දසමාසයක් වූ අපුරු චාරිකාව - අටවෙනි මාසය

මේ මාසේ ඔබේ කුස තුළ ඉන්න පුංචි පැටියා මොනවාද කරන්නේ? දැනගමුද අම්මලා?

අම්මේ දැන් මාස අටක් ගෙවිලා ගිහින් මගේ අම්මා මාවත් උස්සගෙන ඇවිදින්නේ හරිම මහන්සියෙන් කියලා මං දන්නවා. මං දැන් රාත්තල් 3.7 විතර බරයි. අගල් 16.7 ක් විතර උසයි.

මගේ පුංචි මොලයේ බිලියනයක් විතර සෛල හැදිලා ඉවරයි. ඒ සෛල ඔක්කොම අම්මා ගැනමමයි හිතන්නේ

මගේ පුංචි අස්ථි ටිකෙන්  ටික ශක්තිමත්  වෙනවා. එළියේ ලෝකයේදී නැගී සිටින්න මටම කියලා අස්ථි පද්ධතියක් නිර්මාණය වෙනවා.

අම්මා බණ්ඩියට කතා කරන වෙලාවට මම සතුටින් එහා මෙහා පෙරළෙමින් බණ්ඩිය පුරාම යනවා. මගේ අම්මට මාව දැනෙනවා නේද? ඒ වෙලාවට අම්මා ආදරෙන් බණ්ඩිය අතගානවා  මටත් දැනෙනවා.

දැන්නම් මං ඉන්න දියර බෝලේ ටිකෙන් ටික ලොකු වෙලා. තව තවත් දියර පිරෙනවා.  මට පිහිනන්න ලොකු ඉඩක් හැදෙනවා. මම දැන් දැන් එහා මෙහා පීනන්නේ හරි සතුටින්, දැන් මගේ  මගේ සම රැලි වැටිම නැති වෙලා සම ටිකෙන් ටික සිනිදු වෙනවා. මම ටිකක් දැන් හැඩ ඇති කියල මට හිතෙනවා. 

මගේ අම්මා දකින්න එන්න මේ මාස හොඳ මදි කියල කවුදෝ කියනවා මට ඇහුණා.  ඔව් අම්මේ මේ අට වෙනි මාසය මගේ  ජීවිතය හා මරණය අතර මාසය වෙනවා.  

මගේ පෙනහලු තනියම හුස්ම ගන්න තවම සූදානම් නැහැ. අන්න ඒ නිසයි මේ  අට වෙනි මාසය මට උපදින්න සුදුසු නැහැ කියන්නේ.