theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පොල් වතුර පානය කිරීමෙන් ගර්භනී මවකට ලබා ගත හැකි ප්‍රයෝජන 8 ක්

5 අවම කියවීම
බෙදාගන්න :
•••
පොල් වතුර පානය කිරීමෙන් ගර්භනී මවකට ලබා ගත හැකි ප්‍රයෝජන 8 ක්

අම්මා කෙනෙක් වෙන්න ඉන්න මාස 9 පුරාවට පොල් වතුර පානය ඉතාම ගුණ දායකයි. මෙම ලිපිය කියවා මේ ගැන තවත් දැනගන්න.

පොල් වතුර වල ගුණ අප්‍රමාණයි. ඒ අතර අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් මාස 9 පුරාවට මෙම පානය ඉතාම ගුණ දායක බවත් එහි ඉලෙක්ට්‍රොලයිට්ස්, පොටෑසියම්, විටමින් C, ප්‍රෝටීන, ආහාර දිරවීම ඇති කරන ෆයිබර් යන වටිනා විටමින් වර්ග අඩංගු බවත් සඳහන් වෙනවා. මෙම පානයෙන් ශක්තිය වගේම ප්‍රබෝධමත් ගතියකුත් ශරීරයට ලැබෙනවා.

ගර්භණි සමයේ පළමු මාස කිහිපයේ ඇතිවන අපහසුතා, මළ බද්ධය හා පපුවේ දැවිල්ල වැනි අපහසුතාවන් වලට මෙම පානය ඉතා හොඳ ඔසුවක්. ඒ වගේම අවසාන කාර්තුවේ ඇති විය හැකි රුධිර පීඩන සංකූලතා වලටත් ඉතා හිතකර වෙනවා. ඒ වගේම වැඩෙන දරු පැටියාගේ වර්ධනයටත් මවගේ ශරීර ශක්තියටත් බෙහෙවින් ගුණ දායක වෙනවා.

සමහර ආසියානු කාන්තාවන් හිතනවා පොල් වල ශිත ගුණය අධික නිසා අවසාන කාර්තුවේ පමණක් බීම හොඳයි කියලා. බොහෝ ආසියාතික රටවල කාන්තාවන් දරුවා ලැබෙන්න ඉන්න අවසාන කාර්තුවේ හුඟක් මෙම පානය බොන්නේ දරුවා උපදින විට ශරීරය මත තැම්පත් වෙන අපවිත්‍ර දේ අවම කිරීමට හිතාගෙනයි.

සම්ප්‍රදායික මෙන්ම විද්‍යාත්මක පැත්තෙනුත් එදා සහ අද ගර්භණි මව්වරුන් හට පොල් වල වතුර ඉතා වැදගත් බව කියවෙනවා.

පොල් වතුර පානය කිරීමෙන් ගර්භනී මවකට ලබා ගත හැකි ප්‍රයෝජන 8 ක්

coconut10

1. ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරයි

පොල් වල වතුර වල ඇති වැදගත්ම ප්‍රයෝජනයක් ලෙස ප්‍රතිශක්තිය වර්ධනය හැඳින්වීමට පුළුවන්. පොල් වතුර වල සීනි ප්‍රමාණය ඉතා අඩු නිසාත්, සෝඩියම් ආදිය ඉතා අඩු නිසාත් පොටෑසියම් බහුල වීම කැල්සියම් සහ ක්ලෝරයිඩ් අඩංගු නිසාත් එය ශරීරයට ඉතාම ගුණදායක වෙනවා.

විශේෂයෙන් පැහුණු පොල් ගෙඩියක ප්‍රතිඔක්සිකාරක ගුණය, මිනරල්,  විටමින් වර්ග වැඩියි. නොමේරු පොල් වලින් ඔබේ ශරීරයට රෝග වලට එරෙහිව ක්‍රියා කිරීමට ඇති හැකියාව වැඩි කරනවා. මෙම පානයර හා ළපටි පොල් මගින් දරුවා සහ මවට වැළඳිය හැකි රෝග වලින් ඔවුන්ව ආරක්ෂා කරනවා.

 2. අසාදන සමග සටන් කරනවා

පොල් වල වතුර වල ෆ්ලොරික් ඇසිඩ් ඉතා ඉහළ ප්‍රමාණයක් අඩංගු වන බව කියවෙනවා. මෙම ඇසිඩ් වර්ග රෝග ඇති කිරීමට එරෙහිව සටන් කරන ෆැටි ඇසිඩ් වර්ගයක් වන මොනොලොරින් වර්ධනය සඳහාද උදවු වෙනවා.

ඒ වගේම මෙහි බැක්ටීරියා, දිලීර, වෛරස් වලට එරෙහි වීමට ඇති ශක්තින් ගෙන්ද යුතු වෙනවා. මෙවැනි විශ්මිත ගුණයන් නිසා මෙම පානය ගර්භණි මව්වරුන්ට ඉතාම වැදගත් වෙනවා. එමෙන්ම මෙමගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර නිතර ඇති වන වෛරස් උණ , කැස්ස , හෙම්බිරිස්සාව වැනි රෝග වලින් ආරක්ෂා වෙනවා.

3. UTI වලින් වලක්වන පොල් වතුර වල ගුණ

ඔබේ දිනපතා ආහාර වට්ටෝරුවට පොල් වල වතුර එක් කර ගැනීමෙන් ඔබේ මුත්‍රා පද්ධතිය නිරෝගී වන අතර යුරිනරි ට්‍රැක්ට් ඉන්ෆෙක්ෂන් හෙවත් UTI වැළඳීම මගිනුත් ආරක්ෂාව ලැබෙනවා.

මෙහි විද්‍යාත්මක සත්‍ය නම් මෙමගින් මුත්‍රා පිරිසිදු කිරීමේ කාර්යට විශාල අත්වැලක් ලැබීමයි. ඉතින් ඔබත් ඔබේ ශරීර අභ්‍යන්තර පිරිසිදු බව ගැන හිතනවා නම් පොල් වතුර වීදුරුවක් පානය කරන්න බලන්න.

සමහර රටවල ගර්භණි මව්වරුන් මෙහි ඇති ප්‍රභල සාධක නිසා දිනකට පොල් ගෙඩියක වතුර බිමට පුරුදුව සිටිනවා. ආහාර පාන වලදී කෙසේ වුවද නිසි පිළිවෙතක් අනුගනමනය කිරීම සුදුසු වෙනවා.

පොල් වතුර වල ගුණ

 4. රුධිර සංසරණය හොඳින් සිදු කරන අතර සීනි පාලනය කරනවා

මෙම පානය මගින් ප්‍රතිශක්තිය වැඩි කිරීම හෝ ප්‍රබෝධමත් භාවයක් පමණක්මනොවෙයි, හැම පොල් වතුර කෝප්පයකම ඔබේ ශරීරයේ රුධිරයේ සීනි මට්ටම පාලනයටත් රුධිර සංසරණය ක්‍රමවත් කිරීමටත් උදවු වෙනවා.

එහි ඇති විටමින් C, ප්‍රෝටීන, මැග්නීසියම්, පොටෑසියම් වැනි ප්‍රතිඔක්සිකාරක ගුණයන් මගින් ශරීරයේ හොඳ කලොස්ටරෝල් වැඩි කිරීමට සමත් වෙනවා. ගර්භණි මව්වරුන්ගේ අධි රුධිර පිඩනයටත් පොල් වල වතුර ඉතා ගුණදායක වෙනවා.

ඒ වගේම ගර්භණි මවකට ඇතිවිය හැකි හෘද රෝග හා අධි රුධිර පීඩනය අඩු කිරීමට සමත් ගුණයන්ගෙන් ද යුතු වෙනවා.

5. මේදය පාලනය කර නිරෝගී බව වැඩි කරයි

පොල් වතුර වල කැලරි අඩංගු නොවන නිසා ශරීරයේ ඇති  කලොස්ටරෝල් අඩු කිරීමට උපකාරී වෙනවා. එය අතිශයින්ම වැදගත් ඖෂධීය පානයක්. ඒ වගේම බොහෝ ක්‍රීඩකයන් ද පොල් වල වතුර පානය කරනවා.

පොල් වල වතුර වල ගුණ නිසා අනෙක් පාන වල මෙන් සීනි සාන්ද්‍රණය අධික නොවීම හේතු වෙනවා. එමෙන්ම එමගින් ශරීරයේ තැන්පත් විය හැකි වැඩි මේද ප්‍රමාණයන් පාලනය කරනවා. ඒ නිසා ක්‍රීඩාවේදී පානය කරන ශක්ති ජනක පානයන් අතර පොල් වතුර වලට ඉහළම තැනක් ලැබෙනවා.

 6. විජලනය, අධික වෙහෙසින් ඔබව ආරක්ෂා කරනවා

ඔබ දිනපතා ව්‍යායාම කරන අයෙකු නම් ඔබ ගෙන යන වතුර බෝතලයට අමතරව පොල් වතුර බෝතලයකුත් ගත්තොත් ඔබට හොඳ ශක්තියක් ලැබෙනවා.

විජලනය හා වෙහෙසකාරී බවින් ආරක්ෂා කරනවා. මිනිස් රුධිරයේ ඇති ශක්තීන් මෙම පානය තුල ඇති බව සොයාගෙන තියෙනවා. මෙහි විජලනය ඇති කරන කොලරාව, පාචනය හා බඩේ අමාරු වලින් ඇතිවන විජලනයට ඉතා යෝග්‍යය වෙනවා.

ඒ වගේම ඉතා හොඳ ශක්ති ජනක පානයක් වෙනවා. දරු ප්‍රසුතිය දිනයේදීත් එය ලබා ගැනීම ප්‍රසුතියට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට සමත් වෙනවා. ඒ වගේම ගර්භණි කාලය තුළ වෙනදාටත් වඩා ඉක්මනින් වෙහෙසකර බව දැනෙනවා නම් මෙම පානය ඉතාම හොඳයි.

7. පපුවේ දැවිල්ල හා මළබද්ධයට

ගර්භණි සමයේ උදරය ආශ්‍රිත රෝග, මළබද්ධය හා පපුවේ දැවිල්ල ට මුහුණ දෙන්න සිදුවෙන්න පුළුවන්. එහෙත් පොල් වතුර මගින් ආහාර ජීරණ ක්‍රියාවලිය ශක්තිමත් කරන අතර මළබද්ධයෙන් හා පපුවේ දැවිල්ලෙන් ආරක්ෂා කරනවා.

foetus

 8. පොල් වතුර දරුවාගේ වර්ධනය වේගවත් කරනවා

මේ වන විටත් පොල් වතුරෙන් ඇති ආශ්චර්යමත් ගුණයන් නිසා ඔබ පුදුමයට පත් වෙලා ඇති. ඒ අතරට ඔබේ කුසේ වැඩෙන දරුවාගේ වර්ධනය ද වැඩි කරන බව එක් කර ගන්න ඔබට පුළුවන්.

ගර්භණි මවකට අවශ්‍ය පෝෂණය පවත්වාගෙන යාමට මෙම පානය උදවු වන අතර මෙය ශක්ති ජනක පානයක් වන අතරම අසාදන ඇති කරන ලෙඩ රෝග වලින් ද වළකනවා.

මෙහි තේරුම වන්නේ ශරීරයේ ඇති යුරික් ඇසිඩ් පාලනය කිරීමට පොල් වතුරට හැකියාව ඇති බවයි. මෙය ගර්භණි කාන්තාවන්ට හුඟක් වැදගත් වෙනවා.

මෙමගින් මුත්‍රා අසාදනය මෙන්ම මුත්‍රා කිරීමේ ක්‍රියාවලිය ක්‍රමවත්ව හා මුත්‍රා පිරිසිදු වීම ක්‍රමවත් ව සිදු වෙනවා. ඒ වගේම මෙම පානය මගින් ශරීර රැකදෙමින් වකුගඩු ආශ්‍රිත ගල් ඇති වීම හා වකුගඩු ආසාදනයන් වළකනවා.

 ඉතින් මෙම පානය හුදෙක් ඔබව ප්‍රබෝධමත් කරන පානයක් පමණක් නොව ඔබටත් ඒ ගැන හිතන්න බොහෝ කරුණු ඉතුරු කරනවා.

theAsianparent Sri Lanka අපි මේ විශ්මිත රහස් සියල්ල සොයා ඔබව දැනුවත් කළේ ඔබව සහ ඔබේ දරුවා නිරෝගිව සිටිනු දැකීම අපේ එකම සතුට නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

Written by

Deepshikha Punj

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • පොල් වතුර පානය කිරීමෙන් ගර්භනී මවකට ලබා ගත හැකි ප්‍රයෝජන 8 ක්
බෙදාගන්න :
•••
කතන්දර ලිපි
  • සහල් පොගවා ගත් වතුරෙන් ඔබේ රූපලාවන්‍ය සහ සෞඛ්‍යය වෙනුවෙන් රස රහසක්

    සහල් පොගවා ගත් වතුරෙන් ඔබේ රූපලාවන්‍ය සහ සෞඛ්‍යය වෙනුවෙන් රස රහසක්

  • ගැබිණි මවක් ජලය පානය කළ යුත්තේ මෙහෙමයි

    ගැබිණි මවක් ජලය පානය කළ යුත්තේ මෙහෙමයි

single
  • සහල් පොගවා ගත් වතුරෙන් ඔබේ රූපලාවන්‍ය සහ සෞඛ්‍යය වෙනුවෙන් රස රහසක්

    සහල් පොගවා ගත් වතුරෙන් ඔබේ රූපලාවන්‍ය සහ සෞඛ්‍යය වෙනුවෙන් රස රහසක්

  • ගැබිණි මවක් ජලය පානය කළ යුත්තේ මෙහෙමයි

    ගැබිණි මවක් ජලය පානය කළ යුත්තේ මෙහෙමයි

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • අධ්‍යාපනය
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • ආහාර සහ පෝෂණය
  • මාපිය දැනුම
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor