theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අනූෂා ගෙන් අහගෙන චිකන් වලින් රසවත් කෑම වර්ග 8 ක් හදමු

8 අවම කියවීම
අනූෂා ගෙන් අහගෙන චිකන් වලින් රසවත් කෑම වර්ග 8 ක් හදමුඅනූෂා ගෙන් අහගෙන චිකන් වලින් රසවත් කෑම වර්ග 8 ක් හදමු

චිකන් වැඩ කෝටියයි.

චිකන් වුනත් එකම රහට කන කොට එපා වෙනවා නේද? ඒ නිසා අපි අදත් ඔන්න අනු කිචන් එකට ගොඩ වුනා. එහි අනූෂා ජීවනී මහත්මිය විසින් ඉදිරිපත් කරනු ලැබු රසම රස චිකන් රෙසපි 8 ක් අපි ඔබ වෙත ගෙන එනවා.

රසම රස චිකන් රෙසපි 8 ක් (chicken recipe sinhala)

1. චිකන් පකොරා

චිකන් රෙසපි

 

අවශ්‍ය ද්‍රව්‍ය

  • කටු ඉවත් කල කුකුල් මස්
  • ඉඟුරු සුදුලූණු පේස්ට්
  • අමුමිරිස් කරල් කිහිපයක්
  • ලුනුකුඩු
  • ලොකු ලූණු ⁣ගෙඩියක්
  • කොත්තමල්ලි කොල
  • මිරිස් කුඩු
  • කහකුඩු
  • සුදුරු කුඩු
  • අමුතුනපහ කුඩු
  • බැදපු තුනපහ කුඩු
  • කඩල පිටි මේස හැඳි 2/3
  • කෝන් පිටි මේස හැඳි 4/5
  • බේකින් සෝඩා පිංචක්

සකස් කරන ආකාරය

  • කටු නැති චිකන් ගන්න.
  • චිකන් එක පොඩි කෑලි වලට කපා එයට ඉඟුරු සුදුලූණු පේස්ට් ටිකක් සැර කන ලමයි නම් අවුමිරිස් එකක් කපාලා දාන්න ලුනුකුඩු දාලා කලවම් කරලා විනාඩි 20/30 තියන්න.
  •  දැන් වෙනම බාජනයට ලොකු ලූණු ⁣ගෙඩියෙන් බාගයක් වගෙ හීනියට කපලා දාන්න කොත්තමල්ලි කොල ටිකකුත් දාන්න.
  • එකටම මිරිස් කුඩු, කහකුඩු , සුදුරු කුඩු ,අමුතුනපහ කුඩු, බැදපු තුනපහ කුඩු, ලුනුකුඩු දාලා කලවම් කරන්න.
  • ඒ බාජනයටම කඩල පිටි මේස හැඳි 2/3, කෝන් පිටි මේස හැඳි 4/5, බේකින් සෝඩා පිංචක්( ⁣ආප්ප සෝඩා ) නැතත් කමක් නෑ මෙ ටික ලූණු වලට දාලා කලවම් කරලා වතුර ටික ටික දාලා හොඳට කලවම් කරගන්න.
  • වතුර ගොඩාක් දාන්න එපා. දැන් ලුණු වලට කලින් රස කරපු චිකන් එක දාලා ⁣හොඳට කලවම් කරන්න.
  • දැන් ඉතින් මස් සහා ලූණු එකතු කරලා ගැඹුරු තෙලෙන් බැදගන්න.

2. චිකන් රෙසපි: චිකන් බිරියානි 

චිකන් රෙසපි

අවශ්‍ය ද්‍රව්‍ය

  • චිකන් 400 g
  • කහකුඩු
  • මිරිස් කුඩු
  • ලුනුකුඩු
  • හාල් 500 g
  • කුරැඳු කෑල්ලක් 
  • කරදමුංගු 3-4
  • කරාඹුනැටි 3-4
  • තියනවා නම් ස්ටාර් ඇනිස් 1.
  • සුදුරු
  • මාදුරැ 
  • ගම්මිරිස් ඇට
  • ලොකු ලූණු 
  • කැමති නම් කජු 
  • තලාගත් සුදුලූණු
  • තලාගත්  ඉඟුරු
  • අමුමිරිස්
  • තක්කාලි ගෙඩියක්
  • කොත්තමල්ලි කොල
  • තෙල්

සකස්කරන ආකාරය

  • මුලින්ම චිකන් 400 g පිරිසිදු කරලා එයට කහකුඩු මිරිස් ලුනුකුඩු ටික ටික දාලා කලවම් කරලා විනාඩි 30 වගෙ තියන්න .
  • හාල් 500 g වගෙ හෝදලා විනාඩි 30 ක් තියන්න .. මේකට වෙනම තුනපහ එකක් හදගන්න ඕනෙ.
  • ඒකට අවශ්‍ය දේවල්  කුරැඳු කෑල්ලක් , කරදමුංගු 3-4, කරාඹුනැටි 3-4, තියනවා නම් ස්ටාර් ඇනිස් 1, සුදුරැ ටිකක් මාදුරැ ටිකක් ගම්මිරිස් ඇට ටිකක් මේ ටික බැදලා කුඩුකර ගන්න.
  • ලොකු ලූණු ගෙඩියක් ගෝල්ඩන් පාට වෙන්න බැදලා තියගන්න . කැමති නම් කජු ටිකකුත් බැදලා ගන්න.
  •  බත උයාගන්න.  කැමති නම් කුරැඳු කෑල්ලක් කරදමුංගු 2 කරාඹුනැටි 2 ගී තියනවා නම් මේස හැදි එකක්. ලුනුකුඩු ස්වල්පයක් දාලා බත උයාගන්න.
  •  දැන් පෑන් එකකට තෙල් දාලා කපාගත් ලූණු ටිකක් දාලා තෙම්පරාදු වෙන්න දෙන්න.
  • තරමක් තෙම්පරාදු වුනාම තලාගත් සුදුලූණු ඉඟුරු දාලා කැමති නම් අවුමිරිස් කරලක් කපලා එකතු කරන්න .
  • මෙ ටික හොඳට තෙලෙන් බැදුනට පස්සේ කහකුඩු ටිකක් දාලා තක්කාලි ගෙඩියක් කපලා දාලා ⁣ තියනවා නම් කොත්තමල්ලි කොල ටිකක් දාලා තක්කාලි හොඳට මැලවෙන්න බැදෙන්න දෙන්න.
  • ඊටපස්සෙ චිකන් ටික එකතු කරලා ලුනුකුඩු එකතු කරලා විනාඩියක් දෙකක් මෙ ටික තෙලෙන් බැදෙන්න දීලා වතුර කප් එකක් වගෙ දාලා විනාඩි 20-30 හොඳට තැම්බෙන්න තියන්න .
  • අන්තීමට හදපු තුනපහ කුඩු ටික එකතු කරලා මෙ කරි එක හදාගන්න .
  • දැන් ලොකු සාස්පානෙකට යටට චිකන් ටිකක් දාලා ඉට උඩින් බත් දාලා ඉට උඩින් කජු බැදපු ලූණු කොත්තමල්ලි කොල .
  • මෙ විදියට ලෙයර් දෙකතුනක් වෙන්න දාලා පාට ටිකක් ඕනෙ නිසා මම කිරි ටිකකට කහකුඩු දාලා මේස හැඳි 2 වගෙ දාලා වහලා විනාඩි 10-15 තියලා කෑමට ගන්න .
  • මම රයිස් කුකර් එකෙ තිබ්බෙ ටිකක් රත් වෙන්න .
  • මෙ විදියට තමයි හැදුවා බිරියානි එක කොහෙන් ගියාද මන්දා අපෙ කෙල්ල දෙපාරක්ම බෙදාගෙන කෑ. මම නම් ඉතින් කියන්නේ නෑ කී පාරක් කෑවද කියලා 

3. චිකන් ෆ්‍රයි

චිකන් රෙසපි

අවශ්‍ය ද්‍රව්‍ය

  • චිකන් 750 g
  • මිරිස් කුඩු
  • කොත්තමල්ලි කුඩු තේ හැඳි 2 
  • සුදුරැ කුඩු තේ හැඳි 2 
  • ලුනුකුඩු
  • ගම්මිරිස්
  • සුදුලූණු ඉඟුරු පේස්ට්
  • තියනවා නම් ඔරිගානෝ ටිකක්
  • බිත්තර 1
  • හාල් පිටි මේස හැඳි 3
  • කෝන් පිටි මේස හැඳි 3
  • තෙල්

සකස්කරන ආකාරය

  • මම චිකන් 750 g වගෙ ගත්තා. චිකන් එක ලොකු කෑලි වෙන්න කපා ගන්න.
  • බාජනයට චිකන් ටින දාන්න.
  • එයටම  මිරිස් කුඩු සැරට අනුව කොත්තමල්ලි කුඩු, සුදුරැ කුඩු තේ හැඳි 2 බැගින්, ලුනුකුඩු, ගම්මිරිස්, සුදුලූණු ඉඟුරු පේස්ට් ටිකක්, තියනවා නම් ඔරිගානෝ ටිකක් දාන්න ඒක දැම්මම ලොකු සුවඳක් තියනවා .
  • බිත්තර එකක් කඩලා දාන්න. මේ ටික හොඳට කලවම් කරලා විනාඩි 30 පමණ තියන්න
  • විනාඩි 30 පස්සේ චිකන් එකට හාල් පිටි මේස හැඳි 3 කෝන් පිටි මේස හැඳි 3 දාලා හොඳට කලවම් කරලා ගැඹුරු තෙලෙන් බැදගන්න.

4. චිකන් රෙසපි: චිකන් නගට්ස් (chicken recipe sinhala)

චිකන් නගට්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

  • චිකන් 300 g
  • ලුනුකුඩු
  • ගම්මිරිස් කුඩු
  • මිරිස් කුඩු
  • පොඩි කරගත් සුදුලූණු ඉඟුරු
  • සොයාසෝස්
  • පාන්පිටි
  • බිත්තර එකක්
  • පාන්කුඩු වල
  • Cornflakes
  • තෙල්

සකස්කරන ආකාරය

  • මම ගත්තේ කටුනැති චිකන් 300 g වගෙ.. සමන්‍ය කෑලි කපා මස් එක චුට්ටක් තලාගන්න.
  • දැන් මස් එකට ලුනුකුඩු ගම්මිරිස් කුඩු සැර ඕනෙනම් මිරිස් කුඩු ස්වල්පයක්. මම දුව සැර කන්නෙ නැති නිසා පැප්රිකා පව්ඩර් දැම්මෙ.
  • පොඩි කරගත් සුදුලූණු ඉඟුරු ටිකක්, සොයාසෝස් ස්වල්පයක් දාලා අනලා විනාඩි 15/20 තියන්න සීසන් වෙන්න.
  • දැන් සීසන් වුන මස් කෑල්ලෙන් කෑල්ල ගෙන පාන්පිටි වල තවරලා.
  • බිත්තර එකක් කලවම් කරලා එකෙත් දාලා. පාන්කුඩු වල තවරන්න ඕනෙ.
  • මම මේකට පොඩි වෙනසක් කරා.. පාන්කුඩු බාගයයි Cornflakes බාගයක් කුඩු කරලා දාලා බැද්දෙ.
  • Cornflakes දාන නිසා ගොඩාක් ක්‍රිස්පි ගතිය තියනවා.
  • Cornflakes විතරක් කුඩු කරලා බැද්දත් කමක් නෑ ගෙදර තිබුනෙ නැති නිසා මම බාගෙ බාගෙ දැම්මෙ 
  • පාන්කුඩු තවරලා Zip lock බෑග් වල දාලා මෙ නගට්ස් ෆ්‍රිසර් කරගන්නත් පුළුවන්.
  • මාසයක් එකාමාරක් තියගන්න පුළුවන් ෆ්‍රිසර් කරලා .. අවශ්‍ය වෙලවට බැදගන්න විතරයි තියෙන්නෙ තියෙන් බාගෙ දැම්මා .

5. Cornflakes චිකන් ෆ්‍රයි (chicken recipe sinhala)

අනූෂා ගෙන් අහගෙන චිකන් වලින් රසවත් කෑම වර්ග 8 ක් හදමු

අවශ්‍ය ද්‍රව්‍ය

  • කටුනැති චිකන් 500 g දිගතීරැ කපගන්න
  •  සුදුලුනු ඉඟුරු පේස්ට් ටික ටික
  •  චීස් පව්ඩර් තේ හැඳි 2 වගේ
  •  සෝයාසෝස් ස්වල්පයක්
  •  ලුනුකුඩු ගම්මිරිස්
  • තැවරිමට පිටි ස්වල්පයක්
  • තැවරිමට ප්ලෙන් Cornflakes
  • බිත්තර 1
  •  බැදගන්න තෙල්

සකස්කරන ආකාරය

  • භාජනයට කපාගත් මස් අනිත් හැමදෙයක්ම දාලා හොඳට කලවම් කරලා පැයක් වගේ තියන්න ශිතකරනයේ.
  • Cornflakes ගනකම් උරයකට දාලා හොඳට පොඩි කරගන්න.
  • දැන් මස් එක පාන්පිට් වල තවරලා බිත්තර සාරැ වල තවරා Cornflakes වල තවරලා ගැඹුරු තෙලෙන් බැදලා ගන්න.
  • ඔයලට කැමති රස එකතු කරලා හදලා බලන්න

6. චිකන් රෙසපි: බටර් චිකන් කරි

අනූෂා ගෙන් අහගෙන චිකන් වලින් රසවත් කෑම වර්ග 8 ක් හදමු

අවශ්‍ය ද්‍රව්‍ය

  • චිකන් 500
  • ජැපැනිස් කරි පව්ඩර් තේ හැඳි 2ක්
  • කරි පව්ඩර් එක
  • තුනපහ
  • කරි පව්ඩර්
  • සුදුලූනූ
  • ඉඟුරු
  • ප්ලේන් යෝගට්
  • ලුනු
  • ගම්මිරිස්
  • බටර්
  • ටොමැටෝ ටින් එක
  • නෝර් චිකන් කියුබ්
  • සිනි මේස හැඳි1
  • ෆ්‍රෙශ් මිල්ක් කප් එකක්

සකස්කරන ආකාරය

  • මුලින්න කරි එක හදා ගමු..චිකන් 500 වගේ මම ගත්තේ.
  • ජැපැනිස් කරි පව්ඩර් තේ හැඳි2ක්, කරි පව්ඩර් එක ටිකාක් තාච්චියේ දාලා බැද ගත්තා.
  • මේ පව්ඩර් එක නැති අය බැදපු තුනපහ ගන්න. මම සැර දැම්මේ නෑ ලමයා කන්නේ නැති නිසා ඔයාලට සැරට හදා ගන්නත් පුලුවන්.
  • මස් එක කපා බාජනයකට දාලා ඒකට කරි පව්ඩර් එක දාන්න . සුදුලූනූ ඉඟුරු ටිකක් තලලා දාන්න.
  • ප්ලේන් යෝගට් ⁣කප් එකාමාරක් වගේ දැම්මා. ලුනු ගම්මිරිස් මේ ටික දාලා හොඳට අනලා ෆ්‍රරිජ් එකේ විනාඩි 30 හරි පැයක් හරි තියන්න.
  • ඊට පස්සේ බටර්. ටිකාක් වැඩිපුර රාස්පානේට දාලා ටොමැටෝ ටින් එක බ්ලෙන්ඩර් කරලා දැම්මා .
  • කෑලි තිබ්බ නිසයි බ්ලෙන්ඩර් කරේ. දැන් ටොමැටෝ එකාක් දාලා මස් මිශ්‍රනෙත් දාලා නෝර් චිකන් කියුබ් කෑල්ලක් සිනි මේස හැඳි1.
  • හොඳට කලවම් කර වහලා විනාඩි 20 වගේ තැම්බෙන්න තියන්න. ටිකෙන් ටික බලන්න කලවම් කරලා.
  • ඉට පස්සේ ෆ්‍රෙශ් මිල්ක් කප් එකාක් දාලා විනාඩි 10 වගේ තියලා ලුනු බලලා දාන්න ගම්මිරිස් ටිකකුත්.

7. ගාර්ලික් චිකන්

අනූෂා ගෙන් අහගෙන චිකන් වලින් රසවත් කෑම වර්ග 8 ක් හදමු

අවශ්‍ය ද්‍රව්‍ය

  • ලොකු චිකන් පෙත්තක් 
  • ලුනුකුඩු
  • ගම්මිරිස්
  • තෙල්
  • ඔලිව් ඔයිල් තේ හැඳි 3/4
  • කපාගත් සුදුලුනු
  • වෙලපු Rosemary
  • පාස්ලි කොල

සකස්කරන ආකාරය

  • ලොකු චිකන් පෙත්තක් දෙකට කපාගන්න.
  • ඒකට ලුනුකුඩු ගම්මිරිස් දාලා පෑන් එක ලිපේ තියලා තෙල් නොදා පෑන් එකෙ හොඳට දෙපැත්ත ෆ්‍රයි කරගන්න.
  • තෙල් දැම්මේ නැත්තේ මස් එකෙ තෙල් තියන නිසයි..
  • දැන් මස් එක රෙඩි.
  • ඒ තාච්චියේම සෝස් එක හදගමු.
  • ඒ තාච්චියේ තියන තෙල් එක පෙපර් එකකින් අයින් කරලා ඔලිව් ඔයිල් තේ හැඳි 3/4 දාලා කපාගත් සුදුලුනු කැමති Herb ජාතියක් මම දැම්මේ වෙලපු Rosemary මෛ දෙක හොඳට තෙම්පරාදු  වුනාට පස්සේ ලිප ඕෆ් කලා.
  • කපා ගත් පාස්ලි කොල ටිකක් ලුනුකුඩු ගම්මිරිස් දාලා මස් එක උඩට මෙ සෝස් එක දාලා කෑමට ගන්න ලේසි වගේම ගොඩාක් රසයි

8. චිකන් රෙසපි: චිකන් ලොලිපොප්

අනූෂා ගෙන් අහගෙන චිකන් වලින් රසවත් කෑම වර්ග 8 ක් හදමු

අවශ්‍ය ද්‍රව්‍ය

  •  චිකන් කෑලි 8
  • අඹරපු සුදුලූණු ඉඟුරු ටික
  • ලුනුකුඩු
  • ගම්මිරිස් 
  • මිරිස් කුඩු ටිකක්
  • සෝයා සෝස්
  • පාන්පිටි ⁣මේස හැඳි 4
  • කෝන්ෆ්ලා මේස හැඳි 2
  • බිත්තර එකක්

සකස්කරන ආකාරය

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
  • මම චිකන් කෑලි 8. මම එ චිකන් කෑලි ටිකක් කොහොමද ලොලිපොප් එකක් විදියට හදාගත්තෙ කියලා ෆොටො දාලා තියනවා බලන්න.
  • මස් කෑල්ලෙ උඩ ඉඳන් කපලා කට්ට පේන විදියට මස් ගලවගන්න .
  • ගැලවුනා ගට පස්සේ මස් කෑල්ල අනිත් පැත්තට හරවන්න. එ කිව්වේ හම ඇතුලට යන විදියට.
  • මෙ විදියට කපාගත් චිකන් ටිකට අඹරපු සුදුලූණු ඉඟුරු ටික ලුනුකුඩු , ගම්මිරිස් , මිරිස් කුඩු ටිකක්, සෝයා සෝස් ටිකක් දාලා හොඳට කලවම් කර විනාඩි 30 පමණ තියනවා වහලා.
  • සීසන් වුන මස් එකටම පාන්පිටි ⁣මේස හැඳි 4, කෝන්ෆ්ලා මේස හැඳි 2, බිත්තර එකක් කඩලා දාලා හොඳට කලවම් කරන්න මස් වලටත් හොඳට වදින විදියට .
  • දැන් ඉතින් ගැඹුරු තෙලෙන් බැදගන්න.

මේ රසවත් චිකන් රෙසපි ඔබත් අත්හදා බලන්න.

අනූෂා ගෙන් අහගෙන චිකන් වලින් රසවත් කෑම වර්ග 8 ක් හදමු

ශ්‍රී ලංකාවේ සුලඟ වත් වදින්නේ නැති ඈත දුරු රටක ඉදන් මුහුණු පොත හරහා අපේ රටේ අම්මලාට කියාදෙන දේවල් අති මහත්, ඒ වගේම ඇය  සුන්දර දියණියකගේ මවක්, මේ තොරතුරු අපේ අම්මලා වෙත ලබා දීම ගැන ස්තුති වන්ත වෙනවා. ඉදිරියටත් අපි ඇයගෙන් රසම රස කෑම වට්ටෝරු බලාපොරොත්තු වෙමු.

අනූෂා ජීවනී මහත්මියගේ ‌anu kitchen and home  ‌ෆේස් බුක් පිටුවේ පල වු ඉහත ‌රෙසපි හා ඒවායේ ඡායා රූප  ඒ මහත්මියගේ අවසරය හා අනුදැනුම සහිතව නැවත පල කරන ලද බව කරුණාවෙන් සලකන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • කෑම වට්ටෝරු
  • /
  • අනූෂා ගෙන් අහගෙන චිකන් වලින් රසවත් කෑම වර්ග 8 ක් හදමු
බෙදාගන්න :
  • රසම රස බටර් චිකන් රෙසිපියක්

    රසම රස බටර් චිකන් රෙසිපියක්

  • ළමාවියේ පැපොල රෝගය ගැන මේ සියල්ල දැන ඉන්න

    ළමාවියේ පැපොල රෝගය ගැන මේ සියල්ල දැන ඉන්න

  • රසම රස බටර් චිකන් රෙසිපියක්

    රසම රස බටර් චිකන් රෙසිපියක්

  • ළමාවියේ පැපොල රෝගය ගැන මේ සියල්ල දැන ඉන්න

    ළමාවියේ පැපොල රෝගය ගැන මේ සියල්ල දැන ඉන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it