theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දික්කසාදයට බලපාන හේතු 8ක්

6 අවම කියවීම
දික්කසාදයට බලපාන හේතු 8ක්දික්කසාදයට බලපාන හේතු 8ක්

දෙදෙනෙකු අතර හට ගත හැකි මේ පොදු කාරණා දුරදිග යන්නට නොදී පහසුවෙන්ම විසඳාගන්නට පුළුවන්.

දික්කසාදය, බොහෝ විට, යම් කාල පරිච්ඡේදයක් අවසානයක ඉතා දිගු වාක්‍යයක් වගේ. වසර ගණනාවක කලකිරීම්, සන්නිවේදන බිඳවැටීම්, අමනාපය සහ එවැනි බොහෝ සාධක වලින් පසුව එය පැමිණේ. දික්කසාදයට හේතු තිබේ.

නමුත් නිශ්චිතවම දික්කසාදයට හේතු මොනවාද? පැහැදිලි හේතු හැරුණු විට සමහර විවාහක යුවළයන් ඔවුන්ගේ සම්බන්ධතාවය අවසන් කරන්නේ ඇයි? ඒ ගැන දැනගැනීමට අපි දික්කසාදදික්කසාද වූ මවුවරුන් අට දෙනෙකුගෙන් ඇහුවා ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ව දාලා ගියේ ඇයි කියලා.

ඔවුන් අතරේ සම්බන්ධතාවය වර්ධනය වීමක් නැති බව තේරුම් ගත්තා. ඒ හැරුණු විට, තේරුම් ගත්තා ඔවුන්ගේ සම්බන්ධතාවය විෂ සහිත එකක් බව(toxic relationship);

තවත් සමහරු පැවසුවේ ආදරයේ වැඩි වර්ධනය වීම නැවැතුන බවයි. ඔබගේ විවාහයේ සෞඛ්‍යය ඔබ්ගේ සම්බන්ධතාවයේ ස්වභාවයෙන් තක්සේරු වෙනවා.

ඒ නිසා අවධානයෙන් සිටින්න. අනතුරු ඇඟවීම් තිබේ නම් ඔබගේ පැත්තෙන් ඔබේ වරදක් ඇතොත් නිවැරදි කර ගන්න පසුබට වෙන්න එපා.

ඒ මව්වරුන් කියන ලද කරුණු වලට අනුව දික්කසාදයට හේතු 8ක් අද අපි ඔබට ගෙන ආවා. මේ හේතු 8ට අමතරව තවත් හේතු ගණනාවක්ම තිබිය හැකියි.

1. දෙදෙනා ලෝක දෙකක ජීවත් වීම සහ එකිනෙකා නිසා සතුටට පත් නොවීම.

විවාහ උනාට පසුව දෙදෙනා තනි අයෙක් වීමට අවශ්‍ය නෑ. එහෙම වෙන්නත් බෑ. නමුත් නොගැලපීම් ගලපගෙන එකට ජීවත් වෙන්නට ඕනි.

දික්කසාදයට හේතු

දෙදෙනාගේ ලිංගික එක් වීම් වලින් සතුටක් ලබන්නට ඕනි. නැත්නන් ඒක ඔහේ පුරුද්දට කරන දෙයක් නොවෙන්න ඕනි. ඔබ ඔබේ ලෝකේ, ඔබේ රැකියාවේ වැඩ වල විතරක්ම එල්ලී හිටියාම අනිත් පාර්ශ්වයට ඔබව එපා වීමක් වෙනව කාලයත් එක්ක.

ඔබ සමඟ දිවි ගෙවන්නේ හැඟීම් දැනීම් ඇති ප්‍රාණියෙක් නිසා ඔබේ කාලය, අවධානය අත්‍යාවශ්‍යයි. ඔබ ඔබේ දේවල් පමණකුත්, ඔහු ඔහුගේ දේවලුත් පමණකුත් කරනවා විවාහයකින් පලක් නෑ. අවසානයේ කලකිරීමක් පමණක් ඉතුරු වෙනවා.

මෙහෙම ගෙවන විවාහය දික්කසාදයට හේතු වෙනවා.

2. නිතර දෝෂාරෝපණය සහ රණ්ඩු

විවාහ ඉදිරියට අරගෙන යන්න නම් නයයි මුගටියයි වගේ වෙලා බෑ. එක්කෙනෙක් අනිකාට ඉහලින්, අනිත් කෙනා පාගගෙන ඉන්න උත්සහ කරනවාද?

පොඩ්ඩ බැරි උන තැන රණ්ඩුවටම එනවාද? අන්න එහෙනම් නම් දික්කසාදයක රතු එලි දැල්වෙනවා. දික්කසාදයට හේතු වෙන්න පුලුවන් මේ විදියේ විවාහ සම්බන්ධයක් නම්.

මොකද මේ වගේ සම්බන්ධයකදී ඉවසීම කියන දේ දිගටම කරගෙන ඔබ බැනුම් අහගෙන ඉන්නවා නම්, නැත්නම් දෙදෙනාම වචන වලින් පහර එල්ල කර ගන්නවා නම්, එය ඔබේ දරුවන්ට කරන ලොකුම අයහපතක්.

ඔවුන්ට නරක ආදර්ශයක් ගෙන දෙන්නක්. මොකද දරුවෝ විවාහය ගැන ඔලුවට දා ගන්නේ වැරදි අදහසක්. ඒක ඔවුන්ගේ අනාගතයට තදින්ම බලපානවා. ඉතින් දික්කසාදයට හේතු වෙනවා මේ විදියේ විවාහයක් තියෙනවා නම්.

3. දික්කසාදයට හේතු වන එකිනෙකා අතර අවබෝධය නැති වීම

විවාහයක් දික්කසදයකින් කෙළවර වෙන්න පුලුවන් තවත් හේතුවක් තමයි අනවබෝධය කිය නේ.

විවාහයක් ශක්තිමත් වෙන්න දෙදෙනා දෙදෙනාව අවබෝධ කර ගන්නට උත්සහ කරන්න ඕනි. දෙදෙනා එක්ව ජීවන ගමනේ ඉදිරියට යන්නට ඕනි. දෙදෙනාටම රුචි අරුචි දේ තියනවා. අනිකා ගැන අවබෝධයක් තිබිය යුතුමයි.

එහෙම ඔබේ සම්බන්ධය ඉදිරියට යෑමක් නෑ, එකම් තැනමයි කියලා හිතෙනවා නම් මුලින් මනෝ උපදේශනයට යොමු වීම කල හැකියි.

ඒත් හරියන්නේ නැත්නම්, ඔහු ඔහුට අහන්න අවශ්‍ය නොවන කතා වලින් පැනලා යනවා නම් ඒ විවාහය දික්කසාදයට හේතු වෙන්න පුලුවන්.

දික්කසාදයේ පෙරනිමිති

මේ විදියේ දෙයක් සිදු වීම ක්ෂණික මරණයක් වගේ එක පාරින් වෙන්නේ නෑ. කාලයක් තිස්සේ හිතින් වද විඳලා, අවබෝධයක් නැති තැන එපා වෙන්න පුලුවන්.

4. ඔබේ හිතේ අනෙකා ගැන ගරුත්වය නැති වීම.

ඔබට ගරුත්වය නොලැබෙනවා වගේම ඔබේ හිතේ අනෙකා ගැන ගරුත්වයක් නැති වීමත් ලොකු ප්‍රශ්නයක ආරම්භයක්.

මෙතනදි ගොඩක් වෙලාවට තමන්ගේ සහකරුට ඇති ආදරය නැති වෙන්නේ නෑ.

එත් ඔහුගේ විස්තර, ජයග්‍රහණ, ඔහුගේ සතුට තවදුරටත් ඔබට සතුටක් වෙන්නේ නෑ.

එහෙම වෙන්න සමහරවිට අතීතයේ ඔහු අතින් ඔබට වූ තදබල හිත් වේදනාවක් වෙන්නට පුලුවන්.

මොනවා උනත් ගරුත්වයක් දෙන්න බැරි නම් ඒ විවාහය දික්කසාදයට හේතු වෙන්න පුලුවන්.

5. සම්බන්ධතාවය බිඳී යාම සහ අතෘප්තියත් දික්කසාදයට හේතු වෙනවා

සාර්ථක විවාහයකදි දෙදෙනා අතට හොඳ ශක්තිමත් සම්බන්ධතාවයක් තිබීම වැදගත් වෙනවා.

ඒ වගේම තෘප්තිමත් වීම සර්ථක විවාහ දිවියක අනිවාර්යයෙන්ම තිබෙන දෙයක්. විවාහ දිවියේ ගොඩාක් වලට හේතුවක් තමයි තෘප්තිමත් බවක් නැති වීම.

සමහරවිට මානසික ගැටලුවක් නිසාත් මෙහෙම වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට ඔබ කුඩා කාලයේ අත්විඳි අත්දැකීමක් නිසා ඔබට එසේ දැනෙන්නට පුලුවන්.

ඔබේ දෙමව්පියන්ගේ විවාහය ඒ වගේ අතෘප්තිකර,හොඳ සම්බන්ධතාවයක් නැති එකක් නම් ඔබටත් ඔබේ විවාහයේ එවැන්නක් දැනෙන්නට පුලුවන්.

හොඳම දේ විවාහ උපදේශනයට සහභාගි වීමයි. නැත්නම් මේ වගේ හැඟීම් දික්කසාදයට හේතු වෙන්න පුලුවන්.

මෙතනදී විෂ සහිත සහකරු (toxic partner) ඔබයි. ඔහු කොතරම් ආදරේ උනත් ඔබට ඔහු ගැන ගරුත්වයක් දැනෙන්නේ නෑ. විවාහය දෙදරා යන්න උනත් පුලුවන් නිසා කල්පනාවෙන්!!

දික්කසාදයට බලපාන හේතු 8ක්

 

6. ඔහුගේ ප්‍රමුඛතා සෑමවිටම විවාහයටත් කලින් ඉස්සර වීම.

මිනිසුන් විදියට අපි හැමෝටම විවිධ උවමනාවන්, ඉලක්ක, සිහින, ඉටු කර ගැනීමට දේවල් තිබෙනවා.

විවාහා උනා කියා ඒවා නැති කර ගැනීමට උවමනා නැහැ. නමුත් යම් කැප කිරීමක් කරන්නට වෙනවා විවාහය සාර්ථකව ගත කිරීමට මෙන්ම එය රැක ගැනීමට. අංක එක විය යුත්තේ විවාහයයි. අනිත් දේවල් පසුවට තැබිය යුතුයි.

දෙදෙනා අතරේ හොඳ අනෝන්‍යය තේරුම් ගැනිමක් තිබිය යුතුයි. ගන්නා තීන්දු තීරණ සාකච්ඡා කර දෙදෙනා විසින්ම ගත යුතුයි.

ආත්මාර්ථය අත හැර අනෙකා ගැනත් හිතන්නට පුරුදු විය යුතුයි. එසේ නොවුන තැන කලකිරීමක් ඇති වේ.

හිත් රිදීම්, නොරිස්සුම වැඩි වේ. අවසානයේ විවාහය දෙදරා යාමට හේතුවක්ද විය හැකිය.

7. විවාහ ජීවිතයේ හැම සැපම තිබුනත් මොකද්දෝ අඩුවක්, හිස් තැනක් තිබෙනවා යැයි දැනීම.

දික්කසාදයට හේතු ගණනාවක්ම ඉහතදී අපි කතා කලා. මේ හේතුවත් සරලව හිතන්නට බෑ.

ඔබට ඔබේ සැමියා සමඟ ආදරයෙන්, සාමකාමීව හිටියා උනත් ජිවිතයේ හිස්තැනක් ඇති බව දැනෙනවා නම් එතන රතු එළියක් තියෙනවා.

ඔබට ඔහුගෙන් ලැබෙන ආදරයේ අඩුවක්, තව ලැබිය යුතුයි කියල දැනෙනවා නම් ඔබට හිත සතුටින් ජීවත් වෙන්න ටිකක් අමාරු බවක් දැනෙනවා.

ඔබ දෙදෙනා අතරේ රණ්ඩු සරුවල් ඇති නොවුනත්, අර කිව්ව "මොකද්දෝ අඩුව" නිසා විවාහ ජීවිතය ඇල් මැරුණු ස්වභාවයක් ගන්නවා.

ආදර සමන්ධයේ කිසිම වර්ධනයක් නෑ. ලිංගික සම්බන්ධකම උනත් මහ ලොකු සතුටක් දැනෙන්නේ නෑ.

මේ විදියේ හිස් තැන් ඇති වීම නිසා ඒ හිස් තැන් පුරවා ගන්න තුන් වෙනි පාර්ශ්වයක් සම්බන්ධ කර ගැනීම නම් අනුමත කරන්න බෑ.

විසඳුමක් හොයා ගන්න හොඳම විදිය දෙදෙනා කතා කිරීමයි. මොකද ගොඩාක් ප්‍රශ්න සන්නිවේදනයේ දුර්වලතා නිසා ඇති වෙන්නේ.

කතා කරලා බොහෝ ප්‍රශ්න විසඳ වන්න පුලුවන්. දිගින් දිගටම මේ තත්වය තිබුනොත් විවාහය දික්කසාදයකින් කෙලවර වෙන්න පුලුවන්.

8. දික්කසාදයට හේතු වන තව දෙයක්, කිසිම සහයෝගයක්, වගකීම නැති කම සහ සියලු බර ඔබේ හිස මත පැටවීම

දෙදෙනෙක් විවාහ වෙනවා කියලා කියන්නේ එක පවුලක් වෙනවා කියන එක. පවුල කියන්නේ කණ්ඩායම් වැඩක් වගේ. තනියෙන් කරන්න බෑ. සහයෝගය ඕනිමයි.

එක්කෙනෙක්ට විතරක් තනියම කරන්න බෑ. පවුලක වගකීම් බෙදා හදාගෙනයි කරන්න ඕනි. එක්කෙනෙක්ට විතරක් ඒ බර පැටෙව්වාම කාලයක් යද්දි එපා වෙනවා.

විවාහ උනේ අපාරාදේ කියලා හිතෙනවා. දුක් කසාදයක ඉන්නවාට වඩා දික්කසාදය හැම අතින්ම හිඳයි කියාලා හිතෙන්න ගන්නවා.

දරුවෝ හිටියා උනත් ඔවුන්ගේ වැඩත් බෙදාගෙන කරන්න පුලුවන්. "දන්නේ නෑ" ,"මට ඕවා පුරුදු නෑ", "ඔයානේ අම්මා..ඒ නිසා මේවා ඔයා කරන්න..මේවා ඔයාගේ වැඩ" කියලා කියන සැමියෙන් පවුලට බරක්.

වැඩෙන් හෙමීට මඟ ඇරලා බේරිලා යන්න කියන සැමියෙක් වගකීම් විරහිත ලෙසයි ඉන්න බලන්නේ. බිරිඳට කලකිරීමක් තමයි ඇති වෙන්නේ.

බිරිඳක් උනත් විවාහ වෙන්න කලින් දරුවන් ඇති දැඩි කරලා පුරුද්දක් තියන, ගෙදරක වැඩ කරලා පුරුද්දක් තියන කෙනෙක් නෙමෙයි නේ. ඇයටත් මේ හැම දෙයක්ම අලුත් දේවල්.

ඉතින් මේ විදියේ හැසිරීමක් දීර්ඝ කාලිනව අත් විඳින්න උනාම ඒක දික්කසාදයට හේතු වෙන්න හුඟක්ම ඉඩ තියනවා.

සටහන :- ඈන් නිර්මාණි අත්තනායක

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

 

 

img
Written by

annnirmani

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • දික්කසාදයට බලපාන හේතු 8ක්
බෙදාගන්න :
  • දික්කසාදය නිසා බිද වැටෙන ඔබේ දරුවා ශක්තිමත්ව තබන්න කල යුතු දේවල් 4 ක්

    දික්කසාදය නිසා බිද වැටෙන ඔබේ දරුවා ශක්තිමත්ව තබන්න කල යුතු දේවල් 4 ක්

  • විවාහයක් දික්කසාදයක් කරා යන බව පෙන්වන අනතුරු ඇඟවීමේ සංඥා

    විවාහයක් දික්කසාදයක් කරා යන බව පෙන්වන අනතුරු ඇඟවීමේ සංඥා

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

  • දික්කසාදය නිසා බිද වැටෙන ඔබේ දරුවා ශක්තිමත්ව තබන්න කල යුතු දේවල් 4 ක්

    දික්කසාදය නිසා බිද වැටෙන ඔබේ දරුවා ශක්තිමත්ව තබන්න කල යුතු දේවල් 4 ක්

  • විවාහයක් දික්කසාදයක් කරා යන බව පෙන්වන අනතුරු ඇඟවීමේ සංඥා

    විවාහයක් දික්කසාදයක් කරා යන බව පෙන්වන අනතුරු ඇඟවීමේ සංඥා

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it