theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබ මගහරින පිරිසිදු කිරීම් 8 ක් නිසා ඔබේ නිවාස හුඟක් අපිරිසිදු වෙන්න පුළුවන්

3 අවම කියවීම
ඔබ මගහරින පිරිසිදු කිරීම් 8 ක් නිසා ඔබේ නිවාස හුඟක් අපිරිසිදු වෙන්න පුළුවන්ඔබ මගහරින පිරිසිදු කිරීම් 8 ක් නිසා ඔබේ නිවාස හුඟක් අපිරිසිදු වෙන්න පුළුවන්

නිවස පිරිසිදු කිරීමේ කාර්යය එතරම් පහසු දෙයක් නෙමෙයි. එක් වරක් පිරිසිදු කර බලන විට නැවතත් අපිරිසිදු වෙලා ඉවරයි. ඒ වගේම නිවස හරියට පිරිසිදු නොකළොත් එය ඉතා අමිහිරි වන්න පුළුවන්. ඔබත් ඒ තත්වයට පත්වන තුරු ඉන්නවද?

ගෙදර පිරිසිදු කිරීම එතරම් පහසු දෙයක් නෙමෙයි. එක් වරක් පිරිසිදු කර බලන විට නැවතත් අපිරිසිදු වෙලා ඉවරයි. ඒ වගේම නිවස හරියට පිරිසිදු නොකළොත් එය ඉතා අමිහිරි වන්න පුළුවන්.

ඔබත් ඒ තත්වයට පත්වන තුරු ඉන්නවද?

සමහර පිරිසිදු කිරීම් ප්‍රමාද කිරීම හෝ නිසි ලෙස සිදු නොකිරීම නිසා ඔබේ නිවසේ ජනෙල් පිරිසිදු කිරීම වැනි දේවල් කල් දැමීම ඔබ අතින් සිදු වෙනවද? ඒ වගේ ඊට හොඳ පිරිසිදුම් ඛාරක ඊට ඕනෑ දැයි ඔබ සිතනවද?

නමුත් මේවාට පිළිතුරු ලැබුණු පසු ඔබේ විසඳුම් සැබවින්ම වෙනස් වන්නට පුළුවන්. පෙර පුරුදු එවිටම වෙනස් වන්නට පුළුවන්.

ඔබ මගහරින පිරිසිදු කිරීම් 8 ක් නිසා ඔබේ නිවාස හුඟක් අපිරිසිදු වෙන්න පුළුවන්

laterjay / Pixabay

ගෙදර පිරිසිදු කිරීම: වැරදි නිවැරදි කරමු

පෙන වැඩිපුර ඇත්නම් වඩා හොඳයි

පෙන වැඩිපුර ඇතිවිට ඉන් ඇති බලපෑම වැඩියැයි සිතීම වැරදි විශ්වාසයක්. වැඩිපුර සබන් පෙන ඇති විට මතුපිට පිරිසිදු කිරීම අපහසුයි. සේදීම හෝ මොප් කිරීම කරන විට හැකි තරම් පෙන අඩුවෙන් තැබීම තමයි වඩාත් සුදුසු.

ස්පොන්ජ් එක තමයි අපිරිසිදුම

ස්පොන්ජ් එක මිලියන ගණන් විෂබීජ අතර ඉතාම අපිරිසිදුවන දෙයක්. මොප් එක නම් ඊට වඩා හුඟක් සුදුසුයි. කාමරයෙන් කාමරයට පිරිසිදු කරන විට නැවුම් ලෙස පිරිසිදු කරන්නත් අවසානයේ උණු වතුරෙන් සෝදා පිරිසිදු කර ගැනීමත් වැදගත්.

ඔබ මගහරින පිරිසිදු කිරීම් 8 ක් නිසා ඔබේ නිවාස හුඟක් අපිරිසිදු වෙන්න පුළුවන්

qimono / Pixabay

ජනෙල් පිරිසිදු කරන්න හිරු එළිය උවමනාද?

හොඳින් හිරුඑළිය ඇතිවිට ජනෙල් වීදුරු වල පැල්ලම් පැහැදිළිව පෙනෙන නිසා එකවර දුහුවුලි කුණු හඳුනාගෙන පිරිසිදු කිරීම පහසුයි. නැතිනම් එය හරියට පිරිසිදු කිරීම කරන්න බැරි වෙන්න පුළුවන්.

වැකියුම් ක්ලීනර් එකත් බෑග් එකත් පිරිසිදු කිරීමෙන් පසු පිස දමන්න

වැකියුම් ක්ලීනර් එකේ බෑගය උවමනාවට වඩා පිරෙන තුරු ඉන්න එපා. මේ නිසා කුණු දූවිලි පිරීමෙන් නිසි ලෙස පිරිසිදු වීම සිදු නොවන්න පුළුවන්. ඒ වගේම කෑම කැබලි වැනි දේවල් උණුසුමට නරක් වෙන්නත් පුළුවන්. ඒ නිසා වැකියුම් කිරීමේදී දුගඳක් හමන්න පුළුවන්. එය 1/3 ක් පමණ පිරුණු පසු පිරිසිදු කිරීම හා සති 5-6 කට සැරයක් පිරිසිදු කිරීම වැදගත්.

රබර් ග්ලවුස් භාවිත කිරීමෙන් විෂබීජ වලින් ආරක්ෂා වෙන්න

රබර් ග්ලවුස් දෙකක් පාවිච්චි කිරීමෙන් විෂබීජ අත්වල තැවරීම වළක්වා ගන්න පහසුයි. නමුත් ඉන් හරි ආරක්ෂාව ලැබෙන්නේ කොහොමද? තෙත සහිත පරිසරය තුළ විෂබීජ ඉක්මනින් ශරීරයේ ගැටෙන නිසා පාවිච්චියට ග්ලවුස් වල ඇතුලත පිටි ටිකක් තැවරීමෙන් විෂබීජ අත් මත රැඳීම අඩු කරගන්න පුළුවන්. පාවිච්චියෙන් පසු කණපිට හරවා සුළඟේ වියළෙන්නට හරින්න.

දරුවන්ට සිදුවෙන අනතුරු

හැම වාරයකම රෙදි සෝදන යන්ත්‍රය පිරිසිදු වෙනවා

හැම සේදුම් වාරයක් අවසානයේම වොෂින් මැෂින් එකත් ඩ්‍රම් එකත් ඉතා පිරිසිදුව ඇති බව පෙනුනත් එය එතරම් පිරිසිදු නැහැ. ඉඳහිට රෙදි නොමැතිව බේකින් සෝඩා 50g ක් හා සේදුම් ඛාරක දමන භාජනයට විනාකිරි 50ml එක්කර මැෂින් එක ක්‍රියාත්මක කරන්න. මේ මගින් එහි ඇති ඇතුලත රැඳෙන විෂබීජ විනාශකර හරින්න පුළුවන්. 

තෙත රෙදි කැබැල්ලකින් දූවිලි පිහ දමන්න

තෙත රෙදි කැබලි වලින් දූවිලි පිහදැමිමෙන් නැවත දූවිලි බඩු මත තැන්පත් වෙනවා. මොකද තෙතමනය නිසා දූවිලි එක්ක ඇලෙනවා. ෆැබ්රික් සොෆේනර් ටිකක් වතුරට මුසු කර මතුපිට පිරිසිදු කිරීම මගින් මේ තත්වය අවම කරගන්න පුළුවන්. මේ නිසා ඉක්මනින් ලීබඩු මත දූවිලි රැඳීම අඩු කරගන්න පුළුවන්.

අධි සීතලට විෂබීජ නැසෙනවා

ඔබ නිතරම ශීතකරණය පිරිසිදු කළත් අධිශීතකරණය එසේ කරනවද? අංශක ඍණ 18 දී බැක්ටීරියා විනාශ වුවත් නැවත උණුසුම් වන විට එම බැක්ටීරියාවන් වර්ධනය වෙනවා. මේ සඳහා ශීතකරණය නිවා එහි බඩු ඉවත්කර එයට තුවායක් වැනි දෙයක් දමා වසා එක රාත්‍රියක් තබා පසුව විනාකිරි වලින් ඇතුලත පිස දමා පිරිසිදු කර බැක්ටීරියා විනාශ කිරීමට කටයුතු කරන්න.

ඉතා පහසු පියවරවල් කිහිපයකින් ඔබට පිරිසිදු කිරීම් පහසු කරගන්නත් පවුලේ හා දරුවන්ගේ සෞක්‍ය වෙනුවෙනුත් theAsianparent Sri Lanka මේ පණිවිඩය ගෙන ආවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • කලඑළිය සහ පිළිවෙල
  • /
  • ඔබ මගහරින පිරිසිදු කිරීම් 8 ක් නිසා ඔබේ නිවාස හුඟක් අපිරිසිදු වෙන්න පුළුවන්
බෙදාගන්න :
  • නිවස ලස්සනට තියාගන්න අය අනුගමනය කරන විශේෂ රහස් 13ක්  

    නිවස ලස්සනට තියාගන්න අය අනුගමනය කරන විශේෂ රහස් 13ක්  

  • බබා ලැබෙන්න ඉද්දි ගෙවල් හදන්න හොද නැද්ද?

    බබා ලැබෙන්න ඉද්දි ගෙවල් හදන්න හොද නැද්ද?

  • නිවස ලස්සනට තියාගන්න අය අනුගමනය කරන විශේෂ රහස් 13ක්  

    නිවස ලස්සනට තියාගන්න අය අනුගමනය කරන විශේෂ රහස් 13ක්  

  • බබා ලැබෙන්න ඉද්දි ගෙවල් හදන්න හොද නැද්ද?

    බබා ලැබෙන්න ඉද්දි ගෙවල් හදන්න හොද නැද්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it