නිවසේ තියෙන ඔබ කවදාවත්ම නොහිතන බබාට අනතුරුදායක දේවල් 8 ක්

නිවසේ තියෙන ඔබ කවදාවත්ම නොහිතන බබාට අනතුරුදායක දේවල් 8 ක්

දරුවන්ට ඔබ ‌නොහිතන ‌මේ ‌දේවල් අනතුරුදායක ‌වෙන්න පුළුවන්.

ළදරු නාම උත්පාදකය

ස්ත්‍රී පුරුෂ භාවය

අකුර

ප්‍රභේදය

සොයාගත් ළදරු නම්

සොයාගත නොහැක

දරුවන්ට හානිදායක ‌දේ ගැන චුට්ටක් කථා කරමු ‌නේද?

ලස්සන හුරුබුහුටි බූටී (wool booties) දෙකක් දැමු පමණින් බබාට තුවාල වෙන්න පුළුවන්ද? එහෙම වෙන්නේ කොහොමද?

ඔබ නොදැන සිටින අනාරක්ෂිත දේවල් ගැන  අපි චුට්ටක් හොයා බලමුද? එහෙනම් ‌මේ ලිපිය අනිවාර්යයයෙන්ම කියවන්න.

අපි දරුවන්ට අනතුරුදායක දේවල් කියලා නොහිතන දේවල් කොච්චර නම් අනතුරු කරන්න පුළුවන්ද කියලා ඔබට මේ ලිපිය කියවන විට ඔබට තේරූම් යාවි.

ඔබ කවදාවත්ම නොහිතන මේ දේවල් දරුවාට ලංකරද්දි ප්‍රවේශම් වෙන්න.

අම්මා කෙනෙක් තමන්ගේ පුංචි පැටියාට ලස්සන බූටී (wool booties) දෙකක් දානකොට මේ ගැන කවදාවත්ම හිතුවේ නැහැ.

එයාට හිතුනේ ඒවා ලස්සනයි. ආරක්ෂිතයි කියලා. ඒත් අන්තිමට ඒ ලස්සන බූට් නැවතුනේ පුංචි පැටියාගේ කකුල් වලට ගොඩාක් රිද්දලා.

ඒවා ඇතිල්ලිම නිසා එයාගේ කකුල් කැපිලා එයා අඩද්දි තමයි ඒක අම්මා දැක්කේ.

බබාගේ කකුලේ ඇගිල්ල කැපිලා ලේ එනවා අම්මා දැක්කේ පස්සේ පරික්ෂා කරන කොටයි. ළදරුවාගේ බූට් එකේ නූලක්  ලිහිල් වෙලා ඇයගේ ඇඟිල්ල වටා එතී තිබුනා.

මේ නිසා ඇයගේ ඇඟිල්ලට තුවාල වූවා පමණක් නොව, ඇගිල්ල වටේට කැපිලා තිබුනා. 

මේ අම්මාගේ අන්තර්ජාල පෝස්ට් එකේ මේ අම්මා මෙලෙස සනිටුහන් කරනවා.

 ”මම මෙහි පිංතූර නම් දාන්නේ නැහැ. ඒත් කුඩා දරුවන්ගේ දෙමව්පියන් සමඟ මේ තොරතුර බෙදා ගැනීම මෙය සුදුසු යැයි මම හිතනවා. ”

ඇත්ත වශයෙන්ම එය එසේ විය යුතු අතර එය නිසැකව අපගේ අවධානය දිනා ගන්නවා.

අපි 100% ක්ම ආරක්ෂිත යැයි සිතූ දේවල්  මේ සිදවීමේදි නම් මේ පුංචි බබාගේ ලස්සන මෘදු බූට්ස් වලින් බරපතල අනතුරු වෙන්න පුළුවන්.

මෙය අද්විතීය තත්වයක් වන අතර කලාතුරකින් සිදුවිය හැකි බව අපි එකඟ වෙනවා. නමුත් අපගේ වටිනා ළදරුවන් ආරක්ෂාකාරීව තබා ගැනීමට අප ගන්නා උත්සාහයන් ගැන සැලකිලිමත් විය හැකිද?

මෙම ළදරුවාගේ බූට් දෙක හා සමානව, ළදරු ආරක්ෂිත යැයි අපි  සිතන නමුත් අනාරක්ෂිත දේවල් කිහිපයක් ගැන අපි අද කතා කරමු.

  1. බබාගේ ඇඳුම්

1

ඔබේ දරුවාට ඇන්ඳවීමට පෙර, මේස්, බූට් සපත්තු සහ අනෙකුත් සියලුම ඇඳුම් පිටතට හරවා බලන ලෙස ඒ අම්මා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්  දෙමාපියන්ට උපදෙස් දෙනවා.

ළදරුවාගේ අත් පා ඇඟිලි වල  සිරවීය හැකි ලිහිල් නූල්, කොකු වැනි දේවල් පරීක්ෂා කරන්න. ළදරුවාගේ මෘදු සම සීරීමට ඉඩ ඇති බැවින් ඇදුම් සේදීමට පෙර ටැග් ඉවත් කරන්න.

  1. දරුවන්ට හානිදායක ‌දේ: භාවිතා කළ ඇදුම්

භාවිතා කළ ඇදුම් භාවිතා කරන විට ප්‍රවේශමෙන් පරීක්ෂා කිරීම විශේෂයෙන් වැදගත් වෙනවා.

මේවා කලින් භාවිතා ඇඳුම් බැවින් නූල් ලිහිල් වී තියෙන්න පුළුවන්. ළදරුවාගේ අත් පා ඇඟිලි පැටලී යා හැකි සිදුරු තිබේදැයි පරීක්ෂා කරන්න.

  1. ලොකු බබාගේ සෙල්ලම් බඩු

2

ළමයි වයසින් වැඩෙත්ම, ඔවුන්ගේ සෙල්ලම් බඩු වල කුඩා කොටස්  සමහරක් වෙන් කරන්න පුළුවන්.

මෙම කැබලි කුඩා දරුවන්ට හිරවී බරපතල හුස්ම හිරවීම් ඇත්වෙන්න පුළුවන්.

සමහර විට වේලාවට ලොකු බබාගේ සෙල්ලම් බඩු පුංචි බබාගේ සෙල්ලම් බඩු එක්ක මිශ්‍ර වෙන්න පුළුවන්. ඒ නිසා ලොකු බබාගේ සෙල්ලම් බඩු හැකි පමණ වෙනම තබන්න.

  1. දරුවන්ට හානිදායක ‌දේ: උපාංග

තද කොණ්ඩ පටි වැනි උපාංග තද වී දරුවන්ගේ මෘදු හිසට කැපෙන්න පුළුවන්. ඒ හා සමානව, සුප්පුවට යොදන පටිය  වැනි උපාංග දිගු වුවහොත් ළදරුවාගේ ගෙල වටා පැටලෙන්න පුළුවන්.

ඔබේ දරුවාගේ පාද  සපත්තු තුළ නිවැරදිව තබා තිබේදැයි නිතරම පරීක්ෂා කරන්න.

ඔවුන්ගේ කුඩා ඇඟිලි ඉතා නම්‍යශීලී නිසා, සපත්තු පළඳින විට ඇඟිලි තුඩු තදින් තද වුවහොත් ඒවා නැමී තද වෙන්න පුළුවන්.

  1. දරුවන්ට හානිදායක ‌දේ: ළදරු තොටිල්ලේ මෘදු ඇඳ ඇතිරිලි

ඒවා හරිම සුන්දරයි නේද? බබාගේ හිස තොටිල්ලේ වැදිම ඒවා මගින් වැළැක්වෙනවා නේද?

කෙසේ වෙතත් මෙම සිනිඳු සහ සුවපහසු ඇතිරිලි වලට ළදරුවාගේ මුහුණ ආවරණය වුවහොත් දරුවාට හුස්ම හිර වෙන්න පුළුවන්.

පළමු අවුරුද්දේ ළදරුවාගේ තොටිල්ල සරලව තබා ගන්න. ස්ථිර මෙට්ටයක් හෝ හොඳින් ගැලපෙන මෙට්ට පෑඩ් එකකට තද කල මෘදු ඇඳ ඇතිරිල්ලක් භාවිතා කරන්න.

  1. දරුවන්ට හානිදායක ‌දේ: බේබි ඔයිල් සහ බාත් ඔයිල්

සමහර බේබි ඔයිල් සහ බාත් ඔයිල් වල හයිඩ්‍රොකාබන් අඩංගු වන අතර ඒවා ආඝ්‍රහනය වුවහොත් නියුමෝනියාව වැනි රෝග ලක්ෂණ  හෝ දරුණ පෙනහළු හානිවීම් ඇති වෙන්න පුළුවන්.

නිසි ළදරු-ආරක්ෂක ඇසුරුම් ඇති නිෂ්පාදන තෝර ගන්න. තවද ඔබ ළදරු සත්කාර නිෂ්පාදන මිලදී ගැනීමට පෙර එහි අමුද්‍රව්‍ය ලැයිස්තුව පරීක්ෂා කර හානිකර අමුද්‍රව්‍ය ඇති ඒවා මිලදී නොගන්න.

  1. දරුවන්ට හානිදායක ‌දේ: අම්මාගේ අත්බෑගය

3

සමහර ළමයින් අම්මාගේ අත් බෑග් එක ඇදලා එක එක දේවල් සොයා ගන්න කැමතියි.

අපගේ අත්බෑගයේ ඉතා අනතුරුදායක දේවල් අඩංගු වෙනවා නේද? මේකප්ස් වල සිට කටුව දක්වාම  ඖෂධ වල සිට පෑන් දක්වාම සියල්ලම එහි තියෙනවා. එහෙනම් ඔබේ අත්බෑගය ඔබේ පුංචි පැටියාගේ දෑතින් ඈත් කර තබන්න.

එය අල්මාරිය හෝ උස් තැනකින් තැබුවොත් හොදයි නේද? 

  1. දරුවන්ට හානිදායක ‌දේ: පවුලේ සුරතලා

ඔබේ විශ්වාසදායක පැරණි සුරතලා කොතරම් කල් ඔබ සමග සිටියත්, ළමයින් එම සුරතලා  තනිවම තැබීම ආරක්ෂිත නැහැ.

අහිංසක යැයි සැලකු සුනඛයන් පවා සපා කෑමෙන් පසු බොහෝ ළමයින් රෝහල් ගත කර තියෙනවා.

බොහෝ විට ඒ  පවුලේම බල්ලෙකි. එමනිසා ඔබේ දරුවා එම සුරතලාව නපුරු ලෙස අවදි නොකිරීමට, වලිගය අදින්නට හෝ විහිළුවට ලක් නොකරන බවට වග බලා ගන්න.

ඔබේ බල්ලාගේ ආහාර සහ සෙල්ලම් බඩු ඔබේ දරුවන්ගෙන් ඈත් කර තබන්න.

බල්ලා ඔබේ පවුලේ හිතවතා වුනත් බල්ලාගෙන් හැකි පමණ දරුවා ඈත් කර තබන්න.

ඔබගේ අධීක්ෂණයක් නොමැතිව දරුවා බල්ලා හා තනි කරන්න එපා.

ඔබේ දරුවාට අනතුරක් වෙන්න එක නිමේෂයක් ඇති. සමහරක් අනතුරු වෙන්නේ අපේ නොදැනුවත් කම නිසයි.

තවත් සමහර අනතුරු වෙන්නේ නොසැලකිල්ල නිසයි. ඒ නිසා ඔබේ දරුවාගේ පරිසරය ළදරු ආරක්ෂිත කිරීමට වගබලා ගන්න.

දරුවාගේ සියල්ල ගැන සැලකිලිමත් වෙන්න.

මෙවැනි තවත් අනතුරුදායක දේවල් ඔබ දැනුවත්ද? එසේ නම් පහතින් සටහනක් යොදා ඒ තොරතුරු  අප හා බෙදාගන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය