theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මාතෘත්වය තුල ඔබට අමතක වෙන සෞඛ්‍යට හිතකර දේවල් ගැනයි මේ

4 අවම කියවීම
මාතෘත්වය තුල ඔබට අමතක වෙන සෞඛ්‍යට හිතකර දේවල් ගැනයි මේමාතෘත්වය තුල ඔබට අමතක වෙන සෞඛ්‍යට හිතකර දේවල් ගැනයි මේ

මව්වරුන්ගේ අහිතකර පුරුදු ගැන දන්නවාද?

මාතෘත්වයත් එක්ක අම්මෙක්ගේ ජීවිතයේ බොහෝ දේවල් වෙනස් වෙනවා. අම්මාට තමන්වම නැති වෙනවා කිව්වොත් මා වැරදි නැහැ කියලා හිතෙනවා.

මාතෘත්වය නම් සුවිශේෂී ආදරණීය ගමන්මග තුල අම්මෙක්ට මග හැරෙන සෞඛ්‍යයට  හිතකර දේවල් හා ඒවා මග නොහැර ඉන්න ආකාරය අපි බලමු.

මාතෘත්වය තුල ඔබට, මට අමතක වෙන සෞඛ්‍යට හිතකර දේවල් 

1. පෝෂ්‍යදායක ආහාර නොගැනීම

මාතෘත්වය ලැබූ දවස ඉඳන් දරුවන් උස් මහත් වෙන තුරු අම්මාගේ උරහිස් මත තියෙන්නේ මහත් වු වගකීම් ගොන්නක්, දරුවාට වගේම අම්මාටත් හොද පෝෂණයක් අවශ්‍යයි යන්න අම්මාට අමතක වෙනවා. තමන්ගේ ආහාර වේලේත් තියෙන පෝෂණය පිරි ආහාර ටිකත් දරුවාට කවනවා. ඒ තමයි අම්මාගේ ආදරය..

ඒත් අමතක නොකල යුතු දේවල් කිහිපයක් තියෙනවා. ඔබ දරුවාව කොතරම් පෝෂණය කලත් ඔහුගේ හෝ ඇයගේ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය කොටස් ප්‍රමාණය පමණයි. ඉතිරිය ශරීරයෙන් බැහැරට යනවා. ඒ වගේම දරුවාට ශක්තියක් වෙන්න, දරුවාත් එක්ක ඔට්ටු වෙන්න අම්මාටත් ඒ වගේම ශක්තියක් අවශ්‍යයි.

ඒ නිසා දරුවාට ලබා දෙන පෝෂණීය ආහාර සපිරි සමබර ආහාර වේලක් අනිවාර්යයෙන්ම අම්මාත් ගන්න.

2. අවිධිමත් ආහාර රටාව

අම්මා කෙනෙකුට කෑම කන්න නියමිත වේලාවක් නැහැ. ගොඩාක් වේලාවට අම්මා ගන්නේ ආහාර වේල් දෙකක් හෝ එකක් විතරයි. දරුවන්ට කෑම කවන්න අම්මෙක් වදවෙන තරමටම එයාට කෑම රුචිය නැති වෙනවා. අනිත් එක ඒ වගේ පුංචි වැඩකටත් හොයා ගන්න කාලයක් නැහැ. හරිම අවිවේකියි. නිසි ලෙස ආහාර නොගැනීමෙන් ග්‍රැස්ට්‍රයිටිස් වැනි රෝග තත්වයන්ට හේතු වෙන්න පුළුවන්.

කරන්න තියෙන්නේ හරිම පුංචි දෙයක් සෑමවිටම දරුවාට කෑම කැවීමට මොහොතකට කලින් ඔබේ ආහාර වේල ගන්න.

3. ව්‍යායාම නොලැබීම

ඉස්සර වගේ ජිම් එකකට යන්න දැන් අම්මාට බැහැ. ඒ තියා අම්මාට වාඩි වෙන්නවත් වේලාවක් නැහැ. දවස පුරාම ඇයට ඉන්න වෙන්නේ සිටගෙනයි.

මේ නිසා ඇයගේ සිරුරේ හැඩය යථා තත්වයට පත්වෙන්නේ නැහැ. බර අඩු කරගන්න අපහසු වෙනවා.

ටිකක් ඇවිදින්න. පියගැටපෙළ නගින්න. වේලාවක් ඉතිරි කර ගන්න හැකි නම් ජිම් එකට යන්න.

4. ජලය අඩුවෙන් පානය කිරීම

මේක තමයි අම්මලාට තියෙන ලොකුම අවනඩුව , " මට වතුර බොන්න වේලාවක් නැහැ." ,ප්‍රයෝගිකව මටත් එහෙමයි . ඒක නිසා මාත් එකගයි.

නමුත් ජලය ප්‍රමාණවත් පරිදි නොලැබීමෙන් ඔබේ පරිවෘත්තිය ක්‍රියා අඩාල වන අතර මුත්‍රා අමාරු , වකුගඩු රෝග ,සමේ රෝග ඇති විය හැක. එමෙන්ම මව්කිරි නිෂ්පාදනය අඩුවීම මෙන්ම, වියලි රැළි වැටුනු සම ඇති විය හැකි අතර ඔබට විජලන තත්වයක් ඇති විය හැක.

නිවසේදී රාජකාරි ස්ථානයේදී ජලය පිර වූ බෝතලයක් ඇස් මානයේ තබාගෙන නිතර ජලය පානය කරන්න. නිතර සීනි අඩු හෝ රහිත දියර වර්ග, යුෂ වර්ග පානය කරන්න.

5. ස්නානය මගහැරීම

ඊලග ගැටළුව අම්මාට නාන්න වේලාවක් නැහැ. දරුවාගේ වැඩත් එක්ක අම්මා හරිම කාර්‍යබහුලයි. අම්මා නැතුව ඉන්න දරුවත් මොහොතකටවත් කැමති නැහැ.

ස්නානය නොකර සිටීමෙන් අපිරිසුදු කම මෙන්ම සමේ රෝග ,හිසකෙස් වල රෝග ඇති විය හැකිය. ඒ වගේම ශරීරයේ උෂ්ණ ගතියක් ඇතිවිය හැකිය.

දහවල් තමා ස්නානයට සුදුසු වේලාව ,දරුවා නහවා ඔහුව පිසදා ඇදුම් ඇන්දවීමට සහයට කෙනෙක් සිටී නම් ඔබ ඊලගට අනිවාර්යයෙන්ම ස්නානය කරන්න. එසේ නොහැකි නම් උදෑසන දරුවා නැගීමට පෙර ස්නානය කරන්න. රාත්‍රියට ස්නානය සුදුසු නැත.

6. මළ, මුත්‍රා පිටනොකර සිටීම

මළ, මුත්‍රා පිටනොකර සිටීමෙන් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා කෙරෙහි ඍජු බලපෑමක් ඇති කරයි. දරුවන්ගේ වැඩත් අම්මා මේවා අතපසු කරන්නේ දරුවාගේ කටයුතු සදහා ප්‍රමුඛතාවය ලබා දීමටයි.

මුත්‍රා අමාරු, මළබද්ධය ඇති විය හැක. ශරීරයේ අපද්‍රව්‍ය මනාව බැහැර නොවීම තවත් ලෙඩ රෝග බොහොමයකට හේතු වේ.

හොදින් මුත්‍රා පිටවීමට නිතර ජලය පානය කරන්න. උදෑසන මළපහ පිට කිරීමේ පුරුද්දක් ඇති කරගන්න. උදෑසනම උණුසුම් පානයක් හෝ උණුසුම් ජලය පානය එය පහසු කරයි. ගස්ලබු , අඹ වැනි පළතුරු දරුවාට දෙනගමන් ඔබත් ආහාරයට ගන්න.

7. නින්ද මග හැරීම

දරුවා ලැබුන ගමන් අම්මාට නැතිවෙන පළමු දෙය තමයි නින්ද, ඒක හැම අම්මාටම පොදු දෙයක්, පළමු මාස හයේ පැටියා බොන්නේ කිරි විතරක් නිසා වගේම එයා ඒ වෙනුවෙන් රාත්‍රියේ නිතර  ඇහැරෙන නිසා කරන්න දෙයක් නැහැ .අම්මාට ඒක දරාගන්න ඕනී. ඊට පස්සේ ඒකට වැඩ පිළිවෙලක් යොදන්න.

නින්ද නොලැබීමෙන් වෙහෙසට පත් වේ. මානසික ආතතියද ඇතිවිය හැක. නිතර කේන්ති යා හැකි අතර ලෙඩ රෝග බොහොමයකට නින්ද අඩුකම හේතු වේ.

දරුවා නිදාගත් විට නිදාගැනීම ප්‍රයෝගික නැහැ. දරුවා රාත්‍රියේ අවදිවෙන අවශ්‍යතා සම්පුර්ණ කරන්න. දරුවාගේ කුස හොදින් පුරවන්න . ගුඩුස් අරින්න. ඩයිපර් එකක් අන්දන්න. සුවපහසු ඇතිරිලි සහිත ඇදක් මෙන්ම කාමරයේ බබාට හිතකර උෂ්ණත්වයක් පවත්වා ගන්න. ඒ වගේම බබාගේ තාත්තාගේ හෝ වෙනත් වැඩිහිටියෙකුගේ උදව් අරගෙන වේලාවන් බෙදාගෙන වගකීම් පවරා සුව නින්දක් ලබන්න.

8. නිතර කේන්ති යාම

අම්මලාට නිතර කේන්ති යන්නේ වැඩ අධික වීමෙන් , ඒ වගේම ඒ සදහා ඉහත හේතු සියල්ලේම යම් බලපෑමක් තියෙන්න පුළුවන්.

නිතර කේන්ති යාමෙන් ලේ අපිරිසුදු වෙනවා. සම අවපැහැ ගැන්වෙනවා. ආහාර රුචිය නැති වෙනවා. එකිනෙකා කෙරෙහි නුරුස්නා හැගීම් ඇතිවෙනවා. ඒවා සම්බන්ධතා පළදුවෙන්න හේතු වෙන්නත් පුළුවන්.

ඉහත විස්තර කල සෑම කාරණාවක්ම මනාව පවත්වා ගන්න. වැඩ කටයුතු බෙදා ගන්න. කේන්ති ආ විට අවධානය වෙනස් කර පාලනය කර ගන්න ( 10 සිට 1ට ගණන් කරන්න , ආසම සිංදුවක් අහන්න, කරන වැඩේ වෙනස් කරන්න).

මේ විස්තර කලේ කාරණා කිහිපයක් පමණයි. මෙයට එකතු කිරීමට ඔබටත් අදහස් තිබේ නම් පහලින් සටහනක් යොදන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • මාතෘත්වය තුල ඔබට අමතක වෙන සෞඛ්‍යට හිතකර දේවල් ගැනයි මේ
බෙදාගන්න :
  • අම්මාගේ දින පොතෙන් දවස් හතක්

    අම්මාගේ දින පොතෙන් දවස් හතක්

  • මවක් වු පසුත් මම අත් හැරීමට අකමැති දේවල් 5 ක්

    මවක් වු පසුත් මම අත් හැරීමට අකමැති දේවල් 5 ක්

  • අම්මාගේ දින පොතෙන් දවස් හතක්

    අම්මාගේ දින පොතෙන් දවස් හතක්

  • මවක් වු පසුත් මම අත් හැරීමට අකමැති දේවල් 5 ක්

    මවක් වු පසුත් මම අත් හැරීමට අකමැති දේවල් 5 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it