theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නුතන සමාජයේ කාන්තාවන් අතින් මග හැරෙන ආදරණීය ක්‍රියාකාරකම්

3 අවම කියවීම
නුතන සමාජයේ කාන්තාවන්  අතින් මග හැරෙන ආදරණීය ක්‍රියාකාරකම්නුතන සමාජයේ කාන්තාවන්  අතින් මග හැරෙන ආදරණීය ක්‍රියාකාරකම්

ඔබටත් මේ ආදරණීය වගකීම් මග හැරෙනවාද?

සමාජය කාර්‍යබහුල වෙලා. ඒ වගේම සංකීර්ණ වෙලා. අවශ්‍යතා වැඩියි. නුතන සමාජයේ කාන්තාවන් ගත කරන්නේත් වගකීම් වැඩියි ජීවිතයක්. ඒ වගේම වියදමත් වැඩියි.

එක් පුද්ගලයෙකුගේ වැටුපෙන් සියල්ල කරන්න අමාරුයි. ඉතින් කාන්තාවන්ටත් නිවසෙන් පිටට ඇවිත් උපයන්න වෙලා. මේ වළලු දාපු අතින් ගෙදර සිදුවුන බොහොමයක් ආදරණීය වගකීම් අද නිවස තුල අතරමං වෙලා.

අන්න ඒ නිසා කාන්තාවන් අතින් මගහැරෙන මේ ආදරණීය ක්‍රියාකාරකම් මොනවාද? රැකියාවත් රැකගෙන මේ දේවල් වලටත් සාධාරණයක් ඉටු කරන්න පුළුවන්ද කියලා අපි බලමු.

1. දරුවන් රැකබලා ගැනීම

අනාදිමත් කාලෙක ඉදලා පුංචි පැටව් බිහිකිරීමේ සිට රැකබලා ලොකු මහත් කර සමාජයට භාරදෙන තුරු අම්මා භාර දුර කර්තව්‍යයක් කරනවා. මේ පුංචි පැටව් ලොකු වුනේ අම්මාගේ උණුසුමේ, ඒත් අම්මා රැකියාවත් එක්ක කාර්‍යබහුල  වෙද්දී දරුවන් බලාගැනීම වැඩිහිටියන් , සේවිකාවන් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත පැවරුනා. අම්මාගේ ආදරය උණුසුම මේ ලෝකේ කාටවත්ම දෙන්න බැරි බව මතක් කරන්න කැමතියි.

ඔබ රැකියාවක නියුතු මවක් නම් නිවසේ සිටින සෑම මොහොතකම දරුවන් රැකබලා ගැනීම ඔබම කරන්න.

අනිවාර්යයෙන්ම රාත්‍රී ආහාර වේලවත් ඔබේ අතින් දරුවාට කවන්න. ඔවුන්ගේ වැඩ කටයුතු වලට සහය දෙන්න.

ළගින් ඉන්න . ඔවුන්ට සවන් දෙන්න. ඔවුන් නිදාගන්නා තුරු තුරුල් කර ගන්න.

2. ආහාර පිසීම  නුතන සමාජයේ කාන්තාවන්

අම්මාගේ අතින් වතුර එකක් දුන්නත් රසයි කියනවානේ. අම්මා උයන මොන කෑමත් රසෙන් ගුණෙන් ඉස්තරම් වෙනවා.

අම්මා හැම දෙයක්ම උයන්නේ ආදරෙන් භක්තියෙන්, ඒක නිසා කෑම එකම තවත් රස වෙනවා.

ඒත් අද කාන්තාවන් රැකියාවත් එක්ක කාර්‍යබහුල වීමත් සමග තුන් වේලටම කෑම කඩ බිහිවෙලා. අම්මාගේ ආදරේ නැතුව හදන රස නැති කෑම රස කරන්න රස කාරක ගොඩාක් දානවා.

කවුරුත් පහසුවට මේ කෑම වලට පුරුදු වෙලා. ඒවා කාලා අපි ලෙඩ වෙනවා.

අම්මාට චුට්ටක් මහන්සි වෙන්න වේවි. උදේ පාන්දර නැගිටින්න වේවි. ඒත් ඔයාගේ ආදරණීය පවුලට වස විෂ කවන්නේ නැතිව කෑම ටිකක් උයන්න. පුලුවන් නම් සැමියාව උදව්වට අඩ ගහ ගන්න.

3. සැමියාට සැලකීමනුතන සමාජයේ කාන්තාවන්

දරුවන් ලැබීමත් එක්ක මග හැරෙන සැමියා කාන්තාව රැකියාවකට යාමත් සමග ආදරය නොමැති කතරක අතරමං වෙනවා. නොලැබෙනා ආදරය , අවශ්‍යතා සොයා ඔවුන් වෙනත් සිත් වෙත ඇදෙන්නේ එවිටයි.

ඔබ කොතරම් කාර්‍යබහුල වුවත් සැමියාව නම් අත හරින්න එපා. ඔය වැඩ අතරට ඔහුගේ වැඩත් කරන්න.

. ඔහුට ආදරය දෙන්න. ඔහුව හුරතල් කරන්න. ඔහුගේ අවශ්‍යතා හදුනාගෙන ඒවා ඉටුකරන්න.

ඔබගේ වැඩ කටයුතු වලට ඔහුව හවුල් කරගන්න. රසවත් යමක් ඔහුට පවසන්න . අ

ඩුම තරමින් රාත්‍රී ආහාර වේලවත් එක්ව කන්න. එක්ව රාත්‍රී නින්දට යන්න.

4. නැදෑහිතවතුන්ට සංග්‍රහ කිරීම

අපේ රට ආගන්තුක සත්කාර කිරීමට ඉතා ප්‍රසිද්ධයි. නැදෑ හිතවතෙක් ගෙදර ආවොත් රසවත් කෑම වේලක් වරදින්නේ නැහැ

. ඒත් රැකියාවත් එක්ක ගෙදර ඇත්ති ගෙදරින් පිට ගියහම මේ සංග්‍රහ කටයුතු කරන්න කවුරුත්ම නැහැ .

මේ නැදෑ සම්බන්ධතා පවත්වා ගන්න මොකද කරන්න පුලුවන් . ඉස්සර තරම් සංනිවේදනය අපහසු නැති නිසා නැදෑයින් ගෙදරට එන එක නිවාඩු දවසක සැලසුම්  කරගන්න. එතකොට මේ නැදෑ සම්බන්ධතා පවත්වා ගැනීම මෙන්ම ඒ මගින් ටිකක් ඔබට විනෝද වෙන්නත් පුලුවන්.

5. පවුල් සම්බන්ධතාවය බැද තැබීම

අම්මා නැමති රැහැනින් බැදී ඇති පවුල ඇය රැකියාව සදහා නිවසෙන්ම පිටවත්ම නිවස පුරා විසිරිනි. ඒ අපූරු වූ ආදරණීය බැදීම එකිනෙකා කෙරෙන් ඈත්වන්නට විය.

අම්මා නිවසේ සිටින සෑම විටම දරුවන් හා සැමියා සමග ගැවසෙන්න. කථා කරන්න. ඔවුන් සමග එළියට යන්න.

ආදරය වචන කිරීමටත් , ක්‍රියාවට නැංවීමට අමතක කරන්න එපා.

6. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු

පුංචි පැටියා කෝටු බබා අදින්න පටන් ගත්ත දවසේ ඉදන් කොල, බිත්ති පුරා සිතුවම් කරද්දී අම්මා ආදරයෙන් බලා වුන්නාය.

ඉන්පසු පාසැල් විය පටන් ගත්විට අම්මා පුංචි පැටියාගේ පසුපසින් සිට දිරිමත් කලාය.

ඒත් අම්මා රැකියාවට ගියේ ඒ වගකීම නිවසේ තනි කරය. අනිවාර්යයෙන්ම අම්මා හවස නිවසට ආ විට දරුවාගේ පාසැල් වැඩ සොයා බලන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඉදහිට නිවාඩුවක් දමා දරුවාගේ පාසැලට ගොස් ගුරුවරුන් හමුවෙන්න. සති අන්තයේ දරුවාගේ පාසැල් පැවරුම් සොයා බලා කරන්න.

කාන්තාවන්ගේ  ආදරණීය වගකීම ඇය විසින් තමන් ගෙන් ගිලිහෙන්න නොදිය යුතු අතර පවුල බැද තබන ඒ අපුර්වතම රැහැන ඇයම විය යුතුය.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • නුතන සමාජයේ කාන්තාවන් අතින් මග හැරෙන ආදරණීය ක්‍රියාකාරකම්
බෙදාගන්න :
  • ගෙදරදීම පටන් ගන්නා ඔබේම ව්‍යාපාරය ඔප් නංවා ගන්නේ මෙහෙමයි

    ගෙදරදීම පටන් ගන්නා ඔබේම ව්‍යාපාරය ඔප් නංවා ගන්නේ මෙහෙමයි

  • බබාටයි අම්මාටයි පිරිත් ඇසීමෙන් ගුණ

    බබාටයි අම්මාටයි පිරිත් ඇසීමෙන් ගුණ

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

  • ගෙදරදීම පටන් ගන්නා ඔබේම ව්‍යාපාරය ඔප් නංවා ගන්නේ මෙහෙමයි

    ගෙදරදීම පටන් ගන්නා ඔබේම ව්‍යාපාරය ඔප් නංවා ගන්නේ මෙහෙමයි

  • බබාටයි අම්මාටයි පිරිත් ඇසීමෙන් ගුණ

    බබාටයි අම්මාටයි පිරිත් ඇසීමෙන් ගුණ

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it