නිවසේ ඇති පීඩාකාරී ගන්ධයන් 8ක්: ඒවා ගෙන්  මිදෙන්නේ කෙසේද?

නිවසේ ඇති පීඩාකාරී ගන්ධයන් 8ක්: ඒවා ගෙන්  මිදෙන්නේ කෙසේද?

මේ සරල ක්‍රම තුලින් ඔබේ නිවස පුරා දිගින් දිගටම හමා යන ගන්ධයන් ගෙන් මිදෙන්නට ඔබට හැකි වේවි.

නිවසේ ඇති ගන්ධ නිසා ඔබත් පිඩාවට පත්වෙලාද?

නැතිනම් එම ගන්ධයන් නිසා නිවසට එන අමුත්තන් ඉදිරියේ ඔබත් අපහසුතාවයට පත්වෙනවාද?

එසේ නම් අපි අද එවන් ගන්ධයන් කිහිපයක් ගැන කතා කරන්නත් ඒ සදහා විසදුම් කිහිපයක් ගෙන එන්නත් බලාපොරොත්තු වෙනවා.

නිවසේ ඇති ගන්ධ මොනවාද?

ඔබ දැන හෝ නොදැන නිවසේ  පුරා විවිධ ගන්ධයන් පැතිර පවතිනවා.

මේ සරල ක්‍රම තුලින් ඔබේ නිවස පුරා දිගින් දිගටම හමා යන ගන්ධයන් ගෙන් මිදෙන්නට ඔබට හැකි වේවි.

මෙම  ගන්ධයන් නිවසේ විවිධාකාර ස්ථානයන් තුල ඇති වෙනවා.

මේවායින් මිදෙන්නේ කෙසේදැයි දැනුවත් නැති නිසා අපි ඉක්මනින් සැර රසායනික ද්‍රව්‍ය ඒ සදහා භාවිතා කරනවා.

ඒවා ඔබේ සමට මෙන්න ගෙදර පොඩිත්තන් හිටියොත් එයාලාට හානිකර වෙන්න පුළුවන්.

එහෙනම් මොකද කරන්නේ?

ගෙදර තියන දේවල් වලින්ම මේ ගන්ධයන් හා සටන් කර විශ්මිත කාර්‍යයක් කල හැකි බව ඔබ දන්නවාද?

නිවසේ ඇති ගන්ධ හා විසදුම්

ඔබ දැන් කල්පනා කරනවා ඇති මේ පීඩාකාරි ගන්ධයන් මොනවාද කියලා නේද?

සමහර ගන්ධයන් නම් අපේ නහයට හුරු වෙලා අපිට නොදැනුනත් නිවසට එන අමුත්තන්ට නම් එය අප්‍රසන්න අත්දැකීමක් වේවි.

අපි ඔබට නිවස පුරා ගන්ධයන් ඇති කරන ස්ථාන හා ඒ සදහා විසදුම් ගෙන එනවා.

1. බැදුම් ගන්ධය

  • ඔබට නිවස තුල හොදින් වාතය ගලා යනවා ඇති නමුත්  ඔබේ උදෑසන ආහාර වේලේ වු බැදපු බිත්තර, මාලු හා සෝසේජස් ගන්ධය තවම නිවස පුරා රැදී තියෙනවා නේද?
  • ඔබ මුලුතැන්ගෙය තුල ඉවුම්පිහුම් පටන් ගන්න කලින් විනාකිරි සහිත බදුනක් තැබීම එයට හොද විසදුමක් වේවි.
  • විනාකිරි මගින් ගන්ධයන් උරා ගැනීමක් සිදුවන අතර එම ගන්ධයන් නිවස පුරා විහිදී යෑම වළක්වනවා.
  • මේ ආරක්ෂිත ක්‍රියාව කලින් කිරීමට ඔබට අමතක වුවහොත් කෝපී කුඩු සහිත බදුන් තැබීමෙන් ඔබට ඔබේ අවසන් කෑම වේලේ ගන්ධය ගැන කිසිවක් මතක් නොවේවි.

2. සපත්තු ගන්ධය

නිවසේ ඇති පීඩාකාරී ගන්ධයන් 8ක්: ඒවා ගෙන්  මිදෙන්නේ කෙසේද?

  • ඔබේ ප්‍රියතම ක්‍රීඩා සපත්තු යුගල ගලවා ඉවත් කරන විට එහි ගන්ධයෙන් ඔබව ක්ලාන්ත වෙනවාද ?
  • මේ ගන්ධයට හේතුවෙන්නේ දහඩියයි. කොහොම නමුත් ඒවා වාතයට නිරාවරණය කර තැබීම  තාවකාලික විසදුමක් වන නමුත් ස්ථීර විසදුමක් නොවේ.
  • එමනිසා තෙතමනය උරාගැනීම සදහා සපත්තුව ඇතුලෙන් භාවිතා කල හෝ නොකල වියළි තේ බෑග් තබන්න.
  • මේ මගින් ඔබේ ප්‍රියතම තේ සුවද වහනය වන අතර දුර්ගන්ධයෙන් මිදිය හැකි වේ.

3. කසළ බදුනේ ගන්ධය

  • අපි කොපමණ වාර ගණනක් කසළ බදුන ඉවත් කලත් එහි දුර්ගන්ධය හැම විටම  රැදේ.
  • අපද්‍රව්‍ය පැසවීමේ ක්‍රියාවලිය හා එහි වු තරලයන් මේ දුර්ගන්ධයට හේතු වේ.
  • සේදුම් දියරයක් හා විනාකිරි අඩංගු පිරිසිදු කාරකයක් භාවිතා කර කසළ බදුන හොදින් සෝදන්න.

4. දුම් ගන්ධය

නිවසේ ඇති පීඩාකාරී ගන්ධයන් 8ක්: ඒවා ගෙන්  මිදෙන්නේ කෙසේද?

  • හවස්වරුව බලාපොරොත්තු වුවාට වඩා අමුත්තන් පැමිණි බව ඔබට වටහා ගන්න ඇති, ඔබ අකමැත්තෙන් වුවද ඔවුන්ට දුම්පානයට ඉඩ දුන්නාද?
  • එහි ප්‍රතිවිපාක ඇත .
  • දුම නිතර කාමරය තුල පවතින අතර ජනේල තුලින් ඉවතට ඇදී යන්නේ කලාතුරකිනි.
  • අවාසනාවකට නිවස තුල ඒ සදහා පිළියමක් නැහැ.
  • කලහැකි එකම දෙය වන්නේ කාමරය තුල වු කර්ටන්, කොට්ට, පොරෝනා හොදින් සෝදා පිරිසිදු කිරීමයි.

5. ශීතකරණයෙන් නික්මෙන ගන්ධය

නිවසේ ඇති පීඩාකාරී ගන්ධයන් 8ක්: ඒවා ගෙන්  මිදෙන්නේ කෙසේද?

  • ශීතකරණය විවෘත කරන විට එහි ඉතිරිව ඇති ආහාර  හා අමතකව ගිය පලතුරු ගන්ධය ඔබේ ආහාර රුචිය නැති කිරීමට ප්‍රමාණවත්ය.
  • මුලින්ම ශීතකරණයේ ඇති නරක් වු සියල්ල ඉවත්  කර අදාල ස්ථාන විනාකිරි සහිත පිරිසිදු කාරකයකින් පිරිසිදු කරන්න.
  • ඉන්පසු ලුණු ඉසගත් දෙහි පෙති කිහිපයක් ශීතකරණය තුලින් තබන්න .
  • ලුණු හා ඇඹුල් එකතුව ඒ තුල වු ගන්ධයන් උරාගන්නවා .දින හතරකට පසු එම දෙහි පෙති අලුත් ඒවාට මාරු කරන්න .

6. වැසිකිළි ගන්ධය

  • කවුද එය නොදන්නේ? ඔබ වැසිකිළිය භාවිතා කිරීමෙන් පසු ඔබට දැනෙන දුර්ගන්ධය ඔබෙන් පසුව තවත් කෙනෙක් එය භාවිතා නොකරාවියැයි සිතෙන තරම්, ඔබ ඒ ගැන එතරම් තැවෙන්න අවශ්‍ය නෑ.
  • ගිනි කූරු කිහිපයක් දල්වන්න.
  • සල්ෆර් ගන්ධය ඉතා කාර්‍යක්ෂම ලෙස අනෙකුත් ගන්ධයන් අභිබවා යනවා.
  • ඔබට නිවසේ නාන කාමරය තුල ප්‍රසන්න වාතශ්‍රයක් ඇති කිරීමට අවශ්‍ය නම් ඉටිපන්දම් කිහිපයක් දල්වන්න.
  • ඒ මගින් ගිනිකූරු දැල් වු හා සමාන ප්‍රතිඵලයක් හා සුවදායක පරිසරයක් ඔබට ලැබේවි.

7. සින්ක් එකෙන් එන ගන්ධය

  • වීදුරු හා බදුන් සේදු පසු සින්ක් එක පිරිසිදු වෙනවා .
  • නමුත් කුණු වු අප්‍රසන්න ගන්ධයක් සින්ක් එකේ කටින් එනවා.
  • නමුත් පරිසරයේ හිත සුව පිණිස ඒ සදහා වහාම රසායනික ද්‍රව්‍ය එකතු කිරීමෙන් වළකින්න.
  • ස්වාභාවික විසදුමක් වශයෙන් සින්ක් එකේ කටට උණුවතුර ටිකක් දමා ඊට පසු බේකින් පවුඩර් කෝප්ප භාගයක් හා විනාකිරි දමන්න .
  • විනාඩි දහයකට පසු සේදුම් කාරක සබන් දියරයක් වතුර  ලීටර් එකකට මිශ්‍ර කර එයට  දමන්න.
  • එහි වු දුර්ගන්ධය හා අවහිරය පහව යනු ඇත.

8. දෑතේ වු සුදු ලුණු ගන්ධය

  • ඔබ කිහිප වරක් අත සේදු නමුත් සුදු ලුණු ගන්ධය තාම පවතිනවා නේද ?
  • කණගාටු වෙන්න එපා.ඔබේ තෙත් දෑත් ශීතකරණය හෝ සින්ක් එක වැනි ස්ටෙයින් ස්ටීල් පෘෂ්ඨයක තදින් අතුල්ලන්න.
  • විකල්පයක් වශයෙන් ඔබට පැරණි ගෘහස්ථ පිළියමක් භාවිතා කරන්න පුලුවන් .
  • ඔබේ දෑත් කිරි භාජනයක ගිල්වා විනාඩි කිහිපයක් තබන්න .
  • ඒ මගින් දිගටම පවත්නා ගන්ධය ඉවත් වන අතර ඔබේ දෑතේ සමට සුසිනිදු බවක් හා පෝෂණයක්  ලැබේ.

ඔබේ නිවසේ මෙවැනි දුගන්ධයන් පහසුවෙන් ඉවත් කරන ආකාරය ඔබ දැනුවත් වුනා නේද?

කෘතිම රසායනික අඩංගු සුගන්ධයන් යොදා මෙවන් දුගද යටපත් කිරීමට උත්සහා කරනවා වෙනුවට මේ පහසු ක්‍රම වලින් ඔබට එම දුගද ඉවත් කිරීමට උත්සහා කරන්න පුළුවන්.

නිවස ලස්සනට පිළිවෙලට හා සුවදින් යුක්තව තියාගන්න කැමති ගෘහණියන්ට මේ ලිපිය වැදගත් වේවි යැයි සිතනවා.

ඔබේ නිවසෙත් මෙවන් දුගද හටගන්නා ස්ථාන තියෙනවාද? ඒ සදහා ඔබ යොදන විශේෂ පිළියම්  මොනවාද? ඔබේ අදහස් හා අත්දැකීම් අපි හා බෙදාගන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි