පහසුවෙන් ගැබ් ගන්න ඔබේ සරු කාලය දැන්ගන්නේ මෙහෙමයි

පහසුවෙන් ගැබ් ගන්න ඔබේ සරු කාලය දැන්ගන්නේ මෙහෙමයි

ඔබේ සරු කාලය ගැන ඔබ දැනුවත්ද? සරු කාලය ගණනය කරන කැලැන්ඩරය ඇතුළු සරු දවස් සහ ඩිම්බ මෝචනය ඇතුළු සාර්ථක දරු පිළිසිඳගැනීමකට උපකාර වන වටිනා ලිපියක් මේ.

ඔබට ඉක්මන් ගැබ් ගැනීමකට මගබලා ඉන්නේ නම්, ඔබ ලිංගිකව එක්විය යුත්තේ කවදාද, කොපමණ වාර ගණනක් ලිංගිකව එක්විය යුතුද? සරු කාලය කියන්නේ කවදාටද යන්න සහ ගැබ් ගැනීමට ඇති ඉඩකඩ වැඩි කිරීමට හෝ අඩු කිරීමට හේතු විය හැකි සාධක තිබේද යන්න දැන ගැනීමට ඔබ උනන්දු විය හැකිය.

ඔබේ ඔසප් කාලය තුළත් ඔබට ගැබ් ගැනීමක් සිදුවිය හැකි බවත් ඔබ දැන සිටීම ඉතාම වැදගත් වන්වා, විශේෂයෙන් ඔබට ඔසප් වීම සිදුවෙමින් පවතින විට පවා.

රිද්ම ක්‍රමය වැනි උපත් පාලන ක්‍රම සහ ශරීර උෂ්ණත්වය නිරීක්ෂණය කරන වෙනත් ක්‍රම උපත් පාලනයේදී සාර්ථක නොවීමට හේතුව මෙයයි

අනාරක්ෂිත ලිංගික ඇසුරක් සෑම විටම ගැබ් ගැනීමකට තුඩු නොදෙනවා සේම එක් වරක් පමණක් ලිංගිකව හැසිරුණත් ගැබ් ගැනීමක් සිදුවිය හැකිය.

පොදුවේ ගත් කල, සශ්‍රීකත්වය වයසත් සමඟ අඩු වන අතර, වැඩිහිටි කාන්තාවන් හා සසඳන කල,  යෞවනයන් ගැබ් ගැනීමට ඇති ඉඩකඩ එක් ලිංගික එක්වීමකින් පවා සිදුවන්නට පුළුවන්.

ඔබට ගැබ් ගැනීම අභියෝගයක්ව තිබේ නම්, ගැබ් ගැනීමේ අවස්ථාවන් උපරිම කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ කරුණු කිහිපයක් ඔබට දැනගත හැකිය.

ඔබ ගැබ් ගැනීමේ අවස්ථා වැඩි කරන සරු කාලය කියන්නේ මොකද්ද?

ඔබ නිතර ලිංගිකව හැසිරෙන්නේ නම් සහ ඔබ ඉක්මන් ගැබ්ගැනීමක් අපේක්ෂා කරන්නේ නැතිනම්, ලිංගික වේලාව උපාය මාර්ගික වශයෙන් වැඩ කිරීම අවශ්‍ය නොවනු ඇත.

නමුත් ලිංගිකව හැසිරීමට හොඳම කාලය දැන ගැනීමෙන් ඔබට ඉක්මනින් ගැබ් ගැනීමට අවශ්‍ය නම් එය ඔබට උපකාරී වේ.

සරු කාලය

සාරවත් කවුළුව

ලිංගික එක්වීමකින් ගැබ් ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති වකවානුවක් ඔබට සෑම මසකම සතියක් බැගින් උදා වනවා.

මෙය ඔබේ සාරවත් කවුළුව ලෙස සලකනු ලබන අතර, ඒ ඔබේ ඩිම්බ මෝචනය වීමට දින දෙක තුනකට පෙරයි.

ගැබ් ගැනීමට ඇති හොඳම අවස්ථාව ඩිම්බ මෝචනයට දින දෙක තුනකට පෙරයි.

ඩිම්බ මෝචනය සහ ඩිම්බ සංසේචනය

ඩිම්බ මෝචන්‍ය සාමාන්‍යයෙන් සිදුවන්නේ ඔසප් චක්‍රයේ දින 12 සහ 13 අතර වන නමුත් එය කාන්තාවකගෙන් කානතාවකට වෙනස් වනවා.

ඔබේ වඩාත්ම සාරවත් කවුළුව 8 සහ 9 වන දින වල වන අතර දින 19 සහ 20 ක් තරමට ප්‍රමාද වන්නටද පිළිවෙන.

ඩිම්බකෝෂයෙන් මුදා හරුණු ඩිම්භයකට සංසේචනය වීමේ හැකියාව ඇත්තේ ඩිම්බකෝෂයෙන් නික්මවී පැය 12 ත් 24 ත් අතර කාලයක් පමණයි. මේ අතර කාන්තා සිරුරට ඇතුළු වූ ශුක්‍රාණුවක ආයු කාලය දින පහක් දක්වා විය හැකියි.

ගැබ් ගැනීමට උත්සාහ කරන කාන්තාවක් ඩිම්බ මෝචනයව වීමට පෙර ලිංගිකව එක්විය යුත්තේ මේ නිසායි.

14 වන දිනය ඔබේ සරු කාලය උපරිම වන වඩාත්ම සාරවත් දිනයද?

ඔබ ඩිම්බ මෝචනය වන්නේ සාමාන්‍යයෙන් ඔබේ චක්‍රයේ 14 වන දින බව ඔබ අසා ඇති.

මෙය විශ්වාස කරන සහ අනුගමනය කරන බොහෝ කාන්තාවන් 11, 12 සහ 13 දිනවල ලිංගිකව හැසිරෙන්නේ මෙය පිළිසිඳ ගැනීමට හොඳම අවස්ථාව ලබා දෙනු ඇතැයි විශ්වාස කරමිනි.

නමුත් එය වැරදියි! බොහෝ කාන්තාවන්ගේ චක්‍රයේ 14 වන දින ඩිම්බ මෝචනය සිදුවන්නේ නැහැ.

සාමාන්‍ය ඩිම්බ මෝචනය 10 වන දින තරම් කලිනුත්, 20 වන දින තරම් පමා වෙලාත් සිදුවන්නට පුළුවන්. ඔබේ චක්‍ර අක්‍රමවත් නම්, ඩිම්බ මෝචනය මෙයට පසුව පවා සිදුවන්නට පුළුවන්.

සරු කාලය

තමන්ගේ ඩිම්බ මෝචන වන සරු කාලය අවබෝධ කරගැනීම

දින දර්හණයක් මත පදනම්ව ඔබට ඩිම්බ මෝචනය නිරීක්ෂණය කළ හැකි අතර ඇතැම් මෙවලම් මඟින් ඩිම්බ මෝචනය සිදුවන බවට සංඥා සහ සලකුණු සොයා ගැනීමට ශරීර උෂ්ණත්වය, ගැබ්ගෙල ශ්ලේෂ්මල හෝ හෝමෝන මට්ටම වැනි භෞතික විද්‍යාත්මක වෙනස්කම් භාවිතා කරනු ලබනවා.

ඩිම්බ මෝචන සරු කාලය හොයාගන්නට භාවිතා වන ක්‍රම කිහිපයක්:

සරු කාලය

පින්තූරය: Shyamalee Pathirage ෆේස් බුක් පිටුවෙන්

1. ඩිම්බමෝචන අනාවැකි පරීක්ෂණ : සරු කාලය

මෙම පරීක්ෂන ගර්භනී පරීක්ෂණ හා සමාන වනවා. වෙනස වන්නේ මෙමගින් ගැබිනි බව පෙන්වනවා වෙනුවට ඩිම්භ මෝචනය වන බව පෙන්වීමයි.

මෙම පරීක්ෂණද පරීක්ෂණ තීරු ලෙස ලබාගත හැකියි. මෙහිදී පුංචි කෝප්පයකට මුත්‍රා එකතු කර, ඒ තුළට පරීක්ෂණ තීරුව ගිල්විය හැකිය. වර්ණ වෙනස්වීම් හෝ ඩිජිටල් කියවීම මත පදනම්ව ඔබට ඔබේ ප්‍රතිඵල ලබාගන්නට පුළුවන්.

නිවසේදී සිදුකළ හැකි මෙම ඩිම්බමෝචන පරීක්ෂණය සිදුකිරීමෙදී ඔබේ මුත්‍රා වල ඇති luteinizing hormone (LH) හෝමෝනය හඳුනා ගැනෙනවා.

ඔබේ ඩිම්බ මෝචනය වීමට මොහොතකට පෙර LH අගය ඉහළ යනවා. එබැවින් පරීක්ෂණය ධනාත්මකව වීමෙන් කියැවෙන්නේ ඩිම්බකෝෂයෙන් ඩිම්බයක් මුදා හැරීම උත්තේජනය වී ඇති බවයි.

මෙය ගැබ් ගැනීමට ඔබේ ප්‍රශස්තම කාලයලක් ලෙස සළකන්නට පුළුවන්.

2. බේසල් ශරීර උෂ්ණත්ව ප්‍රස්ථාරය

මේ සඳහා ඔබ උදේ නැගිටීමට පෙර සෑම උදෑසනකම ඔබේ උෂ්ණත්වය සටහන් කරගත යුතුයි.

ඔබේ බේසල් ශරීර උෂ්ණත්වය යනු ඔබේ ශරීරයේ සම්පූර්ණ විවේකයෙන් සිටින විට ඇති උෂ්ණත්වයයි. ඔබේ හෝමෝන මට්ටම ඔබේ මෙම ශරීර උෂ්ණත්වයට බලපානවා.

ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය ඔබේ ශරීර උෂ්ණත්වය ඉහළ නංවයි. ඩිම්බමෝචනයෙන් පසු ප්‍රොජෙස්ටරෝන් ප්‍ාණය වැඩි වනවා.

එවිට ඔබේ බේසල් ශරීර උෂ්ණත්වය ඉහළ ගොස් අවම වශයෙන් දින කිහිපයක්වත් ඉහළ මට්ටමක පවතිනවා. මෙයින් අදහස් වන්නේ මෙම අගය ඉහළ යාමට පෙර ඩිම්බ මෝචනය සිදුවූ බවයි.

3. යෝනි ශ්ලේෂ්මල : සරු කාලය

ඔබ ඩිම්බමෝචනයට ළඟා වන විට ඔබේ යෝනි ශ්‍රාවය වෙන වනවා. එය නම්‍යශීලී වන අත්‍ර ශ්ලේෂ්මල ප්‍රමාණය වැඩි වනවා.

මෙය අමු බිත්තර සුදු මදයට සමාන ස්වරූපයක් ගන්නා අතර, බොහෝ විට මාසයේ වඩාත්ම සාරවත් කාලයට ශ්‍රාවය වනවා.

4. ඛේටය පැසවීමේ පරීක්ෂණය

ඛේට (කෙළ) සාම්පලයක් පරීක්ෂා කිරීම සඳහා අන්වීක්ෂයක් භාවිතා කරන නිවසේදී සිදුකරන පරීක්ෂණයක් මේ.

මෙම පරීක්ෂණය ඇතැම් කාන්තාවන්ට ප්‍රයෝජනවත් විය හැකි අත තවත් අයට අර්ථ නිරූපණය කිරීම දුෂ්කර වනවා. අන්වීක්ෂයක් යටතේ හිම මෙන් පෙනෙන මෙම පර්ණාංග රටාව ඩිම්බමෝචනයේ සළකුණක් විය හැකියි.

5. සාරවත්බව පෙන්වීමේ දින දර්ශන ඇප්

ඔබගේ ඩිම්බ මෝචන චක්‍ර නිරීක්ෂණය කරන බොහෝ සබැඳි සහ ස්මාර්ට්ෆෝන් යෙදුම් තිබෙනවා. මින් වඩාත් නිරවද්‍ය ඒවායින් ඔබේ බේසල් ශරීර උෂ්ණත්වය හෝ ගැබ්ගෙල ශ්ලේෂ්මල වෙනස්වීම් ඇතුළත් කිරීමට අවශ්‍ය වනවා.

නමුත් ඔබේ ඔසප් චක්‍රය නිත්‍ය නම්, සරල යෙදුමක් පවා ඔබේ වඩාත් සාරවත් දින හඳුනා ගැනීමට උපකාරී වනවා.

ඔබගේ ඔසප් චක්‍රයේ දත්ත ඇතුළත් කල විට එමඟින් මෘදුකාංග යෙදුම ඔබගේ චක්‍ර අනුව ඔබේ ඩිම්බ මෝචනය සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇති දවස් ඔබට දැනුම් දෙනු ඇත.

6. ගැබ්ගෙල ශ්ලේෂ්මල

පර්යේෂණයන්ගෙන් පැවසෙන්නේ ලිංගික සංසර්ගය සඳහා හොඳම දිනය ඔබ වඩාත් සාරවත් ගැබ්ගෙල ශ්ලේෂ්මල ශ්‍රාවය ඔබට දැනෙන දින බවයි.

සාරවත් ගැබ්ගෙල ශ්ලේෂ්මල යනු අමු බිත්තර සුදු පැහැයට සමාන යෝනි ශ්‍රාවයකි.

මේ ආකාරයේ විසර්ජනයකින් සාමාන්‍යය හා සෞඛ්‍ය සම්පන්න වනවා. එය සාමාන්‍යයෙන් ඩිම්බමෝචනයට පෙර දිනවල දැනෙන පෙනෙන අතර මේ ගැන අවබෝධයක් අති වුණු පසු ලිංගිකව එක්වීමට සුදුසු දවස් ගැන ඔබට ඉබේටම දැනෙනට හැකි වේවි.

ඔබට දැඩි ආග්‍රාණයක් හෝ කැසීමක් ඇති කරන විසර්ජනයක් තිබේ නම් එය ආසාදනයක් වන්නට පුළුවන්. මෙවිට ඔබේ වෛද්‍යවරයා හමුවීම වඩාත් සුදුසුයි.

ගැබ්ගෙල ශ්ලේෂ්මල මගින් ශුක්‍රාණු චලිතය (චලනය) වැඩි දියුණු කරන අතර ඒවා සජීවීව හා සක්‍රීයව පවත්වාගැනීමට එය උපකාරී වනවා.

7. මනෝභාවය

සැහැල්ලුවෙන් හා මානසික ආතතියෙන් තොරව සිටීමද ගැබ්ගැනීමේ සම්භාවිතාව වැඩි කරන නමුත් අනෙක් බොහෝ “නීති” මෙන් මෙය අනිවාර්යයෙන්ම සිදු වන බව කියන්නට අපහසුයි.

මාසයේ ඇතැම් වේලාවන්හිදී ඔබේ ලිංගික අවශ්‍යතාව වෙනදාට වඩා ප්‍රබල බව ඔට දැනී තිබෙනවාද? මෙය අහම්බයක් නොවේ. ඩිම්බමෝචනයට පෙර වැඩි වන හෝමෝන ක්‍රියාකාරිත්වයද  ලිංගිකත්වය සඳහා ඔබේ ආශාව වැඩි කරනු ලබනවා.

ලිංගික සතුටද ගැබ් ගැනීමේ සම්භාවිතාව වැඩි කළ හැකි නමුත්, ඔබ ලිංගිකව හැසිරෙන සෑම අවස්ථාවකම එය උණුසුම් ලිංගික අත්දැකීමක් කරන්නට ඔබ වෙහෙස වන්නට අවශ්‍ය නැහැ.

අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ ලිංගික වින්දනයට ශුක්‍රාණු ප්‍රමාණය වැඩි දියුණු කළ හැකි බවයි. කාන්තා සුරාන්තයද පිළිසිඳ ගැනීමේ ප්‍රවණතාව වැඩි කිරීමට උපකාරී වන බව කියැවෙනවා. කෙසේ නමුත් ඔබේ ලිංගික ඇසුර අප්‍රසන්න එකක් වුවත් පිළිසිඳගැනීමේ හැකියාවක් තිබෙන බව සිහිතබාගත යුතුයි.

ගැබ්ගැනීමට ලිංගිකව එක්වන වාර ගණන

ඔබ කොපමණ වාරයක් ලිංගිකව එක්විය යුතුද යන්න යුවළක් ලෙස ඔබේ පෞද්ගලික මනාපය මත රඳා පවතිනවා. එමෙන්ම පුරුෂයාගේ ශුක්‍රාණු ප්‍රමාණය, වඳ බාවයක ගැටළු සාධක තිබේද නැද්ද යන්නද මීට බලපානවා.

ප්‍රවීණයන් උපදෙස් දෙන්නේ ඔබ දිනකට එක් වතාවකට  වඩා ලිංගිකව හැසිරෙන්නේ නැතිනම් වඩාත් හොඳ බවයි. වැඩිපුර ලිංගිකව හැසිරීම ගර්භණීභාවයට වඩා හොඳ අවස්ථාවක් ලෙස ඔබ සිතෞවත්, ඇත්ත වශයෙන්ම, නිතර නිතර ලිංගිකව හැසිරීම සෞඛ්‍ය සම්පන්න ශුක්‍රාණු ප්‍රමාණය අඩු කරනවා. මේ නිසා දිනකට වරකට වඩා ලිංගිකව එක්වීම ගැබ් ගැනීමක් සඳහා අනුමත කරන්නේ නැහැ.

ලිංගික හැගීම් වැඩිකරන ආහාර

මාසය පුරාම ලිංගිකව හැසිරීම

ඇතැම් කාන්තාවන්ට ඩිම්බමෝචනය නිරීක්ෂණය කිරීමට නිරන්තරයෙන් උත්සුක වන අතර තවත් සමහරුන්ට එය මහා මානසික ආතතියක් වනවා.

ඔබ නිරීක්ෂණය කිරීමට තෝරාගන්නා ඩිම්බමෝචන ක්‍රමය, සෑම උදෑසනකම ඔබේ උෂ්ණත්වය පරීක්ෂා කිරීම, ඩිම්බකෝෂ හඳුනාගැනීමේ තීරු භාවිතා කිරීම, පැසවීම සඳහා ඔබේ ලවණ පරීක්ෂා කිරීම හෝ ගැබ්ගෙල ශ්ලේෂ්මල පරීක්ෂා කිරීම ආදිය අතරින් කුමක් වුවත්,. ඔබේ ඔසප් චක්‍රයට සහ ඩිම්බමෝචන සංඥා කෙරෙහි පමණට වඩා වැඩි අවධානයක් යොමු කිරීම, ඔබට මානසිකව වෙහෙසකර විය හැකිය.

ඩිම්බමෝචනය ගැන විමසිල්ලෙන් සිටීම ඔබව මානසිකව වෙහෙසට පත්කරනවා නම්, සෑම සතියකම, දවසක් හැර දවසක් ලිංගිකව එක්වීම ප්‍රමාණවත් වනවා. ඔබේ ඔසප් චක්‍රය නිරීක්ෂණය නොකර, මෙම ක්‍රම අනුගමනය කිරීමෙන්, නිරායාසයෙන්ම ඔබේ සාරවත් කවුළුව තුළ අවම වශයෙන් එක් වරක්වත් හෝ ලිංගිකව හැසිරීමට ඔබට හැකි වනවා.

ඉතින් ඔබේ ඔසප් චක්‍රය පුරාම සතියකට අවම වශයෙන් තුන් හතර වතාවක් ලිංගිකව හැසිරීමට උත්සාහ කරන්න. වර්ධනය වන කලලයට ශුක්‍රාණු උපකාරී වන බවට න්‍යායක් ඇත.

මෙයින් අදහස් කරන්නේ ඩිම්බමෝචනයෙන් පසු ලිංගිකව හැසිරීමෙන්, සහ ඔබ ඇත්ත වශයෙන්ම පිළිසිඳ ගැනීමෙන් පසුව, ඔබේ කලලය ගර්භාෂ බිත්තිය හා “ඇලීමට” ශුක්‍රාණු තරලය උපකාර විය හැකි බවයි. මෙය, ඔබ වැඩිවාර ගණනක් ලිංගිකව එක්වීමෙන් ලබන තවත් වාසියක් වනවා.

ඔබේ සරු කාලය තුළ ලිංගිකව හැසිරීම

ඩිම්බමෝචන කාලය සොයා බැලීම ඔබ සතුටින් කරන කාර්‍යයක් නම්, ඔබේ වඩාත් සාරවත් කාලය හඳුනාගෙන එම දවස් වල ලිංගිකව හැසිරීමට ඔබට වගබලාගන්නට පුළුවන්.

ශුක්‍රාණු ප්‍රමාණය සාමාන්‍ය හෝ සෞඛ්‍ය සම්පන්න නම්, ඔබට සාරවත් ගැබ්ගෙල ශ්ලේෂ්මල ශ්‍රාවය වන දවසක හෝ, ඩිම්බමෝචනය හඳුනාගැනීමේ පරීක්ෂණය ධනාත්මක ප්‍රතිඵල දුන් දවසට හෝ ඛේටය පැසවීමේ පරීක්ෂණය ධනාත්මක ප්‍රතිඵල දුන් දවසට හෝ ලිංගිකව හැසිරීම වඩාත් සුදුසුය.

ඔබ ඔබේ බාසල් ශරීර උෂ්ණත්වය සටහන් කරන්නේ නම්, ඔබට සෑම මසකම ඩිම්බ මෝචනය කරන ආසන්න දිනය දැනගත හැකිය.

මෙම අවස්ථාවේ දී, ඔබ ඩිම්බ මෝචනය කිරීමට පෙර දින තුනක් ලිංගිකව එක්විය යුතු අතර සමහර විට ඔබ ඩිම්බ මෝචනය කිරීමට බලාපොරොත්තු වන දිනයේද එක්වීම සුදුසුය.

කෙසේ වෙතත්, ශුක්‍රාණුවල ගුණාත්මක භාවය ඉහළ මට්ටමක තබා ගැනීම සඳහා ඔබේ ඔසප් චක්‍රය පුරාම ලිංගිකව හැසිරීමෙන් වැඪි සාර්ථකත්වයක් බලාපොරොත්තු වන්නට පිළිවෙනි.

මෙයට අමතර ගැබ්ගැනීමෙ කර්තවයෙන් තොරව ඔබට නිදහසේ ලිංගික හැසිරීම රස විඳින්නටද කාලයක් වෙන් කරගත යුතු වනවා.

අඩු හෝ සීමාසහිත ශුක්‍රාණු ප්‍රමාණය

ශුක්‍රාණු ප්‍රමාණය සීමාසහිත නම් හෝ සාමන්‍ය ප්‍රමාණයට වඩා පහළ වැටී ඇත්නම්, සාමාන්‍ය නිර්දේශය වන්නේ සාරවත් කවුළුව තුළ සෑම දිනකම ලිංගිකව හැසිරීමයි.

නිදසුනක් ලෙස, ඔබේ පළමු ධනාත්මක ඩිම්බමෝචන පරීක්ෂණ ප්‍රතිඵලය ලැබුනේ සඳුදා ලෙස නම් හෝ සාරවත් ගැබ්ගෙල ශ්ලේෂ්මලයක් ඇති නම්, ඔබ සඳුදා ලිංගිකව එක්විය යුතුය. අඟහරුවාදා දිනය මඟහැර නැවත බදාදා එක්විය යුතුය. බ්‍රහස්පතින්දා මඟ හැර යළි සිකුරාදා එක්විය යුතුය.

ලිංගිකව එක් නොවන දවස් ශුක්‍රාණු සැපයුම නැවත පිරවීමට උපකාරී වන අතර ගැබ්ගැනීමේ සම්භාවිතාව වැඩි කරයි.

පිරිමි සාරවත් බව ස්වාභාවිකවම වැඩි කරන්නේ කෙසේද?

සශ්‍රීකත්ව ප්‍රතිකාර පිළිබඳ ඇතැම් පර්යේෂණයන් පවසන්නේ කෘත්‍රිම ගැබ්ගැනීමෙන් පසු කාන්තාවන් උඩුබැලි අතට යම් කාලයක් රැඳී සිටීමෙන් ගැබ් ගැනීමේ ප්‍රවණතාවේ සුළු වැඩිවීමක් දක්නට ලැබුණු බවයි. කෙසේ වෙතත්, දැන් මෙය ලිංගික සංසර්ගය සඳහා සාමාන්‍යකරණය වී නැහැ.

ඔබ අවධානය යොමු කළ යුතු එක් දෙයක් නම් ඔබ භාවිතා කරන ලිහිසි තෙල් වර්ගය ගැනයි. සාමාන්‍ය ලිහිසි තෙල් බොහෝමයක් ශුක්‍රාණු වලට හානි කළ හැකි බැවින් ශුක්‍රාණු-හිතකාමී ලුබ් එකක් තෝරා ගැනීමට වග බලා ගන්න.

Verywell වෙතින් ඔවදනක්…

ඔබ ගැබ් ගැනීමට උනන්දු වන්නේ නම්, දේවල් ඕනෑවට වඩා සංකීර්ණ කරගැනීමට ඔබ පෙළඹෙන්නට පුළුවන්. ඔබේ සාරවත් කවුළුව තුළ ඔබ ලිංගිකව හැසිරෙන්නේ නම් ඔබ ඉක්මනින් පිළිසිඳ ගැනීමට වැඩි ඉඩක් ඇති බව සත්‍යයක්. නමුත් ඔබ සෑම මසකම නිතර ලිංගිකව හැසිරෙන්නේ නම්, අවසානයේදී ඔබ ගැබ් ගැනීමට ඉඩ ඇති බවත් සත්‍යයක් බව සිහිතබාගන්න.

සාරවත්බව පසුපස යාමේ ප්‍රවණතාව විශේෂයෙන්ම අන්තර්ජාල හා සමාජ මාධ්‍ය හරහා විශාල රැල්ලක් ඇතිකර තිබෙනවා.

ඔබේ ඔසප් චක්‍රය හා ඩිම්බමෝචන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සඳහා එය ප්‍රයෝජනවත් සහ විනෝදජනක විය හැකි නමුත් එය ඔබව මානසිකව වෙහෙස කරන්නද බැරි නැහැ.

මේ නිසා ඔබටත් ඔබේ සහකරුටත් මානසිකව හා ශාරිරිකව වඩාත් සුදුසු දේ කරන්න. ඔබ වසරක් උත්සාහ කිරීමෙන් පසු හෝ මාස හයකට පසු ගැබ් නොගන්නේ නම්, ඔබ 35 ට වැඩි නම්, ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

මූලාශ්‍ර: verywellfamily.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Niloufer Perera

කතන්දර ලිපි