theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දුහුවිලි වලට ඇති දරුවන්ගේ ආසාත්මිකතාවට මුහුණ දෙන්නේ කෙසේද?

4 අවම කියවීම
දුහුවිලි වලට ඇති දරුවන්ගේ ආසාත්මිකතාවට මුහුණ දෙන්නේ කෙසේද?දුහුවිලි වලට ඇති දරුවන්ගේ ආසාත්මිකතාවට මුහුණ දෙන්නේ කෙසේද?

දුවිලි නිසා සමහර දරුවන්ට ආසාත්මිකතාවයක් ඇති වෙනවා. ඒකට හේතු වන්නේ දූවිලි වල ජීවත් වන ඇසට නොපෙනන කුඩා ජීවීන් විශේෂයක්.

ඔබේ දරුවාගේ අසාත්මිකඅසාත්මික රෝග ලක්ෂණ වලට දූවිලි වල සිටින මයිටාවන් හේතු වන බව ඔබ දන්නවාද? ඒ බව දැනගත් විට ඔබ ගෘහ භාණ්ඩ මත දූවිලි අංශුමාත්‍රයක් හරි දකින සෑම අවස්ථාවකම වැකුම් ක්ලීනර් එකකින් හරි රෙදි කැබැල්ලකින් හරි ඒවා පිස දමා පිරිසිදු කිරීමට ඔබට උවමනා වේවි. දූවිලි ආසාත්මිකතාව සුලුවෙන් තකන්නට බෑ.

වැකුම් කරන එක මේකට තියන විසඳුම නොවන්නට ඉඩ ඇත්තේ ඇයි?

සාමාන්‍යයෙන් කාර්යක්ෂම වැකුම් ක්ලීනර් භාවිතයෙන් පසු පැය 8 ක් පමණ වාතයේ රැඳී සිටිය හැකි සිනිඳු දූවිලි වළාකුළු ඇති වේ.

මේ නිසා කිවිසුම් යාම, නාසය සහ කැසීම යන තත්ව වඩාත් නරක අතට හැරේ. එසේ වැකුම් කිරීමට ඔබේ ආසාත්මිකතා ඇති දරුවා නිවසින් බැහැර වන තුරු බලා සිටීම වඩාත් සුදුසුය.

උදාහරණයක් ලෙස ඔබේ දරුවා පාසැල් ගොස් ඇති විට ඔබට එය කල හැක.

නැතහොත් දූවිලි ඇවිස්සීම වළක්වා ගැනීම සඳහා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් අංශු වාතය පෙරනයක්(HEPA) සහිත වැකුම් ක්ලීනර් එකක් භාවිත කල හැකිය.

එමඟින් දූවිලි ආසාත්මිකතාව  අඩු කල හැකිය.

දූවිලි ආසාත්මිකතාව

ගෘහස්ථ දූවිලි මට්ටම පහත හෙලා දූවිලි ආසාත්මිකතාව අඩු කරන්නට:

  • කාපට් නොකරන ලද සියලු බිම් අවම වශයෙන් සතියකට වරක් තෙත මොප් එකකින් පිරිසිදු කරන්න.
  • පැතලි මතුපිට, අහු මුළු, කවුළු සහ පින්තූර රාමු පිස දැමීමට තෙත රෙදි භාවිතා කරන්න.
  • වායුසමීකරණ භාවිතය සහ දොරවල් සහ ජනෙල් වසා තබා ගැනීම මඟින් ඔබේ නිවසට පිටතින් වාතය පැමීණිම වැළකේ. එමඟින්  දූවිලි ආසාත්මිකතාව ඇති කරන දේවල් වලින් තොරව තබා නිවස තබා ගත හැකි වේ.

ඔබගේ නිවස පුරා වායු සමීකරණ ස්ථාපනය කිරීම ඉතා මිල අධික විය හැකියි. නමුත් ඔබේ ආසාත්මිකතා ඇතු දරුවාගේ නිදන කාමරයේ එක වායුසමීකරණයක් ස්ථාපනය කිරීමට ඔබට ආර්ථිකමය ක්‍රමයක් සොයාගත හැකි නම් අගනේය. මෙය ඔබේ දරුවාට රාත්‍රියේදී වඩා හොඳින් නිදා ගැනීමට ඉඩ ලබා දෙනු ඇත.

දූවිලි ආසාත්මිකතාව

වායුසමීකරණ පෙරහන් නිරන්තරයෙන් පරීක්ෂා කර පිරිසිදු කළ යුතු වේ. විවධ මයිටාවන් වල වර්ධනය පාලනය කිරීම සඳහා මයිටාවන් විරෝධී වායුසෝලයක් ඉසිය යුතු ය. එමඟින්ද  දූවිලි ආසාත්මිකතාව අඩු වේ.

HEPA වායු පවිතකාරකයක් හරහා කාමරයේ වාතය පෙරීම සිදු කරන විට පවුලේ අසාත්මිකතා ඇති සාමාජිකයින්ට අඩුවෙන් රෝග ලක්ෂණ ඇති බව පවුලේ සාමජිකයන්ට පෙනී යා හැකිය.

කෙසේ වෙතත්, වායු පවිතකාරක මගින් පමණක් මයිටාවන්ගේ සැලකිය යුතු අඩු වීමක් නොවේ.

වායුසමීකරණය ඇති කාමරයේ HEPA වායු පවිතකාරකයක් ස්ථාපනය කළ හැකිය. නැතහොත් අතේ ගෙන යා හැකි කාමර ඒකකයක් ලෙස භාවිතා කර රාත්‍රියේ ඔබේ දරුවාගේ නිදන කාමරයේ තබන්න.

කාමරයේ කවුළු වසා ඇති බවත් නිදන කාමරයේ දොර වසා ඇති බවත් සහතික කරගන්න. එමඟින් දූවිලි ආසාත්මිකතාව අවම වේ.

දූවිලි මයිටාවන් දූවිල්ලටම අතු ගා දමා දූවිලි ආසාත්මිකතාව අඩුකරමු.

නිවසේ දූවිලි වලින් ඇති වන අසාත්මිකතාවන්ගේ ප්‍රධාන ප්‍රභවය දූවිලි මයිටාවන්ය.

අන්වීක්ෂයකින් හැර, මෙම සත්වයන් දැක ගැනීමට නොහැකිය. හොඳින් පිරිසිදු කළ නිවසක පවා දූවිලි මයිටාවන් විශාල සංඛ්‍යාවක් සිටිය හැකිය. ඒ බව අසාත්මිකතාවයෙන් පෙළෙන බොහෝ දෙනෙකු පිළිගැනීම මැලි කරයි.

සමහරුන්ට එය ඒත්තු ගැන්වෙන්නේ මයිටාවන් නිසා ඇති වන ආසාත්මික රෝග ලක්ෂණ වැඩි වූ විට පමණි.

දූවිලි ආසාත්මිකතාව

  1. දූවිලි මයිටාවන් (Dustmites) යනු මකුළුවන් වගේම එකම පවුලක සාමාජිකයන්ය. පියවි ඇසින් දැකීමට නොහැකි තරම් කුඩා වේ. මිනිසුන් ජීවත් වන ඕනෑම තැනක ඔවුන් ජීවත් වේ.
  2. දූවිලි මයිටාවන් ඔවුන්ට ජීවත් වීමට වැඩි යමක් ඉල්ලන්නේ නැත. ඔවුන් ලැබෙන ඕනෑම ප්‍රෝටීනයකින් පෝෂණය වේ. එනම් දිනපතා ඉවත් වන මිනිසුන්ගේ මැරුණු සම ආහරයට ගනී.
  3. මෙම සරල ආහාරය හැරුණු විට ඔවුන්ට අවශ්‍ය වන්නේ 65 ° F හෝ ඊට වැඩි උෂ්ණත්වයක්. තවද ආර්ද්‍රතාවය 65% ක් පමණ වන මධ්‍යස්ථ උණුසුම්, තෙතමනය සහිත වායුගෝලයක් අවශ්‍ය වේ.
  4. දූවිලි මයිටාවන්ට ඇඳ ඇතිරිලි යනු වාසස්ථානයකි. ඇඳ ඇතිරිලි මගින් උණුසුම, ප්‍රමාණවත් තෙතමනය ලැබේ.
  5. එමෙන්ම මැරුණු සම බහුල වේ. තන්තුමය ද්‍රව්‍යද ලබා දේ. මෙම දූවිලි මයිටාවන් ගෘහ භාණ්ඩ, ඇඳුම් පැළඳුම්, මෘදු සෙල්ලම් බඩු සහ බුමුතුරුණු ද බහුල කෙස ජීවත් වේ.
  6. දූවිලි මයිටාවන් මළ මූත්‍රා බැහැර කරයි. ඔවුන්ගේ මළ මූත්‍රා සාමාන්‍ය ගෘහස්ථ දූවිලි වලට ඇතුල් වේ.
  7. එමඟින් ඒවා අසාත්මිකතාවන්ගේ ප්‍රධාන ප්‍රභවය බවට පත්වේ. අවසානයේදී මයිටාවන් මිය යන විට අසාත්මිකතා ඇති කරන ප්‍රෝටීන වලින් සමන්විත මිය ගිය සහ වියළී ගිය මයිටාවන්ද දූවිල්ලට එකතු වේ.
  8. වසර ගණනාවක් පුරා මොවුන්ට මෙට්ටයක බරට රාත්තල් කීයපක් එකතු කළ හැකිය.

මයිටාවන් බෝ වීම අඩු කිරීම සඳහා ආර්ද්‍රතාවය අඩු මට්ටමක තබා ගන්න

  • ආර්ද්‍රතාවය 75% සිට 80% පමණ වන විට දූවිලි මයිටාවන් හොඳින් බෝ වේ. මෙම කුඩා ජීවීන්ට ජීවත් වීමට ජලය අවශ්‍ය වේ.
  • නමුත් එය ඔවුන්ගේ පටක වල සංරක්ෂණය කිරීමට ක්‍රමයක් නොමැත. අවට ආර්ද්‍රතාවය 50% ට වඩා පහත වැටෙන විට මයිටාවන් ඉක්මනින් වියළී මිය යයි.
  • මේ අනුව, ගෘහස්ථ ආර්ද්‍රතාවය අඩු කිරීමෙන් දූවිලි මයිටා ජනගහනය විශාල ලෙස අඩු කළ හැකිය.
  • වාතය වියළීම සඳහා ඩිමියුඩිෆයර් ප්‍රයෝජනවත් වේ. අන්වීක්ෂීය මයිටාවම් වර්ධනය වීම නැවැත්වීම සඳහා දිනපතා වතුර කළ, වතුර බඳුන් හිස් කර ඒවා සෝදන්න.
  • ආර්ද්‍රතාකාරක භාවිතය මගින් මයිටාවන් සහ පුස් වල වර්ධනය වැඩි වේ:එනම් ආර්ද්‍රතාකාරකයක් භාවිතා කරන විට, ඔබේ දරුවාගේ කාමරයේ මයිටාවන් වර්ධනය වීමට වැඩි වේ.

ඔබේ දරුවාට වෙනත් හුස්ම ගැනීමේ අපහසුතා තිබේ නම් මේ ගැනත් සිතන්න. නිදන කාමරයේ වාතය සුවපහසු ලෙස හුස්ම ගැනීමට තරම් තෙතමනය ඇති නමුත් මයිටාවන්ට බෝ වීමට නොහැකි තරම් වියලි බව සහතික කර ගන්න.

සටහන :- ඈන් නිර්මාණි අත්තනායක

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

 

img
Written by

annnirmani

  • Home
  • /
  • රෝග සහ අසාත්මිකතා
  • /
  • දුහුවිලි වලට ඇති දරුවන්ගේ ආසාත්මිකතාවට මුහුණ දෙන්නේ කෙසේද?
බෙදාගන්න :
  • සැමියාට ඇලජික් වුන 29 හැවිරිදි බිරිදක් නිසා අවාසනාවත්ත වු යුගදිවියක්

    සැමියාට ඇලජික් වුන 29 හැවිරිදි බිරිදක් නිසා අවාසනාවත්ත වු යුගදිවියක්

  • සෙම්ප්‍රතිශ්‍යාව සදහා දරුවන්ට පුදුම හිතෙන අත්බෙහෙතක්

    සෙම්ප්‍රතිශ්‍යාව සදහා දරුවන්ට පුදුම හිතෙන අත්බෙහෙතක්

  • සැමියාට ඇලජික් වුන 29 හැවිරිදි බිරිදක් නිසා අවාසනාවත්ත වු යුගදිවියක්

    සැමියාට ඇලජික් වුන 29 හැවිරිදි බිරිදක් නිසා අවාසනාවත්ත වු යුගදිවියක්

  • සෙම්ප්‍රතිශ්‍යාව සදහා දරුවන්ට පුදුම හිතෙන අත්බෙහෙතක්

    සෙම්ප්‍රතිශ්‍යාව සදහා දරුවන්ට පුදුම හිතෙන අත්බෙහෙතක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it