theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවන් සමග ඇති සබඳතාවය ශක්තිමත් කරගන්න ක්‍රම 7 ක්

4 අවම කියවීම
ඔබේ දරුවන් සමග ඇති සබඳතාවය ශක්තිමත් කරගන්න ක්‍රම 7 ක්ඔබේ දරුවන් සමග ඇති සබඳතාවය ශක්තිමත් කරගන්න ක්‍රම 7 ක්

හැම සබඳතාවයක්ම ශක්තිමත් කරගන්න පුළුවන්. ඔබත් මේ කරුණු ගැන සිතා බලන්න.

ඔබ කෙනෙකුට කෙතරම් සමීප වුනත් ඒ සබඳතාවය තවත් ශක්තිමත් කර ගැනීම වටිනවා. දරුවන් හා දෙමාපියන් අතර ඇති සබඳතාවයනුත් ඒ වගෙයි. හුඟක් දෙනෙක් හිතන්නේ දරුවන්ට ළඟාවිය හැකි ක්‍රම දෙකක් ගැනයි. ඒ එක්කෝ අචාරශීලිත්වය උගන්වමින්, නැතිනම් යාළුවෙකු ලෙසින් වෙන්න පුළුවන්. Parenting and Working Mother හි කතෘ කත්‍රිනා ලී පවසන ආකාරයට දරුවන් සමඟ සබඳතාවය, මේ අසමසම බැඳීම තර කරගන්න අපට කළහැකි විවිධ ක්‍රම තියෙනවා.

ඇගේ අත්දැකීම් හා ක්ෂේත්‍රයේ අත්දැකීම් මත එක් එක් පවුල් සමග ඇති බැඳීම වෙන වෙනම වෙන් කරගන්න අමාරු බව ඇය පවසනවා. නමුත් දෙමාපියන් ලෙස විවිධ ක්‍රියාකාරකම් තුළින් බැඳීම් වැඩිකරගන්න පුළුවන් බව ඇය කියනවා.

දරුවන් සමඟ සබඳතාවය

1. එකට ආහාර ගැනීම

පවුලේ අය දරුවන් සමග එකට ආහාර ගැනීම මගින් දරුවන්ගේ වර්ධනය හා ආහාර ගැනීමේ හොඳ පුරුදු හා ධනාත්මක පුරුදු ඇතිවන බව ලී පවසනවා. ඒ මගින් ශක්තිමත් කායික මානසික හා සමාජීය හැකියාවන් වැඩි දියුණු වන අතර අධ්‍යාපනික වශයෙන් දක්ෂතා දක්වනවා.

හැම දිනයකම පවුලේ අයට එකට සිට ආහාර ගැනීම තරමක් අපහසු වෙන්න පුළුවන්. විශේෂයෙන් වර්තමානයේ තිබෙන විවිධ කටයුතු නිසා පවුලේ අයට එකට කෑම ගැනීම දුෂ්කර වෙන්න පුළුවන්. නමුත් සතියකට කිහිප වතාවක්වත් ඊට වෙන්කර ගැනීමෙන් ඔබටත් දරුවන්ටත් එකට හමුවීමට අවස්ථාවක් වෙන්කර ගන්න පුළුවන්.

2. සන්නිවේදනය

ඉතා පුංචි වචන හුවමාරුවක් පවා හොඳ සබඳතාවයකට පාර කපන බව ලී පවසනවා. උදාහරණයක් ලෙස දරුවන්ගේ දවස ගෙවුන හැටි හොඳ නරක ගැන ඔවුන් සමග කතා කිරීම හරිම වැදගත් බව ලී පවසනවා. ඒ වගේම ඔබගේ දවස තුළ සිදුවූ සිදුවීමක් දරුවන් සමග බෙදාගැනීමත් ඉතා වැදගත් වන්නේ ඉන් ඔබට ඔවුන්ට ඉතා වැදගත් සැලකිය යුතු වටිනාකමක් ඇති අයෙකු ලෙස සිතන බව දැනීම නිසා ඔබත් දරුවාත් අතර ඇති බැඳීම වැඩිවන නිසයි.

3. එකට සෙල්ලම් කරන්න

දරුවන් සමඟ සබඳතාවය

දරුවන් සමඟ සබඳතාවය

දරුවන් සමග හොඳ සබඳතාවයක් ගොඩනගා ගැනීමට හැකි හොඳම ක්‍රමය ලෙස ලී සිතන්නේ ඔවුන් සමග විනෝදයෙන් සෙල්ලම් කිරීමයි. එළිමහනට ගොස් බයිසිකල් පැදීම, බෝල ගැසීම වගේම පවුලේ හැමෝටම එකට සිට ක්‍රිඩා කළහැකි ක්‍රීඩාවක් තෝරා ගැනීම සාමුහිකත්වයේ සතුට, ජය පරාජය විඳගැනීම ආදිය ගැන ඔබට කියාදෙන්න පුළුවන්.

4. සුරතල් කරන්න

සුරතල් කරන්න, සිපගන්න, වැළඳගන්න ඔබ මේ කැමති දෙයකින් හඳුන්වන්න පුළුවන්. හැකි හැමවිටම ඔබ පුංචි දරුවන් සුරතල් කරන්න. එය ඉතා ශක්තිමත් වගේම ඔවුන්ට ආරක්ෂාව දනවන හැඟීමක්. ඒ වගේම ඉස්සර දරුවන් නිතර ලෙඩ වීම අඩුකරන බවත් වර්තමාන පර්යේෂණ මගින් සොයා ගෙන තියෙනවා.

5. ගරු කරන්න

සැබවින්ම ඔබේ දරුවන් ඔබ ඉදිරියේ ඔබට ගරු කිරීම දකින්න ඔබ කැමති වගේම ඔබ ඔබේ දරුවාටත් ගරු කරන්න. ලී පවසන්නේ දෙමාපියන් විසින් තම දරුවන්ට ගරු කිරීමත් වැදගත් ආචාරශීලිත්වය කියාදෙන උපක්‍රමයක් බවයි. දරුවා නොකළයුතු දෙයක් කළත් ඒ ගැන නිවුණු ස්වරයෙන් කතා කරන්න උත්සාහ කරන්න. නිතර ස්තූතියි, සමාවෙන්න යන වචන භාවිතා කරන්න.

ඔබ ඔවුන්ට කියාදෙන දේ ඔවුන් ඉදිරියේ පෙන්වන්න. එහි ප්‍රතිඵලයක් ලෙස අවබෝධය මත ඔබේ බැඳීම් ශක්තිමත් වෙනවා.

6. උදවුවක් ඉල්ලන්න

දරුවන් සමඟ සබඳතාවය

හුඟක් වෙලාවට දරුවන් දෙමාපියන්ගෙන් උදවුවක් ඉල්ලූ විට කරන්න එතරම් උනන්දුවක් නැහැ. කොහොම වුනත් ලී පවසන ආකාරයට ඔවුන් විසින් ඉටුකළයුතු වගකීම් කිහිපයක් ඔවුන්ට ලබාදීම තුළින් ඔවුන් තුළ ආත්ම විශ්වාසය හා ඔවුන් ඔබට වැදගත් යන හැඟීම ඇතිවෙනවා.

කොයි වෙලාවක හරි දරුවන් ඔබට උදවුවක් කළහොත් එය ඇගයීම හුඟක් වටිනවා. ඔවුන් ඉතා හොඳ දෙයක් කළ බවත් ඔබ එය ඉහළින් අගයන බවත් ඔවුන්ට හඟවන්න.

මේ මගින් ඔවුන් නිතර ඔබට උදවු කරන්න පෙළඹෙනවා. සැබෑ බැඳීමක් තුළින් එම විශ්වාසය ගොඩ නැගෙනවා.

7. ආදරය හැමදාම පෙන්වන්න

හැමදාකම ආදරය පෙන්වීම “මම ඔයාට ආදරෙයි” කියනවා වගේම සති අන්තයේ ඔවුන්ව නිවාඩුවකට විශේෂ තැනකට රැගෙන යන්න. ඔවුන්ගේ කෑම පෙට්ටි වල ආදරණීය වැකියක් යවන්න උත්සාහ කරන්න. ඔබ ඔවුන්ට ආදරය කරන බවත් ඔවුන් ඔබේ ජිවිතයට කෙතරම් වැදගත් දැයි ඔවුන්ට හැඟීම නිසාත් ඔබේ බැඳීම් තව තවත් ශක්තිමත් වෙනවා.

දරුවන් හැමදාම එකලෙස පවුල සමග බැඳීමෙන් සිටීම දෙමාපියන්ට අනගි සතුටක්. ඒ අනගි සතුට වැටහෙන ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka මේ කරුණු ගෙන ආවා.

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • ඔබේ දරුවන් සමග ඇති සබඳතාවය ශක්තිමත් කරගන්න ක්‍රම 7 ක්
බෙදාගන්න :
  • අම්මයි පුතයි අතර බැඳීම ශක්තිමත් කරගන්නේ කොහොමද ?

    අම්මයි පුතයි අතර බැඳීම ශක්තිමත් කරගන්නේ කොහොමද ?

  • ඔබ ඔබේ දරුවන් සමග සාකච්ඡා නොකළ යුතු කාරණා 5 ක්

    ඔබ ඔබේ දරුවන් සමග සාකච්ඡා නොකළ යුතු කාරණා 5 ක්

  • අම්මයි පුතයි අතර බැඳීම ශක්තිමත් කරගන්නේ කොහොමද ?

    අම්මයි පුතයි අතර බැඳීම ශක්තිමත් කරගන්නේ කොහොමද ?

  • ඔබ ඔබේ දරුවන් සමග සාකච්ඡා නොකළ යුතු කාරණා 5 ක්

    ඔබ ඔබේ දරුවන් සමග සාකච්ඡා නොකළ යුතු කාරණා 5 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it