා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරුවීමයි. මව්කිරි ලබාදෙන පළමු මාස හය තුල කැලරි අඩු කිරීම සුදුසු දෙයක් නොවේ.

ඔබේ සිරුර දරු ප්‍රසුතියෙන් පසු යථා තත්වයට පත් වු විට ඇවිදීම, ශ්‍රෝණියට ලබාදෙන ව්‍යායාම හා යටි බඩට ලබාදෙන ව්‍යායාම වැනි ව්‍යායාම ඔබට ආරම්භ කල හැක.

මව්කිරි නිෂ්පාදනයට කැලරි වැය වෙන නිසා මව්කිරි ලබාදීමත් බර අඩු කර ගැනීමට උදව් කරනවා. මේ මගින් ප්‍රසුතියෙන් පසු බර අඩු කර ගැනීමට ආරක්ෂිත හා ස්වාභාවික ක්‍රමයක් ලබා දෙනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

අම්මා කෙනෙක්  නීරෝගීව ලස්සනට ඉන්න ඕනි කියලා හැමදාම හිතන theAsianparent Sri Lanka මේ තොරතුරු ඔබට තිළිණ කරන්නේ හදපිරි ආදරයෙනි.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • රූපලාවන්‍ය
  • /
  • දරු ප්‍රසුතියෙන් පසු පැන නැගෙන රූපලාවන්‍ය හා සම්බන්ධ ගැටලු 7ක්
බෙදාගන්න :
  • අම්මලා නිතර කරන රූපලාවන්‍ය අතපසුවීම් 5ක්

    අම්මලා නිතර කරන රූපලාවන්‍ය අතපසුවීම් 5ක්

  • නිවුන් දරු උපතකින් පසුත් ලස්සනට නිරෝගීව සිටින ඇයගේ රහස

    නිවුන් දරු උපතකින් පසුත් ලස්සනට නිරෝගීව සිටින ඇයගේ රහස

  • අම්මලා නිතර කරන රූපලාවන්‍ය අතපසුවීම් 5ක්

    අම්මලා නිතර කරන රූපලාවන්‍ය අතපසුවීම් 5ක්

  • නිවුන් දරු උපතකින් පසුත් ලස්සනට නිරෝගීව සිටින ඇයගේ රහස

    නිවුන් දරු උපතකින් පසුත් ලස්සනට නිරෝගීව සිටින ඇයගේ රහස

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it