theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

හොඳ මව්කිරි නිෂ්පාදනයකට සුදුසු පළතුරු වර්ග 8 ක්

5 අවම කියවීම
හොඳ මව්කිරි නිෂ්පාදනයකට සුදුසු පළතුරු වර්ග 8 ක්හොඳ මව්කිරි නිෂ්පාදනයකට සුදුසු පළතුරු වර්ග 8 ක්

මව්කිරි දෙන අතරතුර ආහාරයට ගත හැකිහා නොහැකි  යුතු පලතුරු ලැයිස්තුව ඔබට ප්‍රයෝජනවත් වේවි.

මව්කිරි එරෙන ආහාර ගැන පුංචි කතාවක් කියන්නයි යන්නේ. අප අදහස් කරන දේ ඔබට තේරෙනවා නම් ඔබට තවම කෙසෙල් කන්න පුළුවන්. 

ඔබ මව්කිරි දෙන විට, ඔබේ දරුවාට ප්‍රමාණවත් පෝෂ්‍ය පදාර්ථ ලබාදීම සඳහා ඔබේ ආහාර වේල අතිශයින්ම වැදගත් වෙනවා.

ඔබේ මව්කිරි නිෂ්පාදනය හෝ එහි ගුණාත්මකභාවය  වැඩි දියුණු කරන ආහාර (එවැනි ආහාර ගැලැක්ටගෝග් ලෙස හැඳින්වෙනවාප්) අනුභව කල හැකි නම් එය වඩාත් හොදයි.

ඔබට බොහෝ දේවලින් ඈත්ව සිටීමට සිදු වුවද, ඔබට භුක්ති විදින්න හැකි එක් දෙයක් වන්නේ පලතුරුයි. ඔබ පලතුරු කන්න කැමති නම්, මව්කිරි දෙන මව්වරුන්ට පුදුමාකාර ප්‍රතිලාභ ලබා දෙන මේ රසවත් පලතුරු ලැයිස්තුව බලන්න.

හොඳ මව්කිරි නිෂ්පාදනයකට කියාපු පළතුරු වර්ග 

  1.මව්කිරි එරෙන ආහාර:  කොළ පැපොල්

මෙය අනෙක් පැපොල් වගේ  නොවේ. කොළ පැපොල් යනු මව්කිරි දෙන විට ඔබට ආහාරයට ගත හැකි හොඳම පලතුරකි. ඔබ ගර්භණීව සිටියදී නම් එය එතරම් සුදුසු  නැහැ.

කොළ පැපොල් යනු කුමක්දැයි ඔබ කල්පනා කරන්නේ නම්, එය තවමත් ඉදුණු නැති කහ පැපොල් වෙනවා.

එය ඔක්සිටොසින් හෝමෝනය   ඉහළ නැංවීමෙන් කිරි දීම සඳහා උපකාරී වන නියෝජිතයෙකු ලෙස ක්‍රියා කරනවා.

ඒ නිසා කිරි නිෂ්පාදනයද වැඩිවෙනවා. කොළ පැපොල් මඟින් විටමින් ඒ, බී, සී සහ ඊ වැනි අත්‍යවශ්‍ය විටමින් ද ඔබට  ලබා දෙනවා.

   2. මව්කිරි එරෙන ආහාර: අලිගැට පේර

මෙම සුපිරි ආහාරය බොහෝ දේ සඳහා විශිෂ්ට වන අතර මව්කිරි දීම ඉන් එකකි.

අලිගැට පේර වල අඩංගු  ඔමේගා -3 මේද අම්ල, ඔමේගා -6 මේද අම්ල සහ ඔමේගා -9 මේද අම්ල ඔබේ කුඩා දරුවාට වැඩි මව්කිරි නිෂ්පාදනයකට උපකාරී වෙනවා.

ඒ වගේම අලිගැට පේර වල ෆෝලික් අම්ලය මෙන්ම විටමින් සී, විටමින් ඊ සහ පොටෑසියම් බහුල වෙනවා. 

එය ඔබේ කුඩා දරුවාගේ වර්ධනයට හා සංවර්ධනට උපකාරී වෙනවා.

මෙම බහුකාර්ය පලතුර ආහාරයට එක්කර කිරීමෙන් ඔබේ රුධිරයේ සීනී මට්ටම සහ කොලෙස්ටරෝල් මට්ටම පවත්වා ගැනීමට දායකවෙනවා.

  3. මව්කිරි එරෙන ආහාර: ස්ට්‍රෝබෙරි 

ස්ට්‍රෝබෙරි රසවත් පළතුරකි. එපමණක් නොව එහි ඔබේ කුඩා දරුවාගේ සංවර්ධනයට අවශ්‍ය  වන අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් පිරී තියෙනවා.

මෙම පලතුරෙහි යකඩ බහුල වෙන අතර විටමින් සී, කැල්සියම්, පොටෑසියම් සහ මැග්නීසියම් වැනි විටමින්ද එහි  පිරී පවතිනවා.

තවද, එහි වැඩි ජල ප්‍රමාණයක් අඩංගු නිසා ඔබ ඔබේ දරුවාට කිරි දෙන විට හොඳින් සජලීව සිටීමට එය උපකාරී වෙනවා.

    4. මව්කිරි එරෙන ආහාර: කෙසෙල්

ඔබට කෙසෙල් කන්න බැහැ නේද? එය ඇත්තෙන්ම රසවත් මෙන්ම විටමින් සහ ඛනිජ වලින් පොහොසත් ය.

එය අධික කැලරි සහිත පලතුරක් වෙනවා. 

ඒ නිසා එය මව්කිරි දෙන අතරතුර ඇතිවෙන ඔබේ කුසගින්නට මෙන්ම ඔබේ ෆෝලික් අම්ල මට්ටම ඉහළ නැංවීමට උපකාරී වෙනවා .

එපමණක්ද නොව, පොටෑසියම් පිරුන කෙසෙල්, කිරි දෙන මවුවරුන්ට ඔවුන්ගේ දියර හා ඉලෙක්ට්‍රෝලය මට්ටම පවත්වා ගැනීමට උපකාරී වෙනවා.

එමෙන්ම ඒ මඟින් හොඳ මව්කිරි ප්‍රවාහයක් පවත්වා ගන්න  පුළුවන් .

 5. මව්කිරි එරෙන ආහාර: සැපතිල්ලා

මව්කිරි දෙන මව්වරුන්ට සැපතිල්ලා විශිෂ්ට පලතුරකි. එහි කැලරි අධික ප්‍රමාණයක් ඇති අතර එය ඔබේ කුඩා දරුවාට වැඩි මව්කිරි ප්‍රමාණයක් නිෂ්පාදනයට ඔබට අවශ්‍ය වේවි.

මව්කිරි දීම සදහා  ඔබ දිනකට කැලරි 500 ක් පමණ දහනය කරනවා.

මෙහි විටමින් A සහ ​​C වලින් බහුල   අතර එය ආහාර දිරවීමට උපකාරී වනර් අතර ප්‍රතිඔක්සිකාරද සපයනවා.

එහි රසය කැරමල් පුඩිං වල වගේ  රසයක් බව අපි මතක් කලාද ?

 6. මව්කිරි එරෙන ආහාර: බ්ලූබෙරී

බ්ලූබෙරී වල අඩංගු විස්මිත ප්‍රතිඔක්සිකාරක ගුණ  ප්‍රසිද්ධය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඔබේ කිරි හරහා ඔබේ දරුවාට ලැබෙන ප්‍රමාණය නොදන්නා නමුත් ප්‍රතිඔක්සිකාරක මව්කිරි හරහා  ඔබේ දරුවාට ගමන් කරනවා.

බ්ලූබෙරීස් විටමින් ඒ සහ කේ විටමින් වලින් මෙන්ම කැල්සියම්, පොටෑසියම් වැනි ඛනිජ වලින් ද පොහොසත්ය.

බෙරි සමහර ළදරුවන්ට ගෑස් ඇති කළ හැකි බැවින් මෙම රසවත් පලතුරු එකවර වැඩි ප්‍රමාණයක් අනුභව කරන්න එපා.

 7. මව්කිරි එරෙන ආහාර: කැන්ටලූප් Cantaloupe (ක‌ොමඩු වර්ගයක්)

මව්කිරි දෙන මවකට දිනකට විටමින් සී ග්‍රෑම් 100 ක් පමණ නිර්දේශ කරනවා.

ඔබේ ආහාරයට කැන්ටලූප් ඇතුළත් කිරීමෙන්, ඔබ  එම අවශ්‍යතාවයෙන් අඩක් සපුරාලන්නේ එහි විටමින් සී ග්‍රෑම් 50 ක් අඩංගු වන නිසායි.

තවද එහි ජලය අධික නිසා මව්කිරි දීමේදිඋ සජලීව ඉන්න පුළුවන්.

 8. මව්කිරි එරෙන ආහාර: අඹ

අඹ වල ප්‍රතිඔක්සිකාරක සහ විටමින් කේ අධික වෙනවා. තන්තු සහ පොටෑසියම් අඩංගු වන අතර එය මව්කිරි දෙන මවකට ඇගේ පෝෂ්‍ය පදාර්ථ නැවත ලබාගැනීමට උපකාරී වෙනවා.

ඉදුණු අඹ ඇත්තටම  රසවත් වෙනවා.

මව්කිරි දෙන විට ආහාරයට ගත යුතු පලතුරු මොනවාදැයි ඔබ දැන් දන්නා නිසා, මව්කිරි දෙන විට ආහාරයට එක් කර  නොගත යුතු පලතුරු මොනවාදැයි සොයා බලමු. 

මව්කිරි දෙන විට ආහාරයට එක් කර  නොගත යුතු පලතුරු

 1. දොඩම්, කිවි, අන්නාසි, ලෙමන්, දෙහි, ග්‍රේප් පෘට්

මේ වගේ පලතුරු වල සිට්රික් අම්ලය අධික වෙනවා. එය ඔබේ දරුවාගේ බඩවැල් චලනයන් හා ආහාර ජීර්ණ පද්ධතිය අපහසුතාවයට  පත් කරන්න පුළුවන් .

සමහර වැඩිහිටියන්ට පවා සිට්රික් අම්ලයේ අධික මාත්‍රාව හැසිරවිය නොහැකිය. ඒ නිසා කුඩා දරුවන්ට එඅ කොහොමත් අසීරු වේවි.

2. පුන්ස් සහ චෙරි Prunes and Cherries

නවතයි සහ චෙරි තම අස්වන්න ස්වාභාවික විරේචක වන පලතුරු ලෙස සැලකෙනවා. ඔබට මල බද්ධය ඇති සෑම විටකම, මේවා බඩවැල් චලනයන්ට ඔබට සහයෝගය දක්වනවා.

මෙම පලතුරු වැඩිපුර ආහාරයට ගැනීම ඔබේ කුඩා දරුවාගේ ආහාර ජීර්ණ පද්ධතියට ද බලපාන්න පුළුවන්.

තවද මෙම පළතුරු  ඔබට නිතර මුත්‍රා පිටකරන්නේ නම්, එය ඔබට හොඳ නැහැ ඒ ඔබ මව්කිරි දෙන විට හොඳින් සජලීකරණය විය යුතු බැවිනි.

මව්කිරි දෙන අතරතුර ආහාරයට ගත හැකිහා නොහැකි  යුතු පලතුරු ලැයිස්තුව ඔබට ප්‍රයෝජනවත් වේවි නේද?

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්කිරි දීම
  • /
  • හොඳ මව්කිරි නිෂ්පාදනයකට සුදුසු පළතුරු වර්ග 8 ක්
බෙදාගන්න :
  • ගර්භණි සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැන ගනිමුද?

    ගර්භණි සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැන ගනිමුද?

  • ගර්භණි කාලය තුළදී මව්කිරි දීම ගැන ඔබ දැන සිටිය යුතු කාරණා

    ගර්භණි කාලය තුළදී මව්කිරි දීම ගැන ඔබ දැන සිටිය යුතු කාරණා

  • ගර්භණි සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැන ගනිමුද?

    ගර්භණි සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැන ගනිමුද?

  • ගර්භණි කාලය තුළදී මව්කිරි දීම ගැන ඔබ දැන සිටිය යුතු කාරණා

    ගර්භණි කාලය තුළදී මව්කිරි දීම ගැන ඔබ දැන සිටිය යුතු කාරණා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it