theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දික්කසාදයේ පෙරනිමිති විද්‍යාවෙන් තහවුරු කර ගනී.

5 අවම කියවීම
දික්කසාදයේ පෙරනිමිති විද්‍යාවෙන් තහවුරු කර ගනී.දික්කසාදයේ පෙරනිමිති විද්‍යාවෙන් තහවුරු කර ගනී.

විවාහක යුවල සදහා ඔවුන්ගේ සම්බන්ධතාවය ශක්තිමත්ව පවත්වා ගැනීමට මේ දික්කසාදයේ පෙරනිමිති දැන සිටීම උදව්වක් වෙනවා.

යුවළක් දික්කසාද වෙනවාද හෝ නැතිද යන්න කිසිවෙකුට කිව නොහැකිය. එහෙත්, දික්කසාදයේ පෙරනිමිති හතක් විද්‍යාඥයන් සොයාගෙන තිබීම ගැන  ඔබ පුදුම වේවි.

මේ විස්තර හා ගැලපෙන යුවල අනිවාර්යයෙන්ම දික්කසාද වන බවක් මින් අදහස් නොකරයි.

විවාහක යුවළයන්ට ඔවුන්ගේ සම්බන්ධතාවය ශක්තිමත්ව තබාගැනීමට හා ඔවුන්ගේ විවාහය නිරුපද්‍රිතව  පවත්වාගෙන යෑම එම යුවල මත රදාපවතී .

එබැවින්, තවදුරටත් විස්තර නොකර  විද්‍යාවෙන් තහවුරු කර ගත් දික්කසාදයේ පෙරනිමිති මෙන්න.

දික්කසාදයේ පෙරනිමිති හත ගැන දැන සිටීම විවාහක යුවළයන්ට ඔවුන්ගේ විවාහය නිරුපද්‍රිතව  පවත්වා ගැනීමට උදව් වේ.

2

1. දික්කසාදයේ පෙරනිමිති: ඔබ ඔබගේ නව යොවුන් වියේ හෝ වයස  32 ට පසු විවාහ වී ඇත්නම්

යුවලක් තම ජීවිතයේ ඉතිරි  කාලය තුළ එකිනෙකා වෙනුවෙන්  කැපවීමට සූදානම් නම්  ඔවුන් විවාහ විය යුතුය.

කෙසේවෙතත්, පර්යේෂකයන් විසින් නව යොවුන් වියේ හෝ වයස  තිස් ගණන් වල මැදි භාගයේ විවාහ වී ඇත්නම් ඔවුන් දික්කසාද වීමට ඉඩ ඇති බව සොයාගෙන තියෙනවා.

නව යෞවනයන් සදහා පරිණත නොවු බව  හෝ නව වගකීම් සමඟ කටයුතු කිරීමට අපහසු වීම මේ සදහා හේතු වී ඇත.

මීට අමතරව, පර්යේෂක නිකලස් වුල්ෆින්ගර් විසින් වයස අවුරුදු 32 න් පසු, දික්කසාදයේ  ප්‍රතිශතය වසරකට 5% කින් වැඩි වන බව සොයාගෙන තියෙනවා.

"සෑම දෙනාටම විවාහයෙන් බැදීමට සුදුසු කාලය ඔවුන්ගේ විසිවෙනි වියේ අවසන්  භාගයයි"ඔහු තවදුරටත් කියනවා.

2.දික්කසාදයේ පෙරනිමිති: ඔබේ සැමියා පූර්ණ කාලීනව වැඩ කරන්නේ නැත්නම්

පුදුමයට කාරණයක් නම්, මෙහි ආර්ථිකය සමග කිසිදු සම්බන්ධයක් නැත, නමුත් එය යුවලක් වශයෙන් කටයුතු කිරීමේදී වැඩ බෙදීයාම  පිළිබඳ වෙයි.

මේ පිටුපසින් පවතින න්‍යාය  වන්නේ  "පුරුෂයාගෙන් යැපීම"  තවමත් සමාජය  තුල සිදුවෙන නිසා, ස්වාමිපුරුෂයා පූර්ණකාලීනව වැඩ නොකරනවා නම් හෝ වැඩ නොකරනවා නම්, එය දික්කසාදයට හේතුවෙන  විවාහයේ ස්ථාවරභාවයට බලපෑ හැකි ය.

3. උසස් පාසලේ අධ්‍යාපනය  නොලැබීම 

පාසැල් අධ්‍යාපනය නොලබන යුවල දික්කසාද වීමට වැඩි කැමැත්තක් දැක්වීම  අසාධාරණයක් බව පෙනුනද , පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ එයයි.

පාසල තුළ බොහෝ කාලයක් වැය නොකළ යුවල අතර දික්කසාද වීමේ ඉහළ අනුපාතයක් ඇති අතර  අඩු අධ්‍යාපන මට්ටමක් පහළ ආදායම් මට්ටමකට හේතු  විය හැකි අතර ඒ නිසා මූල්‍ය ගැටළු ඇති විම එයට හේතු හැකිය.

4. දික්කසාදයේ පෙරනිමිති: ඔබේ සහකරු කෙරෙහි අවමන් කිරීම

3

ඔබේ සහකරු  කෙරෙහි අපහාස කිරීම යනු ඔබ ඔවුන්ට සමාන බවකින් නොසලකා  ඔබට යටින් සිටින කෙනෙකු ලෙස දැකිමයි. නිසැකවම, විවාහයක් තුළ එය හොඳ දෙයක් නොවේ.

වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාඥයෙකු වන ජෝන් ගොට්මන් පවසන ආකාරයට, එය අතර සම්බන්ධතාවන්ට වේදනා  දෙන පහත කාරණා ඇත.

විවේචන - ඔබ ඔබේ සහකරුගේ චරිතය පිළිබඳව ඍනාත්මක  අදහස්  දැක්වීම වේ.

ආරක්ෂාව  - මෙය ඔබ තර්ක කරන  සෑම අවස්ථාවකදීම  නිරන්තරයෙන්ම ගොදුරු කරගන්නා අයුරින් කටයුතු  කරයි.

කථාබහ කිරීම ප්‍රතික්ෂේප කිරීම -  සම්බන්ධතාවය  තුළ  සම්පූර්ණයෙන්ම සංවාදය අවහිර කරයි.

5. විවාහ වු අලුත වගේම ඇගෑළුම් කමක් ඇතිවීම

එය පුදුමයට කරුණක්  වුවත් වැඩි ආදරයත් ඔබේ විවාහය තුල  ප්‍රශ්න  ඇති කල හැකිය.

විවාහය තුළ ආදරය නිරන්තරයෙන්ම ඉහළ මට්ටමක පවත්වා ගැනීමට අපහසු අවස්ථා තියෙන්න පුළුවන්.

එහිදි  අතිශයින් ආදරයෙන්  වෙලුනු  යුවලකට ඔවුන්ගේ ආදරය තුළ සුළු පසු බැසීමක් වුවද  එකිනෙකා කෙරෙහි වු ආදරය අහිමි වීමක් ලෙස දැනෙන්න පුළුවන්.

6. දික්කසාදයේ පෙරනිමිති: ගැටුම් ඇති විට එයින් පලා යෑම

මිනිසුන් ගැටුම් වලින් ඉවත් වීමට  උත්සාහ කිරීම සාමාන්‍ය  දෙයක් වේ.

කෙසේවෙතත්, ගැටුම් ඇති වන විට ඔබේ සහකරු හෝ සහකාරිය නොසලකා හැරීම හෝ සම්පූර්ණයෙන්ම ඉන්  පලා යෑම  හොද  හැසිරීමක් නොවේ.

මෙම ආකාරයේ දරුණු පලා යෑම්, යුවල වලට  තමන්ගේම ගැටලු සාකච්ඡා කිරීම දුෂ්කර කරන  අතර ඒ නිසා  ඔවුන්ගේ විවාහයේ ගැටලු  සන්නිවේදනය කිරීම සහ විසඳීම ඉතා දුෂ්කර වේ.

ඔබ ගැටුම් ඇති කරන  විට ඔබේ සහකරු  නිරන්තරයෙන් නිශ්ශබ්දතාවයෙන් එයට  මුහුණ දෙන්නේ නම්, එය සම්පුර්ණයෙන්ම  ඔහු මත රදා පවතින අතර එය ඔවුන්ට සම්බන්ධතාවයේ අසතුටට ලගා කිරීමට හේතු වේ.

7. සැමවිටම ඔබේ සම්බන්ධතාවය ඍණාත්මක බවට පත් කිරීම

විවාහය සියලු මවුපියන් සහ පියවරුන්  ආඩම්බර විය යුතු යුත්තක් වන අතර  සැමවිටම ඔබේ සම්බන්ධතාවයට ඍණාත්මක බවක් එකතු කිරීම තුලින්  ඔබේ විවාහය වැඩි දියුණු නොකරයි.

ඔබේ විවාහය ඍනාත්මක දේවල් ගැන නිරන්තරයෙන් කීමෙන් අදහස් වන්නේ ඔබගේ සම්බන්ධතාවය තුළ සිදු වන ධනාත්මක දේවල් දැකීමට ඔබට අපහසු වන බවය.

ඍණාත්මක කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් ඒවා ඔබේ සිත තුළ විශාල කර ගැනීමෙන් තත්වය  වඩාත් නරක අතට හැරිය හැකිය.

ඔබට දික්කසාදය වැළැක්වීමට අවශ්‍ය නම් ධනාත්මක ආකල්පයක් ඇතුව සිටීම හා දිගින් දිගටම ඔබේ විවාහය  වැඩිදියුණු කරගැනීම වැදගත් වෙනවා.

ඔබේ විවාහය මිනිත්තු පහකින් ආරක්ෂා කර ගනිමුද?

එකම එක පුංචි මොහොතක් වැය කරමුු

1

ඔබේ කසාදය රැකගන්න අවැසිද? එහෙනම් ඒ සඳහා අවශ්‍ය වෙන්නේ මිනිත්තු පහක  පුංචි උත්සාහයකි.

ඔබේ සම්බන්ධතාවය කොයිතරම්  සර්වසම්පුර්ණයි කියලා ඔබ සිතුවත්, සෑම විවාහයක්ම හොඳ නරක අත්දැකීම් වලින් පිරිලා තියෙනවා.

මෙය සාමාන්‍ය තත්වයක්  වන අතර සමහර දුෂ්කර අවස්ථා කළමනාකරණය කරන්නත් අසීරුයි නේද?

ඔබගේ විවාහය රැකගන්නේ කොහොමද කියලා ඔබ කල්පනා කරන්නේ නම්, මිනිත්තු පහක් පමණක් වැයවෙන මෙම පහසු උපක්‍රමය ඔබට කදිම විසදුමක් වෙන්න පුළුවන්.

සමහරු උපදේශකයින්ගේ හෝ චිකිත්සකයින්ගේ උපකාර සොයා යනවා. තවත් සමහරු සිය විවාහය රැක ගන්නේ කෙසේද යන්න පිළිබඳ මෙවැනි ලිපි සොයනවා.

සම්බන්ධතා විශේෂඥ හා මනෝවිද්‍යාඥ බෙලින්ඩා විලියම්ස් විවාහය මිනිත්තු පහකින් ආරක්ෂා කර ගැන පිලිබඳ අතිශය වටිනා තොරතුරක් අපිට කියාදෙනවා.

ඔබ බොහෝ දෙනෙක් මේ පුංචි  මොහොතක් කියන්නේ කුමක්ද කියලා කල්පනා කරනවාද?

යුවළක් විවාහ වූ විට, සමීප සබඳතා වර්ධනය කරගැනීමට ඕනෑ තරම් කාලය තියෙන බව බෙලින්ඩා පැහැදිලි කරනවා.

යුවළකට දරුවන් ලැබීමට පෙර, සෝපාව  මත දිගා වී සිටීම, මෝටර් රථයේ අත් අල්ලා ගැනීම හෝ වාඩි වී එක්ව සංගීතයට සවන් දීම වැනි පුංචි මොහොත වල් සම්බන්ධතාවය ගොඩනංවනවා කියලත් ඇය පවසනවා.

නමුත් දරුවන්  ලැබෙන විට, මේ සියල්ලම දුරස් වෙන්න ඉඩ තියෙනවා.

ඒ සඳහා  ඇයගේ විසඳුම වන්නේ මිනිත්තු පහක පුංචි මොහොතකින් සමීපත්වය නැවත ලබා ගැනීමයි.

“ ඔබගේ සම්බන්ධතාවයට බලපෑමක් ඇති කිරීම සඳහා ලොකු කාලයක් අවශ්‍ය  වෙන්නේ නැහැ ,” බෙලින්ඩා පවසනවා. “මේ පුංචිම පුංචි මොහොත ඇත්තටම සම්බන්ධ වීමට ගන්න පුළුවන් පුංචිම අවස්ථාවක් වුනත් ලබා ගන්නවා.”

දික්කසාදයේ පෙර නිමිති යටපත් කර සාර්ථක කර ගැනීමට මේ මග පෙන්වීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • දික්කසාදයේ පෙරනිමිති විද්‍යාවෙන් තහවුරු කර ගනී.
බෙදාගන්න :
  • මෙන්න මේ ක්‍රියාවන් 4 ට ඔබේ විවාහයට අවසන් තිත තැබිය හැකිය

    මෙන්න මේ ක්‍රියාවන් 4 ට ඔබේ විවාහයට අවසන් තිත තැබිය හැකිය

  • දික්කසාදය නිසා බිද වැටෙන ඔබේ දරුවා ශක්තිමත්ව තබන්න කල යුතු දේවල් 4 ක්

    දික්කසාදය නිසා බිද වැටෙන ඔබේ දරුවා ශක්තිමත්ව තබන්න කල යුතු දේවල් 4 ක්

  • මෙන්න මේ ක්‍රියාවන් 4 ට ඔබේ විවාහයට අවසන් තිත තැබිය හැකිය

    මෙන්න මේ ක්‍රියාවන් 4 ට ඔබේ විවාහයට අවසන් තිත තැබිය හැකිය

  • දික්කසාදය නිසා බිද වැටෙන ඔබේ දරුවා ශක්තිමත්ව තබන්න කල යුතු දේවල් 4 ක්

    දික්කසාදය නිසා බිද වැටෙන ඔබේ දරුවා ශක්තිමත්ව තබන්න කල යුතු දේවල් 4 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it