සාමාන්‍ය ප්‍රසූතියක් සඳහා උදවු වන යෝගාසන 7ක්

සාමාන්‍ය ප්‍රසූතියක් සඳහා උදවු වන යෝගාසන 7ක්

සාමාන්‍ය ප්‍රසූතියකට ඔබ සුදානම් වන්නේ නම් ඊට සුදුසුම විදිහ ව්‍යායාමයි. මෙයට යෝගසනද ඉතා හොඳ ව්‍යායාමයක්.

සාමාන්‍ය ප්‍රසූතියකට ඔබ සුදානම් වන්නේ නම් ඊට සුදුසුම විදිහ ව්‍යායාමයි.  සාමාන්‍ය ප්‍රසූතියට යෝගසනද ඉතා හොඳ ව්‍යායාමයක්. සාමාන්‍ය ප්‍රසූතියකට සුදානම් වන මවක සතු කාය ශක්තිය ඉතා වැදගත්. මොකද අම්මාගේ කාය ශක්තිය ස්වභාවිකව දරු උපත පහසු කරනවා. එම නිසා දරු ප්‍රසුතියට පෙර ඇති යෝගාසන* කිරීමෙන් ශරීරයට හොඳ ව්‍යායාමයක් ලැබෙනවා.

ඉන්

  • සාමාන්‍ය ප්‍රසූතියපහසු කරවනවා
  • සුව නින්දක් ලබා දෙනවා
  • වේදනාව අඩු කරනවා
  • යෝනි මාර්ගය අවට ශක්තිමත් කරනවා
  • රුධිර සංසරණය හොඳින් ක්‍රියාත්මක වෙනවා

මේ වෙනුවෙන් ඔබට කළහැකි යෝගාසන 7 ක් ගැන දැන් අවධානය යොමු කර බලන්න.

*යෝගා ඇතුළු ඕනෑම ව්‍යායාමයක් ගර්භනී සමය තුළ කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ගන්න.

  1. උත්කටාසන (Utkatasana - Chair pose)සාමාන්‍ය ප්‍රසූතියක් සඳහා උදවු වන යෝගාසන 7ක්

මෙම ආසනය මගින් පිටකොන්ද ප්‍රදේශය ශක්තිමත් කරනවා. පපුවේ මාංශ පේෂී, උකුල හා පිටකොන්දේ මාංශ පේෂිද ශක්තිමත් කරනවා. ඒ වගේම ශාරීරිකව මෙන්ම මානසිකවත් ඔබව සමබරව තබනවා. එය ස්වභාවික ප්‍රසූතියකට ඉතා වැදගත් වෙනවා.

  1. කෝනාසන (Konasana - Angle pose)සාමාන්‍ය ප්‍රසූතිය

මෙම ආසනය මගින් ශුසුම්නාව ,අත් , කකුල් හා ශරීරයේ දෙපස ශක්තිමත් කරනවා. මෙම ආසනය මළබද්ධය හා සයටිකා රෝගයටද ඉතා ගුණදායකයි.

  1. භද්‍රාසන (Bhadrasana - Butterfly pose)සාමාන්‍ය ප්‍රසූතිය

මෙම ආසනය ගර්භණි මවකට ඉතාම සුදුසුයි. මේ ආසනය නිසා කලවා වල ඇතුළු පැත්ත, උකුල ශක්තිමත් කරන අතර රුධිර සංසරණය යහපත් කරන අතර ප්‍රසූත මාර්ගයද ශක්තිමත් කරනවා.

  1. පර්වතාසන (Parvatasana - Mountain pose)සාමාන්‍ය ප්‍රසූතියක් සඳහා උදවු වන යෝගාසන 7ක්

මෙම ආසන නිසා කොන්දේ වේදනාවන් ඇති අයට සුවයක් ලැබෙන අතර අත් හා කොන්දේ පහළ කොටසට ශක්තියක් ලබාදෙනවා. ප්‍රසූතියට පහසුවක් ඇති කරනවා.

  1. පර්යන්කාසන (Paryankasana - Ham’s pose with one leg)සාමාන්‍ය ප්‍රසූතියක් සඳහා උදවු වන යෝගාසන 7ක්

මෙම ආසනය තරමක් අපහසු වුවත් මෙය දරු ප්‍රසූතියකට සුදානම් වන මවකට බෙහෙවින් උපකාර වෙනවා. මේ මගින් පිටකොන්ද හා ප්‍රසූත මාර්ගය අවට මාංශ පේෂී ශක්තිමත් කරන අතර ශ්වසන අපහසුතා අවම කර හතිය වැනි අපහසුතා වලින් මුදවනවා.

  1. වක්‍රාසන (Vakrasna - Twisted pose)සාමාන්‍ය ප්‍රසූතියක් සඳහා උදවු වන යෝගාසන 7ක්

මෙම ආසන මගින්ද කොන්ද, බෙල්ල හා කකුල් වලට සම්භාහනයක් ලැබෙන අතර ඉන් ප්‍රසූතිය පහසු කරනවා.

  1.  යස්තිකාසන (Yastikasana - Stick pose)සාමාන්‍ය ප්‍රසූතියක් සඳහා උදවු වන යෝගාසන 7ක්

මෙම පහසු ආසනය ප්‍රසූත මාර්ගය හා වන පිටකොන්ද අවට මාංශ පේෂී වලට නිදහස් බවක් ගෙනදෙන අතරම හතිය හා ශ්වසන අපහසුතා මගහැර ගැඹුරු හුස්ම ගැනීමට උදව් වෙමින් ප්‍රසූතිය පහසු කරනවා.

මේ කරුණු මතකයේ තබාගන්න. ප්‍රසූතියට මෙම ආසන පහසුවක් වුවත් මේ කරුණු ගැනත් සැලකිලිමත් වීම හොඳයි:

  • යෝගාසන වල නිරතවන අතර අපහසුතාවයක්, කරකැවිල්ල, වේදනාවන් ඇතිවන්නේ නම් වහාම එය නවතා දමන්න. සිරුර වෙහෙසමින් යෝගාසන වල නිරත වීම ප්‍රතිඵල විරහිතයි.
  • නැවත කාල පරිච්චේදය අරඹන සමය වන විට ඉදිරියට නැමෙන වලින් මිදෙන්න.
  • කොඳු ඇට පෙළ බිමට නැමෙන සේ හිඳගෙන කරන ආසන වලින් වළකන්න.
  • වෘත්තීමය වශයෙන් පළපුරුදු ආචාර්යවරයෙකු යටතේ යෝගාසන වල නිරත වෙන්න.

මෙම ලිපිය මගින් ඔබට නිරවුල් නිදහස් දරු ප්‍රසුතියකට සුදානම් කරන්න Asianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය උත්සාහ කළා.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.

Written by

Deepshikha Punj

කතන්දර ලිපි