theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාට දෙන කෙසෙල් වල විශ්මිත ගුණ 8 ක් ගැන බලමු

5 අවම කියවීම
බබාට දෙන කෙසෙල් වල විශ්මිත ගුණ 8 ක් ගැන බලමුබබාට දෙන කෙසෙල් වල විශ්මිත ගුණ 8 ක් ගැන බලමු

කෙසෙල් යනු පෝෂණීය ආකරයක් බව අමතක නොකරන්න

බබාගේ කෑම පටන් ගත්තාට පස්සේ අපි පළතුරු දීම අරඹනවා. බබාට කෙසෙල් දීම ගැනත් අපි උනන්දු වෙනවා. 

කෙසෙල් යනු පෝෂණිය උල්පතක් බව අම්මලා දැනුවත්ද ? අපි අද කෙසෙල් වල පෝෂ්‍ය ගුණ ගැන තතු සොයා බලමු. 

කෙසෙල් පොඩි කර හෝ පළතුරු සලාදයකට එක්කර අපි බබාලට දෙනවා.

නැතිනම් කෙසෙල් සුමූතී වුනත් බබාට දෙන්න පුළුවන්.

කෙසෙල් පෑන් කේක්, කෙසෙල් කේක් ලෙස මෙම පෝෂණීය පළතුරු විවිධ ආහාර වලට එකතු කර රසවත්ව සකසා අපි බබාට දෙනවා.

බබාට දෙන කෙසෙල් වල විශ්මිත ගුණ 8 ක් ගැන බලමු

කෙසෙල් අපි නිතර දෙන්න පෙළඹෙන්නේ ඇයි?

ඇත්තටම ඒ එහි ඇති විශ්මිත ගුණ නිසයි.

බබාට කෙසෙල් දීමට පෙර එහි ගුණ ගැන දැනුවත් වෙමු

බබාට දෙන කෙසෙල් වල විශ්මිත ගුණ 8 ක් ගැන බලමු

බබාට මාස 6 සම්පුර්ණ වත්ම අපි බබාට ඝන ආහාර හදුන්වා දීම අරඹනවා.

ශ්‍රී ලාංකික අපි සාමාන්‍යයෙන් බත් වලින් බබාගේ පළමු ආහාරය පටන් ගත්තත් ඒ සදහා අලිගැට පේර හෝ කෙසෙල් වැනි ආහාරයක් වුවත් ලබා දෙන්න පුළුවන්.

නමුත් මෙම කෙසෙල් ලොකු කැබලි බබාට එකවර දෙන්න යන්න එපා.

ඒවා බබාට සිරවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා කෙසෙල් පොඩි කර දරුවාට කැවීම සුදුසු වෙනවා.

1. කෙසෙල් යනු තන්තු බහුල ආහාරයකි.

කෙසෙල් තන්තු වලින් පිරිපුන් ආහාරයක් වෙනවා.

ඒ නිසා බබාගේ බණ්ඩිය බොහෝ වේලාවක් පිරිපුන්ව තියෙන බවක් ඔබට දැනෙන්න පුළුවන්. 

2. කෙසෙල් ජීර්ණය පහසුයි

බබාගේ කුස ආහාර ජීර්ණ පද්ධතිය භාවිතා කිරීමට පුරුදු වන්නේ ක්‍රමයෙනි.

ඒ නිසා කෙසෙල් වැනි ජීරණය පහසු ආහාරයක් බබාට ලබා දීම මේ කාලයට සුදුසු වෙනවා.

3.  ඔබේ හදවතට හොඳයි

කෙඳි බහුල ආහාරයක් වෙන කෙසෙල් මගින් හෘද වාහිනී හා කිරීටක හෘද රෝග වැළඳීමේ අවදානම අඩු කළ හැකි බව අධ්‍යයනවලින් හෙළි වී තියෙනවා.

4. එය පෝෂ්‍ය පදාර්ථ වලින් පිරිපුන්

කෙසෙල් වල පෝෂ්‍ය පදාර්ථ බහුලව අඩංගු වෙනවා.

පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, යකඩ, ෆෝලේට්, නියාසින්, බී 6, මැන්ගනීස් සහ තවත් බොහෝ පෝෂ්‍ය කොටස් කෙසෙල් වල අඩංගු වෙනවා

5. කෙසෙල් මගින් රුධිර පීඩනය පාලනය කරනවා

කෙසෙල් වල අඩු ලුණු අන්තර්ගතයක් සහ ඉහළ පොටෑසියම් අන්තර්ගතයක් අඩංගු වෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

එය රුධිර පීඩනය හොද තත්වයෙන් පවත්වා ගන්න උපකාරි වෙනවා.

6. අස්ථි වැඩීමට සහ ඇස් පෙනීම වැඩි දියුණු කිරීම සදහා කෙසෙල් හොඳයි

ඇස් පෙනීම වැඩි දියුණු කිරීමට කෙසෙල් වල අඩංගු  විටමින් A උපකාරි වෙනවා.

කෙසෙල් නිතර ලබා දීමෙන් ඔබේ දරුවාගේ පෙනීම වැඩි දියුණු කරනු ලබනවා.

කෙසෙල් වල ඇති පොටෑසියම් ඔබේ දරුවාගේ අස්ථි ශක්තිමත් කර වර්ධනයට උපකාරී වෙනවා.

7. කෙසෙල්  රක්තහීනතාවය වළක්වයි

කෙසෙල් වල  යකඩ බහුලව අඩංගු වෙනවා.

යකඩරුධිරයේ ප්‍රමාණවත් හිමොග්ලොබින් නිපදවීමට සහ රතු රුධිර සෛල සෑදීමට අත්‍යවශ්‍ය වෙනවා. 

ඔබේ දරුවාට රක්තහීනතාවය ඇතිවීම වැළැක්වීමට යකඩ බහුල ආහාර ලබා දීම හොද විසදුමක් වෙනවා.

ඒ නිසා යකඩ බහුල කෙසෙල් බබාගේ දිනපතා කෑම වේලට එකතු කරන්න අමතක කරන්න එපා.

8. මොළයේ අවධානයේ බලය වැඩි කරනවා.

කෙසෙල් යනු ඔබේ දරුවාගේ මොළයට හොඳ පෝෂණයක් සපයන ආහාරයක් සපයනවා.

 ඒවා ඔබේ කුඩා දරුවාගේ අවධානයේ බලය වැඩි කිරීමට උපකාරී වෙනවා.

බබාට කෙසෙල් දීම සදහා හැකි විවිධ ක්‍රම

බබාට දෙන කෙසෙල් වල විශ්මිත ගුණ 8 ක් ගැන බලමු

  • කෙසෙල් ගෙඩිය හැන්දකින් සූරා
  • තරමක් ලොකු බබෙක්ට නම් කෙසෙල්. අඹ හා ගස්ලබු පළතුරු සලාදයක් ලෙස
  • කෙසෙල්ගෙඩි පෑන්කේක්

ලොකු කෙසෙල්ගෙඩි 2-3 ක් (ආනමාලු නම් හොදයි) අරන් ලෙලි ගහලා කැබලි වලට කපාගෙන බදුනකට දාගන්න.

බිත්තර දෙකක් කඩලා බදුනකට දාලා ඒ බිත්තර දාපු එකටම විනාකිරි තේ හැන්දක් වගේ එකතු කරලා හොදට මිශ්‍ර කරගන්න.

දැන් ඒ බිත්තර මිශ්‍රණය කපාගත්ත කෙසෙල් සහිත බදුනට දාලා ඒකට fresh milk 200ml එකතු කරගෙන මිශ්‍රණය බ්ලෙන්ඩ් කරගන්න.

ඒවිදියට බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය තරමක් විශාල බදුනකට දාලා ඒකටම ඊස්ට් 4g සහ සුදු සීනී මේස හැන්දක් වගේ එකතු කරගන්න.

ඉන්පස්සේ ඊස්ට් ටික හොදින් දියවෙනකම් හැන්දකින් වේගයෙන් කලවම් කරගන්න ඕනා. දැන් එයටම කෝන් පිටි 150g එකතු කරලා, පාන්පිටි 200g ද එකතු කරගන්න.

එතකොට ඔයාලට තරමක් sticky paste එකක් ලැබේවි.

දැන් ඒ පේස්ට් එක cling wrap එකක් මගින් ආවරණය කරලා රැයක් ශීතකරණයේ තබන්න.

උදේට ඔයාලට එලියට ගන්න පුලුවන්.වියලි මිදි 80g වගේ අරන් chop කරගෙන අර ශීතකරණයෙන් උදේ එලියට ගත්ත මිශ්‍රණයට එකතු කරලා හැන්දක් ආධාරයෙන් මිශ්‍ර කරගන්න.

දැන් නැවත cling wrap එකකින්ම ආවරණය කරලා ටික වේලාවක් තියන්න පැත්තකින් ferment වෙන්න.

Non-Stick බදුනක් අරගෙන ලිපේ තියාගන්න. ඒත් ගින්දර on කරන්න එපා. ඒකට තෙල් තේ හැන්දක් වගේ දාලා පින්සලක් මගින් තෙල් ටික බදුනේ ආලේප කරගන්න.

දැන් අර ferment වෙන්න තිබ්බ මිශ්‍රණය එයට එකතු කරලා හොදින් තුනී කරගන්න හැන්දක් වගේ ආධාරයෙන්.

Sesame ටිකක් එකතු කරගන්න පුලුවන්නම් පෑන් කේක් එක වඩාත් රසවත් වෙනවා.

දැන් ලිප on කරලා පියනකින් වහලා විනාඩි 7 පමණ මද ගින්නේ පිසගන්න.පිසෙනකොට සුවද එනවා.

දෙපැත්තම රන්වන් කහ පාට වෙනකම් පිසගන්න ඕනා. කැමති හැඩයකට කපලා පිලිගන්වන්න පුලුවන්.

ඉහත රෙසපිය Hubby's kitchen  රෙසපි එකතුවෙනි.

  • ෆ්‍රෙෂ් මිල්ක් එක්ක ත්‍රිපෝෂ හා කෙසෙල්  :  කෙසෙල් ගෙඩියක්, ෆ්‍රෙෂ් මිල්ක්, ත්‍රිපෝෂ මේස හැදි 2 ක් අවශ්‍ය වෙනවා. කෙසෙල් ගෙඩිය හොදින් පොඩි කර එයට ත්‍රිපෝෂ හා ෆ්‍රෙෂ් මිල්ක්  අවශ්‍ය පමණ එක් කර හොදින් මිශ්‍ර කරන්න.
  • කෙසෙල් වලින් ස්මූදී එකක්: කෙසෙල් ගෙඩි 1,  යෝගට් 3 ක්,  වැනිලා තේ හැඳි 1/2,  නන්-ෆැට්  කිරි කෝප්ප 2 ක් අවශ්‍ය වෙනවා. ඉහත සිිිිිියල්ල බ්ලෙන්ඩර් එකකට දාලා, මෘදු වෙන තුරු බ්ලෙන්ඩ් කරන්න .

බබිට කෙසෙල් දෙන කොට ප්‍රවේශම් වෙන ලෙස යලි මතක් කර සිටිනවා. කෙසෙල් ලිස්සන සුළු නිසා ඔබ ලොකු කැබලි ලබා දුන්නොත් ඒවා සිර වී දරුවා අනතුරට පත් වීමේ අවදානමක් තියෙනවා.

මෙය රසවත් වගේම පෝෂ්‍ය ගුණයෙන් ඉහල ආහාරයක්,බබාට කෙසෙල දීම  ගැන ඔබ ලගත් විවිධ අදහස් වගේම රසවත් ආහාර වට්ටෝරු ඇති නේද? ඒවා අප හා බෙදා ගන්න.

මුලාශ්‍ර - www.healthymummy.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • බබාට දෙන කෙසෙල් වල විශ්මිත ගුණ 8 ක් ගැන බලමු
බෙදාගන්න :
  • Newborn Dies After Mum Feeds Her Two Teaspoons Of Banana

    Newborn Dies After Mum Feeds Her Two Teaspoons Of Banana

  • ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

    ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

  • Newborn Dies After Mum Feeds Her Two Teaspoons Of Banana

    Newborn Dies After Mum Feeds Her Two Teaspoons Of Banana

  • ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

    ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it