theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මැටි වළඳේ උයන එක වැඩියෙන් හොඳ මේ නිසයි

4 අවම කියවීම
මැටි වළඳේ උයන එක වැඩියෙන් හොඳ මේ නිසයිමැටි වළඳේ උයන එක වැඩියෙන් හොඳ මේ නිසයි

මැටි වළං වල ආහාර පිසීමෙන් සෞඛ්‍යයට හිතකර වාසි රැසක් ලැබේ. නිරෝගී දිවියකට ඔබත් ආහාර පිසීමේදී සාක්කුවටත් හිතකර මැටි වළං වලට මාරු වෙන්න.

මැටි වළං වල උයන කෑම එකක රසයි ඇලුනිනියම් ඇතිලියක උයන කෑම එකක රසයි සංසදනය කලොත් වැඩියෙන්ම රස කොයිකේ උයන කෑමද?

ඔයාගේ උත්තරය මැටි බඳුන් වල උයන කෑම කියන එක නේද?

ඇත්තටම මැටි භාජන වල උයන කෑම එක නැවුම් බවක් තියනවා. ඒ රස ගැන කතා කලාම නේ.

ගුණ ගැන කතා කලොත්, ගුණත් වැඩි මැටි බඳුන් වල උයන එක. ඒ කොහොමද? ඔයාගේ ප්‍රශ්නය ඒක නේද?

ඈත අතීතයේ ඉඳලාම ශ්‍රී ලංකාවේ මිනිස්සු වතුර ටික ගබඩා කරලා තියා ගන්න, උයා පිහා ගන්න පාවිච්චි කලේ මැටි කලගෙඩි සහ මැටි වළං.

ඔවුන් විශ්වාස කලා එයින් නැවුම් බව රැකෙනවා කියලා.

මැටි වළං කියලා කියන්නේ කිසිම රසායනික දෙයක් දාන්නේ නැතුව සකපෝරුවක හැදෙන දෙයක් නේ.

පොළවෙන් ගන්න මැටි පදම් කරලා වළං හදන්නේ.

මැටි වළං

ඉතින් අපි අද හිතුවා මැටි බාජන වල උයන එක හොඳ ඇයි කියලා ඔයාලාට කියලා දෙන්න.

1. මැටි වළං වල රසායනික ප්‍රතික්‍රියා ඇති නොවේ.

මැටි බාජන වල ඇඹුල් දෙයක් හැදුවත් අගුණයක් වෙන්නේ නෑ. ඒත් ඇලුමිනියම් එහෙම නෙමෙයි නේ. ඇඹුල් දේවල් හදන්න බෑ.

හැදුවොත් ඇඹුල් දේවල් වල ඇති අම්ල එක්ක ඇලුමිනියම් ලෝහය ප්‍රතික්‍රියා කරනවා.

ප්‍රතික්‍රියා කරලා ශරීරයට අහිතකර තත්ව ඇති වෙනවා. මැටි බඳුන් මේ කිසිවක් නෑ.

සෞඛ්‍යයට හිතකර විදියට කැමති අමුද්‍රව්‍යයන් යොදාගෙන උයා ගන්නට පුළුවන්.

2. පෝෂණ අගය පවත්වා ගනී

මන්දගාමී ආහාර පිසීම නිසා මැටි භාජන මගින් තෙතමනය හා තාපය ආහාර හරහා සංසරණය වීමට ඉඩ සලසයි, එමඟින් පෝෂණ මට්ටම රඳවා ගනී.

ලෝහ භාජන වලදී මෙය නැති වී යයි.

විශේෂයෙන් මස් පිසීමේදී තාප අවස්ථිතිය මාංශ පේශි වල ප්‍රෝටීන සහ කොලජන් සම්පූර්ණයෙන්ම බිඳවැටීමට උපකාරී වෙනවා.

මැටි වළං

මැටි වළං වල ආහාර පිසින්න පටන් අරගෙන තියෙන්නේ අනාදිමත් කාලයක ඉඳලා. මැටි වළඳක ආහාරයක් පිසෙද්දි තාපය ක්‍රමානුකූලව ලැබෙනවා. එතකොට රොස් වෙන්නෙ නෑ ඉක්මනට.

ආහාරයත් අධිකව පිළිස්සීමට ලක් වෙන්නේ නෑ හෙමීට ඉදෙන නිසා. පෝෂණ ගුණයත් රැකෙනවා.

ඒකයි මාස 06න් දරුවෙක් කෑම ලටන් ගන්න විට මැටි භාජන පාවිච්චියට ගන්න කියන්නේ.

3. මැටි වළං වල ආහාර පිසීම ශරීරයට අමතර පෝෂ්‍ය පදාර්ථ එකතු කරනවා.

අනිත් කාරණය තමයි මැටි බඳුන් වල උයන ආහාර යකඩ, කැල්සියම්, මැග්නීසියම් සහ සල්ෆර් වලින් පොහොසත් නිසා ශරීරය නිරෝගී කරන්නටත් සමත් වෙනවා.

4. අවම තෙල් භාවිතයක් ඇතිව කෑම පිසීමට ඇති හැකියාව.

තෙල් භාවිතා කරලා කෑමක් හදා ගන්න උනත් ඒක මැටි වළං වල හදද්දි අඩුම තෙල් ප්‍රමාණයකින් ඒක පිස ගන්න පුලුවන්.

මොකද මැටි බඳුන් වල කෑම පිසින්න තරමක් වෙලාව යනවා. හෙමීට තමයි ආහාරය පිසෙන්නේ. ඉතින් ආහාරයේ අඩංගු ස්වභාවික තෙල්, තෙතමනයෙන්ම කෑම ටික පිස ගන්න පුලුවන් වෙනවා.

5. මැටි වළං වල ආහාර පිසීමෙන් ආහාරයට හොඳ රසක්,නැවුම් සුවඳක් එකතු වීම.

මේ නැවුම් සුවඳ, රස මැටි වළං වලින් උයන ආහර වල හැරුණාම වෙන කිසිම භාජනයකින් ආහාර පිසුවාට ලැබෙන්නේ නෑ.

මැටි වළං

6. මැටි වළං ආර්ථිකමය අතින් වාසිදායකයි. මිලෙන් අඩුයි.

අනිකුත් ඇලුමිනියම්, non-stick, වගේ බඳුන් වලට වඩා මැටි භාජන සාක්කුවට හිතකරයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

7. නැවත රත් කිරීමට අනවශ්‍ය වීම.

පිසූ ආහාරයක් නැවත රත් කිරීමෙන් එහි පෝෂණ ගුණයට දැඩි ලෙස හානි සිදු වෙනවා. මැටි වළං වල ආහාර පිසීමෙන් ඔබට ඒ ගැන වද වෙන්නට අවශ්‍ය වෙන්නේ නෑ.

මොකද කියනවා නම් මුල් වතාවේ ආහාර පිසින විට තිබූ තාපය බොහෝ වෙලාවක් ආහාරය උණුසුම්ව තබා ගැනීමට උපකාරී වෙනවා.

8.මැටි වළං වල් ආහාර පිසීමෙන් ආහාර ජීර්ණය පහසු කරනවා.

එහෙම කියන්නේ ඇයි කියලා දන්නවාද? මැටි කියන්නෙ ක්ෂාරීය දෙයක්.

මැටි වළඳක ආම්ලික දෙයක් ඉව්වොත් එම ආම්ලික බව උදාසීන කරලා ජීර්ණය පහසු කරවනවා.

ආහාර වල ඇති PH අගය සමතුලිත කරන්නට මැටි බඳුන් සමත් වෙනවා.

ශරීරයේ විෂ ද්‍රව්‍ය ඇත්නම් ඒවාත් ඉවත් කරන්නට සමත් වෙනවා.

අපි ලේසියට පහසුවට ඇලුමිනියම්, නොඇළෙන බඳුන් ආහාර පිසීමට භාවිතා කලාට අපේ කමට ගැලපෙන මැටි බඳුන් වලින් අපිට ලැබෙන ප්‍රතිලාභ මෙතෙකැයි කියලා කියන්නට බැහැ.

අපි හැකි සෑම විටම මැටි බාජන වල ආහාර පිසීම සිදු කරමු. නිරෝගීමත්ව ජීවත් වෙන්නට එයත් ලොකු පිටුවහලක් වනවාට නම් කිසිම සැකයක් නැත.

සටහන :- ඈන් නිර්මාණි අත්තනායක

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

annnirmani

  • Home
  • /
  • නිවස
  • /
  • මැටි වළඳේ උයන එක වැඩියෙන් හොඳ මේ නිසයි
බෙදාගන්න :
  • නිවසේ ඇති පීඩාකාරී ගන්ධයන් 8ක්: ඒවා ගෙන්  මිදෙන්නේ කෙසේද?

    නිවසේ ඇති පීඩාකාරී ගන්ධයන් 8ක්: ඒවා ගෙන්  මිදෙන්නේ කෙසේද?

  • මැස්සන්ට මදුරුවන්ට ස්වාභාවික පිළියම්

    මැස්සන්ට මදුරුවන්ට ස්වාභාවික පිළියම්

  • නිවසේ ඇති පීඩාකාරී ගන්ධයන් 8ක්: ඒවා ගෙන්  මිදෙන්නේ කෙසේද?

    නිවසේ ඇති පීඩාකාරී ගන්ධයන් 8ක්: ඒවා ගෙන්  මිදෙන්නේ කෙසේද?

  • මැස්සන්ට මදුරුවන්ට ස්වාභාවික පිළියම්

    මැස්සන්ට මදුරුවන්ට ස්වාභාවික පිළියම්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it