දරුවන් පිළිසිඳ ගැනීම සදහා නොකල යුතු නමුත් නිතර කරන වැරදි 8ක්

දරුවන් පිළිසිඳ ගැනීම සදහා නොකල යුතු නමුත්  නිතර කරන වැරදි 8ක්

දරුවන් පිළිසිඳ ගැනීම ගැනීම වඩාත් අසීරු කරන මේ වැරදි 8 ඔබත් කරනවාද බලන්න. දරුවෙකු පිළිසිඳ ගැනීම හිතන තරම් පහසු නැහැ.

සමහර යුවල වල් ඒ සදහා වසර ගාණක් විශාල වෙහෙස මහන්සියක් දරනවා.

නිසරු භාවය නිසා දරුවන් අහිමි වෙද්දි ඊට අමතරව අපිට වැළැක්විය හැකි සමහර වැරදි අපි කරන බව සමහර විට ඔබ නොදන්නවාත් ඇති නේද?

ඔබ දරුවෙකු පිළිසිඳ ගැනීමට උත්සහ කරනවා නම් මේ වැරදි 8 නොකර ඉන්න වග බලා ගනිමු.

අපගේ මේ සුදානම ඔබට ඒ සදහා මග පෙන්වීමක් කරන්නයි.

1. පිළිසිඳ ගැනීම සදහා ප්‍රමාණවත් ලෙස උත්සහ නොකිරීම

ඔබට දරුවෙකු පිළිසිඳ ගැනීමට අවශ්‍ය නම් ඒ සදහා වැඩිපුර උත්සහ කළ යුතු වෙනවා. ඔබ ඔබේ සහකරු සමග වැඩිපුර වාර ගාණක් ලිංගිකව එකතු වෙන්න.

සමහර යුවල වල් පුරුෂයාගේ ශුක්‍රාණු, කාන්තාවගේ ඩිම්බ පිටවෙන තුරු පරිස්සමට තබා ගත යුතු යැයි සිතනවා.

නමුත් නිතර ලිංගිකව එකතු නොවීමෙන් දරුවන් පිළිසිඳ ගැනීමට බාධා සිදුවෙන්න පුළුවන්.

“ ඔබ ඩිම්බ පිටකරන තුරු ලිංගිකව හැසීරීම සීමාකර සිටීමෙන් ගොඩාක් අයට සරු කාලය අතපසු වෙන්න පුළුවන්. බොහෝ කාන්තාවන් තමන්ට ඩිම්බ පිටවෙනවා කියා සිතා සිටින දින වලට එසේ නොවීම මෙයට හේතුවයි,”

“ ඔබ කැමති තරම් ලිංගිකව එකතුවෙන්න. ඩිම්බ පිටවීමට පෙර දින කිහිපය තුල එසේ කිරීමට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න”

ලාජෝලාහි ප්‍රජනක විද්‍යා මධ්‍යස්ථානයේ සෞඛ්‍ය අධ්‍යක්ෂක සැමුවෙල් වුඩ් කියා සිටිනවා.

2.එකම ඉරියව්ව හා එකම ක්‍රමය භාවිතා කිරීම

මිෂනාරි ඉරියව්ව හොදම ඉරියව්ව යන කතාවට අමතරව ඔබේ උකුළ ප්‍රදේශය ඔසවා තැබීමෙන් පිළිසිඳ ගැනීම වැඩිකරන බව පැවසුවත් එය තහවුරු කිරීමට තරම් සාක්ෂි නැහැ.

ඉරියව්ව පිළිසිඳ ගැනීම සදහා බලපාන්නේ නැති බව ගොඩාක් වෛද්‍යවරු පවසනවා.

“ පුරුෂයාගෙන් පිටවෙන ශුක්‍රාණු යෝනී තරලය දිගේ පිහිනා ගොස් පැලෝපීය නාලයට ඇතුල් වෙනවා,”

“ මෙය ලිංගික ඉරියව්වේ බලපෑමකින් තොරව තත්පර ගණනකදි සිදුවන්නක්,”

පෙන්සිල්වේනියාවේ ශාන්ත බර්නාබාස් ප්‍රජනනය සම්බන්ධ ආයතනයක අධ්‍යක්ෂ වු සෙනාරා චෙන් පවසනවා.

ඒනිසා එකම ඉරියව්වක ඇලි ගැලී නොසිට ස්වභාවයෙන්ම එන ඔනැම දෙයක් කරන්න. ඔබව එකම ක්‍රමයක් තුල ඔබව සීමා කරන්න එපා.

o shot

3.කාන්තාවට වරද පැටවීමට ඉඩදීම

සාමාන්‍යයෙන් වෙන්නේ ගැබ් ගැනීමට උත්සහ කර එය සාර්ථක නොවු තැන වරදි සැම විටම පටවන්නේ කාන්තාවකගේ පිට වීමයි.

එහි වරද කාන්තාවන් නිසරු වීම හෝ ඔවුන්ගේ ගැටලුවක් නිසා බව පුරුෂයින් සමහර විට හිතනවා. එය සැබවින්ම සත්‍යයයෙන් බොහෝ දුරස් වු දෙයක්.

“පුරුෂයින් එය ඔවුන්ගේ වැරැද්දක් බව සිතන්න හෝ පිළිගන්න මැළි කමක් දක්වනවා,”

“ශුක්‍රාණු තිබුනත් නැතත් තරලයක් එලියට එන නිසා ඔවුන් සරු බව ඔවුන් සිතනවා,”

මැසචුසෙට්ස් හි වෛද්‍ය විද්‍යාලයේ ප්‍රසව හා කාන්තා මහචාර්යය මිචෙල් සීබල් පවසනවා. 

වෛද්‍ය චේන්ට අනුව 50% නිසරුතාවය කාන්තාවන් සතු වෙද්දි පුරුෂයින්ගේ නිසරුතාවය 40% ක අගයක් ගන්නවා.

10 % ප්‍රමාණයක් නිසරුතාවය දෙදෙනාගේම වන්නට හෝ නොවන්නට පුළුවන්.

4.ඩිම්බ පිටවෙන දවස් වරද්දා ගැනීම

මහාචාර්ය සීබෙල් පවසන පරිදි ගොඩාක් කාන්තාවන් තමන්ගේ ඔසප් වු දින සිට 14 වෙනි ඩිම්බය පිටවෙන බවට වන පොදු න්‍යායාක් විශ්වාස කරන බවයි.

නමුත් මෙම ඔසප් චක්‍රය වෙනස් වෙනවා. ඩිම්බ පිටවෙන දිනය සෑම මසකම එකම දිනයක් වෙන්නේ නැහැ.

“ඔබේ යෝනි මාර්ගයෙන් පිරිසිදු  සුදු පැහැති ස්‍රාවයක් පිටවෙනවා ඔබ දැකලා ඇති නේද? ඒක හරියටම වෙන්නේ ඩිම්බය පිටවෙන්න දින කිහිපයකට පෙරයි.“

The Mommy Docs Ultimate Guide to Pregnancy and Birth නැමති පොතේ සම කතෘ හා කාන්තා හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය යුවෝන් බෝන් පවසනවා.

බොහෝ කාන්තාවන් මේ ගැන සැලකිලිමත් නොවීම කණගාටුවට කරුණකි.

ඔවුන් මෙය ඩිම්බය පිටවීම ලෙස වරද්දා ගන්නවා. මේ සදහා ඩිම්බ පිටවීම පරීක්ෂා කරගත හැකි කට්ටලයක් ගන්න පුළුවන් නම් මේ වැරද්ද වෙන එකක් නැහැ.

5.ලිංගිකව එකතු වීමට ඩිම්බ පිටවෙන දවස වෙන තුරු බලා සිටීම

විශේෂඥයින් පවසන පරිදි ශුක්‍රාණු වලට සජිවි ඉන්න පුළුවන් දින 3 සිට 5 දක්වා කාලයකි.

ඒ නිසා ඩිම්බය පිටවීමට දින කිහිපයකට පෙර සිට ලිංගිකව එකතු වීමෙන් පිළිසිද ගැනීමට වැඩි ඉඩක් තියෙනවා.

පිළිසිද ගැනීමට නම් ඩිම්බය පිටවෙන දවසේම ලිංගිකව එකතු වෙන්න අවශ්‍යයි කියන ඔබේ මනසේ තියෙන වැරදි මතය මින් බිද වැටෙනවා නේද?

අන්න ඒ නිසා ලිංගිකව එකතුවෙන්න ඩිම්බය පිටවෙන දිනය වෙනකම්ම බලා ඉන්න එපා.

දරුවන් පිළිසිඳ ගැනීම සදහා නොකල යුතු නමුත්  නිතර කරන වැරදි 8ක්

 

6.ලිහිසි ද්‍රව්‍ය භාවිතා කිරීම

ලිංගික ජිවිතයේ වැඩි සතුටක් ලැබීමට ලිහිස ද්‍රව්‍ය නිතර භාවිතා වෙනවා.

නමුත් ඔබට පිළිසිද ගන්න අවැසි නම් මෙම ලිහිසි ද්‍රව්‍ය භාවිතය නවත්වන්න වෙනවා.

මෙම ලිහිසි ද්‍රව්‍ය යෝනි මාර්ගය තුල ගමන් කිරීම් බොහෝ දුරට අවහිර කරනවා.

ඔබට ඇත්තටම වියළි ගතියක් දැනේ නම් මෙම ලිහිසි ද්‍රව්‍ය වෙනුවට ඔලිව් තෙල්, ශුක්‍රාණු වල හිතකාමී ද්‍රව්‍ය හෝ බේබි ඔයිල් භාවිතා කරන්න.

7. පිළිසිඳ ගැනීම සදහා අවශ්‍ය සහය  ලබා ගැනීමට ප්‍රමාද වීම

ඔබ මූණ දෙන සෑම පුංචි ප්‍රශනයකට පමණට වඩා ක්‍රියා කරමින් උදව් නොඉල්ලිය යුතු අතර සම්පූර්ණයෙන්ම උදව් කිරීමෙන් වැළකිය යුතුය යන්න ඉන් අදහස් නොකෙරේ.

නමුත් දරුණ්‍ර පුශන වලදි ප්‍රමාද නොවී ඉක්මනින් සහයක් ලබාගත යුතු වෙනවා.

“ ඔබට වයස අවුරුදු 35 ක් හෝ ඊට වැඩි නම් ඔබ පිළිසිද ගන්න උත්සහ කර මාස 06 ක් ඇතුලත සාර්ථක වුනේ නැත්නම් ඔබ ඒ සම්බන්ධ විශේෂඥයෙකු මුණ ගැසිය යුතුයි,

“ ඔබට එතරම් වයස නැතත් ඔබගේ ඔසප් චක්‍රය අක්‍රමවත් හෝ ලිංගිකව බෝවෙන රෝගයක් වැළදි තිබුනි නම් හෝ වෙනත් ප්‍රජනන පද්ධතිය සම්බන්ධ රෝගයකින් පෙලුනි නම් ඒවා ඔබේ සරු භාවයට හෝ ගර්භණිභාවයට බලපෑම් කල හැකි බැවින් විශේෂඥයෙකු මුණ ගැසෙන්න,”

මහචාර්ය චෑන් පවසනවා.

දරුවන් පිළිසිඳ ගැනීම සදහා නොකල යුතු නමුත්  නිතර කරන වැරදි 8ක්

 

8.ඔබේ සෞඛ්‍ය නොතකා හැරීම

ඔබ පිළිසිද ගන්න උත්සහ කරන විට ඔබේ මොළය හිතන්නෙත් ඒ ගැනම පමණයි.

කෙසේ වෙතත් ඔබ පිළිසිද ගන්න උත්සහ කරන විට ඒ ගැන විතරක් නොසිතා ඔබේ මුළු ශරීර සෞඛ්‍ය ගැනම සැලකිලිමත් විය යුතුයි.

“ඔබේ සම්පුර්ණ ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම වැදගත් වෙනවා. බර, දුම්පානය, ආතතිය හා ඖෂධ ගැනිම වැනි දේවල් ඔබේ සරු බවට බලපෑම් කරන්න පුළුවන්,”

මහචාර්ය චෑන් පවසනවා

ඔබේ මුලික නිරෝගීමත් ජිවිතය නොතකා හරින්න එපා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.