theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ට බඩේ අමාරුව හැදුනොත් කළ හැකි ඖෂධීය බෙහෙත් සත්කාර 5 ක්

3 අවම කියවීම
දරුවන්ට බඩේ අමාරුව හැදුනොත් කළ හැකි ඖෂධීය බෙහෙත් සත්කාර 5 ක්දරුවන්ට බඩේ අමාරුව හැදුනොත් කළ හැකි ඖෂධීය බෙහෙත් සත්කාර 5 ක්

අපේ දරුවන්ට එදා පැරැන්නන් විශ්වාස කළ බොහෝ ඖෂධීය ගුණ ඇති ප්‍රතිකාර අපිට නිවසේදීම ඉටුකර ගැනීමෙන් උත්සන්න තත්වයේ නැති සුළු රෝගී තත්වයන් වලින් මිදෙන්න පුළුවන්. 

පුංචි දරුවන්ට සමහර ආහාර ජීරණ නොවීම නිසා නොසිතන වෙලාවල් වල බඩේ අමාරුව, වමනය වැනි දේවල් ඇති වෙන්න පුළුවන්. මුලින්ම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන්නට පෙර ඒ කියන්නේ දරුවාට දැඩි ලෙස උණ සහ දිගින් දිගටම වමනය, බඩ එළිය යාම නැතිනම්, මේ කියන ඖෂධ වලින් බඩේ අමාරුව සුව කරන්න පුළුවන්.

නමුත් මින් සුවයක් නැතිනම් දිගින් දිගටම එවැනි ප්‍රතිකාර අත්හදා නොබලා වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව කිව යුතුයි. ඉතින් අසාධ්‍ය තත්වයක් නැතිනම් ඔබට මේ ප්‍රතිකාර අත්හදා බලන්න පුළුවන්.

කුරුලෑ කැළැල්

1. මීපැණි* සමග දෙහි

මීපැණි හා දෙහි සුළු අජීරණ තත්වයන් හා කෑම අරුචිය, වමනය වැනි අවස්ථාවන් වලදී මීපැණි මේස හැන්දකට දෙහි යුෂ මේස හැන්දක් පමණ මුසු කර ලබාදෙන්න. මෙය උදේ, දවල්, රාත්‍රී වශයෙන් කෑමට පසු ලබාදෙන්න පුළුවන්.

*වයසින් අවුරුදු 1ට අඩු බබාලට මී පැණි නුසුදුසුයි. 

කෑම හිර වීම

2. කෝලිකුට්ටු කෙසෙල් ගෙඩි

එක් වරක් පමණ බඩ බුරුල් කර යාමක් සිදුවුනොත් දරුවන්ගේ බඩේ අජීරණ තත්වය ඉක්මනින් පහකරන්න කෝලිකුට්ටු වලට හැකියාව තිබෙනවා. කෝලිකුට්ටු සමහර දරුවන්ට මළබද්ධය ඇති කරන බවටත් පැවසෙන අතර මේ අතර සම්බන්ධය ඉන් තවත් තහවුරු වෙනවා.

කුරුලෑ කැළැල්

2. කෝපි

එදා සිටම කෝපි බඩේ රිදීමක් ඇති වූ විට පළමුවෙන්ම අත්හදා බලන අත්දුටු ප්‍රත්‍යක්ෂ ඔසුවක්. ඉතින් එය තවත් ව්‍යාප්ත වීම නැවතී ඉක්මනින් සුවයට මග පාදනවා. කෝපි වලට දෙහි බිංදු කිහිපයක් මුසු කොට දරුවන්ට පානයට සීනි ස්වල්පයක් සමග ලබා දීම මගින් වුනත් ඉක්මන් සුවය ලබාගන්න පුළුවන්.

3. සූදුරු

සූදුරු ඖෂධීය ගුණ රැසකින් යුතු වන්නා සේම අපේ ආහාර පිස ගැනීමේදී එක් කර ගැනීමෙන් රසය, එහි ඇති විෂබීජ නැසීමේ ගුණය හා ජීරණය පහසු කිරීමේ ගුණය පවතිනවා. ඒ නිසා තරමක් තෙල් වැඩියෙන් පිසින ආහාර වලට සූදුරු එක්කර ගත්තොත් සූදුරු වල ඇති මේ ගුණ වගේම සූදුරු පානයක් ලෙස සකසා ගෙන අජීරණ තත්වයන් වලදී පානයට දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් ලබාදෙන්න පුළුවන්.

සූදුරු ස්වල්පයක් හොඳින් සෝදා කුඩා පෑන් එකකට හෝ පිරිසිදු භාජනයකට දමා රන් වන් තද පැහැයට එනතුරු කෝපි මෙන් බැදගන්න. ඉන්පසුව එය කෝපි කුඩු මෙන් කුඩු කරගන්න. දැන් නටවාගත් වතුරට සූදුරු කුඩු මේස හැන්දක් පමණ දමා තැම්බෙන්නට තබා පෙරාගත් සූදුරු වතුර එක දිනකට තුන්වරක් පමණ හැඳි දෙකක් තුනක් අතර ප්‍රමාණයක් ලබාදෙන්න. මෙය වැඩිහිටි මෙන්ම කුඩා දරුවන්ට එකසේ සුවය දෙන අතුරු ආබාධ නැති ඉපැරණි ඖෂධීය පානයක්.

4. අළුකෙසෙල්

අළුකෙසෙල් ආයුර්වේදයට අනුව සිසිල් ගුණයෙන් යුතු එළවළුවක් සේම පළතුරක් ලෙසද පරිභෝජනයට සුදුසු වෙනවා. අළුකෙසෙල් අල ඉතා වටිනා ඖෂධ සෑදීමටද යොදා ගන්නවා. මෙහි ඇති එම ඖෂධීය ගුණ නිසාම අජීරණ තත්වයන් ඇති විට දරුවන්ට පිසූ අළුකෙසෙල් සමග බත් කෑමට දීමෙන්ද සුවයක් ලැබිය හැකි බව පාරම්පරික ආයුර්වේද ක්‍රම වල සඳහන් වෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

අපේ දරුවන්ට එදා පැරැන්නන් විශ්වාස කළ බොහෝ ඖෂධීය ගුණ ඇති ප්‍රතිකාර අපිට නිවසේදීම ඉටුකර ගැනීමෙන් උත්සන්න තත්වයේ නැති සුළු රෝගී තත්වයන් වලින් මිදෙන්න පුළුවන්.

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • දේශීය බෙහෙත් ක්‍රම
  • /
  • දරුවන්ට බඩේ අමාරුව හැදුනොත් කළ හැකි ඖෂධීය බෙහෙත් සත්කාර 5 ක්
බෙදාගන්න :
  • ගර්භණි සමයේ ඇතිවෙන අමුතු එහෙත් සාමාන්‍ය වේදනාවන් හා කැක්කුම්

    ගර්භණි සමයේ ඇතිවෙන අමුතු එහෙත් සාමාන්‍ය වේදනාවන් හා කැක්කුම්

  • දරු ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරගන්න නිවෙස්දී කලහැකි පිළියම් 11 ක්

    දරු ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරගන්න නිවෙස්දී කලහැකි පිළියම් 11 ක්

  • ගර්භණි සමයේ ඇතිවෙන අමුතු එහෙත් සාමාන්‍ය වේදනාවන් හා කැක්කුම්

    ගර්භණි සමයේ ඇතිවෙන අමුතු එහෙත් සාමාන්‍ය වේදනාවන් හා කැක්කුම්

  • දරු ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරගන්න නිවෙස්දී කලහැකි පිළියම් 11 ක්

    දරු ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරගන්න නිවෙස්දී කලහැකි පිළියම් 11 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it