theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගුණ නැණ වඩන ශ්‍රී ලාංකික පානය : කොළ කැඳ වර්ග 7 ක්

5 අවම කියවීම
ගුණ නැණ වඩන ශ්‍රී ලාංකික පානය : කොළ කැඳ වර්ග 7 ක්ගුණ නැණ වඩන ශ්‍රී ලාංකික පානය : කොළ කැඳ වර්ග 7 ක්

ගුණ හා නැණ වඩන ‌‌කොළ කැඳ වර්ග 7 ක ගුණ

දරුවන්ගේ බුද්ධිමය මෙන්ම ශාරිරික වර්ධනය සදහා මහත් සේවයක් කරන කොළ කැඳ පෝෂණිය ආහාරයකි.

ඉස්සර ගමේ ගෙවල් වල නිතර සකස් වුන මෙය දැන් අපි උදෑසන පානය කරන පෝෂණය හීන පිටිකිරි කොප්පය වෙනුවට පානය කළා.

මෙය සකස් කර ගැනීමට පහසු මෙන්ම රසවත් පානයන් වීම කිසා මිනිසුන් අතර ජනප්‍රියයි.

කොළ කැඳ සමබර ආහාරයකි. කොළ යුෂ මඟින් සිරුරට ඛනිජ ලවණ, ඇමයිනෝ අම්ල, විටමින් ලබා දෙන අතර එයට යොදන සහල් පිෂ්ටයත්, පොල් කිරි මඟින් මේදයත් ලබා දෙනවා.

කොළ කැඳ  එක් කොළවර්ගයකින් මෙන්ම කොළවර්ග කිහිපයක් එක්කර සකස් කරගන්න පුළුවන්.මෙහිදි කොළ කැඳ  වර්ග එකිනෙකට ආවේණික සුවදක් තියෙනවා.

මෙම ඖෂධිය කැඳ වර්ග පොදුවේ ගත් විට රෝග සදහා සුව දෙන, විෂ නසන, ධාරණ ශක්තිය වැඩි කරන හා ආහාර ජීර්ණය පහසු කරන ආහාරයක් වෙනවා.

උදෑසනට කදිම ආහරයකි. මීට අමතරව එයට එක්කල හැකි ඉගුරු හා සුදුලූණු වල ගුණ පහත දැක්වෙනවා.

ඉඟුරු

  • කුසගින්න ඇති කරනවා. 
  • ආහාර දිරවීම පහසු කරනවා.
  •  සෙම් නැති කර දමනවා.

සුදුලූණු

  •  සෙම් නැති කර දමනවා.
  • ආහාර දිරවීම පහසු කරනවා. 
  • ඉන්ද්‍රිය ශක්‌තිය වර්ධනය කරනවා.

කොළ කැඳ සකස් කරමු

ගුණ නැණ වඩන ශ්‍රී ලාංකික පානය : කොළ කැඳ වර්ග 7 ක්

අවශ්‍ය ද්‍රව්‍ය -

  • කොළ වර්ගයක් හෝ කිහිපයක්
  • සහල්
  • ගාගත් පොල්
  • සුදුළූණු
  • ඉගුරු
  • රතුලූනු 
  • ලුණු

කොළ කැඳ සාදන ක්‍රමය -

  • කොළ ටික පිරිසිදු කර හොදින් සෝදා ගන්න.
  • ඉන්පසු ඒවා කොටා යුෂ මිරිකා ගන්න. මෙහිදි අද කාලයේ බහුලව බෙන්ඩරය යොදා ගත්තද වංගෙඩියේ කොටා ගන්න හැකි නම් මෙහි අඩංගු පෝෂ්‍ය කොටස් වලට සිදුවෙන හානිය අඩුය.
  • පොල් ටික මිරිකා උකු කිරි ලබාගන්න.
  • සහල් ටිකක් සෝදා ගරා වතුර යොදා තැම්නේන ලිපෙන් තබන්න. මේ සදහා රතු කැකුළු, සුවදැල් හෝ හීනටි සහල් යොදාගන්න.
  • සහල් තැම්බි ගෙන එන විට සුදුළූණු , ඉඟුරු හා රතුලූනු ස්වල්පය බැගින් එක්කරන්න
  • බත හොඳින් තැම්බුණු පසු, හැන්දෙන් පොඩිකරන්න
  •  පළමුව පොල්කිරි එකතු කර නටවන්න
  • ඉන්පසු කොල යුෂ එක්කර නටන විටම ලුණු එක්කර ලිපෙන් බාගන්න.

කොළ කැඳ ගුණ

ගුණ නැණ වඩන ශ්‍රී ලාංකික පානය : කොළ කැඳ වර්ග 7 ක්

 

1.ගොටුකොළ 

පහසුවෙන් සොයාගත හැකි ගොටුකොළ වල මුළු පැළැටියම යොදා ගෙන රසවත් කැඳක් සකස් කරගන්න පුළුවන්. මෙහි ගුණ පහත පරිදි වෙනවා.

  • ධාරණ ශක්තිය ඇති කරයි.
  •  අලස බව දුරු කරයි. 
  • කුඩා ළමුන්ගේ මොළය වර්ධනය කරයි. 
  •  සිරුර සිසිල් කරයි. 
  •  ඇස් පෙනීමේ දුර්වලතාවය නැති කරයි. 
  • ප්‍රතිශක්තිකරණය වැඩි කරයි. 
  • හිසකෙස් වඩයි. හිසකෙස් දීප්තිමත් කරයි. 
  •  රුධිර සංසරණ ක්‍රියාවලිය මනාව සිදු කරයි. 
  •  කුෂ්ට රෝග සඳහා ද හිතකරයි. 
  • ආයුෂ වැඩි කරයි.

ගුණ නැණ වඩන ශ්‍රී ලාංකික පානය : කොළ කැඳ වර්ග 7 ක්

2.හාතවාරිය

රසයෙන්, ගුණයෙන් හා සුවදින් කැඳ වර්ගයකි. මෙහි ගුණ පහත පරිදි වෙනවා.

  • බුද්ධිය වඩවයි.
  •  සිරුර සිසිල් කරයි. 
  • මුත්‍රා හොඳින් පිට කරයි. 
  • වාතය නසයි.  
  • සිරුර පෘෂ්ඨිමත් කරයි. 
  • අකලට හිසකෙස් පැසීම නතර කරයි. 
  • සරු බව ඇති කරයි. 
  • චර්ම රෝග නැති කරයි. 
  • හෘදයට හිතයි. 
  • කුෂ්ට රෝග දුරු කරයි. 
  • සන්ධි රෝගවලට සුදුසුයි. 
  • මව්කිරි වඩවයි. 
  • ඇස් පෙනීම වැඩි කරයි. 
  • අර්ශස් රෝගයට සුදුසුයි. 
  • ආමාශයේ තුවාලවලට හොඳයි.
  • කාන්තා රෝගවලට සුදුසුයි. 
  • කුසගිනි වඩවයි. ශුක්‍ර ධාතු වර්ධනය කරයි.

3.ලුණුවිල

ටිකක් අහලා පුරුදු නැති නමුත් බුද්ධි වර්ධනයට රුකුල් දෙන පෝෂණිය පානයකි. ගම්බද ප්‍රදේශ වලින් පහසුවෙන් හොයාගන්න පුළුවන්. එහි ගුණ පහතින් දැක්වෙනවා.

  • බුද්ධිය වර්ධනය වෙයි
  • ස්නායු සම්බන්ධ රෝග වලට සුවය ලබා දෙයි.
  • අක්මාව නීරෝගී කරයි.
  •  මානසික ආතතිය දුරු කරයි.
  •  ශරීරයේ ලේ පිරිසිදු කරයි.

4.වැල් පෙනල

වැල් පෙනෙලද පහසුවෙන් සොයා ගත හැකි රසවත් කොළ කැඳ  විශේෂයකි. එහි ගුණ පහත පරිදි වෙනවා.

  •  ආහාර මාර්ගයේ රෝගවලට සුදුසුයි.
  • දියවැඩියා රෝගී්න්ටද සුදුසුයි.
  •  ශරීරයේ වේදනාව පහ කරයි. 
  • ස්නායු ශක්තිමත් කරයි.
  •  පුරුෂයින්ගේ ධාතු ශක්තිය වැඩි කරයි. සරු භාවය ඇති කරයි. 
  •  ලේ පිරිසිදු කරයි. 
  •  අරුචිය නැති කරයි.

5. මුකුණුවැන්න

මුකුණුවැන්න යනු අපි නිතර භාවිතා කරන පලාවර්ගයකි. ගුණ රඅසකින් පිරිපුන් මුකුණුවැන්න කැඳ  කෝප්පයකින් ඔබට නිරෝගී සුවය ලගා කරගන්න පුළුවන්.

එහි ගුණ පහතින් දැක්වෙනවා.

  • මතක ශක්තිය වැඩි කරයි. 
  • පිත සමනය කරයි.
  • කුසගිනි වඩවයි. ආහාර රුචිය වැඩි කරයි. 
  • ඇස්‍ රෝග, පීනස, මුත්‍රා සමඟ ලේ පිටවීම මෙන්ම දියවැඩියාව රෝගය සුවකිරීමේ ගුණ සහිතයි.
  • කුෂ්ට නසයි.
  •  ඇස්‌වල පෙනීම වර්ධනය කරයි.
  •  ශරීරයේ විෂ පහ කරයි.
  • සිරුරට අවශ්‍ය සියළුම පෝෂණ පදාර්ථ ශරීරයට අවශෝෂණය කරයි.
  •  ප්‍රතිශක්තිය වැඩි කරයි. 
  • පටකවල ගෙවි යාම අඩු කරයි. 
  • මල පිටවීම හොඳින් සිදු කරයි. මල බද්ධයට වළක්වයි. 
  • අක්මා රෝගවලට ගුණයි.
  •  පීනසට හිතකරයි.
  •  හිසරදය දුරු කරයි.
  •  රුධිරය පිරිසිදු කරයි.
  •  සිරුර සිසිල් කරයි. 
  • හොඳින් මුත්‍රා පිටවෙයි. 
  • අකලට හිසකෙස් පැසීම නවතාලයි. 
  • සම පැහැපත් කරයි.

කරපිංචා වල ගුණ

6.කරපිංචා 

කුළුබඩුවක් ලෙස නිතර මුළුතැන් ගෙයි ගැවසෙන කරපිංචා වලින් කැඳ  සකස් කරගන්න පුළුවන්. එහි ගුණ පහත පරිදි වෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
  • කොලෙස්ටරෝල්, දියවැඩියාව, හෘද රෝග වැනි බෝ නොවන රෝග සඳහා වඩාත් සුදුසුයි.
  • පණු රෝග නසයි. 
  • රුධිරගත මේදය අඩු කරයි. 
  • ඇස්‌ පෙනීම වැඩි කරයි . 
  • විෂ නසයි. 
  • කටහඬ පැහැදිලි කරයි. 

7.මුරුංගා 

බබාලාට නිතර දෙන්න කියන කොළ වර්ගයක් නේද? ඔන්න එහෙනම් රසවත් කැඳක් පිළියෙල කර දෙන්න පුළුවන්. එහි ගුණ පහත පරිදි වෙනවා.

  • ශරීරයේ විෂ නැතිකරයි.
  •  ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරයි.
  •  ආහාර අරුචිය නැතිකරයි.
  •  ඔසප් වීම ක්‍රමවත්ව සිදු කරගැනීමට භාවිතා කරයි.
  •  වේදනා නාශක ගුණ සහිතයි
  • අස්ථි සවිමත් කරයි.
  • ඇස් රෝග දුරු කරයි.
  • පිළිකා ඇතිවීම වළක්වයි.
  • රුධිරය පිරිසිදු කරයි
  • රුධිරයේ සීනී මට්ටම නියාමනය කරයි.
  • වයසට යාම ප්‍රමාද කරයි.

කොළ කැඳ ගැන බිදක්

කොළ වර්ග කිහිපයක් මිශ්‍රකර රසවත් කැඳක්  සකස් කරගන්න පුළුවන්.

බබාට අසාත්මිකතාවයන් ඇත්නම් එවැනි කොළ වර්ග කැඳට එකතු කරන්න එපා.

මේ කැඳ වර්ග 7 ට අමතරව කැඳ සකස් කල හැකි කොළ වර්ග බොහොමයක් තියෙනවා.

කොළ කැඳ ගැන ඔබත් දන්නා අදහස් ‌මෙම ලිපියට එකතු කර අප හා ‌බෙදා ගන්න.

මුලාශ්‍ර - dinamina   niroga   

Hela arana

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
 
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • ගුණ නැණ වඩන ශ්‍රී ලාංකික පානය : කොළ කැඳ වර්ග 7 ක්
බෙදාගන්න :
  • උදෑසනම පානයෙන් වැලකිය යුතු බීම වර්ග 6ක්

    උදෑසනම පානයෙන් වැලකිය යුතු බීම වර්ග 6ක්

  • ගැබිණි මව්වරුන් සඳහා ඖෂධීය කැඳ වර්ග 7 ක්

    ගැබිණි මව්වරුන් සඳහා ඖෂධීය කැඳ වර්ග 7 ක්

  • උදෑසනම පානයෙන් වැලකිය යුතු බීම වර්ග 6ක්

    උදෑසනම පානයෙන් වැලකිය යුතු බීම වර්ග 6ක්

  • ගැබිණි මව්වරුන් සඳහා ඖෂධීය කැඳ වර්ග 7 ක්

    ගැබිණි මව්වරුන් සඳහා ඖෂධීය කැඳ වර්ග 7 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it