දරුවන්ට අහිතකර බීම අතුරින් මෙම බීම වර්ග 7 නම් කොහොමටවත්ම දෙන්න එපා!

දරුවන්ට අහිතකර බීම අතුරින්  මෙම බීම වර්ග 7 නම් කොහොමටවත්ම දෙන්න එපා!

මේ අහිතකර බීම වර්ග ඔබත් දරුවාට දෙනවද?

දරුවන්ට අහිතකර බීම වර්ග බොහොමයක් අද කාලයේ වෙළඳපොලේ ඕනෑතරම් තියෙනවා. මෙම බීම වර්ග 7 නම් ඔබ නොදැනුවත්වම නිවෙස් වල නිතර දෙනවා වන්නට පුළුවන්. බලන්න ඔබේ දරුවත් මෙම බීම ගොඩක් බොනවානම්, ඒ පුරුද්ද කැඩුවොත් හොඳයි, නේද අම්මි, තාත්ති? 

දරුවන්ට අහිතකර බීම වර්ග

1. ශීත කළ බීම

වෙළඳපොළේ විකිණීමට ඇති බොහෝ ශීත කළ බීම වර්ග වල කිසිදු පෝෂණ ගුණයක් අඩංගු වන්නේ නැහැ. ඒවගේ අඩංගු සීනි හා ඇසිඩ් වර්ග දරුවන්ගේ දත් නරක් කරනවා. සෑම බීම බෝතලයකටම අඩුම වශයෙන් සීනි හැඳි 9 ක් වත් හා රසකාරක අඩංගු වෙනවා.

2. මිල්ක් ෂේක්

මිලක් ෂේක් වල ඉතා අධික ලෙස සීනි එක්කර තිබෙන අතර ශරීරයට අහිතකර මේද අඩංගු වෙනවා. මිල්ක් ෂේක් වෙනුවට ගෙදරදී සාදා ගත හැකි පලතුරු යුෂ, චොක්ලට් කිරි පානයක් අත්හදා බලන්න.

3. කැෆේන් අඩංගු බීම

අයිස් ටී, හර්බල් ටී, ශක්තිජනක බීම වල කැෆේන් හෝ අනෙකුත් උත්දීපනයන් අඩංගු වන අතර එහි කිසිදු පෝෂණීය ගුණයක් නැති අතර දරුවන්ට මින් අහිතකර ප්‍රතිඵල ළඟා විය හැකියි.

4. අධි ශක්ති ජනක බීම (energy drink)

මේවා වල විශාල වශයෙන් කැෆේන් සහ කෘතිම පැණි රස කාරක අඩංගු  බැවින් එය වැඩෙන දරුවන්ට ඉතා අහිතකරයි.

5. වෙළඳපළේ ඇති ලේබල් රහිත බීම

ඔබ එදිනෙදා ගමන් කරද්දී පදික වේදිකා හා පාර අසල වෙළඳසැල් වල ඇති බොහෝ බීම වර්ග වලට අධික ලෙස සීනි හා සීනි සිරප් එක්කර තියෙනවා. මෙවැනි බීම වර්ග ඔබේ දරුවාට අහිතකර වෙන්න පුළුවන්.

6. දරුවන්ට අහිතකර බීම: සෝඩා අඩංගු පලතුරු යුෂ

සෝඩා කියන්නෙත් සීනි අඩංගු කෘතිම පානයක්. සෝඩා සමග තවත් පලතුරු යුෂ එක් කිරීමෙන් එහි සීනි සාන්ද්‍රණය තවත් වැඩි වෙනවා.ඉන් දරුවාගේ සෞක්‍යට හානි ඇති විය හැකියි.

7. දරුවන්ට අහිතකර බීම: 'ඩයට්' (diet) යන වචනය අඩංගු බීම

මෙම බීම වර්ග ශරීරයට විෂ විය හැකි රසායනික බොහෝ අඩංගු වෙනවා සහ කෘතිම පැණි රසකාරකද අඩංගු වෙනවා.

මෙවැනි පානයන්ට දරුවන් හුඟක් කැමති වුනත් ඒවායින් වන අහිතකර ප්‍රතිඵල හෙමින් හරි දරුවන්ට කියා දෙන්න. theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය ඊට ඔබට උදවුවන්නට ඇතැයි සිතනවා.    

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ