දියණියට තියෙන තාත්තාගේ අසිමිත ආදරය දැනගන්න ක්‍රම 7 ක්

දියණියට තියෙන තාත්තාගේ අසිමිත ආදරය දැනගන්න ක්‍රම 7 ක්

පිය ‌සෙනෙහසට කවි ගී ලියවුනා මදිද? ඔබේ දියණියට හිමි ඔහුගේ අසීමිත ආදරය ගැනයි ‌මේ..

තාත්තා දියණියට ඇති ආදරය සුවිශේෂියි. ඒ වගේම තාත්තලා දුවලා අතර තියෙන්නේ අපූර්ව බැදීමක්.

තාත්තා දුවලාට කරන ආදරය විදහා දැක්වෙන සුවිශේෂ ක්‍රම රාශියක් තියෙනවා. 

කටවහරේදි නම් කියන්නේ “තාත්තාගේ දුව”  “අම්මාගේ පුතා” කියලා නේද?

ඇත්තටම ආදරය තුල එවන් සුවිශේෂි ලැදියාවක් තියෙනවාද? ඒත් මේ කථා කියලා තියෙන්නේ කට කහනවට නෙමෙයි කියලා ඔප්පු වුන අවස්ථා අපමණයි.

මගේ පුංචි දියනියට අවුරුදු පහක් වෙනවිට  මම මෙම සංසිද්ධිය අත්වින්දා.

එය හරිම විනෝදජනක දෙයක් වු අතර මට මගේ තාත්තා ගැනත් පුදුමාකාර හැගීමක් ඇතිවුනා.

ඔව් ඒක ඇත්ත දුවෙකුට තාත්තාගේ හදවතේ තියෙන්නේ සුවිශේෂි තැනක්.

මගේ සැමියා අපේ දියණියට ආදරය පෙන්වන්නේ මෙහෙමයි.

1.තාත්තා දියණියට ඇති ආදරය නිසා ඔහු සෑම විටම ඇය වෙනුවෙන් කාලය වෙන් කරනවා

දියණියට තියෙන තාත්තාගේ අසිමිත ආදරය දැනගන්න ක්‍රම 7 ක්

හැමදාම මං ලග ඉන්න ඔබට ‌වේලාවක් තිබ්බා තාත්තේ.

ඔහු කුමක් කරමින් සිටියද, ඔහු කොතරම් ප්‍රමාද වුනත් පිටවීමට පෙර  දියණියට පුංචි කිස් එකක් දෙන්න හා දියණියව වැළදගන්න ඔහුට හැමවිටම වේලාව තියෙනවා. 

මගේ ස්වාමිපුරුෂයා රෙස්ලින් රසිකයෙක්. ඔහුගේ ප්‍රියතම වැඩසටහන විකාශය වෙනවිට සාමාන්‍යයෙන් ඔහුව පුටුවෙන් හොල්ලන්න බැහැ.

නමුත් දවසක් අරුම පුදුම දෙයක් සිදුවුනා. ඒ අපේ දියණිය ඇයගේ තාත්තාට හා බෝනික්කන්ට තේ පැන් සංග්‍රහයක් පවත්වන්න තීරණය කළා.

එදා ඔහු විශාල සුසුමක් වැඩසටහන නැරඹීම පසෙකලා ඇයගේ තේ සාදයට සහභාගී වුනා.  

2.තාත්තා දියණියට ඇති ආදරය නිසා ඔහු සැමවිටම ඇයගේ ලෝකයේ ශක්තිමතාද වෙයි

ඔබේ සැමියා සිරුරෙන්  කොතරම්ද යන්න වැදගත් නැහැ. ඇයට හැම මොහොතකම , ඔහු ශක්තිමත්.

ඔහුගේ පිටේ එල්ලී ලුණු යන්න. ඒ ශක්තිමත් දෑත් අතර හුරතල් වෙන්න ඇය කැමතියි.

ඇයට ශාරීරික ක්‍රියාකාරකම් ටිකක් අවශ්‍ය වු විට යන්න අවශ්‍ය කා ලගටද කියලා ඇය දන්නවා..

3.තාත්තා දියණියට ඇති ආදරය නිසා ඔහු සෑම විටම ඇයගේ වඩාත්ම සන්තෝෂවත් පළමු මිතුරායි

දියණියට තියෙන තාත්තාගේ අසිමිත ආදරය දැනගන්න ක්‍රම 7 ක්

ඔබ ලග මම හැමදාමත් සතුටින් තාත්තේ

මගේ ස්වාමිපුරුෂයා සිතන්නේ අපේ කුඩා දියණිය පෙම් සබඳතාවක් ආරම්භ කළ යුත්තේ වයස අවුරුදු 30 දී බවයි.

මෑතකදී ඇයට ඇගේ පංතියේ මිතුරෙකුගෙන් හුරුබුහුටි කුඩා සටහනක් ලැබුණා. මගේ සැමියා කවදාවත් නැතුව ඔහු දිහා ඇස් පුංචි කරලා බැලුවා.

ඇයව ස්වාධීන කරන අදහසින් මම ඇයව අපි හා එක්ව නිදාගැනීමෙන් ඉවත් කර ඇයටම කාමරයක් සුදානම් කරන්න මම තීරණය කළා.

“මට ඇය නැතුව පාලුයි. එහෙම නම් මම ඇයගේ කාමරයේ බිම  නිදාගන්නම්” කියා ඔහු කෑගැහු විට මම වැරදි යමක් ගැන පසුතැවෙමින් සිටි බව තේරූම් ගත්තා.

4.ඔවුන් එකිනෙකට බැදුනු ආත්මයන් ය

මම මගේ දුවට මම ගොඩාක් ආදරෙයි. මම තවමත් දෙමව්පියන් ගෙන් ඇයගේ ප්‍රියතම පුද්ගලයායි (නැතහොත් ඇය පවසනවා. නමුත් ඇයගේ හොරරහස් වැඩත් තියෙන්න පුළුවන්).

නමුත් මගේ සැමියා සහ ඇය අතර  ක්‍රියාත්මක වන්නේ වෙනස් මට්ටමේ සම්බන්ධතාවයකි. ඔහු ඇයව තර්කානුකූල වීමෙන් හෝ සිතීමෙන් තොරව තේරූම් ගන්නවා.

ඇය තෙත් තුවායක් මත සිය තරහා පිටකරන්නේ ඇයිද වගේම ඇඳ සකස් කර ඇති ආකාරය පිළිබඳව ඇයට යම් යම් ප්‍රබල මනාපයන් ඇත්තේ මන්දැයි ඔහුට තේරූම් ගන්න පුළුවන්.

ඇය කරන සමහර දේවල් මට තේරූම් ගනන් බැරි වෙද්දි ඔහු ක්ෂනිකව ඇයගේ යටි සිතෙහි ඇති අරමුණ තේරූම් ගෙන ක්‍රියා කරනවා.  

ඔවුන් එකම වර්ගයේ සංගීතය, නැටුම්, ආහාර සහ චිත්‍රපට සඳහා එකම කැමත්ත  හුවමාරු කරගන්නවා. ඔවුන් ජීවිතය තුල ළබැදි මිතුරන් බවට පත් වෙනවා.

5.තාත්තා කවදාවත් දියණියගේ වැඩ විනිශ්චයය කරන්නේ නැහැ

මෙය මට මගේම තාත්තා සමඟ ඇති පෞද්ගලික අත්දැකීම් වලින් මා තේරූම් ගෙන සිටිනවා.

දියණිය වයසින් වැඩෙත්ම  ඇයටද එසේ වෙනු ඇතැයි මම බගාපොරොත්තු වෙනවා.

මම වැඩෙන විට, විශේෂයෙන් මගේ නව යොවුන් වියේදී, මම තහනම් කර ඇති දෙයක් කල විට මට  ඒ අවුලෙන් මිදීමට යමෙකු අවශ්‍ය නම්, මට විනිශ්චය හෝ විවේචන වලට බියෙන් තොරව මගේ තාත්තා ලගට දුවගෙන යන්න පුළුවන් කියලා මම සෑම විටම දැන සිටියා.

ඔහු මට යම් උපදෙසක් නොදෙන බව හෝ කිසියම් ක්‍රියාමාර්ගයකට එරෙහිව දැඩි අනතුරු ඇඟවීම් නිකුත් නොකරන බව මින් අදහස් කරන්නේ නැහැ.

නමුත් තාත්තලා අඩුවෙන් කතා කරන හා  අම්මලාට වඩා අවුල් ඉවත් කිරීමට ඵලදායී ලෙස ක්‍රියා කටයුතු කරන්නන් වෙනවා.

මගේ ස්වාමිපුරුෂයා දැනට  කුඩා වැරදිවලට ( තරහින් රවා බලන කාර්යය මට තබමින්)  නිදහසට කරුණු ඉදිරිපත් කිරීමටත්, හික්මවීම බොහෝ දුරට මට භාර දීමටත් වැඩි ඉඩක් තියෙනවා.

බැනුම් අසා කඳුළු පිරි දෑසින් ඇය ඔහු වෙතට ගිය විට, සිනහවකින් ඇගේ මුහුණ නැවත ආලෝකමත් වන තුරු ඇයව  හුරතල් කරනු ලබනවා.

6.ඇය ඔහුව ආදරයෙන් බලාගන්නවා

පියා හා දියණියගේ සබඳතා එක් පසෙකින් පමණක් සිදුවන්නක් නොවේ.. තාත්තාගේ දියණියන්  බොහෝ විට ඔහුව ආදරයෙන් බලාගන්නවා. විශේෂයෙන් ආධිපත්‍ය පතුරන්නන් සුවිශේෂියි.

පුංචි දියණියක්  ඇයගේ යෝධ තාත්තාව ආදරයෙන් රැකබලා ගන්නා අයුරු  ඔබ දැක තිබෙනවාද? මෙම අවස්ථා විනෝදජනක, නමුත් වඩාත්ම සිත් ඇදගන්නා සුළු අවස්ථාවන් නේද?

සමහර වේලාවට ඔහු තම හිස ඇයගේ උකුල මත තබන අතර ඇය ඔහුගේ අත ආදරයෙන් පිරිමදිමින්  ඔහුට ගායනා කරනවා.

තවත් විටෙක, ඔහු ඇයව සිනාහා ගැස්සවීමට විසුළුදෙයක් කරන විට, ඇගේ සිනහව නැංවුනද එය ආදරණීය බව ඔබට ඇසෙන විට දැනේවි.

තාත්තා සැමවිටම ඇයව ආරක්ෂා කරනවා සේම, ඇයද ඔහුව ඇයට හැකි අයුරින් ආරක්ෂා කරනවා.

7.තාත්තා දියණියට ඇති ආදරය නිසා ඔහු සැමවිටම ඇයගේ ලෝකයේ වීරයායි.

දියණියට තියෙන තාත්තාගේ අසිමිත ආදරය දැනගන්න ක්‍රම 7 ක්

බයවෙච්ච හැමවෙලේම මම තුරුල් ‌වෙච්ච ‌කෙනෙක් ඉන්නවා නම් ඒ ඔයයි තාත්තේ

දියණිය බිම වැටෙන විට, පළමුවෙන්ම දුව එන්නේ තාත්තායි.. ඇය නපුරු සිහිනයක් දුටු විට, ඇයව තුරුලු කොට ගෙන  නැවත නින්ද කරවන්නේද තාත්තායි.

ඇයට අයිස්ක්‍රීම් එකක් අවශ්‍ය වූ විට, එය ඔහුට කොතරම් අපහසුතාවයක් වුවද තාත්තා මොන ලොවින් හෝ එය ගෙන එනු ඇත.

මම හිතන්න විවාහයෙන් පසුව සැමියා ආරක්ෂකයාගේ භූමිකාව භාර ගත්තද අපේ තාත්තා සැමවිටම අපගේ ලෝකයේ වීරයායි.

සැමියා ඉදිරිපත් නොවන්නේ නම් , සැමියාට බලපෑමක් කිරීමට ඇයගේ ලොවේ වීරයාට හැකි බව  තාත්තාගේ දියණියන් දන්නවා සැමවිටම දන්නවා.

තාත්තලාට ඔවුන්ගේ දියණියන්ට ආදරය කිරීමේ සුවිශේෂ ක්‍රමයක් ඇති අතර මේ දියණියන්ද තම තාත්තලාට පෙරළා ආදර කරනවා.

ඔවුන් හොඳම මිතුරන්,  විසුළු සගයන් සහ අන්‍යෝන්‍ය ආරක්ෂකයින් ය.

මවක් හා  දියණියක් ලෙස මටත් එය ඒ ආකාරයෙන්ම වුනා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරි යහැකිය.