theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අම්මලා තාත්තලා දැනුවත් විය යුතු දරුවන්ගේ බුද්ධි වර්ග 8 ක්

4 අවම කියවීම
අම්මලා තාත්තලා දැනුවත් විය යුතු දරුවන්ගේ බුද්ධි වර්ග 8 ක්අම්මලා තාත්තලා දැනුවත් විය යුතු දරුවන්ගේ බුද්ධි වර්ග 8 ක්

එක් එක් දරුවාගේ බුද්ධිය විවිධාකාර විය හැක. දරුවාගේ බුද්ධි වර්ගය කල්තියා හඳුනාගැනීමෙන් ඔවුන්ට සරිලන අනාගත මංපෙත සොයාගන්නට අත්වැලක් වන්නට ඔබට පුළුවන්.

අම්මලා තාත්තලා, ඔබේ දරුවාට තම දක්ෂතා පෙන්විය හැකි ළමා බුද්ධිය ගත් කල, බුද්ධි වර්ග 8 ක් ඇති බව ඔබ දැන සිටියාද? මෙම බුද්ධි 8 ගැන වැඩි විස්තර දැනගැනීමට මෙම ලිපිය කියවන්න!

ඔබේ දරුවා නිරෝගීව හා ශක්තිමත්ව වැඩෙන බවට වග බලාගැනීමට අමතරව, ඔවුන්ගේ හැකියාවන් සහ කුසලතා වර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමද ඉතා වැදගත් වනවා.

නමුත් දෙමාපියන්ට එය හරියටම කළ හැකි වන්නේ කොහොමද?

එක් ක්‍රමයක් නම් ඔවුන්ගේ බුද්ධිය පෝෂණය කිරීමයි. නමුත් මොහොතක් ඉන්න.

මෙසේ පෝෂණය කල බුද්ධි වර්ග 8 ක් තිබෙන බව දැන සිටියාද අම්මේ තාත්තේ?

ළමා බුද්ධිය ගත් කල අම්මලා තාත්තලා දැනුවත් විය යුතු දරුවන්ගේ බුද්ධි වර්ග 8 ක්!

සෑම පුද්ගලයෙකුටම විවිධ හැකියාවන් සහ කුසලතා තිබෙනවා.

සමහර අය ගණිතය විෂයට සමතුන් වන අතර තවත් කෙනෙක් ලිවීමට, කියවීමට දක්ෂයෙක් වන්නට පුළුවන්. තව කෙනෙක් ක්‍රීඩාවට දක්ෂයෙක් වන්නට පුළුවන්.

ළමා බුද්ධිය විවිධාකාර විය හැකි අතර කුඩාම අවධියේදී පවා මෙසේ විවිධාකාර ආකාරයෙන් බුද්ධිය පෙන්විය හැකි වනවා.

නමුත් මේ දරුවන්ගේ බුද්ධි වර්ග 8 හරියටම මොනවාද? ඔබේ දරුවා අයත් වන්නේ මින් කුමන බුද්ධි වරගයටද යන්න ඔබ සොයා ගන්නේ කෙසේද?

1. වාචික බුද්ධිමය දියුණුව

8 kinds of intelligence

ලාබාළ කාලයේදී කලින්ම කතා කිරීමට නැඹුරු වන බොහෝ ළදරුවන්ගේ භාෂාමය හා වාචික බුද්ධිය දියුණු මට්ටමක පවතී.

මෙම ආකාරයේ බුද්ධි වර්ගය දරුවන් තම කථනය, සන්නිවේදනය සහ කියවීම කෙරෙහි අවධානය යොමු කරයි.

ඔබේ දරුවා බොහෝ දේ කතා කිරීමට කැමති නම්, කියවීමට කැමති නම් හෝ සෑම විටම නව හා වෙනස් වචන ඉගෙන ගැනීමටත් උච්චාරණය කිරීමටත් උත්සාහ කරන්නේ නම්, ඔවුන් භාෂාමය හා වාචික බුද්ධියෙන් විශිෂ්ට විය හැකිය.

2. රූපක හා අවකාශීය බුද්ධිමය දියුණුව ළමා බුද්ධිය

8 kinds of intelligence

අවකාශීය බුද්ධිය (Spatial intelligence) යනු රූප සහ පින්තූර පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමේ හැකියාවයි.

මේ ආකාරයේ බුද්ධිය දියුණු මට්ටමක පවතින ළමයින් චිත්‍ර ඇඳීමට නිරායාසයෙන් යොමු වන අතර විවිධාකාර ස්ථාන පිළිබඳ දැඩි මතකයක් තිබෙනු දැකිය හැක.

ඔවුන් සාමාන්‍යයෙන් යම් ස්ථානයකට ගොස් ඇත්දැයි කලින්ම දන්නා අතර ඔවුන්ට පහසුවෙන් ස්ථාන මතක තබා ගැනීමේ හැකියාව ඇත.

ඔවුන් ඡායාරූප සහ පින්තූර පොත් බැලීමටද වඩා ප්‍රිය කරයි.

3. සංගීතමය බුධිය නොහොත් සංගීතයට හෝ රිද්මයට දක්ෂ වීම ළමා බුද්ධිය

ළමා බුද්ධිය

ඔබේ දරුවා ගායනයට හෝ සංගීතයට සවන් දීමට කැමතිද? එසේනම් ඔවුන්ගේ සංගීතමය බුද්ධිය වඩා දියුණු මට්ටමක තිබෙනවා විය හැකිය.

සංගීතමය බුද්ධියෙන් උසස් දක්ෂතා පෙන්වන දරුවන් සංගීතයට දක්ෂයින් වන අතර ඔවුන් බොහෝ විට ශබ්ද නිර්මාණය කිරීම සඳහා භාජන සහ බඳුන් හෝ ඔවුන්ගේ සෙල්ලම් බඩු එකට ගැටීමට උත්සාහ කරති.

ඔවුන් සංගීතයට සවන් දීමටද ප්‍රිය කරන අතර ගායනයේදී සෑම විටම උද්යෝගිමත් වේ.

4. ස්වයං-බුද්ධිමත් බව (Introspective)

8 kinds of intelligence

ඇතැම් දරුවන්ට තමන්ගේම හැඟීම් හදුනා ගැනීමේ විශේෂ කුසලතාවක් ඇත.

ඔවුන් දුක, කලකිරීමට, කෝපයට පත් වී ඇත්දැයි දැන ගැනීමට,  ඔවුන් සිතිවිළි තෙරෘ ගැනීමට ඔවුන් සමත් වේ.

මෙම වර්ගයේ බුද්ධිය ස්වයං-බුද්ධිය ලෙස හැඳින්වේ. මව්වරුනට්, පියවටරුන්ට මෙය විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මන්ද ඔවුන්ගේ දරුවාට යම් අවස්ථාවක දැනෙන්නේ කුමක්දැයි සොයා ගැනීම ඔවුනට අපහසු නොවන බැවිනි.

5. තර්කනය හෝ ගණිත ගැටළු පිළිබඳ බුද්ධිය

8 kinds of intelligence

ඇතැම් දරුවන් සංඛ්‍යා සහ/හෝ තාර්කික චින්තනය සඳහා විශේෂ හැකියාවක් සහ කුසලතාවක් පෙන්වනවා.

මෙම දරුවන් ගණිතය අංශය දක්ෂ ලෙස ප්‍රගුණ කිරීමේ හැකියාවක් පෙන්වන අතර ඉංජිනේරුවන්, විද්‍යාඥයින් හෝ ගණිතඥයින් ලෙස ඉදිරියට යාමේ ප්‍රවණතාවක් තිබිය හැකිය.

මෙම වර්ගයේ බුද්ධිය තාර්කික බුද්ධිය ලෙස හැඳින්වෙන අතර එය ඔබේ දරුවාට විවේචනාත්මකව සිතීමේ හැකියාව මෙන්ම පොදුවේ ගැටළු විසඳීමටද උපකාරී වේ.

6. ක්‍රීඩා හා මලල ක්‍රීඩා වලට දක්ෂතා දැක්වීම

ළමා බුද්ධිය

ඔබේ කුඩා දරුවා වැඩිපුර දුවන්නට හා පැනීමට ප්‍රිය කරනවාද? ඔවුන්ට ශාරීරිකව ක්‍රියාශීලී වීමේ පුරුද්දක් තිබෙනවාද?

ඔවුන්ගේ අසීමිත ශක්තියට උර දීම ඔබට අභියෝගයක් වෙලාද?

පිළිතුර ඔව් නම්, ඔබේ පොඩ්ඩාගේ ශරීරය සහ චලන බුද්ධිය ඉහළ අගයක් පෙන්වනවා විය හැකිය.

මේ ආකාරයේ බුද්ධියක් ඇති ළමයින් අනෙක් ළමයින්ට වඩා මලල ක්‍රීඩාවට නැඹුරු වෙති.

ඔවුන් අනෙක් ළමයින් මෙන් මානසික කටයුතුවලදී එතරම් සාර්ථක නොවිය හැකි නමුත්, ඔවුන් ඒ සඳහා දායක වන්නේ ඔවුන්ගේ ශක්තිය, සමබරතාවය සහ මලල ක්‍රීඩාවෙනි.

7. අන් අය සමඟ සන්නිවේදනය කිරීමට දක්ෂතාවයක් පෙන්වයි

8 kinds of intelligence

ඇතැම් දරුවන් උපදින්නේම චතුරත්වය දෝතින් අරගෙනයි. මෙම දරුවන් මිනිසුන් සමඟ සංවාදයේ යෙදෙන අතර ඔවුන් හමු වූ පුද්ගලයින් සමඟ පවා ඉක්මනින් කුළුපග වී මිත්‍රත්වයක් ඇති කර ගැනීමේ හැකියාවක් පෙන්වයි!

මෙය අන්තර් පුද්ගල බුද්ධිය ලෙස හැඳින්වෙන අතර එයින් අදහස් කරන්නේ ඔබේ දරුවා ආකර්ශනීය, හොඳ කථිකයෙකු හා ඉතා මිත්‍රශීලී, සුහදශීලී  මෙන්ම හා සමාජශීලී අයෙකු බවට පත්වනු ඇති බවයි.

8. ස්වාභාවික බුද්ධිය 

8 kinds of intelligence

ඔබේ දරුවා කුඩා සතුන් සහ කෘමීන් ගැඑෂණය කිරීමට විශේෂ කැමැත්තක් දක්වනවාද? ඔවුන් සතුන් ගැන උනන්දුවක් දක්වනවාද?

ඔවුන් සොබාදහම අගය කරනවාද?

එසේ නම්, ඔවුන් බොහෝ විට ස්වභාවිකවාදී බුද්ධියෙන් පොහොසත් දරුවන් වෙති.

ස්වාභාවික බුද්ධියක් තිබීම යන්නෙන් අදහස් කරන්නේ ඔවුන් එළිමහනට අතිශයින්ම ආදරය කරන අතර පිටතින් විවිධ වික්‍රමාන්විතයන් කිරීමට නිතරම උනන්දු වන බවයි.

ඉතින් මේ අනුව, ඔබේ දරුවා වපෙන්වන බුද්ධි වර්ග ය කුමක්ද?

මූලාශ්‍රය: Gardner, H. Frames of Mind: The Theory of Multiple Intelligences; 1983. 

ඡායාරූප: Pixabay, Maxpixel

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
  • /
  • අම්මලා තාත්තලා දැනුවත් විය යුතු දරුවන්ගේ බුද්ධි වර්ග 8 ක්
බෙදාගන්න :
  • දරුවාගේ බුද්ධිය වර්ධනය කළ හැකි විද්‍යාත්මකව තහවුරු කළ ක්‍රම 3ක්

    දරුවාගේ බුද්ධිය වර්ධනය කළ හැකි විද්‍යාත්මකව තහවුරු කළ ක්‍රම 3ක්

  • 8 Kinds Of Intelligence That Mums And Dads Need To Be Aware Of!

    8 Kinds Of Intelligence That Mums And Dads Need To Be Aware Of!

  • දරුවාගේ බුද්ධිය වර්ධනය කළ හැකි විද්‍යාත්මකව තහවුරු කළ ක්‍රම 3ක්

    දරුවාගේ බුද්ධිය වර්ධනය කළ හැකි විද්‍යාත්මකව තහවුරු කළ ක්‍රම 3ක්

  • 8 Kinds Of Intelligence That Mums And Dads Need To Be Aware Of!

    8 Kinds Of Intelligence That Mums And Dads Need To Be Aware Of!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it