theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දෙමාපිය දු දරු සම්බන්ධතාවය ශක්තිමත් කල හැකි යහපත් පුරුදු හතක්

4 අවම කියවීම
දෙමාපිය දු දරු සම්බන්ධතාවය ශක්තිමත්  කල හැකි යහපත් පුරුදු හතක්දෙමාපිය දු දරු සම්බන්ධතාවය ශක්තිමත්  කල හැකි යහපත් පුරුදු හතක්

දෙමව්පිය දුදරු සම්බන්ධතාවය නැවත ඇතිකර ගැනීමටත් එය ශක්තිමත් කරගැනීමටත් යහපත් පුරුදු හතක් මේ සමග ඉදිරිපත් කරනවා.

වේගයෙන් දිව යන ලෝකයක් තුල  අප ජීවිතයේ සිටින වැදගත්ම පුද්ගලයන් වන දරුවන් සමඟ සබඳතා පහසුවෙන් ගිලිහි යනවා.

දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන් හා සම්පුර්ණයෙන්ම වැදගත් වු දෙමව්පිය දරුවන් සමඟ සබඳතා නැවත ඇතිකර ගැනීමටත් එය ශක්තිමත් කරගැනීමටත් යහපත් පුරුදු හතක් මේ සමග ඉදිරිපත් කරනවා.

ඔබේ දරුවා වයසින් වැඩෙත්ම සුන්දර වු දෙමාපිය දූදරු සම්බන්ධතාවය ක්‍රමයෙන් දුර්වල වීම පහසුවෙන්ම සිදුවෙනවා.

පාසැල් වැඩ හා මිතුරන් සමග දරුවන් තමාගේම කුඩා ලෝක ගොඩනගා ගන්නා අතර රැකියා කටයුතු සමග දෙමාපියන්ද එසේ වෙනවා.

නමුත් එය එසේ විය යුතු නැහැ. ඔබේ ජීවන රටාවේ සුළු සුළු වෙනස්කම් කිහිපයක් කිරීම මගින් ඔබේ දරුවා සමග බලාපොරොත්තු නොවන ක්‍රම මගින් සදාකාලික සම්බන්ධයක් ගොඩනගා ගැනීමට මග පාදගන්න පුලුවන්.

ඔබ හා ඔබේ  දරුවන් සමඟ සබඳතා ශක්තිමත් කරගත හැකි මේ අදහස් හත සම්බන්ධයෙන් ඔබට ආස්වාදයක් ලැබේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා.

1. දරුවන් සමඟ සබඳතා වඩවන්න එක්ව ආහාර ගන්න

එක්ව ආහාර ගන්නා පවුල් හා දරුවාට ඇති ධනාත්මක බව වර්ධනය වන ප්‍රතිලාභ අතර සම්බන්ධයක් ඇති බව පරීක්ෂණයන් පෙන්වා දෙනවා.

හොද ආහාර ගැනීමේ පුරුදු, හොද ක්‍රීඩා කෞෂල්‍යයන්, යහපත් හැසිරීම සහ ශක්තිමත් මානසික හා සමාජීය දක්ෂතා වර්ධනයත් මේ මගින් ලැබෙනවා.

සැමදා එක්ව රාත්‍රී ආහාර ගැනීමට අපහසු නම් හැකි සෑමවිටම එක්ව ආහාර ගන්න උත්සහ කරන්න.

රාත්‍රී ආහාර වේල එක්ව ගත නොහැකි නම් අඩුම තරමින් උදෑසන ආහාර වේල හෝ කෙටි ආහාර වේලක් එක්ව ගන්න.

ඔබ පවුලක් ලෙස ආහාර ගන්නා විට ඔබ  ඔබේ ආහාර ගන්නා අවස්ථාවේ විනෝදය ලබා ගන්නා අතර දරුවන්ගේ දවස ගත කල ආකාරය හා ඔබේ දවස ගත වු ආකාරය කථා කරන්න අවස්ථාවක්ද උදාකර ගන්නවා.

ඔබ එකිනෙකා අතර වු සම්බන්ධතාවය එහි අඛණ්ඩත්වයටද දායක වෙනවා.

2. එක්ව නින්දට යෑමෙන් දරුවන් සමඟ සබඳතා වැඩිකරගන්න

ඔබ රාත්‍රියේ පමාවෙනතුරු වැඩ කිරීම නිසා ඔබේ රාත්‍රී ආහාර වේල මගහැරුනොත් ඔබේ දරුවා සමග නිදාගන්නා අවස්ථාවේ එකට ඉන්න උත්සහ කරන්න.

ඔබට ඔබේ දරුවා හා සම්බන්ධතාවය පවත්වා ගැනීමට නින්දට යන වේලාව හොද අවස්ථාවක් ලබා දෙනවා.

එය නින්දට යනතුරු කතාන්දරයක් කියාදීම පමණක් නොවේ නින්දට පෙර සුරතල් කිරීමක්ද වෙනවා.

ඒ වගේම එය එකිනෙකා සමග තමන්ගේ දවස ගැන කථා කරන්න අවස්ථාවක්ද උදාකර දෙනවා.

ඔබ ඔබේ දවස ගෙවු විදිය පිලිබඳ ආඩම්බර වෙන දේවල් ඔබේ දරුවා සමග බෙදා ගන්නා අතර ඔහුගේ දවස සතුටින් ගත කිරීමට හේතු වුයේ මොනවාදැයි විමසන්න.

ඔබ පවසන ඔබේ තොරතුරු මගින් දරුවා කෙරෙහි ඇතිවෙන විශ්වාසය ඔබ  දෙපාර්ශවයේම සම්බන්ධතාවය ඇති කිරීමට මෙන්ම ශක්තිමත් කිරීමටද හේතුවේ.

3. එකව විනෝද වෙන්න.

ඔබේ දරුවාත් සමග  ඇති සම්බන්ධතාවය ඇති කිරීමට හොදම ක්‍රමය වන්නේ එකට විනෝද වීමයි. මෙය සුන්දර වු උද්‍යාන හා මුහුදු වෙරල වැනි එළිමහන් පරිසරයන් තුල කල හැක.

ඒ වගේම සාධාරණව සෙල්ලම් කිරීම හා ආචාරශීලී  පරාජිතයෙක් වීම වැනි අමතර ප්‍රතිලාභ ලැබෙන ගෘහස්ථ ක්‍රීඩා තුලින්ද මෙය කල හැක.

ක්‍රීඩා ඔබට අදාල දෙයක් නොවේ නම්, ඔබ ආහාර පිසීම, චිත්‍ර ඇදීම, අත්වැඩ කිරීම හෝ ළමා චිත්‍රපටයක් සමාලෝචනය කිරීම වැනි දේවල් එක්ව නොකරන්නේ ඇයි?

මෙම අදහස් සම්බන්ධතා ඇති වීමට හේතු වන අතර එම ක්‍රියාකාරකම් අනිවාර්යයෙන්ම එසේ කිරීමට උදව් කරාවි.

4. තදින් වැලදගන්න, සුරතල් කරන්න.

සරල හා සම්පුර්ණයෙන්ම විනෝදජනක වු සුරතල් ක්‍රියා සහ දරුවා වැලදගැනීම ඔබේ  සම්බන්ධතා ශක්තිමත් කල හැකි පහසු ක්‍රමයකි.

දරුවා වැලදගැනීම උදෑසන ඔබගේ ප්‍රථම කාර්යය ලෙසත්, පාසැල්  හෝ පෙර පාසැල් යාමට පෙර, නැවත නිවසට පැමිණි විට හා නින්දට පෙර  දරුවා වැලදගන්න. නොමසුරු වැලදගැනීම් හා සුරතල් කිරීම් ඉහත වේලාවල් අතරටද දෙන්න.

අමතර ප්‍රතිලාභයක් ලෙස වැලදගැනීම ඔබගේ යහපත් සෞඛ්‍යයට හේතුවෙන බව පරීක්ෂණ මගින් ඔප්පුකොට තියෙනවා.

5 එකිනෙකාට ගෞරව කරන්න .

දරුවන් අපිව කෝප ගන්වන බවත් අපේ පීඩනය වැඩි කරන බවත් සත්‍යයක්,  නමුත් ඔබ ඔබේ  දරුවාට විනය ගරුක වන විට ඔහු හෝ ඇයට ගෞරවයක් පෙන්වන විට ඔබටද කාර්‍යක්ෂම, ධනාත්මක හා දීර්ඝකාලීන ප්‍රතිඵල ලබාගන්න පුලුවන්.

විනය හැසිරවීමේ දරුණු ක්‍රම මගින් ඉක්මන් ප්‍රතිඵල ලබා දුන්නත් ගෞරවය පෙන්වීම තුලින් හැගීම් හා වර්ධනීය ප්‍රතිඵල නිතර ඔබට ලබා ගන්න පුලුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

කොහොම නමුත් ඔබ ඔබේ විනය තුල ගෞරවනීය නම් ඔබ ඔබේ  දරුවා සමග බැදීමක් ඇතිකර ගන්නවා පමණක් නොවේ.

කවුරුත් හෝ ඔහු රිදවු විට පවා ගෞරවනීය වීම හා කාරුණික වීම ඒ තුලින් උගන්වනු ලබනවා.

6. දරුවන් සමඟ සබඳතා වඩවන්න උදව් වන කාර්යයන් පවරන්න 

ඔබේ පුංචි දරුවාට වයසට ගැලපෙන කාර්යයන් පැවරු විට ඔවුන්ගේ වටිනාකම විදහා දක්වන ආත්ම අභිමානය මෙන්ම ආත්ම විශ්වාසය ගොඩ නංවනු ලබනවා.

ඔහු ඔහුගේ කාර්යයන් නිමකල විට ඔහු කර ඇත්තේ හොද කාර්යයක් බවත් නිවසේ කටයුතු වලදී ඔහුගේ දායකත්වය මොනතරම් වටිනවාද යන්නත් ඔබේ  දරුවාට කියාදෙන්න.

මේ මගින් ඔබ එකිනෙකා ලංකරන අතර ඔබේ දරුවා කාරුණික සංවේදී වැඩිහිටියෙක් බවට පත් කරාවි.

7. දරුවන් සමඟ සබඳතා වැඩි කරගන්න පුංචි දේවල් කරන්න 

ඔබට ඔබේ දරුවා හා ගත කිරීමට කාලයක් නොමැති නම් පුංචි පුංචි ක්‍රම තුලින් ඔබේ ආදරය පෙන්වන්න පුලුවන්.

ආදරණීය වදන් පෙලක් ලියා කෑම පෙට්ටියට දැමීම, සති අන්තයේදී විනෝදජනක වැඩසටහන් සැලසුම් කිරීම, ඔබට හැකි සෑමවිටම බාධාවලින් තොරව ඔහුට හෝ ඇයට සම්පුර්ණ අවධානය ලබාදීම සදහා සම්පුර්ණයෙන්ම කැපවෙන්න.

ඒ සියල්ල ඔබ හා දරුවා අතර සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට උදව් කරාවි.

දෙමව්පියනි, දෙමව්පිය දු දරු සබදතා ඇති වීමටත් ශක්තිමත් කිරීමටත් වෙනත් ක්‍රම තිබේද? ඔබේ අදහස් පහලින් සටහනක් යොදා අප හා බෙදා ගන්න.

ඔබත් ඔබේ දරුවාත් අතර සම්බන්ධතාවය රැක ගැනීමට දායක වෙන  මේ වැදගත් තොරතුරු ගෙන ආවේ theAsianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • දෙමාපිය දු දරු සම්බන්ධතාවය ශක්තිමත් කල හැකි යහපත් පුරුදු හතක්
බෙදාගන්න :
  • සහෝදර ප්‍රේමය බාල වියේ සිට වර්ධනය කල යුත්තේ ඇයි?

    සහෝදර ප්‍රේමය බාල වියේ සිට වර්ධනය කල යුත්තේ ඇයි?

  • ළමා ඇඳුම් මෝස්‌තර: කුමර කුමරියන් සේ චූටි පැටියාව හැඩ කරගන්න

    ළමා ඇඳුම් මෝස්‌තර: කුමර කුමරියන් සේ චූටි පැටියාව හැඩ කරගන්න

  • සහෝදර ප්‍රේමය බාල වියේ සිට වර්ධනය කල යුත්තේ ඇයි?

    සහෝදර ප්‍රේමය බාල වියේ සිට වර්ධනය කල යුත්තේ ඇයි?

  • ළමා ඇඳුම් මෝස්‌තර: කුමර කුමරියන් සේ චූටි පැටියාව හැඩ කරගන්න

    ළමා ඇඳුම් මෝස්‌තර: කුමර කුමරියන් සේ චූටි පැටියාව හැඩ කරගන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it