theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන් විෂබීජ වලට නිරාවරණය වීමේ වැදගත්කම දන්නවාද?

6 අවම කියවීම
දරුවන් විෂබීජ වලට නිරාවරණය වීමේ වැදගත්කම දන්නවාද?දරුවන් විෂබීජ වලට නිරාවරණය වීමේ වැදගත්කම දන්නවාද?

දරුවාව නීරෝගී, ක්‍රියාශීලී දරුවෙක් කිරීමේ හැකියාව මෙන්ම වගකීම දෙමව්පියන් වන ඔබ සතුයි. ඕනිවට වඩා පරිස්සම් කර දරුවාව රෝගියෙකු නොකරන්න. ඔවුන්ට නිදහසේ වැඩෙන්නට ඉඩ දෙන්න.

ඔබේ දරුවන්ට විෂබීජ වලට නිරාවරණය වීම සඳහා ඉඩ දීම වැදගත් වන්නේ ඇයි?

ඔබේ නිවසේත් පොඩ්ඩන් ඉන්නවාද?

එයාලා දවසම ගේ ඇතුලේ, බිම, මිදුලේ වගේම දූවිලි, මඩ නාගෙන සෙල්ලම් කරනවාද?

විෂබීජ වලට නිරාවරණය වීම

එයාලාව විෂබීජ වලින් ආරක්ෂා කරනවාද?   බබාලාව විෂබීජ වලට නිරාවරණය වීම කරනවාද?

ඔයාලා දන්න බබාට ආදරේ අමුත්තෙක් වත් මාස 3න් පස්සේ බබාව හුරතල් කරනවාට කැමති නැද්ද බබාට විෂබීජ ගිහින් ලෙඩ වෙයි කියලා.

අම්මා කෙනෙක් විදියට ගේ ඇතුල දව්සකට කී වතාවක් මොප් කරනවාද? අඩුම තරමින් දවසට එක පාරක්වත් මොප් කරනවාඇති නේද?

මොප් කරද්දි අනිවාර්යයෙන්ම විෂබීජ නාශක දියරයකින් පිස දමනවාත් ඇතිනේ..? ඇයි ඉතින් විෂබීජ නේ නේද? ලෙඩ රෝග වලින් පරිස්සම් කර ගන්නත් ඕනිනේ.  බබාව විෂබීජ වලට නිරාවරණය වීම කියන්නේ භයානක දෙයක් නේ. නේද?

ඔබත් මේ වගේ විෂබීජ ගැන ගොඩාක් වද වෙන අම්මා කෙනෙක්ද?

දෙමව්පියන් ඕනාවට වඩා පරිසරය විෂබීජ වලින් තොර කරන්න හදනවා එයාලාගේ දරුවෝ වෙනුවෙන්.

ඒ දෙමව්පියන් දන්නේ නැහැ පරිසරයේදී තියන විෂබීජ වල, අපිරිසුදු බවේ යම් හොඳකුත් තියනවා කියලා. විෂබීජ වලට නිරාවරණය වීම කියන්නේ හොඳ දෙයක් කියලා එයාලා හිතන්නේ නෑ.

චිකාගෝ විශ්ව විද්‍යාලයේ ක්ෂුක්ෂුද්‍රජීවී මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය ජැක් ගිල්බට් පවසන්නේ. එළිමහනේ බහුලව පවතින ක්ෂුද්‍ර ජීවීන්ට නිරාවරණය වීමෙන් තරුණ තරුණියන් තුළ වගේම කුඩා දරුවන් තුලත් වඩාත් ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති වෙනවා කියලයි.

විෂබීජ හා අපිරිසිදුකම

"විෂබීජ හා අපිරිසිදුකම" කියන්නේ හැමදේටම කනස්සල්ලට පත්වන දෙමාපියන්ට බරපතල කාරණයක් වනවා.

එනමුත් “Dirt is good: The Advantage of Germs for Your Child's Developing Immune System" කියන ග්‍රන්ථයේ සම කතෘ වන මහාචාර්ය ගිල්බට් පවසන්නේ ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීම සඳහා විෂබීජවල වල ඇති හැකියාව ඉතා ඉහළ නිසා විෂබීජ ගැන ඕනිවට වඩා අප කරදර විය යුතු නැති බවයි.

විෂබීජ වලට නිරාවරණය වීම

විශබීජ වලට නිරාවරණය වීම ඔබව ශක්තිමත් කරනවාද?

බොහෝ දෙමව්පියන් සිතන්නේ සියලුම විෂබීජ නරක බවයි. එය සත්‍යයක් නොවේ.

මහාචාර්ය ගිල්බට් පවසන්නේ බොහෝමයක් විෂබීජ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කර ඔබව ශක්තිමත් කරන බවයි. එය ලොකු කුඩා කාටත් පොදුයි.

කුඩා වියේදීම විෂබීජ වලට නිරාවර්ණය වීම නිසා හොඳ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති වෙනවා කියලා මහාචාර්ය ගිල්බට් තවදුරටත් පවසනවා.

දරුවන්ට මඩේ නටන්නට ඔබ ඉඩ දෙනවාද?

මහාචාර්ය ගිල්බට් පවසන්නේ දෙමාපියන් බොහෝ විට තම දරුවන් සඳහා පරිසරය විෂබීජහරණය කරන බවයි.

නිදසුනක් ලෙස ළමයින් මිදුලේ හෝ මඩේ සෙල්ලම් කල විට, ඉතාම ඉක්මණින් ඔවුන්ගේ දෑත් විෂබීජහරණය කිරීමට සමහර දෙමව්පියන් පෙළඹෙනවා.

මහාචාර්ය ගිල්බට් පවසන්නේ එහෙම විෂබීජ ගැන බිය වෙලා ඔවුන්ව පිරිසිදු කරන්නට අවශ්‍ය නොවන බවයි.

ඒ වගේම මඩ සහිත දෑත් ඔවුන්ගේ මුහුණට සමීප වූවාට, මඩ සමේ ස්පර්ශ වූවාට කිසිම ගැටලුවක් නැහැ කියලා ඔහු පවසන්වා.

ඒ වගේම සමහර දෙමව්පියන් දරුවාට වතුර ටික දෙන්නෙත් හොඳට උණු කරලා නිවාගෙන. ඇත්තටම එහෙම උවමනා වෙන්නේ නෑ.

ඔබ බොන පිරිසිදු ජලය ඔබ බොන ආකාරයට දරුවාට දෙන්න පුලුවන්. දැන් හිතන්නකෝ ඔබ අසනීප උනාද උණු කරලා නිවලා බිව්වේ නෑ කියලා. ඒ වගේ තමා දරුවොත්.

දරුවන්ටොබ නිවසේ වතුරම උණු කරලා නිවලාම දෙන්න පුරුදු උනොත් ඒ දරුවෝ ලොකු වෙලා ගමනක් බිමනක් ගියා උනත්, පාසල් ගියා උනත් වෙන තැනකින් වතුර බීවොත් බඩේ අමාරු, පාචනය වගේ දේවල් හැදෙන්න ඉඩ වැඩී.

ඇයි ගෙදරදී අම්මා පුරුදු කරලා තියෙන්නේ ඒ විදියට නේ. දරුවාව ඕනිවට වඩා විෂබීජ වලින් ආරක්ෂා කරන්න ගිහිල්ලා දරුවාගේ ප්‍රතිශක්තිය වැඩි වෙන්න තියන ඉඩ ඔබ අහුරලා. ඔබ හිතනවාට වඩා දරුවෝ හරිම smart.

දරුවන්ට සුරතල් සතුන් සමඟ ගැටෙන්නට ඉඩ දෙන එක විෂබීජ වලට නිරාවරණය වීම නරකයිද?

මහාචාර්ය ගිල්බට් පවසන පරිදි විෂබීජ නිසා ළමයින් සතුන් සමඟ සම්බන්ධ නොවී සිටිය යුතුය යන බිය ද පදනම් විරහිත ය.

සමහර දෙමව්පියන් හරිම බයයි දරුවෙක් සුරතල් සතෙක් එක්ක කාලය ගත කරනවාට. එහෙම නැත්නම් නිවසේ සුරතල් සතෙක් හදනවාට.

ඒ සතා සමඟ කාලය ගත කරනවාට. ඒ සතාව අල්ලනවාට, ඉඹිනවාට.  ඒකට හේතුව තමා සුරතල් සතාගෙන් විෂබීජ යයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ලෝම නාසයට යයි. ලෙඩ රෝග හැදෙයි කියලා හිතනවා. නමුත් ඔබ දන්නවාද සුරතල් සතුන් නිසා දරුවන්ගේ ප්‍රතිශක්තිය ඉහල යනවා කියලා. බල්ලෙක් දරුවාගේ මුහුණ ලෙවකෑම වැනි සිදුවීම් ඇත්ත වශයෙන්ම සැලකිලිමත් වීමට හේතුවක් නොවේ.

ඒ ක්‍රියාව ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමට ප්‍රයෝජනවත් වෙනවා.

විෂබීජ වලට නිරාවරණය වීම

හැබැයි නිවසේ හදන සුරතලා නිසි පරිදි එන්නත් කරලා, කිණිතුල්ලන්, මැක්කන්ගෙන් තොර කරලා, හොඳට නාවලා එහෙම තියා ගන්නට අවශ්‍ය වෙනවා.

එහෙම හොඳට හදන බල්ලෙක් නිවසේ ඉන්නවා , දරුවා එක්ක ගැවසෙනවා කියන්නේ දරුවාගේ ප්‍රතිශක්තිය අනිත් සුරතෙලෙක් නැති ගෙදරක දරුවන්ට වඩා ඉහල මට්ටමකයි තියෙන්නේ කියන එක.

මේ විදියට විෂබීජ වලට නිරාවරණය වීම බබාට වෙස් වලා ගත් ආශිර්වාදයක් වෙනවා ඔබ නොදන්නවා උනාට.

සනීපාරක්ෂාව ගැන කොහොමද හිතන්න ඕනි?

දරුවන් සිටින නිවසක සාමාන්‍ය සනීපාරක්ෂාව පවත්වා ගැනීම සහ නියමිත පරිදි දරුවන්ට එන්නත් ලබා දීම හොඳටම ප්‍රමාණවත් වෙනවා සුවෙන් කල් ගෙවන්නට.

අනවශ්‍ය විදියට නිතර නිතර විෂබීජ නාශක දියර වලින් පිස දම දම, මොප් කර කර දූවිලි බිඳක් වත් නැති කරලා තියන්න ඕනි නෑ ගෙබිම.

විෂබීජනාශක ද්‍රව්‍ය, sanitizer වලට දරුවන්ට පුරුදු කරන්නේ බලාගෙනයි.

ඒ වගේම මහාචාර්වරයා පවසන්නේ දරුවෙක්ව පිරිසිදු කරන විට හෝ දරුවෙක්ව වඩා ගැනීමට පෙර සාමාන්‍ය සබන් වතුරෙන් සේදීම ප්‍රමාණවත් කියලා.

Sanitizer භාවිතය දරුවෙක්ගේ සෞඛ්‍යට වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතියටත් හරිම අහිතකර බවයි ඔහු පවසන්නේ. සමහරුන් පුරුදු වෙලා ඉන්නවා දරුවාව වඩා ගන්න කලින්, අල්ලන්න කලින් sanitizer පාවිච්චි කරන්නට.

ඒ වගේම ගමනක් බිමනක් ගිය පසු දරුවා බාහිර දෙයක් ස්පර්ශ කල විගස sanitizer පාවිච්චි කරනවා.

ඒකෙන් වෙන්නේ දරුවා සාමාන්‍ය පරිසරයට, එහි ඇති විෂබීජ වලට ඔරොත්තු දීමේ හැකියාව ඉතාම අඩු වීමයි. එතකොට දරුවාගේ ප්‍රතිශක්තිය අඩු වෙලා ඔහුව ඉතා ඉක්මණින් ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා.

අධ්‍යනයකින් සොයා ගත් ප්‍රතිපල - විෂබීජ වලට නිරාවරණය වීම

ස්වීඩනයේ කුඩා දරුවන් 300,000 කට අධික සංඛ්‍යාවක් යොදා ගනිමින් අධ්‍යනයක් සිදු කලා.

ඒකෙදී දරුවන් කාණ්ඩ දෙකකට බෙදා එක් කාණ්ඩයකට ඔවුන්ගේ අතේ තිබූ සෙල්ලම් බඩු බිම වැටුනු පසු නැවත ඒවා පිරිසිදු කිරීමක් නොකර ඔවුන් අතටම පත් කලා.

ඒ දරුවන්ට ඒවා සුපුරුදු පරිදි කටේ දමා ගන්නට , ලෙව කන්නට සැකැස්වූවා. අනිත් කාණ්ඩයට බිම වැටුණු සෙල්ලම් බඩු හොඳින් සෝදා දුන්නා.

පසුව දැන ගන්නට ලැබුනේ බිම වැටුනු සෙල්ලම් බඩු සෝදා දුන්, වැඩියෙන් විෂබීජ වලින් ආරක්ෂා කල දරුවන් වැඩි පිරිසකට ඉතා ඉක්මනින් ලෙඩ රෝග ඇති වෙන්නට අවධානමක් ඇති බවයි.

ඒ වගේම ආසාත්මිකතා ඇති වෙන්නට ඉඩ වැඩි බවයි. සමේ ආසාදන, පාචන තත්වයන්ද අති වෙන බවයි. ඔවුන්ව නැවතත් පරිසරයට, විෂබීජ වලට නිරාවරණය කල පසු ඔවුන්ගේ ප්‍රතිශක්තිය ඉහල ගොස් තිබෙනවා.

ඕනිවට වඩා පිරිසිදු වීම, විෂබීජ වලින් තොර පරිසරයක් නිර්මාණය කිරීම ලෙඩ ගොඩකට අත වනයි.

මහාචාර්ය ගිල්බට් පවසන්නේ රෝහලක් මෙන් ඔබේ නිවස විෂබීජහරණය කිරීමෙන් ඔබේ දරුවාට දැඩි සංවේදීතාවයකින් යුත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති විය හැකියි.

ඒ අතර දරුවා අසාත්මිකතාවන්ට හා ඇදුම රෝගයට හා ස්නායු සංවර්ධනයේ ගැටළු වලට පවා මුහුණදිය හැකි බවයි.

ඔබේ දරුවාගේ ළමා කාලය ඔහුට දෙන්න. විෂබීජ වලට නිරාවරණය කරන්න

ඔබේ දරුවාට සුරතලෙකු ලබා දෙන්න. බල්ලෙකු හෝ පූසෙක් ඉතා හොඳයි.

ඒ වගේම ඔබේ දරුවාට ඔබේ අධීක්ෂණය යටතේ බිම ඇති දේ කටේ දමා ගැනීමට දෙන්න. බිම ඇති ආහාර ගැනීමට දෙන්න.

දරුවා කැමතිබිම ඇති ආහාර ගන්නට නම් ආහාර බිම දමා දෙන්න. පස් අල්ලන්නට, වැලි අල්ලන්නට වගේම මඩේ සෙල්ලම් කරන්නටත් දෙන්න. වැස්ස වෙලාවට වැස්සෙහි තෙමෙන්නට දෙන්න.

දරුවාව ඕනිවට වඩා විෂබීජ වලින් ආරක්ෂා කරන්නට යෑමෙන් දරුවාගේ ළමා කාලය ඔහුට හෝ ඇයට අහිමි වේවි.

දරුවාව නීරෝගී, ක්‍රියාශීලී දරුවෙක් කිරීමේ හැකියාව මෙන්ම වගකීම දෙමව්පියන් වන ඔබ සතුයි.

ඕනිවට වඩා පරිස්සම් කර දරුවාව රෝගියෙකු නොකරන්න. ඔවුන්ට නිදහසේ වැඩෙන්නට ඉඩ දෙන්න.

සටහන :- ඈන් නිර්මාණි අත්තනායක

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

 

img
Written by

annnirmani

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • දරුවන් විෂබීජ වලට නිරාවරණය වීමේ වැදගත්කම දන්නවාද?
බෙදාගන්න :
  • සුව සනීපෙන් දරුවා නිදි කරන්න පිළියම් 11 ක්

    සුව සනීපෙන් දරුවා නිදි කරන්න පිළියම් 11 ක්

  • කුස තුල සිටින දරුවාගේ ඉක්කාව සාමාන්‍යද?

    කුස තුල සිටින දරුවාගේ ඉක්කාව සාමාන්‍යද?

  • සුව සනීපෙන් දරුවා නිදි කරන්න පිළියම් 11 ක්

    සුව සනීපෙන් දරුවා නිදි කරන්න පිළියම් 11 ක්

  • කුස තුල සිටින දරුවාගේ ඉක්කාව සාමාන්‍යද?

    කුස තුල සිටින දරුවාගේ ඉක්කාව සාමාන්‍යද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it