theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගැබිණි ඔබේ ඡායාරූප ගැන ප්‍රවේශම් වෙන්න!

4 අවම කියවීම
ගැබිණි ඔබේ ඡායාරූප ගැන ප්‍රවේශම් වෙන්න!ගැබිණි ඔබේ ඡායාරූප ගැන ප්‍රවේශම් වෙන්න!

මාතෘත්වයෙන් උත්තරීතරත්වයට පත්වෙන්න පෙරුම් පුරුන ඔබ දිහා හැමෝම බලන්නේ ගෞරවයෙන් නේද? එහෙත් ඒ උත්තරීතරත්වයට ගරහන කාමතුරයින් නිදැල්ලේ බව ඔබ දැන සිටියාද?

ඔබේ ගර්භනී ඡායාරූප ප්‍රසිද්ධියේ බෙදාගන්න කලින් අනිවාර්යයෙන්ම දෙවරක් හිතන්න.

නැතිනම් ඔබ පොදු ස්ථානයක සිටින විට කිසිවකෙු ඔබේ ඡායාරූප ලබා ගනිදැයි විමසිලිමත් වෙන්න. එස‌ේ ඡායාරූප ගන්න උත්සහ කරන්නේ නම් විරුද්ධ වන්න. 

මාතෘත්වයෙන් උත්තරීතරත්වයට පත්වෙන්න පෙරුම් පුරුන ඔබ දිහා හැමෝම බලන්නේ ගෞරවයෙන් නේද? එහෙත් ඒ උත්තරීතරත්වයට ගරහන කාමතුරයින් නිදැල්ලේ බව ඔබ දැන සිටියාද?

ඔබේ පුංචි දරුවා ඔබේ කුස තුල වැඩෙන ආදරණීය දවස් ඔබ ඡායාරූප ගත කර ගන්නේ එය එතරම්ම වටිනා නිසායි. සමහර විට මෙම ඡායාරූප ඔබ ඔබගේ සමාජ ජාලා ගිණුමේ පල කරන්නේ ඒ සතුට ,සෙනෙහස ඔබේ මිතුරු මිතුරියන් හා බෙදා ගන්න වෙන්න පුළුවන්.

එහෙත් සමහර අසහනකාර ගොදුරු සොයන්නන් ඔබේ මේ ඡායාරූප සොරා ගන්නවා.

ගර්භනී ඡායාරූප

ඇයි මේ ගර්භනී ඡායාරූප සොරා ගන්නේ?

ඔබ සමාජ ජාලා තුල ගැබිනි නැතිනම් Pregnant වචනය සොයා බලන්න. එහි එන සමහර පිටු නැතිනම් සමුහ වෙත ගොස් බලන්න.

අශිලාචාර ලෙස ගැබිනි මව්වරුන්ගේ ඡායාරූප යොදාගනිමින් මානසික සුවය සොයන නරුමයින්ගේ ක්‍රියා කාරකම් ඔබට එහි දකින්නට පුළුවන්. සමහර විට ආදරණිය මතක සටහනක් වු ඔබේම ආදරණිය ඡායා රූපත් ඒ අතර තියෙන්න පුළුවන්.

එහි අදහස් තීරූවේ දක්වා ඇති අදහස් ඔබට කෝපය දුක සියල්ලම ලබා දේවි. මෙම මානසික අසහන කරුවන් වචනයෙන් අහිංසක අම්මලාව දුෂණය කරන අයුරු දැකීමත් මහත් වේදනාවකට කරුණක් ව‌ෙනවා.

ගර්භනී ඡායාරූප

 

ඒවායේ බොහොමයක් ඡායාරූප ගැබිනි මවුන්ගේ නෙරා ආ කුස දැඩි ලෙස පිළිඹිබු වෙන ඒවා වෙනවා.

සමහර ඡායාරූප එම ගැබිනි මව්වරුන් දැනුවත්ව ගත් ඒවා බව පේන නිසා ඒවා ඔවුන්ගේ ගිණුමෙන් වලින් සොරා ගන්නට ඇති බව අපි අනුමාන කරමු.

අනෙක් ඡායාරූප ගැබිනි මව්වරුන් සායන වල, පොදු ස්ථාන වල සිටියදී  ඔවුන් නොදැනුවත්වම ගත් ඒවා වෙනවා.

ඔබේම අය ඔබ දෙසත් ඔබේ පිරුනු කුස දෙසත් ආදරයෙන් බලද්දී තවත් නරුමයන් පිරිසක් ඒ දෙස බලා පහත් ආශාවන් සංසිඳවා ගන්නා බව සිතීමත් ඔබට වේදනාවක් වේවි.

එහෙත් මව්වරුනි අවසනාවකට එය දැනුත් සිදුවෙමින් පවතිනවා.

මෙය ශ්‍රී ලංකාවේ පමණක් සිදු වන්නක් නොවේ. මේ සම්බන්ධයෙන් වු අවසනාවන්ත සිද්ධියක් theAsianparent Sri Lanka මීට පෙරද වාර්තා කල‌ෙමු.

එම ලිපියේ වැදගත් කාරනා කිහිපයක් යලිත් මතක් කරන්න අපි කැමතියි.

ගර්භනී ඡායාරූප ගර්භනී ඡායාරූප

ඔබේ ගර්භනී ඡායාරූප වල ආරක්ෂාව සදහා මෙම ආරක්ෂක ඉගි මතක තබාගන්න.

  1. අන්තර්ජාලය මිතුරු මව්වරුන් හදාගන්නා විට ප්‍රවේශම් වන්න.

ඔබගේ ගිණුමට ඇතුල් වීමට පහසුම මග මිතුරු මවක් ල‌ෙස ඇරයුමක් එවිමයි. සමාන්‍යයෙන් මවක් ඇතුල් කර ගැනීමට ඔබ ද‌ෙවරක් නොසිතයි. එම නිසා අනිවාර්‍යයෙන් ප්‍රවේශම් වෙන්න

  1. විශ්වාසී සමාජ කවයන් තුල පමණක් ගර්භනී ඡායාරූප බෙදා ගන්න

ගැබිනි ඔබ ඔබේ කුසේ පින්තූර සමාජ කවයන් තුල බෙදාගැනීමට පෙර එහි මිතුරන් කවුද, එය ආරක්ෂිතද යන්න සොයා බලන්න.

  1. ඔබේ සමාජ මාධ්‍ය  ගිණුම් පුද්ගලීකරණය කරන්න

ඔබගේ ගිණුම පොදු ස්ථානයක් නොවන බව මතක තබා ගන්න. එහි තොරතුරු ඡායාරූප ආරක්ෂා කිරීමට සමාජ මාධ්‍ය  ගිණුම් පුද්ගලීකරණය කරන්න

  1. ගොදුරු සොයන්නන් ඔබම හදුනාගන්න .

ඔබේ ඡායාරූප පැහැර ගෙන ඇතිදැයි ස‌ොයා බලන්න. එසේ වු අවස්ථාවක සමාජ ජාලයන්හි පරිපාලකයන්ට ඒ බව වාර්තා කරන්න.

  1. ඔබගේ ඡායාරූප වලට  Watermark එකක් යොදන්න.

ඔබගේ ඡායාරූප වලට  Watermark එකක් ‍යෙදීමෙන්  ඡායාරූපය පැහැර ගැනීම හෝ සංස්කරණය  කිරීම අසීරු වෙනවා.

Watermark එකක් දාන ක්‍රමය ඉගෙනගන්න මෙම link එක click කරන්න.

  1. නිතරම ඔබේ මුරපදය වෙනස් කරන්න

ගොදුරු සොයන්නන්  ඔබගේ ගිණුම තුළට අනවසරයෙන් ඇතුල්වෙන්න පුළුවන්.එම නිසා නිතර ඔබේ  මුරපදය වෙනස් කිරීමට වග බලා ගන්න.

  1. ඔබ සම්බන්ධ වී ඇති කන්ඩායම් ෆිල්ටර් කරන්න (හෝ සම්බන්ධ වී නොමැති)

ඔබ  කාර්යබහුල නිසා ඔබ බැඳුණු  කණ්ඩායම් මොනවාද හෝ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පරික්ෂා කරන්න අපහසුයි නේද? එසේ නම් ඔබගේ සබැඳි කණ්ඩායම් පිරික්සීමට හා ෆිල්ටර් කිරීමට  පුරුද්දක් කරන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ආදරණීය ගැබිණි සොයුරිය, ඔබ තවත් අසහන කාරයින් පිරිසකට අසහනය දුරු කරන හේතු කාරණයක් විය යුතු නැත.

එසේම සිත් වේදනා, පසුතැවීම් ඇතිවිම වළක්වා ගන්න නම් කල යුතු හොදම දේ ආරක්ෂිත පියවර ගැනීමයි.

ඔබ ආදරයෙන් රකින කුස ගැරහුම් ලබනවාට ඔබට හිතැති යෙහෙලියක් ලෙස අපිද කැමති නැත. එවැනි ව්‍යසනයක් ඇස ගැටුන නිසාම යලිත් ඔබ වෙත මේ මතක් කිරීම කිරීමට සිතුවේ  අන්න ඒ නිසාමයි.

රචනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • ගැබිණි ඔබේ ඡායාරූප ගැන ප්‍රවේශම් වෙන්න!
බෙදාගන්න :
  • Lion King (ලයන් කින්ග්) චිත්‍රපටිය තුළින් කියා දෙන වටිනා ජීවිත පාඩම් කිහිපයක්

    Lion King (ලයන් කින්ග්) චිත්‍රපටිය තුළින් කියා දෙන වටිනා ජීවිත පාඩම් කිහිපයක්

  • ඔබේ සැමියාත් නිල් චිත්‍රපට වලට ඇබ්බැහි වෙලාද?‌ මෙන්න විසදුම් 4 ක්

    ඔබේ සැමියාත් නිල් චිත්‍රපට වලට ඇබ්බැහි වෙලාද?‌ මෙන්න විසදුම් 4 ක්

  • Lion King (ලයන් කින්ග්) චිත්‍රපටිය තුළින් කියා දෙන වටිනා ජීවිත පාඩම් කිහිපයක්

    Lion King (ලයන් කින්ග්) චිත්‍රපටිය තුළින් කියා දෙන වටිනා ජීවිත පාඩම් කිහිපයක්

  • ඔබේ සැමියාත් නිල් චිත්‍රපට වලට ඇබ්බැහි වෙලාද?‌ මෙන්න විසදුම් 4 ක්

    ඔබේ සැමියාත් නිල් චිත්‍රපට වලට ඇබ්බැහි වෙලාද?‌ මෙන්න විසදුම් 4 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it